LIPID PROFILE
- Serum Cholesterol - අත්‍යාවශ්‍යයි
- HDL/LDL Cholesterol - අත්‍යාවශ්‍යයි
- Serum Triglycerides - අත්‍යාවශ්‍යයි
- Ratio of Cholesterol / HDL - අත්‍යාවශ්‍යයි
මොකද්ද මේ ලිපිඩ් ප්‍රොෆයිල් එකක් කියන්නෙ... සරලවම කියන්න පුලුවන් අපේ ශරීරයේ තියෙන කොලොස්ට්‍රෝල් ප්‍රමානය ගැන අදහසක් ගන්න පුලුවන් පරීක්ශනයක් තමා මේ ලිපිඩ් ප්‍රොෆයිල් එකක් කියලා කියන්නෙ. කොලොස්ට්‍රෝල් කියලා කියන්නෙ ශරීරයට අත්‍යාවශ්‍යම දෙයක්. ඒ වගේම වැඩිපුර තිබ්බොත් ඉතාම අහිතකර දෙයක්. මේකේ භයානක කම කියන්නෙ අදික කොලොස්ට්‍රෝල් තැන්පත් වෙන්නෙ අක්මාවෙ සෛල ඇතුලෙ. එහෙම සෛල ඇතුලෙ තැන්පත් වුනාම සෛල මිය යනවා. දීර්ඝ කාලීන සෛල බිද වැටීම අක්මාව අකර්මණ්‍ය වීමටත් ඒ වගේම හර්ද පේශි අකර්මන්‍ය වීමටත් හේතු වෙනවා. කොලොස්ට්‍රෝල් කියන්නෙ ජලයේ දිය නොවන සංගටකයක්. ඒ වගේම රුදිරයේ ද දියවෙන්නෙ නෑ. රුදිරයට මේ කොලොස්ට්‍රෝල් එකතු වෙන්නෙ කොලොකස්ට්‍රෝල් විදියට නෙවෙයි. ලිපොප්‍රෝටීන් විදියට. ඔය ලිපොප්‍රෝටීන් එක තමයි ගුඩ් කොලොස්ට්‍රෝල් ( HDL ) සහ නරක කොලොස්ට්‍රෝල් (LDL ) කියලා අපි ටෙස්ට් දෙකක් කරන්නෙ.
නිතරම ගුඩ් කොලොස්ට්‍රෝල් අගය වැඩි අගයක තියාගන්න ඕන. බෑඩ් කොලොස්ට්‍රෝල් අගය අඩු අගයක තියා ගන්න ඕන. බෑඩ් කොලොස්ට්‍රෝල් රුදිරයට එකතු වෙලා ශරීරයේ හැම තැනම ගිහින් රැදෙනවා. මේ හැම තැනම රැදුනු කොලොස්ට්‍රෝල් එකතු කරගෙන ඇවිල්ලා අක්මාවෙදි බිද වට්ටන්නෙ ගුඩ් කොලොස්ට්‍රෝල්. ඕක තමා ඔය .... සහ ... වල කාර්‍ය. නමුත්...නමුත් හොදට මතක තියාගන්න ඕන මේ දෙකත් කොලොස්ට්‍රෝල් ම තමා. වැඩිපුර පැවතීම අහිතකරයි. කොලොස්ට්‍රෝල් වල වඩාත්ම භයානකම කේස් එක තමා ශරීරයේ හානිය උපරිමේටම ලගා වෙන තෙක් කිසිම රෝග ලක්ශනයක් නොපෙන්වීම,
ඉතින් මේ කොලොස්ට්‍රෝල් හර්දයට රුදිරය ගෙනියන නාලයක තැන්පත් වුනොත් හාට් ඇටෑක් එකක් වගේම මොලයට රුදිරය සැපයෙන නාලයක හිර වුනොත් බ්‍රේන් ස්ට්‍රෝක් එකක් ද ඇති වෙලා කෙනෙක්ගෙ ජීවිතය අහිමි වෙන්න හෝ පැරලයිස් වෙන්න පුලුවන්. ඒ විතරක් නෙවෙයි ඇස් වකුගඩු අක්මාව වගේ සෑම අවයවයකටම රුදිරය ගෙනියන නාලයක තැන් පත් වෙලා ඒ අවයවය අකර්මන්‍ය කරලා දාන්න මේ කොලොස්ට්‍රෝල් වලට පුලුවන්.
