බාබන්ඩේසියා පදුරට උඩින්
අමුතු කහ පාට ඉර එලිය වැටිලා තියෙන වෙලාවට
අත්තයි ආච්චියි එක්ක
අහසේ වවුලන්ව ගණන් කර කර
අම්මයි තාත්තයි වැඩ ඇරිලා එනකන් බලන් හිටපු මට,
හොස්ටල් එකේ උඩ තට්ටුවේ
යාළුවො බජාර් එක එක්ක
කරටි කැඩෙන්න ගහල
දිවාලි වලට මල් වෙඩි ගහනවා බල බල හිටපු මට,
පිස්සු හැදෙන සීතලේ
මහා රෑ වැඩ ඉවරවෙලා ඇවිල්ලා
තට්ට තනියම
ජනේලෙන් හිම වැටෙන හැටි බලං ඉන්න වෙච්ච හැටි