එළකිරි ජනාධිපතිවරණය - ඡන්ද විමසීම ( Poll- Elakiri presidential election )

එළකිරි ජනාධිපති&


  • Total voters
    910
  • Poll closed .

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,941
    3,001
    113
    Planet Earth
    එළකිරි ජනාධිපතිවරණය - ඡන්ද විමසීම ( Poll- Elakiri presidential election )


    0gOjcKp.jpg
    එළකිරි ජනාධිපතිවරණය - ඡන්ද විමසීම ( Poll- Elakiri presidential election )
    0gOjcKp.jpg


    f9VbWYO.jpg


    ආයුබෝවන් එළකිරි ඡන්ද දායකයනි....

    එහෙනම් එළකිරි ජනාධිපතිවරණයට සියලු කටයුතු සුදානම්.
    අද මධ්‍යහන 12 න් අවසන් වූ නාමයෝජනා වලින් පසුව සුදුසුකම් ලැබූ ප්‍රධාන පක්ෂ 04 ක අපේක්ෂකයන් පහත පරිදි වේ.



    එළකිරි ජාතික සභාවේ, SHEHAN_GIWANTHA

    එළකිරි තනිකඩ පෙරමුණේ sadamol buwa

    එළජන ආතල් පක්ෂයේ mac14

    එළකිරි සමරිසි පෙරමුණේ tupac97

    v8seJDs.png


    ඡන්ද poll එකේ අනුපිලිවෙල සකසා ඇත්තේ නාමයෝජනා බාර දුන් අනුපිළිවෙලටය.

    ඡන්ද අයිතිය සපුරා ලීමට නම් ඡන්ද දායකයා පහත සුදුසුකම් සපුරා තිබිය යුතය.


    - ජෙය්ෂ්ඨ එලකිරි සාමාජිකයන් (senior members) විය යුතුයි (100+ posts)

    - 2019 අගෝස්තු 01 දිනට හෝ ඊට පෙර ලියාපදිංචි වී සිටිය යුතුය.

    - ඡන්ද දායකයා නිල් කොටු හෝ රතු කොටු වීම අදාළ නොවේ.

    - ඡන්දය open / public Poll එකක් නිසා හොර/ෆේක් වෝට් දැමීමට උත්සාහ ගැනීමෙන් වලකින්න, එම ඡන්ද සියල්ල ඉවත් කෙරෙනවා ඇත.

    අද ( නොවැම්බර් 26 ) රාත්‍රී 9.00 ආරම්භ වන ඡන්ද විමසීම නොවැම්බර් 29 සිකුරාදා රාත්‍රී 9.00 දක්වා පැවැත් වේ..
    මේම වේලාවන් එළකිරි ඔරලෝසුවේ වෙලාව අනුව බව විශේෂයෙන් සලකන්න.

    ජයග්‍රාහි අපේක්ෂකයා තීරණය කරන්නේ වලංගු ඡන්ද අතරින් වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබා ගන්නා අපේක්ෂකයා ය.
    ඡන්ද සම වුවහොත් කොමිසම විසින් ඉදිරි ක්‍රියාමාර්ග වෙනුවෙන් පක්ෂ නායකයන්ගේ කැමැත්ත විමසනු ලැබේ.
    කිසිඳු අපේක්ෂකයෙකුට තම ඡන්ද වෙනත් අපේක්ෂකයෙකුගේ නමට පැවරිය නොහැකි අතර සන්ධාන ගත වීමද තහනම් ය.

    ඡන්දය ඔබගේ අයිතියක් වන බැවින් එය මුදලට රෙප් හෝ වෙනයම් දීමනා වලට පාවා නොදෙන්න.
    මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා, මඩ දේශපාලනය , වංචාවෙන් තොර නිදහස් හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් සියලුම පක්ෂත්, සාමාජිකයන් සහ ඡන්ද දායකයන් සියල්ලෝගේම වගකීමක් සහ යුතුකමකි.

    ඡන්ද කාලය තුලදී පහත කණ්ඩායම් ස්වාධින නිරීක්ෂකයන් වශයෙන් කටයුතු කරනු ඇති.


    - එළකිරි සැපේ සංවිධානය

    - ජාත්‍යන්තර පැපරල් සංවිධානය

    - ඉන්දීය ප්‍රෝ රාජ්‍ය නොවන ආයතනය

    - මුරුෂස් දිවයිනේ ඩෝඩෝ පදනම


    ප්‍රථිපල ඉතා ඉක්මනින් ඔබ වෙත ගෙන ඒමට සියලු කටයුතු සුදානම් කොට ඇත.ගණන් කිරීමේ මධ්‍යස්ථාන සහ ගණන් කිරීමේ නිලධාරින් ඒ සඳහා රාජකාරියේ යොදවා ඇත.

    ඔබ සියලු දෙනාට සුභ පතනවා.

