Free USA යන්න ඔනේ අයට මෙන්න අවස්තාවක්....

caps

Member
Nov 24, 2007
3,169
754
0
19
මචන්ලා..ඔය රට යන කේස් එක ගැන මම දන්න සෑහෙන්න උදාහරණ තියෙනවා. England,Australia,USA,NZ,Italy ඔය කොයි රටෙත් මම දන්න කියන උදවිය ජීවත් වෙනවා..අපේ යාලුවන්ගෙන් වැඩි හරිය රට. නීත්‍යානුකූලව සහ හොරෙන්(ගල් වෙලා:D )

ප්‍රධාන වශයෙන්ම කතාවෙ දෙපැත්තක් තියෙනවා...
අමාරුවෙන් ණය වෙලා හෙන ගේමක් දීලනෙ ඉතින් යන්නෙ කොහේ උනත්..(ගොඩක් සල්ලි තියෙන අයට නම් ප්‍රශ්නයක් නෑ ) ගිහින් ගත්තු ණය කන්දරාවෙන් ගොඩ එන්න අවුරුදු3-4ක් යනවා. එහෙම ගිහින් හොඳටම ගොඩ ආපු අයත් නැතුවම නෙමේ...
තියෙන තත්වෙන් අන්තෙට වැටිච්ච අයත් ඉන්නවා ඕනෙ තරම්...
රට ගියාට පස්සේ පවුල පිට ගිහින් හරි, දික්කසාද වෙච්ච අයත් ඉන්නවා..
ඕස්ට්‍රේලියා වලම Engineering කරලා තාම ජොබ් නැතුව part-time කරලා ජීවත් වෙන කොල්ලොත් ඉන්නවා.

මගේ අදහස:

කොයි තරම් ඉගෙන ගෙන තිබ්බත් හොඳ ජොබ් එකක් හම්බවෙන්න නම් පින තියෙන්න ඕනෙ..අනිවාර්යයෙන්ම...සමහරුන්ට මොනවා කළත් ගොඩ එන්න ආමාරුයි.ඒ කියන්නේ ජීවත් වෙන්න යනවා පඩියෙන් ගොඩක් හරිය..

කාටහරි යන්නම ඕනෙ නම් ගියාට වැරද්දක් නෑ..හැබැයි සුරංගනා ලෝක මවා ගෙන හොලිවුඩ් ෆිලිම් වල වගේ සැපට ජීවත් වෙන්න නම් අමාරුයි මුලින්..අනිවාර්යයෙන් අවුරුදු කීපයක් දුක් විඳලා තමා තැනකට එන්න වෙන්නේ.

අම්මල තාත්තා ණය කරවලා, ගෙවල් දොරවල් උගස් කරලා රට යන්න හදනව නම් දෙපාරක් හිතලා බලන්න..

මොකද අද කාලේ රට ගිහින් ඉගෙන ගන්න වියදමෙන් 1/4 කින් කරන්න පුලුවන් Degree cources තියෙනවා මෙහේ..සමහර university වල branches තියෙනවා මෙහේ.. මුල් අවුරුදු දෙක මෙහේ කරලා finals කරන්න රට ගියහකි..එතකොට වියදම ගොඩක් අඩුයි.
A/L කරපු ගමන් වගේ වයස 20-22 නම් අමාරුවෙන් රට ගියත් ගොඩ එන්න කල් තියෙනවා.
වයස 25-28 වගේ නම් ඉගෙන ගන්න ගිහින් තේරුමක් නෑ,,මොකද ඔක්කොම වෙලා එනකොට වයස ගිහින් ඉවරයි.. කොල්ලෙක් උනාම 30ට කලින් වත් බඳින්න එපෑ.;)
තව එකක්, මොන Degree එක තිබුණත් ඒ filed එකේම නම් ජොබ් හොයන්න හිතන්න එපා..
Part-Time පාරක් දාගෙන, පත්තරයක් හරි බෙදලා ජීවත් වෙන්න හිත හය්ය වෙන්න ඕනෙ ගලක් වගේ... සීනි බෝල මල් වගේ කොල්ලො නම් ගිහින් වැඩි කල් නොගොහින් ආපහු එනවා.. සීතල උහුලන්න් බැරුව,, වේලක් කාලා වේලක් නොකා ජීවත් වෙන්න බැරුව:lol::lol:.

