FULL BODY CHECK UP PACKAGES

geeko

Well-known member
  • Mar 18, 2013
    7,411
    4,414
    113
    ඕවල නැති ලෙඩත් කියලා සල්ලි කඩාගන්නවා ඇති නේද? මන් දැක්කා අපේ පැත්තේ ප්‍රයිවට් හොස්පිටල් එකක කෙනෙක් ගූගල් රිවීව් එකක් දාලා තියෙනවා. නහයෙන් ලේ එන නිසා හොස්පිටල් එකට ගියාම කිව්වාලු පෙනහලු පිළිකාවක් කියලා. වෙන තැනකට ගිහින් පෙන්නපුවාම කිව්වේ පීනසේට කියලාලු
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,292
    9,466
    113
    Heaven :p
    ගොඩක් හොස්පිටල් වල මේ කපටි වැඩේ කරනව ෆුල්බොඩි පැකේජ් කියලා. මේවයෙ තියෙන ටෙස්ට් වලින් 90% විතර වැඩක් වෙන්නෙ නෑ කලාට. බොඩි චෙකප් එක කරන කෙනාට දැනට තියෙන රෝග ලක්ශන එක්ක කම්පෙයාර් කරලා ටෙස්ට් ටික කරගන්නවා නම් හොදයි. මම පහලින් දාන්නම් ෆුල් බොඩි චෙකප් එකක තියෙන දේවල් සහ වැදගත් ද වැදගත් නැද්ද කියන එක. මූලික පියවරේදි අත්‍යාවශ්‍ය දේවල් ටික කරලා අසනීපයක් තියෙනවා නම් දෙවනි පියවර විදියට අනෙකුත් ටෙස්ට් කරගන්න එක තමා හොදම. වයසත් එක්ක එන්න පුළුවන් ලොකුම අසනීප දෙක කොලොස්ටරෝල් සහ සීනි හෝ ඒ දෙකම එහෙම නැත්නම් හාට් ඇටෑක්.



    INVESTIGATIONS

    • Full Blood Count - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    • E.S.R - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    • Fasting Blood Sugar - අත්‍යාවශ්‍යයි
    • TSH - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    • Urine Full Report - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    • Stool for Occult Blood - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    • Blood Picture - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    • HbA1c - අත්‍යාවශ්‍යයි
    • Alpha Feto Protein - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    • PSA - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    • CEA - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    LIPID PROFILE

    • Serum Cholesterol - අත්‍යාවශ්‍යයි
    • HDL/LDL Cholesterol - අත්‍යාවශ්‍යයි
    • Serum Triglycerides - අත්‍යාවශ්‍යයි
    • Ratio of Cholesterol / HDL - අත්‍යාවශ්‍යයි
    LIVER PROFILE

    • SGPT / GGT - අත්‍යාවශ්‍යයි
    • Alkaline phosphate - අත්‍යාවශ්‍යයි
    • Total Protein - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    • Albumin - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    • Globulin - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    • Albumin/Globulin Ratio - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    • Serum Bilirubin -අත්‍යාවශ්‍යයි
    RENAL PROFILE

    • Serum Creatinine - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    • Blood Urine & Electrolytes - අත්‍යාවශ්‍යයි
    • Uric Acid - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    • Serum Calcium & Phosphorus - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    SERVICES

    • ECG - රෝගලක්ශන අනුව අතාවශ්‍ය වේ. කලාට කමක් නැත.
    • Chest X-Ray with Reporting - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    • US Scan Abdomen - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    • ECHO by Cardiologist - රෝගලක්ශන අනුව අතාවශ්‍ය වේ. කලාට කමක් නැත.
    • Hearing test - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    • Lung function test - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    • Bone density - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ

    එහෙම බැලුවම ඔය ටිකට යන්නෙ 5500 වගේ දැන් යන රේට්ස් වලට. ඔතනින් පස්සෙ අපි හිතමු ෆාස්ටින් බ්ලඩ් සුගර් එකෙන් පස්සෙ සීනි වැඩි නම් ලේ වල අපිට ඊලග පියවර විදියට H1A1C එකක් කරලා බලන්න පුලුවන් හිස්ට්‍රි එක, ඒකත් 6 ට වඩා වැඩිනම් අනෙක්වා ගැන පරීක්ශන කරන්න පුලුවන්. එතකොට ලිවර් ප්‍රොෆයිල් එකෙන් ලිවර් ෆන්ක්ශන් වෙනවද බලනවා යූරින් රිපොට්ස් වලින් කිඩ්නි ෆන්ක්ශන් වෙනවද බලනවා. ලිපිඩ් ප්‍රොෆයිල් එකෙන් බලනවා කොලොස්ට්‍රලෝල් ගැන.

