Elakiri Awards 2017 - ආන්දෝලනාත්මක චරිතය

කාටද ඔබේ ඡන්දය ?


  • Total voters
    261
  • Poll closed .

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    සමහර ෆිල්ම් තියෙනවා ඒවා බැලුවට මදි, ඒක ගැන ලඟ ඉන්න එකෙක්ට හරි කියල අමුතු තෘප්තියක් ගන්න ඕනෙමයි.මචන් ඒකනම් පට්ට .. අනිවා බලපන් වගේ ටෝකක් දුනෙ නැත්තන් ෆිල්ම් එක බැලුව කියන එක සම්පූර්ණ වෙන්නෙ නෑ. අන්න එහෙම එකක් යන එන ගමන් බලන්න සෙට් උනා. සෙට් උනා කිව්වට බලන්න කියල හිතන් හිටපු එකක් තමයි. ෆේස්බුක් ස්ටේටස් වලිනුත් කිණ්ඩි ගොඩක් දාලා තිබුන දෙමළ කොපියක් කියල පොඩි බාල්දුවක් දාලා තිබුන මායා තමයි මේ කියන ෆිලුම. ඔය කොපි කියන දේ චිත්‍රපටි ගොඩක් බලන එවුන් දන්නවා තේරුමක් නැති කතාවක් කියන එක. ගොඩක් එවුන් නොදන්නව උනාට කොපි සහ රීමේක් කියල ටයිප් දෙකක් තියෙනවා. ඒවගෙ ඉතින් අඩු වැඩි වශයෙන් භූමිය කාරාණා නිසා මුල් කෘතියෙ තියෙන දේවල් ඒ ආකාරයෙන්ම යොදන්න බෑ. එතකොට ඔය කෑගහන කොපිය කියන එකට වෙනම ලුණු දෙහි එකතු වෙනවා. ඒ නැතත් අද තියෙන ඔක්කොම ෆිල්ම් වල තියෙන ප්ලොට් ට්විස්ට්, කැමරා ඈන්ගල්,මෙකී නොකී හැම දේකටම අභාෂය එන්නෙ 1920 – 1960 වගේ කාලවල හිටපු දැවැන්ත සිනමා නිර්මාපකයොන්ගෙන්. නියම රසිකයා ඔරිජිනල් එකත් කොපියත් දෙකම රසවිදිනවා. හරියට කිව්වොත් මලයාලි Drishyam මොන භාෂාවෙන් හැදුවත් මම ඒක බලනවා.
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    බියර් දෙකක් ගහල ටිකක් පදම්වෙලා ගියාම ඔය ලංකාවෙ තියෙන හැම ෆිල්ම් හෝල් එකක්ම සැවෝයි වගේ දැනෙන නිසා මාතර SK එකත් ඉතින් එච්චරම අවුලක් උනේ නෑ, පොඩ්ඩක් DTS බොල් සද්දෙ විතරයි අවුලකට හිටියෙ. සතියෙ දවසක 6.30ට ෆිල්ම් හෝල් එකකට සෙනග ගේන එක අමාරුයි කියන එක පට්ට බොරුවක් කියලා බලාගන්න ඕනෙනම් ගිහින් බලන්න මායා පෙන්නන හෝල් එකකට. ගැලරිය හා බැල්කනිය ෆුල්.