එලකිරියන්ස් ට පොඩි ඇඩ්වයිස් එකක් දෙන්නම් මේ කොලොස්ට්‍රෝල් අවම කරගන්න මේ කොටසෙ අන්තිමට.
ඉතින් මේ ලිපිඩ් ප්‍රොෆයිල් එක කොයි තරම් වැදගත් ද කියලා තේරෙනවා නෙ. තමන්ගෙ ජීවිතය රදාපවතින එක ටෙස්ට් එකක් මේක කියලා කිව්වොත් වඩාත් නිවැරදියි. ඒක නිසා එලකිරියන්ස්, අඩුම අවුරුද්දකට සැරයක් වත් අවුරුදු 30 ට වැඩි හැම කෙනාම ලිපිඩ් ප්‍රොෆයිල් එකක් කරගන්න. මෙතනදි කියන්නම ඕන ට්‍රයිග්ලිසරයිඩ් කියන දේ ගැන. ට්‍රයි ග්ලිසරයිඩ් කියන එක තමන්ගෙ හාට් එක ගැන හොද අවබෝදයක් ගන්න පුලුවන් එකක්. ට්‍රයිග්ලිසරයිඩ් කොලොස්ට්‍රෝල් එක්ක එකතු වෙලා තමා ඔය ලේ කැටිති හදන්නෙ.ට්‍රයි ග්ලිසරයිඩ් ලෙවල් එක වැඩි වෙනවා කියන්නෙ තමන්ගෙ හාට් එකේ තත්වය බාල වෙනවා කියලා දැනට හිතා ගන්න. කොහෙන්ද මේ ට්‍රයි ගිසරයිඩ් ශරීරයට එකතු වෙන්නෙ.
අපි කන කැම අවශ්‍ය ප්‍රමානයට වඩා ශරීරයට වැටුනම අන්න ඒ කෑම බිදහෙලන්නෙ ට්‍රයි ග්ලිසරයිඩ් වලට. ඒ කියන්නෙ අපිට ඇත්තටම බඩගිනි බත් පිගානයි. බත් පිගානක් කෑවම ඒවා ගානට ශරීරය විසින් බිද හෙලල ශේප් එකේ ඉන්නවා. මල පෙරේත කමට පිගන් දෙකක් කනවා. මතක තියාගන්න ඉතුරු පිගාන කෙලින්ම ට්‍රයිග්ලිසරයිඩ් වලට පරිවර්තනය කරනවා. අපි දහනය කරන කැලරි ප්‍රමානය අභිබවා කැලරි ශරීරයට එකතු වුනොත් ඒ හැම එකක්ම ට්‍රයිග්ලිසරයිඩ් වෙනවා. මේකෙන් වලැකෙන්න නම් කරන්න ඕන ක්‍රම මේවා.
අදික ලෙස ආහාර ගැනිම නවත්තන්න ඕන
කාබෝහයිඩ්‍රේට් අදික ආහාර ගැනීම නවත්තන්න ඕන
ශරීරයට නුවමනා කැලරි දහනය කරලා දාන්න ඕන ( ඔබ ඇක්ටිව් වෙන්න ඕන )
Triglyceride- නිතරම ට්‍රයි ග්ලිසරයිඩ් මට්ටම 200 ට අඩුවෙන් තියාගන්න ඕන.
TOTAL CHOLOSTROL
ලිපිඩ් ප්‍රොෆයිල් වාර්තාවෙහි සම්පූර්ණ කොලෙස්ටරොල් (Total cholesterol) මට්ටමෙහි සාමාන්‍ය අගය 5.18 mmol/L (200 mg/dL) දක්වා පැවතීම සුදුසු වේ.
6.22 mmol/L (240 mg/dL) වඩා වැඩි අගයක් ඔබගේ ලිපිඩ් ප්‍රොෆයිල් වාර්තාව පෙන්වන්නේ නම් ඔබ දැඩි අවදානම් කලාපයේ පසුවන්නකු වේ
HDL
ස්ත්‍රී පුරුෂ භාවය අනුව ප්‍රතිඵල වෙනස් වේ.සෑම අයෙකුගේම HDL මට්ටම 1.293 mmol/l (50 mg/dL) වැඩි අගයකින් පවත්වාගෙන යා හැකි නම් එය ඉතාමත් හිතකර තත්ත්වයකි.
