Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    ♥♥♥ ලුණු කෝපි ♥♥♥
    ඔවුන් දෙදෙනා මුලින්ම හමු වුනේ මිතුරෙකුගේ සාදයකදී.
    ඇය-ඕනෑම පිරිමියෙකු ඇය දෙස වරක් දෙවරක් නොව කිහිප වතාවක්ම හැරී බලනු ඇත්තේ ඇය එතරම්ම සිත් ඇදගන්නා සුළු රූපයකින් යුත් තරුණියක් නිසාවෙනි. සාදයට පැමින සිටි කඩවසම් තරුණයන් කිහිප දෙනෙකුගේම අවධානය ඇය වෙත යොමු වූයේ නිරායාසයෙනි.
    ඔහු-සාමාන්‍ය තරුණයෙකි,කිසිවෙකුගේ අවධානය ඔහු වෙත යොමු නොවුනි,සාමාන්‍ය මධ්‍යම පාන්තික පවුලක තරුණයෙකු වූ ඔහු සාමාන්‍ය රූපයකින් යුත් මදක් ලජ්ජාශීලී අයෙකු විය.

    සාදය අවසන් වන විට ඇය සමග මදක් හිතවත් වූ ඔහු ආචාරශීලී ලෙස සිහින් හඩින් කෝපි කෝප්පයක රස බැලීමට ඇයට ආරාධනා කලා.ඔහුගේ ආරාධනයෙන් ඇය මදක් විශ්මයට පත් වූවත් ඔහුගේ ආරාධනාවේ වූ ආචාරශීලී කම නිසා ඇය ඔහුගේ ආරාධනාව පිලි ගත්තා.

    නගරයේ වූ ඉහලම පෙලේ අවන්හලකට ගිය ඔවුන් දෙදෙනා එහි අසුන් ගෙන මද වේලාවක් ගත වූවත් ඔහුගේ ලජ්ජාශීලීකම නිසා ඇය සමග වචනයක්වත් කතා කිරීමට ඔහුට හැකි වුනේ නෑ. මින් තරුණිය මදක් අපහසුතාවයට ලක් වූ අතර එම නිසා,

    "කෝපි බොන්න ආරාධනා කලාට ස්තූතියි...එහෙනම් මම දැන් ගෙදර යන්නම්" පවසා අසුනින් නැගී සිටියා.

    මෙවිටම අවන්හලේ වේටර්වරයෙකු ඇමතූ ඔහු

    "මගේ කෝපි එකට මිශ්‍ර කර ගන්න මට ලුණු ටිකක් ගේනවද?" යැයි කලබලයෙන් පවසා සිටියා.

    තරුණිය ඇතුලු අවන්හලේ සිටි සියලුම දෙනාගේ දෑස් පුදුමයෙන් ඔහු වෙත යොමු වුනා,ලැජ්ජාවෙන් ඔහුගේ කම්මුල් රෝස පැහැ ගත්තා. මද වෙලාවකින් වේටර්වරයෙකු ලුණු කුඩු ස්වල්පයක් රැගෙන ආ අතර ඉන් ස්වල්පයක් තම කෝපි බදුනට මිශ්‍ර කර ගත් ඔහු එය පානය කිරීමට පටන් ගත්තා.

    "ඇයි ඔයාට මේ වගේ අමුතු පුරුද්දක් තියෙන්නේ" යලි අසුන් ගත් ඇය ඔහුගෙන් ඇසුවේ කුතුහලයෙන්.

    "මම කුඩා කාලයේ මම ජීවත් වුනේ මුහුද ආසන්නයේ,මම සෙල්ලම් කලේ මුහුදු වෙරළේ,මම ඒ දවස් වල මුහුදේ රසට ගොඩක් ආසා කලා,හරියටම මේ කෝපි කෝප්පය වගේ. ලුණු රස කෝපි කෝප්පයක් බොන හැම මොහොතකම මට මගේ කුඩා කාලය මතක් වෙනවා,මම ජීවත් වුන වෙරළබඩ නගරය මතක් වෙනවා,මගේ ගෙදර මතක් වෙනවා,තවම ඒ කුඩා නගරයේ ජීවත් වෙන මගේ දෙමව්පියෝ මතක් වෙනවා"

