අද පොඩ්ඩක් කතාකරමු කොඩියක් ගැන. නැවක කොඩියක් ගැන. අපි එහෙනම් පුංචි තොරතුරු ටිකක් අද කතාකරමු "Flag of convenience" නැතහොත් FOC පිලිබදව. ලස්සනට නැවේ පිටිපස්සේ ගහලා තියන රටට හෝ එම රටේ නැංගුරම් තොටුපලට අදාළ ධජය ගැන පුංචි විස්තරයක්.
ජාත්‍යන්තර සමුද්‍ර සීමාවල හෝ අබ්යන්තර ජල මාර්ගවල මෙහෙයුම්, බහලුම් සහ භාණ්ඩ ප්‍රවාහන සහ මගින් ප්‍රවාහණය සදහා කිසියම් යාත්‍රාවක් යෙදවීමට පෙර ජාත්‍යන්තර නීතියට අනුව වෙළඳ නැව් සත්කාරක රටක ලියාපදිංචි කළ යුතුය.
ලියාපදිංචියෙන් පසුව යාත්‍රාව ලියාපදිංචි රටක අදාළ සහ ජාත්‍යන්තර සමුද්‍ර සහ බලපවත්වන නීති රීති වලට අනුගත විය යුතුය. ලියාපදිංචිය අවසානයේ යාත්‍රාව හට ලියාපදිංචි රටෙහි ධජයක් සහිතව පියාසර කිරීමට අයිතිය ලබා දෙයි. එහිදී යාත්‍රාව මත ලෙලදෙන ධජය හදුන්වනු ලබන්නේ "Flag of convenience" නැතහොත් FOC යනුවෙනි. අදාළ රටෙහි නීති රීති ප්‍රකාරව අදාළ සියලුම පහසුමක් යාත්‍රාවට සහ එහි හිමිකරුට ලියාපදිංචි රට සපයන කාරනාව මත මෙම ධජයට "flags of convenience" එසේත් නැත්නම් "පහසුකමේ ධජය" යන යෙදුම ලබාදෙයි.
ප්‍රදාන වශයෙන් බොහෝවිට යාත්‍රාවේ හිමිකරු හෝ ආයතනය පිහිටා ඇති රටෙහි මෙම ලියාපදිංචිය සිදු නොවන අතර එය පරිබාහිර රටක සිදුකිරීම සිරිතක් ලෙස සලකන අතරම එය “විවෘත රෙජිස්ට්‍රියක්" (open registry) ලෙස හදුන්වනු ලැබේ. නැව් හිමිකරුවන් විසින් වෙනත් රටක නැව් ලේඛනයක වෙළඳ නැවක් ලියාපදිංචි කරන ව්‍යාපාරික පිළිවෙතකි. උදාහරණයක් ලෙස දැඩි ආරක්ෂක ප්‍රමිතීන් තිබිය හැකි රටක එම රෙගුලාසි මගහරවා ගැනීමට රෙගුලාසි ලිහිල් රටක යාත්‍රාව ලියාපදිංචි කිරීම කැපී පෙනන ප්‍රවණතාවයකි. යාත්‍රාවකට එරෙහිව හෝ යාත්‍රාවට සම්බන්ද නඩු, ගැටළු සහ අනෙකුත් නීතිමය කටයුතු සියල්ල සිදුකරනු ලබන්නේ යාත්‍රා අයිතිකරු හො ආයතනය පිහිටි රටට ප්‍රකාරව නොව යාත්‍රාව ලියාපදිංචි කල රටෙහි නීති රාමුවට අදාළ වීම විශේෂත්වයයි. නැව් ලියාපදිංචිය සඳහා ජාතිකත්වය හෝ පදිංචිය පිළිබඳ අවශ්‍යතාවයක් නොමැත
මෙහෙයුම් පිරිවැය අඩු කරගැනීමට, අයිතිකරුවන්ගේ රටේ පවතින ඉහළ බදු වළක්වා ගැනීමට සහ නාවිකයින්ගේ වැටුප් සහ සේවා කොන්දේසි ආරක්ෂා කරන නීති මඟ හැරීමට බොහෝවිට යාත්‍රා හිමිකරුවන් සහ හිමිකරු ආයතන මෙම “විවෘත රෙජිස්ට්‍රියක්" (open registry) යොදාගනු ලබයි. යාත්‍රා ලියාපදිංචිය අතීතයේ සිට පැවත එන සිරිතක් සහ නීතිමය කටයුත්තක් වුවද ලියාපංචි රටෙහි ධජය වන "Flag of convenience" නැතහොත් FOC භාවිතය ප්‍රථමවරට සිදුවන්නේ 1950 වර්ෂයේ සිටයි. කෙසේ වෙතත්, වෙනත් රටක ධජය එසවීමේ පුරුද්ද වසර සිය ගණනක් ඈතට දිව යයි. මුහුදු කොල්ලකරුවන් ගැවසෙන මුහුදු සිමාවන් අසල ආරක්ෂිතව ගමන් කිරීමට සහ මුහුදේදී සහ නැංගුරම් තොපලයන්හිදී සිදුවිය හැකි යුද ගැටුම් වළක්වා ගැනීමට නැව් හිමියන් විවිධ කොඩි භාවිතා කිරීම අතීතයේ සිට පැවතෙන පුරුද්දකි.
