පිටපතක වැදගත් කම තියෙන්නේ ඒක අද්යක්ෂනය කරන්න(රුප රාමු වලට ගන්න ) ඇති පහසුව මතයි.තිස්ස අබේසේකර මහත්මයට,ප්රසන්න විතානගේ මහත්තයට මේ ශේත්රයේ මුල් තැනක් ලැබුනේ ඒකයි.
අපි ගමු කතාවක පලවෙනි සිද්දිය කියල.
එතකොට ඒ ක සිදුවෙන තැන (location) ගැන පැහැදිලි විස්තරයක් තියෙන්න ඕනේ,තිස්ස අබේසේකර මහත්මයා සමහර රුප රාමු අදිනවා,ඒවා ඒ විදියටම ගන්න පහසුයි අද්යක්ෂකට.රුප රාමුව wide/mid/closeup කියන මුලික අවස්ථා තුනෙන් කොකටද අයිති කියල සඳහන් වෙන්න ඕනේ.Zoom in /Zoom out ,track dolly , crane යොදාගන්න විදිය හරියට ලියන කෙනා අංශක ගැනත් එක්ක සටහන් කරනවා.
ඊටපස්සේ නළු නිලියෝ (cast).සමහර දෙබස් වල හැගීමත් පිටපතේ ලියනවා.එතකොට රඟ පාන අයට පහසුයි.ඇදුමේ ඉඳන් විස්තර කරන්න ඕනේ, දැන් නම් ඔහොම නෑ තිබ්බ ගැහුවා .තව ගොඩක් තියෙනවා.ඉස්සෙල්ල තිස්ස අබේසේකර මහතය්ගේ පිටපතක් හොයා ගෙන එක අද්යනය කරන්න.