    මෙසේ කියා අවසන් වන විට ඔහුගේ දෑස් කදුලින් තෙත් වී තිබුනු අතර ඇගේ සිතේ ඔහු පිලිබදව ඇති වී තිබුනේ විශාල පැහැදීමක්,ඒ වගේම ගෞරවයක්. පිරිමියෙකුගේ හදවතේ ගැඹුරුම තැන ඇති ඔහුගේ නිවස මව්පියන් සහ ළමාකාලය පිලිබද සිතුවිලි ඔහු ඇය ඉදිරියේ නිරාවරනය කර තිබුනා.ඔහු තම පවුලට බෙහෙවින් ලැදි පවුල පිලිබදව හොදින් සොයා බලන අයෙක් බව ඇයට වැටහුනා.ඉන්පසු ඇය ඇයගේ ළමා කාලය පිලිබදව ඔහු සමග පැවසූ අතර පැය ගණනක් ගත වුනේ ඔවුන්ටත් නොදැනීමයි. එය රසවත් සාකච්ඡාවක් වූ අතරම ඔවුන් දෙදෙනා අතර වූ සම්බන්ධයට ශක්තිමත් අඩිතාලමක්ද වුනා.

    ඔවුන් දිගින් දිගටම මුනගැසුනු අතර ආශ්‍රය කිරීමේදී ඇයට තේරුම් ගියේ ඔහු ඇගේ සියලුම අවශ්‍යතා සපුරාලන හොද තරුණයෙකු බවයි. තම පවුලට ලැදි ඉවසිලිමත් තරුණයෙකු වූ ඔහුට කරුනාවන්ත හදවතක් තිබූ අතර ඇය පිලිබදව ඔහු හොදින් සොයා බැලුවා. අවසානයේ ඔවුන් දෙදෙනා පෙම්වතුන් වූ අතර අනෙකුත් සියලු විචිත්‍රවත් ආදර කතා මෙන්ම ඔවුන්ගේ ආදර කතාවත් ඉතා සාර්ථකව ඉදිරියට ඇදී ගියා.

    මද කලෙකින් විවාහ වූ ඔවුන් ඉතා සාර්ථක විවාහ දිවියක් ගත කලා. ඔහු ඇයට ඉතා හොද සැමියෙකු වූ අතර ඔවුන් ගේ දරුවන්ට ඉතා හොද පියෙකු වුනා.විවේකීව සිටින විට නිතරම ඇය සිනාමුසුව ඔහු සමග පවසා සිටියේ ලුණු කෝපි කෝප්පයේ පිහිටෙන් ඇයට ඔහුව ලැබුනු බවයි. දිනපතා ඇය ඔහු වෙනුවෙන් පිලියෙල කරන කෝපි කෝප්පයට ලුණු ස්වල්පයක් දමා ඔහුට පිලිගැන්වීමටත් ඇය අමතක කලේ නෑ, ඔහු කෝපි පානය ප්‍රිය කලේ ලුණුත් සමග බව ඇය දැන සිටියා.

    දින සති මාස ගෙවී ඔවුන්ගේ විවාහ දිවියට වසර 40ක් ගෙවුනු තැන ඔහු මිය ගිය අතර මිය යාමට ප්‍රථම ඔහු විසින් ඇය වෙත ලියා තැබූ කුඩා ලිපියක් ඇයට පසුව හමු වුනා. එහි මෙසේ සදහන් වුනා

