Fair & Lovely වෙනස් වෙයි.

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    1593152223607.png



    මේකට හේතු වෙච්ච සිද්දිය දාන්නම් පල්ලෙහායින්.


    'Shaadi.com' මගුල් කපුකම් කරන අන්තර්ජාල වෙබ් අඩවියකි.
    එහි පළ කෙරෙන ශුභ සරණ දැන්වීම්වලට ඇතුළත් පින්තූරවල සමේ පැහැය ඔපවත් කරන මෘදුකාංගයක් (skin tone filter)ඉවත් කිරීමට Shaadi.com වෙබ් අඩවිය පියවර ගෙන තිබේ.

    ඔවුන් එවැනි පියවරක් ගෙන තිබෙන්නේ එම වෙබ් අඩවියට පිවිසෙන්නන්ගෙන් එල්ල වූ බලපෑමෙන් අනතුරුවය.
    හේටල් ලකානි (Hetal Lakhani) ඇමෙරිකා එක්සත් ජනපදයේ 'Dallas' හි තරුණියකි. පින්තූරවල සමේ පැහැය ඔපවත් කරන මෘදුකාංගය වෙබ් අඩවියෙන් ඉවත් කිරීමට මුල්වූ අන්තරජාල පෙත්සම ආරම්භ කරන ලද්දේ 'හේටල්' විසිනි.

    'හේටල්' එවැනි අන්තර්ජාල පෙත්සමක් ආරම්භ කර තිබෙන්නේ, පසුගියදා පැතිරයමින් තිබුණ වර්ණභේදවාදයට එරෙහි විරෝධතා ව්‍යාපාර අතරවාරයේ එම මෘදුකාංගය පිළිබඳව ප්‍රශ්න කළ අන්තර්ජාලයට පිවිසෙන තමා වැනි තවත් කෙනෙකු සමඟ සාකච්ඡා කරනු ලැබීමෙන් අනතුරුවය.
    "එම මෘදුකාංගය වෙනත් කිසිදු අරමුණක් සඳහා නොව සමේ කැඩුන බිඳුන හෝ දිරාපත් තැන් සැකසීමක් සඳහා පාවිච්චි කරන ලද්දක්," යයි 'Shaadi.com' වෙබ් අඩවිය පවසයි.

    එම වෙබ් අඩවියේ දැන්වීමක් පළකර ගැනීමට ඉල්ලා සිටින්නන්ට අදාළ පින්තූරයේ චර්ම විලාශය කෙසේ විය යුතුද? යන්න සම්බන්ධයෙන් තෝරා ගැනීමක් සඳහා අවස්ථාව විය. ඒ අනුව පින්තූරයේ ඡවි වර්ණය අඳුරු හෝ පැහැපත්ව තිබිය යුතුද යන්න පිළිබඳව ගනුදෙනුකරුවන්ගෙන් විමසනු ලැබුණි.

    ඒ අනුව එම වෙබ් අඩවියට පිවිසෙන්නන්ට තමා මනාප ඡවි වර්ණය අනුව ගැලපෙන සහකරුවන් සහකාරියන් සොයා පිරිසීමට දොරක් විවෘත විය. එහෙත් සියලු ඡවි වර්ණයන්ට ගැලපෙන පිරිසුම් සඳහා යොදාගත නොහැකි වූ බව 'Shaadi.com' පවසයි.
    මගුල් කපුකම් කරන සෙසු මංගල වෙබ් අඩවිවලට සාපේක්ෂව 'Shaadi.com' අඩවිය සුවිශේෂ ස්වභාවයක් ගනියි.ඊට හේතුව දකුණු ආසියානු සම්ප්‍රදාය අනුව යෝජිත විවාහවල දී සුදුසු සහකරුවකු හෝ සහකාරියක සොයා ගැනීමට උදව් කෙරෙන මගුල් කපුවාගේ කාර්යභාරය එම වෙබ් අඩවිය තමන් වෙත පවරා ගනිමින් එය ඉටුකරනු ලැබීමය.

