FULL BODY CHECK UP PACKAGES

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,515
    113
    Thank U Reaction GIF by Mauro Gatti
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,096
    971
    113
    කිට්ටුව තැනක
    ගොඩක් හොස්පිටල් වල මේ කපටි වැඩේ කරනව ෆුල්බොඩි පැකේජ් කියලා. මේවයෙ තියෙන ටෙස්ට් වලින් 90% විතර වැඩක් වෙන්නෙ නෑ කලාට. බොඩි චෙකප් එක කරන කෙනාට දැනට තියෙන රෝග ලක්ශන එක්ක කම්පෙයාර් කරලා ටෙස්ට් ටික කරගන්නවා නම් හොදයි. මම පහලින් දාන්නම් ෆුල් බොඩි චෙකප් එකක තියෙන දේවල් සහ වැදගත් ද වැදගත් නැද්ද කියන එක. මූලික පියවරේදි අත්‍යාවශ්‍ය දේවල් ටික කරලා අසනීපයක් තියෙනවා නම් දෙවනි පියවර විදියට අනෙකුත් ටෙස්ට් කරගන්න එක තමා හොදම. වයසත් එක්ක එන්න පුළුවන් ලොකුම අසනීප දෙක කොලොස්ටරෝල් සහ සීනි හෝ ඒ දෙකම එහෙම නැත්නම් හාට් ඇටෑක්.

    INVESTIGATIONS

    • Full Blood Count - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    • E.S.R - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    • Fasting Blood Sugar - අත්‍යාවශ්‍යයි
    • TSH - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    • Urine Full Report - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    • Stool for Occult Blood - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    • Blood Picture - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    • HbA1c - අත්‍යාවශ්‍යයි
    • Alpha Feto Protein - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    • PSA - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    • CEA - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    LIPID PROFILE

    • Serum Cholesterol - අත්‍යාවශ්‍යයි
    • HDL/LDL Cholesterol - අත්‍යාවශ්‍යයි
    • Serum Triglycerides - අත්‍යාවශ්‍යයි
    • Ratio of Cholesterol / HDL - අත්‍යාවශ්‍යයි
    LIVER PROFILE

    • SGPT / GGT - අත්‍යාවශ්‍යයි
    • Alkaline phosphate - අත්‍යාවශ්‍යයි
    • Total Protein - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    • Albumin - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    • Globulin - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    • Albumin/Globulin Ratio - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    • Serum Bilirubin -අත්‍යාවශ්‍යයි
    RENAL PROFILE

    • Serum Creatinine - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    • Blood Urine & Electrolytes - අත්‍යාවශ්‍යයි
    • Uric Acid - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    • Serum Calcium & Phosphorus - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    SERVICES

    • ECG - රෝගලක්ශන අනුව අතාවශ්‍ය වේ. කලාට කමක් නැත.
    • Chest X-Ray with Reporting - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    • US Scan Abdomen - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    • ECHO by Cardiologist - රෝගලක්ශන අනුව අතාවශ්‍ය වේ. කලාට කමක් නැත.
    • Hearing test - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    • Lung function test - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    • Bone density - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ

    එහෙම බැලුවම ඔය ටිකට යන්නෙ 5500 වගේ දැන් යන රේට්ස් වලට. ඔතනින් පස්සෙ අපි හිතමු ෆාස්ටින් බ්ලඩ් සුගර් එකෙන් පස්සෙ සීනි වැඩි නම් ලේ වල අපිට ඊලග පියවර විදියට H1A1C එකක් කරලා බලන්න පුලුවන් හිස්ට්‍රි එක, ඒකත් 6 ට වඩා වැඩිනම් අනෙක්වා ගැන පරීක්ශන කරන්න පුලුවන්. එතකොට ලිවර් ප්‍රොෆයිල් එකෙන් ලිවර් ෆන්ක්ශන් වෙනවද බලනවා යූරින් රිපොට්ස් වලින් කිඩ්නි ෆන්ක්ශන් වෙනවද බලනවා. ලිපිඩ් ප්‍රොෆයිල් එකෙන් බලනවා කොලොස්ට්‍රලෝල් ගැන.

    ඔය රිපෝට්ස් ඔක්කොම නරක නම් අපි ඊලගට යන්න වෙන්නෙ හාට් ටෙස්ට් එකට. ඒකට ඊ සී ජී කියන්නෙ බොහොම ප්‍රාතමික ටෙස්ට් එකක්. ඊට වඩා ඇකියුරේට් ටෙස්ට් එකක් තමා එක්සර්සයිස් ඊ සී ජී සහ එකෝ ටෙස්ට් එක. හරියටම බැලුවොත් ෆුල් බොඩි එකක් කරන්න කලින් අත්‍යාවශ්‍යම වෙන්නෙ

    Glucose Test, Liver Test & Lipid Profile.