    සොදුරිය,
    මට සමාවෙන්න,ජීවිත කාලය පුරාම ඔයාට කිව්ව ඒ බොරුවට මට සමාව දෙන්න.
    මම ජීවිත කාලය පුරාම ඔයාට කිව්ව එකම බොරුව එය පමනයි,ඒ ලුණු කෝපි ගැන.
    මතකද අප හමු වූ මුල්ම දවස? එදා මම ගොඩක් තිගැස්සිලා සිටියේ,ඊට පෙර මම කවදාවත් ඔයා වගේ ලස්සන තරුණියක් එක්ක එකට කෝපි පානය කරලා තිබුනේ නෑ.
    එදා මට අවශ්‍ය වෙලා තිබුනේ සීනි, ඒත් කලබලේට මට කියවුනේ ලුණු කියලා.
    ඒ අවස්ථාවෙදි එය යලි නිවැරදි කරන්න පුලුවන් කමක් මට තිබුනේ නෑ,ඉතින් මම ඒ බොරුව දිගටම ගෙන ගියා,මම හිතුවේ නෑ ඒ බොරුව අපි දෙන්නාගේ ආදරණීය සම්බන්ධයේ ආරම්භය වෙයි කියලා.
    පහුගිය අවුරුදු හතලිහෙ කිහිප වතාවක්ම මම ලුණු කෝපි ගැන ඇත්ත කියන්න උත්සාහ කලත් මම බය වුනා,මොකද ඔයා බොරුවට පොඩ්ඩක්වත් කැමති නැති නිසා.
    තව පැය කීපයකින් මම මිය යාවි,ඒ නිසා මම ඇත්ත කියන්නම්,
    මම ලුණු දාපු කෝපි වලට පොඩ්ඩක්වත් කැමති නෑ, ලුණු කෝපි වලින් එන්නේ අමුතුම විකාර රසක්, වෙලාවකට මට ඔක්කාරයට ආවා,ඒත් මම ජීවිත කාලය පුරාම ඔයා මට හදලා දුන්න ලුණු කෝපි රස වින්දා,ලුණු කෝපි බොන හැම මොහොතකම මට අපි දෙන්නා මුන ගැසුනු මුල්ම දවස මතක් වුනා.
    මගේ ජීවිතයේ මම ලබපු ලොකුම සතුට ඔයාව මගේම කර ගැනීම.ඔයා තමා මගේ ජීවිතය සම්පූර්ණ කලේ.මට තව ජීවිතයක් ලැබුනොත් මට අවශ්‍ය ඒ ජීවිතයත් ඔයා එක්කම ගත කරන්න,ඒ වෙනුවෙන් ඒ ජීවිත කාලය පුරාත් ලුණු කෝපි බොන්න මම සූදානම්.
    මම ඔයාට ආදරෙයි.

    ඇගේ දෙනෙතින් ගලා ආ කදුලු බිදු වලින් ලිපිය තෙත් වුනා.
    එදින පටන් මිය යන තෙක්ම ඇයත් ලුණු කෝපි පානය කිරීමට පටන් ගත්තා.කවුරුන් හෝ ඇගෙන්
    "ලුණු කෝපි මොන රසද"? කියා ඇසූ විට

    "ලුණු කෝපි හරිම රසයි" කීමට ඇය පුරුදු වුනා.


    ~කජුවත්ත එක්සත් Cricket සමාජය ~
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    CONFIDENCE...
    එක්තරා ගම්මානයක වැසියන් දැඩි නියගයකින් පීඩා විදි අතර පසුදින වර්ෂාව ලබාගැනීම සදහා යාතිකාවක් පැවැත්වීමට ඔවුන් කතිකා කර ගත්තා. පසුදින උදෑසනම සියලුම ගම්වැසියන් එක් රැස් වූ අතර එක් කුඩා පිරිමි ළමයෙකු පමනක් කුඩයක් රැගෙන විත් තිබුනා,ඒ ශ්‍රද්ධාවයි/විශ්වාසයයි.

    TRUST...
    විශ්වාසය වයස වසරක් වන බිලිදෙකුගේ සිතේ ඇති වන හැගීමකට සමාන කල හැකියි. තම පියා බිලිදාව ඉහලට විසි කල විට බියෙන් තැති ගෙන හඩා වැටෙනවා වෙනුවට බිලිදා ප්‍රීතිමත්ව හිනැහෙන්නේ පියා ඔහුව බිම වැටෙන්නට නොදී අල්ලා ගන්නා බව දන්නා නිසයි,ඒ විශ්වාසයයි.

    HOPE...
    අපි දිනපතාම රාත්‍රියේ නින්දට යනවා,පසුදින උදෑසන අපිට යලිත් නැගිටින්න හැකි වේ දැයි කිසිම සහතිකයක් නෑ. නමුත් අපේ සිතේ පසුදින ගෙවන හැටි ගැන සැලසුම් ගොඩක් තියෙනවා,ඒ බලාපොරොත්තුවයි.

    විශ්වසය හා බලාපොරොත්තුව ඔබව ජිවත් කරවයි, යමෙකු තුල විශ්වාසයත් බලාපොරොත්තුවත් ඇති කල ඔහුට නොහැක්කක් නොමැත..