    මෙගාන් නාග්පාල් (Meghan Nagpal) තමා වැනි ඉන්දියානු සම්භවයක් සහිත ජීවන සහකරුවකු සොයා ගැනීමට 'shaadi.com' වෙබ් අඩවිය සෝදිසි කළ ඉන්දීය තරුණියකි.
    "මම shaadi.com එකට ඊමේල් පණිවුඩයක් යැව්වා. ඒ වෙබ් අඩවියේ නියෝජිතයෙක් මට කිව්වා- දෙමව්පියන්ගෙන් අති බහුතරය සමේ පැහැය ඔපවත් කරනු ලබන මෘදුකාංගය උපයෝගී කර ගැනීම ඉල්ලා සිටින බව," මෙගාන් නාග්පාල් 'BBC Asian Network' වැඩ සටහනට ප්‍රකාශ කළාය.
    මෙගාන් එම වර්ණ ගැන්වීමේ මෘදුකාංගය පිළිබඳව ෆේස්බුක් කණ්ඩායමක් සමඟ සාකච්ඡා කළාය. එම කණ්ඩායමට හේටල් ලකානි ද ඇතුළත්ය.

    'මට හරිම දුකක්'
    "මෙගාන් මේ කාරණය අපේ ෆේස්බුක් කණ්ඩායමත් එක්ක හුවමාරු කර ගත්තම මට ඇතිවුනේ විශාල දුකක්. මොකද? සමාගමකට සමාජමය වගකීමක් තියෙන්න ඕන," හේටල් පවසන්නීය.
    "මට ඔවුන්ගේ වැඩ පිළිවෙල වෙනස් කෙරෙන ආකාරයට මේක හසුරුවන්න අවශ්‍ය කළා. ඒ නිසා තමයි- මම අන්තර්ජාල පෙත්සමක් ආරම්භ කළේ."
    "පෙත්සම පටන්ගත්ත ගමන්ම ඒක පැතිරිලා ගියේ ලැව් ගින්නක් වගෙයි. පළමු පැය දාහතර ඇතුළත අත්සන් 1,500ක් එකතු වුනා. මේ කාරණය මතුකිරීම ගැන මහජනයා ගොඩාක් සතුටු වුනා."

    අනතුරුව 'Shaadi.com' ට්විටර් පණිවුඩයක් මගින් ප්‍රතිචාරය දැක්වූ අතර, අදාල මෘදුකාංගය එක රැයක් ඇතුළත ඉවත් කරනු ලැබ ඇති බව මෙගාන් සහ හේටල් පවසති.
    "මෙය ලෝක මට්ටමින් ගත්තාම දකුණු ආසියානු ප්‍රජාව ඇතුළත 'සමානත්වය' තහවුරු කරනු ලැබීම වෙනුවෙන් එහි අවසාන ඉලක්කය කරා ළඟාවීම අතින් තබන ලද පුංචි පියවරක්' පමණයි," මෙගාන් පවසන්නීය.
    හේටල් ද එම අදහස සමඟ එකඟවෙමින් මෙලෙස සඳහන් කළාය.
    "මට මගේ අවිවාහකයන් ඉන්නවා. මට ප්‍රධානීන්, ස්වාමිවරුන් ඉන්නවා. නමුත් හමේ පාටට ඔවුන් මගෙන් ඈත් කරන්න පුළුවන් නම් ඒක හරිම නරක දෙයක්."

    දකුණු ආසියානු වර්ණ උන්මාදය
    ජෝර්ජ් ෆ්ලොයිඩ් ගේ මරණයෙන් පසු ලෝකය පුරා වර්ගවාදයට එරෙහි මහජන විරෝධතා ව්‍යාපාර දියත්වීමත් සමඟ දකුණු ආසියානු රටවල දක්නට ලැබෙන 'වර්ණ උන්මාදය' කෙරෙහිත් අවධානය යොමුවන්නට විය.
    එම සන්දර්භය තුළ ඉන්දීය සිනමා නළුවන් පවා විවේචනයට ලක්විය.