    පුබුදු චතුරංග තමයි කතා නායකයා, මිනිහගෙ නළුකම ගැන වැඩි මනාපයක් තිබුනෙ නෑ මට මේ ෆිල්ම් එකට කලින්. දෙබස් වලින් කියන දේ මූණෙන් දෙන්න බැරි ලොක් වෙච්ච ගතියක් කලින් නිර්මාණ වලදි මම දැකල තිබුනෙ. ඒත් මේකනම් ඉතින් ආයි ලෙසටම කරලා තියෙනව කියන්න පුලුවන්. “බහු පෞරුෂත්ව” ආරෝපණ අවස්ථාවල (මේ මගේ වචනයක්) ඒ හැඟීම් නිරූපණ විශිෂ්ඨව ඉදිරිපත් කරලා තිබුනා. නිළියනම් කවුද දන්නෙ නෑ, එයත් ඉතින් හොදයි. පොඩි කෝලයක් තිබුනත් ඒ හිනාවම ඇති. ෆිල්ම් එකේම ආතල් එක තිබුනෙ මාලන්ගෙ අම්ම අතේ. එයා ඉතින් හාස්‍ය රංගනයටම කප් ගහල තියෙන නිසා මේකත් හොදටම කරලා තිබුනා.
    සවුන්ඩ් කොලිටි එක ගැන මොනවත් කියන්න බෑ බලපු ෆිල්ම් හෝල් එක නිසා. ඒත් සංගීත ඛණ්ඩ වගේම ගීත වල සංගීතයත් අපූරුවට තියෙනවා කිව්වොත් හරි.
    මම හිතන්නෙ පැය දෙකක් විතර ගියාට පස්සෙ තමයි බලන්න ගියපු නළුවා එන්ටර් උනේ. ඒක නම් පට්ටම එන්ටර් එකක්. යටිනුත් දානවනේ Super Star රන්ජන් රාමනායක කියලා. මුලු ෆිල්ම් එකේම සුපිරියටම හිතට දැනුනෙ එතනදි තමයි. ඇත්තම කිව්වොත් පොඩ්ඩක් නැගිට්ටෙව්නා කිව්වනම් නිවැරදියි. රන්ජන් කියන්නෙ කොච්චර රඟපෑවත් තාම හරිහමන් වැඩක් ගත්තෙ නැති නළුවෙක් කියල හිතෙන්නෙ මේ වගේ රඟපෑමක් දැක්කම. Transgender චරිතයක් ආයාසයකින් තොරවම රඟපාන්න ඔහුට හැකිවෙලා තිබුනා. ඒ වගේම අවසන් ගීතයට ජවය සමග ශක්තිමත් නර්ථනයක් ඉදිරිපත් කරන්නත් හැකියාවක් ලැබී තිබුනා.

    පොඩි පොඩි කේස් නැතුවම නෙවෙයි, සමහර සීරියස් වෙන්න ඕන තැන්වල හාස්‍යය (ආතල් එක) ගැබ් වෙලා තිබුනා. දෙබස් වල වගේම ආධුනික නළුවන්ගෙ අඩුපාඩු දකින්න පුලුවන්.

    මෝටර් බයිසිකල් බලල සතියකින් තමයි මායා බැලුවෙ. සිනමාව පවතින්නනම් මේ දෙවර්ගෙම ඕන. English ෆිල්ම් කීපයක් එක දිගට බැලුවම හින්දි එකක් දෙමළ එකක් බලන්නම හිතෙනවා. හැමදාම එකම කෑම කන්න බෑ වගේ තමයි ඒකත්. ඇඟට ගුණ කෑම වගේම දිවට දැනෙන කෑම කන්නත් ඕන. මගේ පුද්ගලික රසිකත්වයට අනුව “පට්ට වැඩක්”
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    යාළුවා : සර් .. පේපර් බලනව වගේ.
    ලෙචා : හ්ම්ම් .. හ්ම්ම්. . So what can i do for you ?
    යාළුවා : සර් මේ පේපර් එකනම් ලිව්වා. ...
    ලෙචා : So .... ?
    යාළුවා : ගණන් ටික එහෙමත් හැදුවා ..
    ලෙචා : Then what's the problem ?
    යාළුවා : සර් ..මේ ..ලියපු ඒවගෙ කඩ්ඩ තමයි .. සොරි English තමයි ටිකක් අවුල් සර්
    ලෙචා : Ahh .. English .. හ්ම්ම් .. ඒක වැඩිය හිතන්න එපා. English හරි සිම්පල්. කොටින්ම ඔය එංගලන්තෙ හිඟන්නො කතා කරන්නෙත් English වලින් නේ.

    මට බකස් ගාලා තද කරන් හිටි හිනාව පනින කොටම යාළුව කාමරෙන් පැනල ගියා. ලෙචා සිංහලෙන් කතාකරනවා ඇහුවෙ එදාමද මන්දා ..
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    /* වර්ෂ 1987 මාර්තු මාසයේදි ඉන්දියාවෙ The Times Of India පුවත්පතේ දැන්වීමක් පළවෙනවා සුදුසුකම් ලත් උපාධිදාරීන් ඉන්දියානු බුද්ධි අංශයට (CBI) බඳවාගැනීම පිණිස. */

    ඒ දැන්වීම නොදුටු බුද්ධි අංශ!!!
    ලොල්!
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    avatar401841_2.gif