    ඔය රිපෝට්ස් ඔක්කොම නරක නම් අපි ඊලගට යන්න වෙන්නෙ හාට් ටෙස්ට් එකට. ඒකට ඊ සී ජී කියන්නෙ බොහොම ප්‍රාතමික ටෙස්ට් එකක්. ඊට වඩා ඇකියුරේට් ටෙස්ට් එකක් තමා එක්සර්සයිස් ඊ සී ජී සහ එකෝ ටෙස්ට් එක. හරියටම බැලුවොත් ෆුල් බොඩි එකක් කරන්න කලින් අත්‍යාවශ්‍යම වෙන්නෙ

    Glucose Test, Liver Test & Lipid Profile.

    හැමදේම මාකටින් ලෝකෙ මේ වගේ සල්ලි ගසා කන දේවල් වලට අහු වෙන්න එපා..

    කැන්සර් සෙල්ස් අදුර ගන්න ටෙස්ට් එක ඕකෙ නෑ. යම්කිසි හෝ අදහසක් ගන්න පුලුවන් එකම දේ කම්ප්ලීට් බ්ලඩ් කවුන්ට් එකකින් විතරයි.

    මෙන්න මේ ටෙස්ට් හතර තියෙනවා නම් මේ පැකේජ් වලට මාර වටිනවා

    Complete Blood Count
    Blood Protine Test
    tumor Marker test
    CTC test.

    නැත්නම් ලිවර් ප්‍රොෆයිල් එකකින්නෙක්වයින් කරන අදහසම ගන්න පුළුවන්.

    INVESTIGATIONS

    • Full Blood Count - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ.
    ෆුල් බ්ලඩ් කවුන්ට් එහෙම නැත්නම් කම්ප්ලීට් බ්ලඩ් කවුන්ට් එකකින් අපේ ඇගේ රක්තානු වල තත්වය ශ්වේතානු වල තත්වය ආසාදන වගේ ඒවා බලාගන්න පුළුවන්. ඒ වගේම ප්ලේට්ලට් කවුන්ට් එක වැදගත් රෝග රැසක් ගැන අදහසක් ගන්න පුලුවන්. කිසිම රෝගයක් අනාවරනය කරගන්න බෑ බ්ලඩ් කවුන්ට් එකකින්. ලෙඩේ මොකද්ද කියලා කියන්න බෑ. සමහර පලපුරුදු ඩොක්ටර්ස්ලාට නම් පුලුවන් ඇති. ලෙඩේ කන්ෆර්ම් කරගන්න නම් ඒ ලෙඩට අදාල වෙනමම ටෙස්ට් එකක් කරන්න වෙනවා. ඊට අමතරව හිමොග්ලොබින් ලෙවල් එක ඔක්සිජන් ලෙවල් එක ගැන පවා අදහසක් ගන්න පුලුවන්. මේක වැදගත් ටෙස්ට් එකක් සහ බර රෝග ගානක මූලික ම ස්ටෙප් එක බ්ලඩ් ටෙස්ට්.

    • E.S.R - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    මේ ටෙස්ට් එකෙන් දැන ගන්න පුලුවන් ආසාදන වර්ග සමහර පිලිකා වර්ග හදවත් රෝග වකුගඩු රෝග වගේ දේවල්. මේකත් ලේ වල තියෙන රතු රුදිරානු වලින් විශ්ලේශනය කරලා බලන ටෙස්ට් එකක්.

    • Fasting Blood Sugar - අත්‍යාවශ්‍යයි
    මේක වයස අවුරුදු 30 ට වැඩි සියලුම දෙනා මාස හයකට සැරයක් වත් කරගන්නවා නම් හොද දෙයක්. මොකද අපි කන බොන වස එක්ක සහ නරක සෞක්‍ය පුරුදු එක්ක ගත්තම ඕනෑම කෙනෙක්ට ලේ වල සීනි ඇති වෙන්න ඉඩ තියෙනවා. ලේ වල සීනි කියන්නෙ ශරීරය සහ අවයව විනාශ කරන බෝ නොවන නමුත් මාරාන්තික විය හැකි ලෙඩක්. පාලනය කිරීමකින් පරම ආයුශ ගෙවන්න පුලුවන්. ලේ වල සීනි ඇති උනාම ප්‍රතිශක්තී කරණ පද්දතිය පවා බිද වැටෙනවා. වකුගඩු අක්මාව විනාශ වෙන්න පුලුවන් දීර්ඝකාලීනව ප්‍රතිකාර නොකිරීමෙන්

    • TSH - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    මේකෙන් කරන්නෙ අපේ තයිරොයිඩ් හෝමෝනය පරීක්ශා කරලා බලන එක. මේකෙන් හදුනා ගන්න තියෙන රෝග ලක්ශන අවමයි.

    • Urine Full Report - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    මේ පරීක්ශනය සිදු කරන්නෙ මුත්‍රා ආසාදන වකුගඩු රෝග අක්මා රෝග සහ දියවැඩියා රෝග හදුනා ගැණිමට සහ මූලිකවම වකුගඩු වල ගල්.

    ආම්ලිකතාවය, හෝ pH අගය - PH අගය අසාමාන්‍ය නම්, ඔබට වකුගඩු ගල්, මුත්‍රා ආසාදන (UTI) හෝ වෙනත් තත්වයක් ඇති විය හැක.