    "බොලිවුඩ් සිනමා තරු එක අතකින් සිරුරේ සම පැහැපත් කෙරෙන ආලේපවර්ග වෙනුවෙන් පෙනී ඉන්නවා. අනිත් අතින් ඔවුන් 'කළු ජීවිතවලටත් වටිනාකමක් ඉල්ලා සිටින (Black Lives Matter movement) ව්‍යාපාරය වෙනුවෙනුත් පෙනී සිටිනවා," මෙගාන් පෙන්වා දුන්නාය.
    "පැහැපත් ඡවි වර්ණයක් තිබීම වඩාත් හොඳය කියන මුල්බැසගත් දකුණු ආසියානු සංස්කෘතිකමය ආකල්පයක් පැහැදිලිවම පැවතීම ගැන මම සිතා බලමිනුයි හිටියේ. ඒ ආකල්පය ගෑනු-පිරිමි ජෝඩු කරන අන්තර්ජාල පුරා ඉහවහා ගිහින් තියන හැටි දකින්න ලැබුනා."
    "අපේ ප්‍රජාව අතර වැඩිහිටියන් අදහස් පළ කරද්දී, වැඩි වශයෙන් අහන්න ලැබෙන්නේ පුරුෂයන්ට වඩා ගෑනුන්ගේ හමේ පාට ගැන උනන්දුවෙන බවක්. 'ඒ කෙල්ලගේ පාට හොඳයි'. 'ඒ කෙල්ල හරිම ලස්සනයි' ඔය වගේ කියමන් අපට අහන්න ලැබෙනවා. මම හිතන හැටියට මේක අවිඥානික පක්ෂග්‍රාහීභාවයකට වඩා වැඩිමනත් දෙයක්."

    "ජාත්‍යන්තර තලයේ ක්‍රියාත්මක සමාගමක් වඩාත් වගකීම් සහගතව කටයුතු කළ යුතුව තියෙනව," හේටල් පෙන්වා දෙයි.
    "මිනිස්සු ගාව පක්ෂපාතීකම් තියෙනව. නමුත් සමාගමක් ඒ සංස්කෘතිය කා වැද්දීමට ක්‍රියා නොකළ යුතුයි," ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
    "ආදරය සියලු ආකාරයේ හැඩතල සහ වර්ණ තුලින් උපදින්නක් බව අපි සැබෑ ලෙසම විශ්වාස කරනවා." 'Shaadi.com' අලෙවි අධ්‍යක්ෂවරයා BBC Asian Network වැඩ සටහනට පැවසීය.
    "ඉන්දීය සමාජයේ විවිධ කොටස් එකමුතු කිරීමේ කාරය නියෝජනය කිරීමේ කාර්යය අපට ආඩම්බරයක්. ඒ ගැන අපි වගේ පුරසාරම් කියන්න පුළුවන් සාමාගම් ස්වල්පයක් පමණයි ඉන්දියාවේ තියෙන්නේ," අලෙවි අධ්‍යක්ෂවරයා පැවසීය.
    'මම තෝරාගත්තේ තිරිඟු මදයේ පැහැය'

    ප්‍රියා ඇයගේ සැමියා සොයාගන්නා ලද්දේ 'Shaadi.com' අන්තර්ජාල වෙබ් අඩවියෙනි. ප්‍රියාගේ ඡවි වර්ණය නිසා වෙනත් මනමාලයන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීමෙන් අනතුරුව ඇය අන්තර්ජාලයේ පිහිට පැතුවාය.
    "මට තියෙන්නේ අඳුරු ඡවි වර්ණයක්. සමේ පැහැයට අදාළ ප්‍රශ්නයක් 'shaadi.com' වෙබ් අඩවියේ දැක්කා. මම මට පුළුවන් උපරිම මට්ටමින් උත්තර දුන්නා," ප්‍රියා BBC Asian Network ජාලයට ප්‍රකාශ කළාය.

    "මට මතකයි - මම තෝරාගත්තේ 'තිරිඟු ඇටයක් දෙකට පැලුවම ඒකෙ මදේ පැහැය."
    "මගේ නැන්දම්මා අපේ විවාහයට විරුද්ධ වුණා. මොකද? මගේ සමේ පැහැයට වඩා ඇගේ සමේ පාට පැහැපත්. පුතා, ඒ කියන්නේ මගේ සැමියා කඩවසම්. ඔවුන්ගේ පරම්පරාවම හමේ පාටෙන් ලස්සනයි. මම ඒකට මගේ ජීවිතකාලය පුරාම වෛර කෙරුව."
    "මට මගේ ඇඟේ හමේ පාට වෙනස් කරගන්න අමාරුයි. ඒක වේදනාවක් ඇතිකරන නිසා."

    https://www.bbc.com/sinhala/world-5...11EA-8589-1918FDA12A29&at_custom1=[post+type]
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    ඕවා ලංකාවට ආවම තමා ඇර ගන්නෙ
    #Blacklivesmatter movement
    අපේ අම්මාට seen 1k පැහැදිලි කරන්න ගිහින් මට මලම පැන්නා
    මාත් ඉදලා හිටලා කරනවා සුපිරිම හරක් වැඩ
     