නවීන භාවිතයට අනුව විදේශීය රටක නැව් ලියාපදිංචි කිරීමේ (open registry) ප්‍රවනතාවය 1920දී පමණ කරලියට පැමිණියේ එක්සත් ජනපදයේ නැව් හිමියන් පැනමාවේ නැව් ලියාපදිංචිය ආරම්බ කිරීමත් සමගය. ඉන් පෙර යාත්‍රා හිමිකරු විසින් තම යාත්‍රා ලියාපදිංචි කරනු ලැබුවේ තම රට තුලය. ගමන අතරතුර මගින් සදහා මත්පැන් සැපයීම එක්සත් ජනපද රජය තහනම් කිරීමත් සමගම එම නිතිය බලපවත්වනු නොලබන පැනමාව සහ ලයිබීරියාව හරහා යාත්‍රා ලියාපදිංචිය සිදුකරගැනීමට නැව් හිමිකරුවන් පෙලබෙන ලදී. පැනමාව විවෘත රෙජිස්ට්‍රියක් ආරම්බ කල පළමු රට විය. එක්සත් ජනපදයේ දැඩි නැව් නීතිවලට මුහුණ දෙමින් බොහෝ නැව් හිමිකරුවන් තම නැව් එහි ලියාපදිංචි කිරීමට පටන් ගත්හ. දෙවෙනි ලෝක යුද්දයේ මුල් අවධියේදී, එක්සත් ජනපද රජය නැව් ලියාපදිංචිය පැනමාවට මාරු කිරීමට අවසර දුන්නේය. වැඩිවන රෙගුලාසි සහ ශ්‍රම පිරිවැය ඉහළ යාමෙන් වැළකී සිටීමේ වාසිය මෙම රටවල් වල පැවති නිතිරාමු වලින් අවබෝදකරගත් යාත්‍රා හිමිකරුවන් එක්සත් ජනපදය පෙර සදහන්කර තහනම අවසන්වූ පසුවත් පැනමාවේ සහ ලයිබීරියාව හරහා තම නැව් ලියාපදිංචි කිරීම දිගටම කරගෙන යන ලදී. මෙහිදී විවෘත රෙජිස්ට්‍රාර් භාවිතය ක්‍රමයෙන් වැඩි වූ අතර 1968 දී ලයිබීරියාව ලොව විශාලතම නැව් ලේඛනය සහිත රට බවටත් පත්වන ලදී.
2021 වසරේ පවත්වන ලද සංගණන වලට අනුව ලෝකයේ වෙළඳ නැව්වලින් අඩකට වඩා විවෘත රෙජිස්ට්‍රාර් නැතහොත් පරබාහිර රටක සමඟ ලියාපදිංචි වී ඇති අතර, සමස්ත ලෝක යාත්‍රාවලින් 40%ක් පමණ පැනමාව, ලයිබීරියාව සහ මාෂල් දූපත් වල ලියාපදිංචි කර ඇත. පිලිවෙලින් 2021 සංගණන වලට පැනමාවේ නැව් 6,653ක්, ලයිබීරියාව යටතේ නැව් 3,909ක්, මාෂල් දූපත් යටතේ නැව් 3,732ක්, සිංගප්පූරුව යටතේ නැව් 2,541ක් සහ හොංකොං යටතේ නැව් 2,440ක් ලියාපදිංචිය සිදුකර ඇත.
යාත්‍රා හිමිකරුවන් වෙනත් රටක ලියාපදිංචිය යොදාගැනීමට හේතු

විවෘත ලේඛන (Open Registries) ඇති රටවල් මොනවාද?
