මචංලා මට ෆේස් බුක් එකේ ලොකු හෙල්ප් එකක් ඕනා.. මේකයි මගේ ප්‍රශ්නේ මම ෆේස් බුක් එකට ඉතින් ලොග් වෙන්නේ මගේ ස්ටේටස් එකක් අප්ඩේට් කරලා මගේ ඉන්න යාලුවන්ගේ ස්ටේටස් එකක් බලන්න. ඊට අමතරව හදිස්සියකට කෙනෙක්ට මගේ ගැන දල අදහසක් ගන්න පොඩ්ඩක් මගේ ප්‍රොෆයිල් එක දිහා බලලා වගේ දේවල් වලට. ඉතින් මට දවසම ෆේස් බුක් එකේ එල්ලිලා ඉන්න බෑ. සැරයක් දෙසැරයක් වගේ තමා ෆේස්බුක් එකට ලොග් වෙන්නේ.. ඉතින් ඒ වෙලාවට හෝම් එකෙන් මම බලාපොරොත්තු වෙන විදිහට යාලුවන්ගේ ඔක්කොම අප්ඩේට්ස් ටික බලන්න බෑ.. මොකද හෝම් එකේ උඩට පල්ලෙහාටම ගිහිල්ලා එපා වෙනවා.. ඒ කියන්නේ අප්ඩේට්ස් වැඩී.. ඉතින් මචංලා මට මගේ හෝම් පේජ් එකේ ඩිස්ප්ලේ වෙන දේවල් මැනේජ් කරන්න බැරිද? ඔය ෆෑන් පේජ් වල යන ඕනේ නැති දෙවල් ඩිස්ප්ලේ නොවෙන්නයි.. ඔය සමහර යාලුවෝ ශෙයර් කරන වැඩක් නැති දේවල් මට හෝම් එකේ නොපෙනී තියෙන්නයි හදා ගන්න බැරිද.. ෆෑන් පේජ් අන්ලයික් කරන්නේ නැතුව ඒ පේජ් එකෙන් ශෙයර් කරන ඒවා පොඩ්ඩක් කන්ට්‍රෝල් කරන්න බැරිද? එහෙමත්ම නැත්නම් දැන් අර ගූගල් මේල් වල වගේ හෝම් පේජ් එකත් පොඩ්ඩක් කැටගරයිස් කරන්න බැරිද. ෆැන් පේජ්, යාලුවෝ, බෙස්ට් ෆ්‍රෙන්ඩ්ස් කියලා වගේ...