Facebook එකේ දැකපු දෙයක් 🦅

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    කපුටෙක් ගැන



    ~ උපුටාගැනීම ~
    හොටක යට කොටස යන්තමින් ගැලවී ඇති කපුටෙකුගේ, හොට නැවත සැකසිය හැකි පශු වෛද්‍යවරයෙකු සිටී නම් දනුම් දෙන්න.. ස්තුතියි.
    ..........🥲කුරුල්ලන්ට කෑම තැබීම මගේ පුරුද්දක්.. කුරුල්ලන්ට කිව්වට වැඩිපුරම එන්නෙ කපුටන්... එයාලා වැඩියෙන්ම කැමති ක්‍රීම් ක්‍රැකර්ස් කන්න.. ක්‍රීම් ක්‍රකර්ස් දෙනකල් වෙන මොනව දුන්නත් නොකාම ඉන්නවා.. ජනෙල් පියන උඩ වාඩිවෙලා මේසෙ උඩ තියෙන ක්‍රීම් ක්‍රැකර්ස් පෙට්ටිය දිහා බලාගෙන කෑ ගහනවා.. 10-15 දෙනෙක් විතර කෑ ගහනකොට සද්දෙ අහලම බලන්න ඕනෙ.. මේ කියන්නෙ පෙරේදා වුණු දෙයක්...
    ගොඩක් දවසකින් ක්‍රීම් ක්‍රිැකර්ස් තියන්න මම නොසිටි නිසා, වැඩිය කුරුල්ලො ආවෙත් නෑ.. ඒත් එදා එක කපුටෙක් ජනෙල් පඩියෙ ඉඳගෙන ඔළුව ඇතුළට දාලා එබි එබී බලනවා.. මාව දැක්කම අමාරුවෙන් කාක් කාක් කිව්වා.. (සද්දෙ අඩුවෙන්) වෙන වෙනසක් පෙනුනෙ නෑ.. මම ළඟට ගිහින් ක්‍රීම් කැකර් එකක් දුන්නත් කෑවෙ නෑ.. කට වහන්න බැරි වගෙත් පෙනුණා.. මම හිතුවා වතුර ඕන වෙලාද කියලා.. කෝප්පයකට වතුර තිබ්බා.. ඒත් බිව්වෙ නෑ.. තවත් මගේ දිහා බලනවා.. යන්නෙත් නෑ.. මම ඔළුව අතගෑවා.. සද්ද නැතුව හිටිය.. අසනීපයක්ද කියලා කොහොමද හිතා ගන්නෙ.. ඊට පස්සෙ ජනෙල් පියන උඩට නැගලා හො ට පිහිදාලා මගේ දිහා බැලුවා.. නැවත නැවතත් එහෙම කළා.. මට ඇත්තටම හිතාගන්න බැරිවුණ මොනවද එයාට අවශ්‍ය කියලා.. ඊට පස්සෙ ටිකක් වෙලා එහෙම ඉඳලා ගියා.. ආයෙත් ඊයෙත් ඇවිත් එහෙමම හිටිය.. එතකොට පෙනුණා යට හොටය යන්තමින් ගැලවී ඇති බව.. ඒ කියන්නෙ කෑම කන්න බැරුව ඇති.. සිරිංජයකට ගිතෙල් දමා කටට දැමීමට උත්සාහ කළත්, එය පුරුදු නැති නිසාදෝ ඉගිලිලා ගියා.. ඉක්මනින් පශු වෛද්‍යවරුන් කිහිප දෙනෙකුට කතා කළත් හොටය නැවත සැකසීම අපහසු බව කීවා.. අනේ අදත් ඇවිත් බලා ඉන්නවා.. කන්නත් බෑ බොන්නත් බෑ.. හරි පුදුමයි... සත්තු මිනිස්සුන්ගෙන් උදව් ඉල්ලන හැටි... අනේ කාටහරි පුළුවන්ද උදව් කරන්න? අනේ නැත්නම් බඩගින්නෙම මැරිලා යයි .. (ආයෙත් එනකල් ඉන්න වෙනවා)🥲
    (කතන්දරවල ලිව්වට, ඇත්තටමත් මෙහෙම දෙයක් වෙයි කියලා හිතුවෙ නෑ..)🥲
    Screenshot_20220911-123354_Facebook.jpg

    Screenshot_20220911-123337_Facebook.jpg

    ~ උපුටාගැනීම අවසන් ~

    Comments

    Screenshot_20220911-122312_Facebook.jpg


    Screenshot_20220911-122425_Facebook.jpg

    Screenshot_20220911-122444_Facebook.jpg

    Screenshot_20220911-122617_Facebook.jpg

    Screenshot_20220911-122639_Facebook.jpg

    Screenshot_20220911-122735_Facebook.jpg

    Screenshot_20220911-123045_Facebook.jpg

    Screenshot_20220911-123148_Facebook.jpg


    Screenshot_20220911-123205_Facebook.jpg

    Screenshot_20220911-123231_Facebook.jpg

    Screenshot_20220911-123416_Facebook.jpg

    Screenshot_20220911-123447_Facebook.jpg

    Screenshot_20220911-124100_Facebook.jpg

    Screenshot_20220911-124119_Facebook.jpg

    ------ Post added on Sep 11, 2022 at 12:51 PM
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මාත් ඔය post එක බැලුව.. කපුටා ආයේ ආවද දන්නෑ..
     
    • Like
    Reactions: S_M_S