    ~ කජුවත්ත එක්සත් Cricket සමාජය ~
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    සිංහළයා;11861472 said:
    එස්පියා කඩුල්ලක් පනින්න පස් මහා බැලුම් බලනවා:P:angry:

    ඉලව් ලව් :angry::love::angry::love::angry::love::angry:
    :baffled:
    සිංහළයා;11861480 said:
    ඒක තමයි උඹේ මොලේ කුරුවල් වෙලා තියෙන්නෙ... :lol:
    නැහැ සහෝදරයා මේ තමයි කලාව.
    ටික දවසකින් ඔබටත් වැටහෙයි.
    :rolleyes:
    Captain ජැක් ස්පැරෝ;11861486 said:
    මට ටැග් එකක් ඔනා.........:(
    අන්න එතන තමයි බන් මේ සමාජ ක්‍රමය අතරමං වෙලා තියෙන්නේ.
    ටැග් කිපයකින් අපිව සිමා කරලා.
    ටැග් වලින් අපිව නවත්තන්න බැහ සහොදරයා.
    අන්න එක මතක තියා ගන්න.

    ධයිර්යවන්ත වෙන්න.

    ඒක නං හැබෑව..මල ඉලව්..:dull:


    හපෝ.යි...:eek: එස් මහ කම්මැලියෙක් වෙලානේ..බුවෑක්කා..ගැන්සියටත් ලැජ්ජයි..
    :sorry:
    හ්ම්..

    ආදරේ නෙමෙයි වැරැද්ද තියෙන්නෙ ආදරය කරන අයගෙ. ආදරේ කියන්නෙ තවත් එක් ආශාවක් වුණහම තමයි ඔය වගේ ඉලව්‍ කියන තත්වයට පත්වෙන්නෙ. මිනිස් සිත ඉතින් මොනාහරි කරල ආදරය ලබාගන්නමනෙ හදන්නෙ. ඉතින් ලැබුනෙ නැති වුණහම දුක, එපාවීම, වෛරය වගේ හටගන්නව.
    අන්න නියම තැන සහෝදරයා..
    අන්න එක තමා මමත් කියන්න උත්සහ කරන්නේ.
    මට වෙලා තියෙන්නෙත් ඕකනේ.
    :baffled:

    එකම සැනසීම රොක්.
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    :baffled:
    අන්න එතන තමයි බන් මේ සමාජ ක්‍රමය අතරමං වෙලා තියෙන්නේ.
    ටැග් කිපයකින් අපිව සිමා කරලා.
    ටැග් වලින් අපිව නවත්තන්න බැහ සහොදරයා.
    අන්න එක මතක තියා ගන්න.

    ධයිර්යවන්ත වෙන්න.

    :eek::eek::eek::eek::eek::eek::eek:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අන්න නියම තැන සහෝදරයා..
    අන්න එක තමා මමත් කියන්න උත්සහ කරන්නේ.
    මට වෙලා තියෙන්නෙත් ඕකනේ.
    :baffled:

    එකම සැනසීම රොක්.

    මං අහල, දැකල තියනව ඒ ‍වගේ අවස්ථාවල රොක් වලින් සැනසීම ලබන අය ගැන. හැබැයි තව අය ඉන්නව ඒ වගේ වෙලාවට ගොඩක් දුක හිතෙන හිමින් යන සිංදුවකින් සැනසීම ලබනත්. මනසේ ක්‍රියාකාරීත්වය තමයි ඉතින්. ජීවිතේ ඔහොම තමයි.
     
    Apr 19, 2011
    5,700
    210
    0
    Captain ජැක් ස්පැරෝ;11861486 said:
    මට ටැග් එකක් ඔනා.........:(
    එස්පී ගෙන අහල බලහං... :P

    ඒක නං හැබෑව..මල ඉලව්..:dull:


    හපෝ.යි...:eek: එස් මහ කම්මැලියෙක් වෙලානේ..බුවෑක්කා..ගැන්සියටත් ලැජ්ජයි..
    :sorry:
    ඔව් ඔව් බුවක්කාම තමා :oo: :lol:
    Captain ජැක් ස්පැරෝ;11861510 said:
    :shocked::shocked::shocked:

    ආදරේ නෙමෙයි වැරැද්ද තියෙන්නෙ ආදරය කරන අයගෙ. ආදරේ කියන්නෙ තවත් එක් ආශාවක් වුණහම තමයි ඔය වගේ ඉලව්‍ කියන තත්වයට පත්වෙන්නෙ. මිනිස් සිත ඉතින් මොනාහරි කරල ආදරය ලබාගන්නමනෙ හදන්නෙ. ඉතින් ලැබුනෙ නැති වුණහම දුක, එපාවීම, වෛරය වගේ හටගන්නව.
    :dull: උඹට මොකෝ උනේ :shocked: :lol: ඕක සසර දික් කරන මහ භයානක දෙයක් බං :baffled:
    සහෝදර වරුනි..
    මිනිස්සුන්ගේ මනස විකුර්ති කරලා තියෙන්නේ මේ සමාජය විසින්.
    පිරිමි ගෑනු කට හඩින් කියන සින්දු අහන්න මේ සාමාජය පෙලබිලා තියෙන්නේ.
    අපි මේ සමාජ ක්‍රමය වෙනස් කරන්න ඕනා සහෝදර වරුනි.. නියම සංගීතය / කලාව ලෝකෙටම පෙන්වන්න ඕනා.
    ඒ සදහා අපත් සමග අත්වැල් බැද ගන්න.
    :oo:

