extension cord එකක් හදාගන්න විදිය

super077

Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    සන්ක් බොක්ස් වයර් ප්ලග් බේස් දාල හදන extension cord එකක් හදාගන්න විදිය පොඩ්ඩක් පැහැදිලි කරනවද. වයර් සම්බන්ද කරන විදිය එහෙම
     
    • Like
    Reactions: RottenCOLT and NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113
    සන්ක් බොක්ස් වයර් ප්ලග් බේස් දාල හදන extension cord එකක් හදාගන්න විදිය පොඩ්ඩක් පැහැදිලි කරනවද. වයර් සම්බන්ද කරන විදිය එහෙම
    TNHANkW.jpg
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,775
    5,749
    113
    මහ අමාරුවක් නැහැ. ගොඩක් වෙලාවට extension cord එකක් ගන්න එක ලාබයි. Orange kevilton වගේ බලන්න.
    නැත්නම් ඉතින් මුලින්ම හොයා ගන්න ඕනේ කරන බඩු. 2 core or 3 core wire ඕනේ තරම් දුරට. Solder iron එකක් හරි රත් කරලා හිලක් විදගන්න පුළුවන් දෙයක්. හොඳ පලග් එකක් වගේම අවශ්‍ය ප්‍රමානයේ socket box එකක් එලියේ හයඉකරන එකක් නම් හොඳයි. Sunk box එකක් උනත් අවුලක් නැහැ. අන්තිමට 13A socket ඕනේ ගානට. මෙතෙන්දි 3 core ගත්තොත් safety වලට හොදයි හැබයි ලොකු power එකක් අදින්නේ නැති වැඩකට නම් 2 core ඇති. මුලින්ම wire එක රතු හෝ දුඹුරු පාට තමා live cable එක. කළු හරි නිල් හරි කියන්නේ neutral cable එක. 3 core ගත්තොත් කෝල් පාට earth wire එක ඔය ටික. Plug එකට connect කර ගන්න. හොඳ tester එකක් ගන්න ඔය වැඩේට. වෙනම scruw drive එකක් තියනවා ඔය වැඩේට. ඒවා හොයන්න යන්න එපා. මම තාම දැකලා නැහැ ලංකාවේ එකක්. Wire ටික කපා ගන්න paper cutter එකක් ගන්න. තව අඩුවක් හොයා ගන්න. Wire ටික හයියෙන් විදිහ දිග අර plug එක එක්ක එන කොලේ තියනවා. ඒ දිගවල් වලට හදලා ඒ විදිහට හයිකර ගන්න.
    දැන් socket box එක. මුලින්ම හිලක් විදගන්න හොද තැනක් තොර ගන්න කොට පැති දෙකෙන් එකක අයිනකින් ගත්තානම් හොඳයි. Drill එකක් තියනවානම් එකෙන් විදගන්න එක රත්කරන් විදගන්න විට වඩා ලේසියි. නැත්නම් රත් කරන්න ගත්ත එක හරි solder iron එක හරි රත් කරලා වයර් එක ඇතුලට දාන්න පුළුවන් සයිස් එකට හිලක් විදගන්න. වයර් එක තදට බහින තරමට හොඳයි. ඊළඟට වයර් එකෙන් අගල් හයක් විතර කපලා අහක් කරගන්න. වයර් ගන්න කොට මතක් ඇතුව වයර් අගල් හයක්වත් වැඩිපුර ගන්න. ඊළගට වයර් එක box එක ඇතුලෙන් ගැටයක් ගහගන්න වයර් එක එලියට ඇදෙන්නේ නැති වෙන්න.
    දැන් අර කපාගත් වයර් එක core cable එකෙන් වෙන්කරලා single wire වලට වෙන් කර ගන්න. ඊළඟට වයර් ටික අගල් තුනක කෑලිවලට කපලා කොන් සුද්ද කර ගන්න. Socket ඒකේ L කියන එකට රතු හරි දුඹුරු හරි වයර් එක හයි කර ගන්න. N කියන එකට නිල් හරි කළු හරි. E එකට කොළ පාට. ඊළගට මේ වයර් එක එක්ක ඇනිත් වයර් කෑල්ල එකට එන්න හයි කර ගන්න අනිත් socket එකට. පාට එකම එන්න ඒ විදිහට හයි කරගන්න. ඕක හයි කරන කොට අර මුල් socket එක box එකට හයි කර ගත්තනම් ලේසියි. වයර් එක හයි උනාට පස්සේ හඔඳටභතද උනාද කියලා බලන්න වයර් එකෙන් ඇදලා එහෙම. අන්තිමට අන්තිම socket එකත් එක්ක අර cable ඒකේ වයර් ටික හයි කර ගන්න. එකම දේ එකම පාටට හයි වෙන්න ඕනේ. දැන් power දාලා ටෙස්ට් කරලා බලන්න. අන්තිමට අර nell cover ටික හයි කරලා දාන්න ලස්සනට.
    පිළිවෙලකට කරොත් නියමෙටම එනවා. මම ගෙදර තුනක් හැදුවා තුනම 2 core. 3 core දානවා නම් ඒක තමා හෝඳම. හැබයි ගාන වැඩියි cable එක. මම හැදුවේ ගෙදර වැඩ වලට ගෙනත් ඉතුරු cable වලින්. එක හින්දා 3 core වලට ගියේ නැහැ.
     
    බොහෝමත් ස්තුතියි