මේ ඔක්කොම අමාරුකම්
ඉවරයි ඉතින් හොඳ සැලරියකට full time ජොබක් සෙට් වෙලා ගොඩ එන්න පින තිබුනොත් :D:D:D(පෙර කළ පින අනුව දුක සැප දෙක හිමිය...:lol:)
දෙය්යනේ කියල පවුලෙ කට්ටියටත් සලකගෙන, වාහනයක් ,ගෙයක් දොරක් හදාගෙන ජීවත් වුනහැකි.:yes::yes:





බැඳපු අය තමන්ගේ පවුලත් එක්ක යන්න බලන්න, එහෙම නැති නම් නොයා ඉන්න එක හොඳයි.

යන්න කලින් ඒ රටේ තමන්ගේ හිතවත්තු ඉන්නවා නම් ගොඩක් දුරට ලේසියි..අඩුම ගානේ ජොබ් එකක් සෙට් කරගෙන වත් ගියහැකි.
අතේ වියදමට අඩු ගානේ ලක්ෂ 2-3ක් වත් අරන් යන තරමට හොඳයි.

යන්න කලින් සෑහෙන්න කට්ට කාලා ,ජොබ් කරලා, බෝඩිම් වල චමරි දාගෙන ජීවත් වෙලා, නූඩ්ල්ස් එකකින් හරි, පාන් කාලකින් හරි බඩගින්න නිවා ගන්න පුරුදු වෙලා තියෙන අයට නම් හුරු වෙන්න ලේසියි.:yes:

ඔන්න ඕකයි කතාව.

agreed...
 

maxshane

Member
Mar 30, 2007
73
2
0
hello friends!

Does anyone know how can i get photo resize 600*600 is there any special software for do it?if it is any good one please tell me.:):):):):)
 

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,766
    1,228
    113


    ඕස්ට්‍රේලියා වලම Engineering කරලා තාම ජොබ් නැතුව part-time කරලා ජීවත් වෙන කොල්ලොත් ඉන්නවා.

    කොයි තරම් ඉගෙන ගෙන තිබ්බත් හොඳ ජොබ් එකක් හම්බවෙන්න නම් පින තියෙන්න ඕනෙ..අනිවාර්යයෙන්ම...සමහරුන්ට මොනවා කළත් ගොඩ එන්න ආමාරුයි.ඒ කියන්නේ ජීවත් වෙන්න යනවා පඩියෙන් ගොඩක් හරිය..

    කාටහරි යන්නම ඕනෙ නම් ගියාට වැරද්දක් නෑ..හැබැයි සුරංගනා ලෝක මවා ගෙන හොලිවුඩ් ෆිලිම් වල වගේ සැපට ජීවත් වෙන්න නම් අමාරුයි මුලින්..අනිවාර්යයෙන් අවුරුදු කීපයක් දුක් විඳලා තමා තැනකට එන්න වෙන්නේ.



    තව එකක්, මොන Degree එක තිබුණත් ඒ filed එකේම නම් ජොබ් හොයන්න හිතන්න එපා..

    Part-Time පාරක් දාගෙන, පත්තරයක් හරි බෙදලා ජීවත් වෙන්න හිත හය්ය වෙන්න ඕනෙ ගලක් වගේ... සීනි බෝල මල් වගේ කොල්ලො නම් ගිහින් වැඩි කල් නොගොහින් ආපහු එනවා.. සීතල උහුලන්න් බැරුව,, වේලක් කාලා වේලක් නොකා ජීවත් වෙන්න බැරුව:lol::lol:.

    මේ ඔක්කොම අමාරුකම්
    ඉවරයි ඉතින් හොඳ සැලරියකට full time ජොබක් සෙට් වෙලා ගොඩ එන්න පින තිබුනොත් :D:D:D(පෙර කළ පින අනුව දුක සැප දෙක හිමිය...:lol:)
    දෙය්යනේ කියල පවුලෙ කට්ටියටත් සලකගෙන, වාහනයක් ,ගෙයක් දොරක් හදාගෙන ජීවත් වුනහැකි.:yes::yes:



    යන්න කලින් සෑහෙන්න කට්ට කාලා ,ජොබ් කරලා, බෝඩිම් වල චමරි දාගෙන ජීවත් වෙලා, නූඩ්ල්ස් එකකින් හරි, පාන් කාලකින් හරි බඩගින්න නිවා ගන්න පුරුදු වෙලා තියෙන අයට නම් හුරු වෙන්න ලේසියි.:yes:



    උඹ නියමට දීලා තියෙනවා බං.