    මැතිවරණ කොමිසම වෙනුවෙන්,


    එළකිරි මැතිවරණ කොමසාරිස්

    Dodo Mahaththaya
    sBER9NZ.png


    නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්

    Sara 531
    KIXw0vF.jpg



     
    Last edited:

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,964
    1,728
    113
    නෙතූෂි අක්කි ගාව
    uc

    එළකිරියට නව මානය ගෙන ..............එන්න
    තනිකඩ කොල්ලෝ අද එනවා දින .......වන්න
    මහතුන් ලෙසින් ආවත් ඔබ රව ..........ටන්න
    දෙන්නට එපා කොම්රසයට ඔඛේ .......ඡන්ද

    වැඩ පිළිවෙලක් ඇතුවයි තනිකඩ ........එන්නේ
    එළකිරියටයි ඉන් ප්‍රතිඵල ලැබ ............දෙන්නේ
    අවලාදමයි මහතුන් දැන් පව ..............සන්නේ
    වැඩ පිළිවලක් නෑ උන් දැන් ................දන්නේ

    එළකිරියේ මොලකැටි බව වඩ ...........වන්න
    මිහිලිය ඇසුර තව තව මෙහි වැඩි ......වන්න
    ක්‍රමවත් බවක් එළකිරියට ලැබ ..........දෙන්න
    තනිකඩ කොල්ලෝ එනවා දැන් ඉඩ ....දෙන්න

    කිඹුල් මාමාගෙන් තව හොඳ හොඳ වැඩ ...ගන්න
    එළකිරියේ දොස්තරලට ඉඩ ..................දෙන්න
    අලුතෙන් යමක් සිතලා ඉන් වැඩ ............ගන්න
    එළකිරි කොල්ලෝ පැමිණෙයි දැන් රැක ...ගන්න

    එළකිරි රේඩියෝවේ දැන් හඩ .................වැහිලා
    තාරුණ්‍යයේ අපගේ හඩ .......................අඩුවීලා
    නග්ගලා ගන්න එළකිරියට ...................පණ දීලා
    තනිකඩ කොල්ලෝ දිනනවා සටනක් .......දීලා

    පුස්ථකාලේ ඇත දැන් අබලන් ................වීලා
    මකුණු දැලෙන් එය ඇත දැන් යට ...........වීලා
    දූවිලි ගසා ගනිමූ දැන් පේ .....................වීලා
    කිරියට කදිම කොල්ලන් ඇත මතු ..........වීලා

    කිරියට අවැසි කණ්ඩායම තනි .................කඩය
    උන්ගේ දක්‍ෂතා දැන්නම් මන ...................හරය
    මහතුන්ගේ නිරුවත දැන් පැහැ ................දිලිය
    කියවන්නව දෙයක් උන් හට තව නැති .......හැඩය

    කවියෙන් ලියමි සඳමෝලගේ ................සිතිවිල්ල
    කියවා බලන්නට අයදිමි ......................ලියවිල්ල
    අපලග නෑ බොරුවට ඔය ....................කියවිල්ල
    කිරියට වටිනවා මෝලගේ ...................පැමිණිල්ල

    එළකිරියට නව පෙනුමක් ගෙන .............දෙන්න
    චැට් එක අලුත් ලෙසකින් ලැබ ...............දෙන්න
    කෙල්ලන් හට සමතැන ගෙන ................දෙන්න
    තනිකඩ කොල්ලෝ හට ඔබ ජය ............දෙන්න

    සිව් වසරක් ගතවී ඇත ඡන්දය ..............තියලා
    කී කිසිවක් නැත මහතුන් දැන් ..............කරලා
    තවත් වරක් පැමිණිලා ඇත බොරු .........කරලා
    තනිකඩ කොල්ලෝ දිනනවා උන් පච ......කරලා

    රැල්ලෙන් රැල්ල ලෙස ගගුලේ දිය ...........රැල්ල
    වැල්ලෙන් වැල්ල ලෙස සයුරේ සුදු ...........වැල්ල
    තනිකඩයන්ට අද කැරකී ඇත ...............රැල්ල
    බඹකර කැරකෙනවා අද අපගේ සුදු .......වැල්ල

    බොරුවෙන් වහසි බස් දෙඩුයේ ..........මහතුන්ය
    අවලාදමයි නගනේ උන් ....................බිහිසුනුය
    කරනට යමක් දන්නේ නැති ..............බියගුන්ය
    තනිකඩ කොල්ලෝ දැන් කඩිසර ........විහගුන්ය

    එළකිරියට නව පෙනුමක් ගෙන .........දෙන්න
    එළකිරි රේඩියෝවට යලි පන ............දෙන්න
    කිරියට අවැසි නායකයා ලැබ ............දෙන්න
    සඳමෝලා වෙත ඔඛේ ඡන්දය ...........දෙන්න
     
    Last edited:

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,964
    1,728
    113
    නෙතූෂි අක්කි ගාව
    uc