    ජයවේවා!!

    කාගේද මේ බලවේගේ..!!!
    රෝටාගේ මේ බලවේගේ.!!

    කාගේද මේ බලවේගේ..!!!
    රෝටාගේ මේ බලවේගේ.!!
    :baffled:
    :eek::eek::eek:ඔව් ඔව් හොඳ දොස්තරයෙක්ට පෙන්නහන්
    :baffled:

    නැහැ සහෝදරයා මේ තමයි කලාව.
    ටික දවසකින් ඔබටත් වැටහෙයි.
    :rolleyes:

    අන්න එතන තමයි බන් මේ සමාජ ක්‍රමය අතරමං වෙලා තියෙන්නේ.
    ටැග් කිපයකින් අපිව සිමා කරලා.
    ටැග් වලින් අපිව නවත්තන්න බැහ සහොදරයා.
    අන්න එක මතක තියා ගන්න.

    ධයිර්යවන්ත වෙන්න.

    හ්ම්..

    අන්න නියම තැන සහෝදරයා..
    අන්න එක තමා මමත් කියන්න උත්සහ කරන්නේ.
    මට වෙලා තියෙන්නෙත් ඕකනේ.
    :baffled:

    එකම සැනසීම රොක්.
    වැඩේ දරුණුයි වගේ:(
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113

    පළමුවෙන් නියම සංගීතය කියන දේ නිර්වචණය කරමු බලන්න. ඊට පස්සෙ අපිටත් බැරියෙ සලකා බලන්න.
    හි හි ...:D
    අනේ මන්දා...
    සංගීතය උනාහම ඒ තුලින් යම් කිසි හැගීමක් දෙන්න ඕනා..
    මියුසික් ඒකෙන් හරි වචන වලින් හරි..

    රොක් තමා ඒ හැගීම වැඩියෙන්ම ලබා දෙන්නේ.

    හැබැයි මම නන්දා මාලනිගේත් සින්දු අහනවා slipknot බෑන්ඩ් එකෙත් අහනවා..
    අහ අහ.. එන්න මල්ලිලා කිව්වාට හරි පිරිමි ගෑනු කට හැදින් කිව්වහම හරි ඒ හැගීම ගන්න බැහැ..

    ඒ මගේ හැටි.
    :rolleyes:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    මං අහල, දැකල තියනව ඒ ‍වගේ අවස්ථාවල රොක් වලින් සැනසීම ලබන අය ගැන. හැබැයි තව අය ඉන්නව ඒ වගේ වෙලාවට ගොඩක් දුක හිතෙන හිමින් යන සිංදුවකින් සැනසීම ලබනත්. මනසේ ක්‍රියාකාරීත්වය තමයි ඉතින්. ජීවිතේ ඔහොම තමයි.

    රොටා සංගීතේ රස විඳින්නෙ උණ්ඩුක පුච්චෙන් කියනවනෙ.. :yes: එ හන්ද අවුලක් නෑ.. මනසින් රොක් රස විඳින්න ගියොත් තමා අවුල :D
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මං අහල, දැකල තියනව ඒ ‍වගේ අවස්ථාවල රොක් වලින් සැනසීම ලබන අය ගැන. හැබැයි තව අය ඉන්නව ඒ වගේ වෙලාවට ගොඩක් දුක හිතෙන හිමින් යන සිංදුවකින් සැනසීම ලබනත්. මනසේ ක්‍රියාකාරීත්වය තමයි ඉතින්. ජීවිතේ ඔහොම තමයි.
    හ්ම්...
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    Captain ජැක් ස්පැරෝ;11861686 said:
    අපි මේ දැන් මෙතන යන ටොපික් එක වෙනස් කරමුද? :eek:
    ඔකේ මචන්.
    :D
     
    Status
    Not open for further replies.