    ප්‍රෝටීන්. - මෙය ඔබේ වකුගඩු නිවැරදිව ක්‍රියා නොකරන බවට ලකුණක් විය හැක.වකුගඩු ඔබේ රුධිරයෙන් අපද්‍රව්‍ය පෙරීමට ලක් කරයි.

    ග්ලූකෝස් - අධික සීනි ප්‍රමාණය දියවැඩියාව සඳහා සලකුණකි.

    සුදු රුධිරාණු - - ආසාදනයක් පෙන්නුම් කරයි.

    Bilirubin. සාමාන්‍යයෙන් ඔබේ අක්මාව මගින් ඉවත් කරන මෙම අපද්‍රව්‍ය පෙන්නුම් කරන්නේ නම්, එයින් අදහස් වන්නේ ඔබේ අක්මාව නිසි ලෙස ක්‍රියා නොකරන බවයි.

    ඔබේ මුත්‍රා වල රුධිරය සමහර විට මෙය ආසාදන හෝ යම් යම් රෝගාබාධවල සලකුණකි.



    • Stool for Occult Blood - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    මල පහ සමග ලේ පිට නොවේ නම් මෙය අවශ්‍ය නොවේ


    • Blood Picture - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    මේක මූලික පියවරේදි අවශ්‍ය නොවේ කිව්වෙ මෙන්න මේ හේතු නිසා. මේකෙන් ගොඩක්ම බලන්නෙ ලියුකේමියා රක්තහීනතාවය දෑකැති සෛල රෝගය බැක්ටිරියා ආසාදන මැලේරියාව පට්ටිකා අඩු වීම සහ මේ මොහොතේ මයෝ කාඩියල් ඉන්ෆාක්ශන් එහෙම නැත්නම් හර්ද පේශි වලට රුදිරය සැපයීමේ කිරීටක දමනි අවහිර වෙලාද කියලා බලාගන්න තමයි. ඉතින් ඔබට පපුවෙ වේදනාවක් අසාමාන්‍ය මහන්සියක් නැත්නම් මේක කරන එක තේරුමක් නෑ. හාට් ඇටෑක් ගැන යමක් කියන්නම ඕන මෙතනදි. හාට් ඇටෑක් කලින් හදුනා ගන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්. හදුනා ගන්න අය වාසනාවන්තයි. කිසිම අසනීපයක් නැතුව එක්වරම හාට් ඇටෑක් එකකින් ජීවිතය අහිමි වෙන අය සෑහෙන්න ඉන්නවා.

    • HbA1c - අත්‍යාවශ්‍යයි
    පසුගිය මාස හය තුල අපේ රුදිරයේ සීනි මට්ටම පරීක්ශා කරලා බලන ටෙස්ට් එකක්. මේක 6 ට වැඩි නම් දියවැඩියාව. සමහර ටෙස්ට් දැකලා තියෙනවා මම 12 ගනන් වලට යන. කොහොම ජීවත් වුනාද කියන්නත් පුදුමයි
    • Alpha Feto Protein - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    අක්මා රෝග හදුනා ගන්න කරන ටෙස්ට් එකක්. පිලිකා රෝගයක් තියෙනවා නම් මේකෙ මට්ටම ඉතා ඉහල අගයක් ගන්නවා. නමුත් පිලිකාවක් කියලා හරියටම කියන්න බෑ.


    • PSA - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    • CEA - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    ගැබ්ගෙල පිලිකා / වුශනකෝශ පිලිකා ගැන අදහසක් ගන්න තමා මේක කරන්නෙ. නමුත් මේකෙන් පිලිකාව හදුනාගන්න බෑ

    අනෙක්වා හෙට.. - මම ඩොක්ටර් කෙනෙක් නම් නෙවෙයි. සෞඛ්‍ය සේවා වල නිරත වන කෙනෙක් සහ මම ඉගෙන ගත්ත දැනුමෙන් තමයි මේ කියන්නෙ. ටෙස්ට් ගැන නම් දන්නවා මොකද මම ඉහේ කෙස් ගානට ටෙස්ට් කරලා තියෙනවා. ;););)
    ------ Post added on Jan 4, 2022 at 6:02 PM

    Thanks adr
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,953
    16,580
    113
    50+ නෙමෙයි 40+ අනිවා body checkup ඵකක් කරගනිල්ල අවුරුදු 60ක්‍ වත් ජීවත් වෙන්න ඕනනම්..
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,060
    9,300
    113
    Durdans eke package ekak thiyenawa 7000 wage
    main tika cover wenawa blood and Urine test, cholostrol , liver enzymes and kidney
    eka kara nan athi, eeke awlak dakkoth awla thibba thanata adalawa loku test ekakata yanna
    nikan salli viyadan karanna epa awashya nathi test walata.
    thaaththata mona hari heart attack symptoms thiyenawa nan ecg ekak aran balanna