Confession 129
මටත් මගේ පාපොච්චාරණය කරන්න හිතුනා.මමත් එක කාරණාවක් නිසා දුකෙන් ඉන්නේ. ඒ තමයි මට මගේ උපාධිය සම්පූර්ණ කර ගන්න බැරි වීම ගැන.මට දැන් අවුරුදු 28ක්.
අතීතයේ නොයෙක් ප්‍රශ්ණ(ඉගෙනීමට ඇති උන්නදුව අඩුකම් (main reason), ගෑණු ළමයින්ගේ ප්‍රශ්ණ ) නිසා මට නියමිත කාලයෙදි උපාධිය ලබා ගන්න බැරි උනා. මම කලේ IT.2011 වසරෙදි තමයි අපේ convocation තිබ්බේ. මගේ සම කාලීනයෝ අද වෙද්දි හොඳ තැන් වල අවුරුදු 4ක පළපුරුද්ද සමග හොඳ මාසික වැටුපක් ලබනවා.
2011 වසරේ අවසාන භාගයේ මට නිමි ඇඳුම් ක්ෂේත්රයේ(apparel Industry) Merchandiser කෙනෙක් විදියට work කරන්න අවස්ථාවක් ලැබුනා. එතැන මම අවුරුදු දෙකකට ආසන්න කාලයක් වැඩ කලා. ඒත් මම Degree එක කලේ IT පැත්තෙන් නිසා මට ලොකු ආසාවක් තිබුනා IT පැත්තෙන්ම ඉස්සරහට යන්න... ඒ නිසයි මම ගිය අවුරුද්දේ රැකියාවට සමු දීලා මේ වසරේ මුල ඉඳන් අධ්‍යාපන කටයුතු වලට මුල් තැන දුන්නේ. මට උපාධිය සම්පූර්ණ කරන්න Final Project එක ඇතුළුව විෂයන් 8ක් තිබුනා. කියන්න සතුටුයි 1st Semester එකේ එයින් මම විෂයන් 4ක් සමත් උනා. තව මට ඉතුරු විෂයන් 4යි.එය 2nd semester එකේ කරන්න ඉන්නේ ගොඩක් සතුටෙන්. එතකොට මට 2015 දි උපාධිය ලබා ගන්න පුළුවන්.
ඒත් හිතට ලොකු බයක් දැනෙනව, මගේ වයසත් එක්ක මට IT Field එකට එන්න පුලුවන්ද කියන්න... මොන පැත්ත තොර ගන්නද කියලත් හිතා ගන්න බෑ වෙලාවකට.. Web පැත්තෙන් ගියොත් Freelance හරි කරගෙන අමතර ගානක් හොයා ගන්න පුළුවන් කියලා හිතෙනවා. මේ ටිකේ ගොඩක් මහන්සි වෙනවා Programming ටික ගොඩ දා ගන්න.හැබැයි උනන්දුව අඩුයි ටිකක්... ඒත් කොහොම හරි Try කරනවා.Final Project එක (Android + web) නිසා JAVA + PHP පැත්ත කෙරෙනවා..Net/C# ටිකත් ගොඩ දා ගන්න ඕනේ.28-30 දි බැඳලා සාම්ප්‍රධායික ක්‍රියාවලියට වැටෙන කොල්ලෙක් වෙන්න මට බෑ... අතීතය ගැන දුකක් නෑ.ඒත් මහන්සි වෙනවා හෙමින් හෙමින් මගේ ජීවිතේ ගොඩ නගා ගන්න. ජීවිතයේ තනියම ඉන්නයි මගේ අදහස.... ඒ අතරේ ඉගෙනීම අතින් ඉහලට යන්න උත්සහ කරනවා(MBA).මේ කථාව කිව්වේ එලකිරි එකේ IT Field එකේ ගොඩක් දෙනෙක් ඉන්න නිසයි.ඒ වගේම හිතට සහනයක් ලැබෙන්නයි....
~~~~
එල මචන්.. කරගෙන පලයන්... 






කවුරු නමුත් සැරටම රිදිච්ච එකෙක්! 
නොදකින් අවලමා!