    ගරැතර මහා සංඝරත්නයෙන් අවසරයි...
    ආදරනීය එළකිරිවාසීනී,
    2019 එළකිරියේ පැවැත්වෙන එලකිරි ජනාධිපතිවරණය වෙනුවෙන් මෙවර මුල්ම වරට තනිකඩ පෙරමුණ පුලුල් සන්ධානයක් වශයෙන් ඉදිරිපත් වන්නෙමු. වර්ථමානයේ එළකිරිය ඉතාමත් මන්දගාමීත්වයකට ලක්ව ඇති අතර ඒ සඳහා මුලික හේතු සාධක කිහිපයක් සොයාගෙන ඇත. අපගේ ප්‍රධාන අරමුණ වන්නේ හෙට වෙනුවෙන් එළකිරිය සැකසීමයි. සැමගේ සිත සතන් අවධිකල එළකිරි රේඩියෝව අපගේ පාලන කාලයක් තුල නැවත ප්‍රතිස්ථාපනය කෙරෙනු ඇතී. යම් යම් හේතූන් මත මේවන විට අක්රීයව පැවතුනද එය නැවත යථාතත්වයට පත් කිරීමට කනිකඩ කණ්ඩායම අවශ්‍ය සියලුම ආකාරයේ මුලෝපායන් අධ්‍යයනය කර ඇත. එළකිරි පුස්තකාලයද මේ වන ව්ට අභායට ගොස් ඇත. පුස්තකාලය නැවත සක්රීය කිරීමේ අරමුණින් තනිකඩ කණ්ඩායම අවශ්‍ය කටයුතු ආරම්භ කර ඇත. 2016 වසරේදී ද එළකිරි පාර්ලිමේන්තුවක් පැවති අතර එයින් පලක් වුයේද යන්න සැක සහිතයි. එයට මුලික හේතුව වුයේ නිවරදි නායකත්වයක් සහිත පුද්ගලයන් ⁣පාර්ලිමේන්තුවට නොපැමිණීමයි. මෙවර තරග වදින අනික් අපේක්ෂකයාද එවැනි අයෙක්... වසර හතරක කාලයක් බලයේ සිටියද එළකිරියට ලබා දී තිබු දෙයක් නොමැත. නිවරදි නායකතවයක් නොමැති වු කල කිසිවක් කරගත නොහැක.

    අප කණ්ඩායම ඉතාම නිර්මාණශීලි කණ්ඩායමකි. මෙවර මැතිවරණ තුල මේවනතෙක් ඔවුන් කලේ අපව අනුකරණය කිරීම පමණකි.. අවලාද නැගීම පමණකි. ප්‍රායෝගික කිසිවක් ඔවුන් තුල නොමැත. මහත්වරැන් සේ පෙනීසිටියද අල්ලස් දී ප්‍රතිවාදී පිලෙන් බිලීබාගැනීමට තරම් ඔවුන් පහලට වැටී ඇත.

    අප සතුව විවිධත්වයෙන් යුතු තරැණ කණ්ඩායමක් ඇත. විවිධ අංශ වලින් එළකිරිය තුල කැපීපෙනෙන දීප්තිමත අනාගතයක් ඇති පිරිසකි. අතීතය ගෙවීගොස් ඇත. අතීතය මත පදනම්ව අනාගතය සෙවීම නිශ්පල කාර්යයකි. අප වර්ථමානයට මුහුණ දිය යුතුය. එය පදනම්ව අනාගතය සෙවිය යුතුය. එළකිරියට අවැසි ඒ වෙන කිරීමට කාලයයි මේ... නවීන තාක්ෂණයට අනුරෑපීව එළකිරියද වෙනස් කල යුතුය. යාවත්කාලීන කල යුතුය. සෑම සියලු දෙනාටම ගැලපෙන අයුරින් වෙනස් විය යුතුය. ව්විධත්වයෙන් යුතු නිර්මාණකරැවන් බිහිකිරීමට නම් මෙහි විවිධත්වයක් තිබිය යුතුය. අප මෙවර එම වෙනස කිරීමට බලාපොරොත්තු වෙමු. නව ආරකින් එළකිරිය වෙනස් කරන්නෙමු. වැඩිහිටියන්ට වෙනම මානයකුත් සිසුන්ට වෙනම මානයකුත් ලගාකර දීමට බලාපොරොත්තු වන්නෙමු.

    හෙට සිට මෙය කොපිකර අනෙක් අපේක්ෂකයන් ඔබ අමතාවී. නමුත් මදක් සිතන්න. වෙනස් අයුරකින් සිතන්නට අපි ඔවුනට අවස්ථාව ලබා දී ඇත. සාම්ප්‍රදායික ගතානුගතික ක්‍රම වෙනුවට අලුත් ආකාරයේ අත්දැකීමක් අප මේ වන විටද එළකිරියට ලබා දී ඇත. සහෝදරයා, සහෝදරිය කිරියේ හෙට දවස වෙනුවෙන් ඔබේ වටිනා මනාපය මෙවර එළකිරි තනිකඩ පෙරමුණ වෙනුවෙන් ලබා දී හෙට උපදින දරැවාටද අප ලබාගත් අත්දැකීම් ලබාගැනීමට මෙවැන් තෝතැන්නක් ඉතිරි කර දීමට ඉවහල් වන් මෙන් කරැණාවෙන් ඉල්ලා සිටිමු.


    ජය ධරණී....!!!
    iikEMHX.png[
     
    Last edited:

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    11,166
    10,950
    113
    හැමිනේශන්