මෙහිදී අදහස් කරන්නේ යාත්‍රාවේ හිමිකරුවන් තම රට තුල නොමැති වුවත් යාත්‍රාවක් එම රටෙහි ලියාපදිංචි කිරීමට පහසුකම් සපයන රටවල් පිලිබදවයි. ශ්‍රී ලංකාවත් එම රටවල් අතරින් එකක් වීම විශේෂත්වයක්.
Flags of Convenience බාවිතයේ වාසි සහ අවාසි කිහිපයක්

කෙටි සටහන : Walter White
චායාරුප සහ තොරතුරු : අන්තරජාලය තුලින් උපුටාගන්නා ලදී

- නැව් හිමියෙකුගේ මව් රටෙහි පැවතිය හැකි දැඩි නීති රෙගුලාසි මග හැරීම සදහා
- නැව් හිමිකරුගේ මව් රටට අවශ්‍ය දැඩි ආරක්‍ෂිත ප්‍රමිතීන් මග හැරීම සදහා
- යාත්‍රා සම්බන්ද මෙහෙයුම් පිරිවැය අඩු කිරීම සදහා
- ඉහළ බදු අනුපාත වළක්වා ගැනීම සදහා
- නැව් කම්කරුවන්ගේ වැටුප් සහ සේවා කොන්දේසි ආරක්ෂා කරන නීති මග හැරීම සදහා
- ලාභ ලියාපදිංචි ගාස්තු පැවතීම
විවෘත ලේඛන (Open Registries) ඇති රටවල් මොනවාද?
මෙහිදී අදහස් කරන්නේ යාත්‍රාවේ හිමිකරුවන් තම රට තුල නොමැති වුවත් යාත්‍රාවක් එම රටෙහි ලියාපදිංචි කිරීමට පහසුකම් සපයන රටවල් පිලිබදවයි. ශ්‍රී ලංකාවත් එම රටවල් අතරින් එකක් වීම විශේෂත්වයක්.
- Antigua and Barbuda
- Bahamas / Barbados / Belize / Bermuda (UK) / Bolivia
- Cambodia / Cameroon / Cayman Islands / Comoros / Cook Islands
- Curacao / Cyprus / Equatorial Guinea / Faroe Islands (FAS) / French International Ship Register (FIS)
- German International Ship Register (GIS) / Georgia / Gibraltar (UK) / Honduras / Jamaica / Lebanon / Liberia
- Malta / Madeira / Marshall Islands (USA) / Mauritius / Moldova / Mongolia / Myanmar
- North Korea/ Palau / Panama / Sao Tome and Príncipe / Sierra Leone / St Kitts and Nevis / St Vincent
- Sri Lanka / Tanzania (Zanzibar) / Togo / Tonga / Vanuatu
Flags of Convenience බාවිතයේ වාසි සහ අවාසි කිහිපයක්
- Flags of Convenience එසේත් නැත්නම් විවෘත රෙජිස්ට්රි පද්ධතියක් පවත්වාගෙන යන රටවල් කිහිපයක්ම තම රටෙහි ජාතික ආදායමෙන් සැලකියයුතු ප්‍රතිශතයක් උපයනු ලබන්නේ මෙමගිනි. උදාහරණයක් ලෙස ලෝකයේ දෙවන විශාලතම විවෘත රෙජිස්ට්‍රිය ඇති ලයිබීරියාව තම රටේ ජාතික ආදායමෙන් 25%ක් ජනනය කරන්නේ එහි රෙජිස්ටරය හරහා සිදුකරන ගනුදෙනු හරහාය.
- යම් යම් තත්වයන් යටතේ දේශපාලන වාසි ලබාගැනීම මෙම පහසුමක මගින් ඉඩ ලැබීම.
- යම් රටවල් මෙම ක්‍රමය අනුව "open registries" නැව් හිමියන්ට නීත්‍යානුකූලව නිර්නාමිකව සිටීමට ඉඩ සලසයි. මේ නිසා නැව් හිමියන්ට එරෙහිව සිවිල් හෝ අපරාධ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අපහසු වේ.
- සාපරාධී ක්‍රියාවන් වසන් කිරීමටද Flags of Convenience යොදාගනු ලබන අතර ලියාපදිංචි රට අදාළ යාත්‍රා මගින් සිදුවන මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම, මිනිස් ජාවාරම්, නියාමනය නොකළ මසුන් ඇල්ලීමේ සදහා ලිහිල් නීති අනුගමනය කරයි.