    • Haha
    Reactions: Heshan Daminda

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මටනම් මේක පිස්සුවක් විදිහට පේන්නෙ. සුදු වෙනවද කළු වෙනවද කියන එක මිනිස්සුන්ගෙ පර්සනල් චොයිස් එක. ඒකට සුදු වෙන්න තියන ප්‍රඩක්ට් එකක සුදු කරන ක්‍රීම් කියල ගහන එක වැරදියි කියල කාටවත් කියන්න පුලුවන්ද? එහෙනම් යකෝ වෙන රටවල් වල තියන ටෑනින් ප්‍රොඩක්ට් වල ටෑන් කරන ක්‍රීම් කියල ගහන එකත් වැරදිනේ.

    ප ලි ෆෙයාර් ඇන්ඩ් ලව්ලි වලින් සුදු වෙනවද කළු වෙනවද බ්ලීච් වෙනවද කියන්න මම දන්නෙ නෑ. කන්ටෙක්ස්ට් එක කිවුවෙ.
     
    • Like
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    මටනම් මේක පිස්සුවක් විදිහට පේන්නෙ. සුදු වෙනවද කළු වෙනවද කියන එක මිනිස්සුන්ගෙ පර්සනල් චොයිස් එක. ඒකට සුදු වෙන්න තියන ප්‍රඩක්ට් එකක සුදු කරන ක්‍රීම් කියල ගහන එක වැරදියි කියල කාටවත් කියන්න පුලුවන්ද? එහෙනම් යකෝ වෙන රටවල් වල තියන ටෑනින් ප්‍රොඩක්ට් වල ටෑන් කරන ක්‍රීම් කියල ගහන එකත් වැරදිනේ.

    ප ලි ෆෙයාර් ඇන්ඩ් ලව්ලි වලින් සුදු වෙනවද කළු වෙනවද බ්ලීච් වෙනවද කියන්න මම දන්නෙ නෑ. කන්ටෙක්ස්ට් එක කිවුවෙ.
    උඹ දැකල තියේද වීඩියෝ එකක් ෂෙයාර් වුනා ඉන්දියාවේ සුපර් මාකට් එකකට යන බ්ලැක් ඇමරිකන් හෝ ඇෆ්රිකන් වගේ එකෙක් ෆෙයාර් ඇන්ඩ් ලව්ලි පැකට් එකක් අතට අරගෙන ඒක පෙන්න පෙන්න හිනා වෙනවා. මොන මගුලටද මිනිස්සු මෙච්චර සුදු වෙන්න කට්ට කන්නේ කියල. ඇත්තටම fare and lovely වැඩියෙන්ම විකිනෙන්න ඕන හරි නම් ඇෆ්රිකන් රටවල් වලට නේද. මොකද දකුණු ආසියානු රටවල් වලට වඩා කළු උන් ඉන්නේ එහෙ නිසා.
     
    • Like
    Reactions: M a d d i e

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මයිකල් ජෑක්සන් ඈයි බන් සුදු වුනේ ? මම කෑමති නෑ කලු කෙල්ලන්ට. ඒක මගේ කෑමෑත්ත. අනිත් එවුන් මොකද කියන්නේ? කලු කෙල්ලෙක් බදින්න කෑමතිද?
     
    • Like
    Reactions: Heshan Daminda

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මයිකල් ජෑක්සන් ඈයි බන් සුදු වුනේ ? මම කෑමති නෑ කලු කෙල්ලන්ට. ඒක මගේ කෑමෑත්ත. අනිත් එවුන් මොකද කියන්නේ? කලු කෙල්ලෙක් බදින්න කෑමතිද?
    EHUEO0a.jpg
     

    anilsghost

    Junior member
  • Nov 9, 2019
    73
    41
    18
    Colombo
    යකාගේ Cancel culture එකක්නේ මේ.

    පුක සුදු වෙන ක්‍ර්ම් එකේ "fair" කියන වචන්ගේ අය්න්කරලා ඇති තේර්ම මොකක්ද?
    "lovely" කියන වචනේ අයන් කරපං!


    පිස්සු මුන්ට, තව ඉතින් marketing ජිල් මාර්ට් එකක් විතරය් උන්ට ඕක....
     
    • Like
    Reactions: Heshan Daminda