LDL
මෙහිදී LDL කොලෙස්ටරෝල් මට්ටම 2.58 mmol/l (100 mg/dL) ක පවත්වාගත හැකි නම් එය ඉතාමත් යෝග්‍ය වේ.
4.13 – 4.37 mmol/l (160 -169 mg/dL) ත් අතර පසුවන්නන් අහිතකර කොලෙස්ටරෝල් තත්ත්වයේ දැඩි අවදානමෙන් යුක්ත වූවන් වේ. වෛද්‍ය උපදෙස් අනිවාර්යයෙන්ම පැතිය යුතුයි.
ඇතැම් පුද්ගලයන්ගේ LDL මට්ටම 4.91 mmol/l (190) ඉක්මවා වුවත් යා හැකි අතර මෙවැනි අය ඉක්මණින්ම වෛද්‍ය උපදෙස්වලට යොමුවිය යුතුයි.
සාමාන්‍යයෙන් LDL මට්ටම එක් එක් පුද්ගලයාගේ රෝගී තත්ත්වයන් අනුව වෙනස් වන අතර හෘදයාබාධ අවධානම වැඩි පුද්ගලයන් සෑම විටෙකම LDL මට්ටම 1.18 mmol/l (70 mg/dL) කට අඩු අගයක පවත්වා ගැනීමට සැලකිලිමත් විය යුතුයි.
කොහොමද ට්‍රයි ග්ලිසරයිඩ් සහ කොලොස්ට්‍රෝල් පාලනය කරගන්නෙ -
දුම්පානය අඩු කරන්න ඕන.
අදික මත්පැන් පානය අඩු කරන්න ඕන / තෙල් සහිත බයිට් වර්ග කෑම නවත්තන්න ඕන
ගඹුරු තෙලේ බදින ලද කිසිම ආහාරයක් ඕනවට වඩා ගන්නෙ නැත්නම් හොදයි. නෙවෙයි ගන්න එපා
ව්‍යයාම කරන්න ඕන. ඇවිදින්න ඕන
වැදගත් - නැවත නැවත එකම තෙල් පභාවිතා කරමින් බදින ලද රෝල්ස් පැටිස් වගේ ඒවා ඉතාම අහිතකරයි. අදික උශ්නත්වයකට තෙල් වර්ග රත් වුනාම ට්‍රාන්ස් ෆැට් ඇසිඩ් කියලා එකක් හැදෙනවා. ට්‍රාන්ස් ෆැටි ඇසිඩ් මගින් අපේ රුධිරයේ ඇති LDL (නරක කොලෙස්ටෙරෝල්) වැඩි කරන්න ක්‍රියා කරන අතර HDL (හොඳ කොලෙස්ටෙරෝල්) අඩු කරන්නත් ක්‍රියා කරනවා. මේ තත්වය බොහොමයක් රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිත රෝග වැඩි වැළඳෙන්නට හේතු වෙනවා. (හෘදයාබාධ, ආඝාතය, ලේ කැටි ඇති වීම)
ප්‍රදාන වශයෙන්ම අපි කන ආහාර තමා මේකට මුල. අපිට මේවයෙ තියෙන ෆැට් එකවත් ට්‍රාන්ස් ෆැට් ඇසිඩ් වත් ගනනය කරන්න බැරි නිසා අපි කොත්තු රයිස් ගඹුරු තෙලේ බදින ලද ආහාර අවම කල යුතුම වෙනවා. ඊට අමතරව කලින් පිසන ලද ආහාර භාවිතය අවම කරන්න වෙනවා. උදා හරන සොසේජස්.
කොත්තු සහ රයිස් කන්නම ඕන නම් මාසෙකට දෙකක් වගේ කන්න පුරුදු කරගන්න. ඊට ව්ඩා නම් ගන්න එපා කියලා තමා කියන්න වෙන්නෙ. කඩවල් වල භාවිතා කරන තෙල් වල තියෙන ගුණාත්මක භාවය තමා මේකට හේතුව. ස්ටාර් ක්ලාස් වල හොටෙල් වලින් මේ තෙල් අරගෙන පොඩි පොඩි කඩවල් වලට බෙදනවා රෝල්ස් බදින්න මාලු බදින්න කොත්තු දාන්න වගේ වැඩ වලට. ඉතින් වස
අනෙක්වා ගැනත් හෙමීට කියන්නම්.