    හැමදේම මාකටින් ලෝකෙ මේ වගේ සල්ලි ගසා කන දේවල් වලට අහු වෙන්න එපා..
    patta watinawa
     
    yaka10

    Junior member
  • Nov 18, 2020
    61
    74
    18

    lanka hospital quotation

    Fasting Blood Sugar 390.00
    HbA1c 1930.00
    Serum Cholesterol 510.00
    HDL/LDL Cholesterol 780.00 and 940.00
    Serum Triglycerides 780.00
    Ratio of Cholesterol / HDL

    (suggest you to Do Lipid Profile (Lipid Profile = Serum Cholesterol , HDL/LDL Cholesterol ,Serum Triglycerides,Ratio of Cholesterol / HDL )

    Lipid Profile 1930.00

    SGPT / GGT 630.00 and 730.00
    Alkaline phosphate 700.00
    Serum Bilirubin ( Total ) 570.00
    Blood Urine & Electrolytes

    Blood Electrolytes 1070.00

    Urine Electrolytes 1080.00

    Requesting 12hr fasting,
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,226
    12,470
    113
    Piliyandala
    මේකේ රිප්ලයි එක දැක්කම වචනයක් නොකියම යන්න බැරි උනා..

    ඉතාම වැදගත් තවත් මනුස්සයකෙට නොමිලේ ලබා දුන්න දැනුමට උබට ගොඩාක් ස්තුතියි
     
    • Love
    Reactions: Underground

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    LIPID PROFILE

    • Serum Cholesterol - අත්‍යාවශ්‍යයි
    • HDL/LDL Cholesterol - අත්‍යාවශ්‍යයි
    • Serum Triglycerides - අත්‍යාවශ්‍යයි
    • Ratio of Cholesterol / HDL - අත්‍යාවශ්‍යයි

    මොකද්ද මේ ලිපිඩ් ප්‍රොෆයිල් එකක් කියන්නෙ... සරලවම කියන්න පුලුවන් අපේ ශරීරයේ තියෙන කොලොස්ට්‍රෝල් ප්‍රමානය ගැන අදහසක් ගන්න පුලුවන් පරීක්ශනයක් තමා මේ ලිපිඩ් ප්‍රොෆයිල් එකක් කියලා කියන්නෙ. කොලොස්ට්‍රෝල් කියලා කියන්නෙ ශරීරයට අත්‍යාවශ්‍යම දෙයක්. ඒ වගේම වැඩිපුර තිබ්බොත් ඉතාම අහිතකර දෙයක්. මේකේ භයානක කම කියන්නෙ අදික කොලොස්ට්‍රෝල් තැන්පත් වෙන්නෙ අක්මාවෙ සෛල ඇතුලෙ. එහෙම සෛල ඇතුලෙ තැන්පත් වුනාම සෛල මිය යනවා. දීර්ඝ කාලීන සෛල බිද වැටීම අක්මාව අකර්මණ්‍ය වීමටත් ඒ වගේම හර්ද පේශි අකර්මන්‍ය වීමටත් හේතු වෙනවා. කොලොස්ට්‍රෝල් කියන්නෙ ජලයේ දිය නොවන සංගටකයක්. ඒ වගේම රුදිරයේ ද දියවෙන්නෙ නෑ. රුදිරයට මේ කොලොස්ට්‍රෝල් එකතු වෙන්නෙ කොලොකස්ට්‍රෝල් විදියට නෙවෙයි. ලිපොප්‍රෝටීන් විදියට. ඔය ලිපොප්‍රෝටීන් එක තමයි ගුඩ් කොලොස්ට්‍රෝල් ( HDL ) සහ නරක කොලොස්ට්‍රෝල් (LDL ) කියලා අපි ටෙස්ට් දෙකක් කරන්නෙ.

    නිතරම ගුඩ් කොලොස්ට්‍රෝල් අගය වැඩි අගයක තියාගන්න ඕන. බෑඩ් කොලොස්ට්‍රෝල් අගය අඩු අගයක තියා ගන්න ඕන. බෑඩ් කොලොස්ට්‍රෝල් රුදිරයට එකතු වෙලා ශරීරයේ හැම තැනම ගිහින් රැදෙනවා. මේ හැම තැනම රැදුනු කොලොස්ට්‍රෝල් එකතු කරගෙන ඇවිල්ලා අක්මාවෙදි බිද වට්ටන්නෙ ගුඩ් කොලොස්ට්‍රෝල්. ඕක තමා ඔය .... සහ ... වල කාර්‍ය. නමුත්...නමුත් හොදට මතක තියාගන්න ඕන මේ දෙකත් කොලොස්ට්‍රෝල් ම තමා. වැඩිපුර පැවතීම අහිතකරයි. කොලොස්ට්‍රෝල් වල වඩාත්ම භයානකම කේස් එක තමා ශරීරයේ හානිය උපරිමේටම ලගා වෙන තෙක් කිසිම රෝග ලක්ශනයක් නොපෙන්වීම,

    ඉතින් මේ කොලොස්ට්‍රෝල් හර්දයට රුදිරය ගෙනියන නාලයක තැන්පත් වුනොත් හාට් ඇටෑක් එකක් වගේම මොලයට රුදිරය සැපයෙන නාලයක හිර වුනොත් බ්‍රේන් ස්ට්‍රෝක් එකක් ද ඇති වෙලා කෙනෙක්ගෙ ජීවිතය අහිමි වෙන්න හෝ පැරලයිස් වෙන්න පුලුවන්. ඒ විතරක් නෙවෙයි ඇස් වකුගඩු අක්මාව වගේ සෑම අවයවයකටම රුදිරය ගෙනියන නාලයක තැන් පත් වෙලා ඒ අවයවය අකර්මන්‍ය කරලා දාන්න මේ කොලොස්ට්‍රෝල් වලට පුලුවන්.

    එලකිරියන්ස් ට පොඩි ඇඩ්වයිස් එකක් දෙන්නම් මේ කොලොස්ට්‍රෝල් අවම කරගන්න මේ කොටසෙ අන්තිමට.

    ඉතින් මේ ලිපිඩ් ප්‍රොෆයිල් එක කොයි තරම් වැදගත් ද කියලා තේරෙනවා නෙ. තමන්ගෙ ජීවිතය රදාපවතින එක ටෙස්ට් එකක් මේක කියලා කිව්වොත් වඩාත් නිවැරදියි. ඒක නිසා එලකිරියන්ස්, අඩුම අවුරුද්දකට සැරයක් වත් අවුරුදු 30 ට වැඩි හැම කෙනාම ලිපිඩ් ප්‍රොෆයිල් එකක් කරගන්න. මෙතනදි කියන්නම ඕන ට්‍රයිග්ලිසරයිඩ් කියන දේ ගැන. ට්‍රයි ග්ලිසරයිඩ් කියන එක තමන්ගෙ හාට් එක ගැන හොද අවබෝදයක් ගන්න පුලුවන් එකක්. ට්‍රයිග්ලිසරයිඩ් කොලොස්ට්‍රෝල් එක්ක එකතු වෙලා තමා ඔය ලේ කැටිති හදන්නෙ.ට්‍රයි ග්ලිසරයිඩ් ලෙවල් එක වැඩි වෙනවා කියන්නෙ තමන්ගෙ හාට් එකේ තත්වය බාල වෙනවා කියලා දැනට හිතා ගන්න. කොහෙන්ද මේ ට්‍රයි ගිසරයිඩ් ශරීරයට එකතු වෙන්නෙ.

    අපි කන කැම අවශ්‍ය ප්‍රමානයට වඩා ශරීරයට වැටුනම අන්න ඒ කෑම බිදහෙලන්නෙ ට්‍රයි ග්ලිසරයිඩ් වලට. ඒ කියන්නෙ අපිට ඇත්තටම බඩගිනි බත් පිගානයි. බත් පිගානක් කෑවම ඒවා ගානට ශරීරය විසින් බිද හෙලල ශේප් එකේ ඉන්නවා. මල පෙරේත කමට පිගන් දෙකක් කනවා. මතක තියාගන්න ඉතුරු පිගාන කෙලින්ම ට්‍රයිග්ලිසරයිඩ් වලට පරිවර්තනය කරනවා. අපි දහනය කරන කැලරි ප්‍රමානය අභිබවා කැලරි ශරීරයට එකතු වුනොත් ඒ හැම එකක්ම ට්‍රයිග්ලිසරයිඩ් වෙනවා. මේකෙන් වලැකෙන්න නම් කරන්න ඕන ක්‍රම මේවා.

    අදික ලෙස ආහාර ගැනිම නවත්තන්න ඕන
    කාබෝහයිඩ්‍රේට් අදික ආහාර ගැනීම නවත්තන්න ඕන
    ශරීරයට නුවමනා කැලරි දහනය කරලා දාන්න ඕන ( ඔබ ඇක්ටිව් වෙන්න ඕන )

    Triglyceride- නිතරම ට්‍රයි ග්ලිසරයිඩ් මට්ටම 200 ට අඩුවෙන් තියාගන්න ඕන.

    TOTAL CHOLOSTROL

    ලිපිඩ් ප්‍රොෆයිල් වාර්තාවෙහි සම්පූර්ණ කොලෙස්ටරොල් (Total cholesterol) මට්ටමෙහි සාමාන්‍ය අගය 5.18 mmol/L (200 mg/dL) දක්වා පැවතීම සුදුසු වේ.

    6.22 mmol/L (240 mg/dL) වඩා වැඩි අගයක් ඔබගේ ලිපිඩ් ප්‍රොෆයිල් වාර්තාව පෙන්වන්නේ නම් ඔබ දැඩි අවදානම් කලාපයේ පසුවන්නකු වේ

    HDL

    ස්ත්‍රී පුරුෂ භාවය අනුව ප්‍රතිඵල වෙනස් වේ.සෑම අයෙකුගේම HDL මට්ටම 1.293 mmol/l (50 mg/dL) වැඩි අගයකින් පවත්වාගෙන යා හැකි නම් එය ඉතාමත් හිතකර තත්ත්වයකි.

    LDL

    මෙහිදී LDL කොලෙස්ටරෝල් මට්ටම 2.58 mmol/l (100 mg/dL) ක පවත්වාගත හැකි නම් එය ඉතාමත් යෝග්‍ය වේ.

    4.13 – 4.37 mmol/l (160 -169 mg/dL) ත් අතර පසුවන්නන් අහිතකර කොලෙස්ටරෝල් තත්ත්වයේ දැඩි අවදානමෙන් යුක්ත වූවන් වේ. වෛද්‍ය උපදෙස් අනිවාර්යයෙන්ම පැතිය යුතුයි.

    ඇතැම් පුද්ගලයන්ගේ LDL මට්ටම 4.91 mmol/l (190) ඉක්මවා වුවත් යා හැකි අතර මෙවැනි අය ඉක්මණින්ම වෛද්‍ය උපදෙස්වලට යොමුවිය යුතුයි.

    සාමාන්‍යයෙන් LDL මට්ටම එක් එක් පුද්ගලයාගේ රෝගී තත්ත්වයන් අනුව වෙනස් වන අතර හෘදයාබාධ අවධානම වැඩි පුද්ගලයන් සෑම විටෙකම LDL මට්ටම 1.18 mmol/l (70 mg/dL) කට අඩු අගයක පවත්වා ගැනීමට සැලකිලිමත් විය යුතුයි.

    කොහොමද ට්‍රයි ග්ලිසරයිඩ් සහ කොලොස්ට්‍රෝල් පාලනය කරගන්නෙ -

    දුම්පානය අඩු කරන්න ඕන.
    අදික මත්පැන් පානය අඩු කරන්න ඕන / තෙල් සහිත බයිට් වර්ග කෑම නවත්තන්න ඕන
    ගඹුරු තෙලේ බදින ලද කිසිම ආහාරයක් ඕනවට වඩා ගන්නෙ නැත්නම් හොදයි. නෙවෙයි ගන්න එපා
    ව්‍යයාම කරන්න ඕන. ඇවිදින්න ඕන

    වැදගත් - නැවත නැවත එකම තෙල් පභාවිතා කරමින් බදින ලද රෝල්ස් පැටිස් වගේ ඒවා ඉතාම අහිතකරයි. අදික උශ්නත්වයකට තෙල් වර්ග රත් වුනාම ට්‍රාන්ස් ෆැට් ඇසිඩ් කියලා එකක් හැදෙනවා. ට්‍රාන්ස් ෆැටි ඇසිඩ් මගින් අපේ රුධිරයේ ඇති LDL (නරක කොලෙස්ටෙරෝල්) වැඩි කරන්න ක්‍රියා කරන අතර HDL (හොඳ කොලෙස්ටෙරෝල්) අඩු කරන්නත් ක්‍රියා කරනවා. මේ තත්වය බොහොමයක් රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිත රෝග වැඩි වැළඳෙන්නට හේතු වෙනවා. (හෘදයාබාධ, ආඝාතය, ලේ කැටි ඇති වීම)

    ප්‍රදාන වශයෙන්ම අපි කන ආහාර තමා මේකට මුල. අපිට මේවයෙ තියෙන ෆැට් එකවත් ට්‍රාන්ස් ෆැට් ඇසිඩ් වත් ගනනය කරන්න බැරි නිසා අපි කොත්තු රයිස් ගඹුරු තෙලේ බදින ලද ආහාර අවම කල යුතුම වෙනවා. ඊට අමතරව කලින් පිසන ලද ආහාර භාවිතය අවම කරන්න වