ඔයවගේ වයසක මිනිස්සුංගෙ අදහස් වෙනස් කරනව කියන්නෙ, කට ඇතුලෙන් අත දාල අහවල් එකෙන් අල්ලල නොපිට හැරෙව්වත් කරන්න බැරි වැඩක්.....
හැබැයි මට අපේ පියතුමා ගැන ඒ අතින් මාර සතුටුයි....
කලින් සැර වල පොදු පෙරමුන ඉස් මුදුනෙ තියාගෙන හිටියෙ.
මේ පාර කට ඇරල ජ.වි.පෙ ට ඡන්දෙ දෙනව කිවුවනෙ..... මට පුදුම හිතුන....
දැන් 75ක් වයස. ඒ වචන ටික ඇහුනම එක පාර පොඩි බයකුත් ආව, සිහිය විකල් වීගෙන එනවද කියල.....
අපි දෙන්න නිව්ස් බලන ගමන් හිටියෙ... දෙවෙනි වතාවටත් ඒ රත්තරං වචන ටික කණට වැටුණම තමයි මම ඇත්තටම කිවුව දේ විශ්වාස කරේ....
ඔය ටික දෙපාරක් කටින් පිටවුණා කියන්නෙ දැන් ඉතිං මැරුණත් රතු තමයි....
1980 ස්ට්‍රයික් කරල, ජේ.ආර් ගොයිය රස්සාව නැති කරපු එකේ තරහව අවු 42ක් ගිහිල්ලත් තාම හිතේ තියෙන නිසා, මළාට චූ.ඇන්.පි යට නං ඡන්දෙ දෙන එකක් නෑ.....
රාපස්සට දෙන එක ඊට හපං හින්ද මේ පාර ජවිපාවුන්ට දෙනවලු......