සමහර දේවල් කොන්ෆෙස් කරන්න අමාරු බව කරුණාවෙන් සලකන්න. ඒවා දරුණු කේස්.
1. එක පාරක් මම තනියෙම බීල වමනේ දැම්ම ගෙඩර කව්රුත් නෑ. මට ජීවිතේටම 3 පාරයි වමනේ ගිහින් තියෙන්නේ 2ක් බීල 1ක් ගැස්ට්‍රයිටිස් හැදිලා 8 වසරේදී. තනියෙම බීපු දවසේ නම් මම හිතුවේ මැරෙයි කියල. කම්පියුටරේ වැල ඉඳන් තව ගොඩක් දේවල් මතක් උනා මම මළොත් කම්ප්යුටරේ ඔන් කරන එකා මගේ පැටිකිරිය දැනගන්න නිසා.
2. අපේ ගෙඩර හිටිය පුසෙක්ට සිමෙන්ති ගලක් අතෑරියා අඩි 5ක් විතර උසක ඉඳන්. කව්රුත් නැති වෙලාවක.
3. AL කරන කාලේ මට සද්දේ දාපු එකෙක්ට අනින්න (අනින්න කියන්නේ ඉතිං අතපය තුවාල කරන්න) හිතාගෙන පිහි තලයක් සුපිරියටම මුවත් තියල අරං ගියා ඉස්කෝලෙට. පස්සේ උ මගෙත් එක්ක ෆිට් උනා. අනින්න අවස්ථාවක් ආවේ නෑ. සින් එක බෙස්ට් ෆ්‍රෙන්ඩ් වත් දන්නේ නෑ තාමත්.
4. 7 වසරේදී අපේ ගෙඩර ආපු ඉතාලි පට්ට කෑල්ලක් මට චොකලට් එකක් දුන්නා. මම ඒකිව මතක්වෙන්න ඒ චොකලට් එක කන්නේ නැතුව හංගල තිබ්බා. පස්සේ මට අමතකවෙලා අවරුදකට පස්සේ හම්බුනේ. චොකලට් එක පස් වෙලා.
5. හෙන පණ්ඩිත ඔලුව ඉදිමෙච්චි එකෙකුගේ කම්පිය්ටරේ ෆයිල් මකන්න සොෆ්ට්වෙයාර් එකක් හදල උටම දෙනව දාන්න කියල. උඩින් මොකක්හරි ෆන් සින් එකක්. යටින් ෆයිල් ටික මකනවා.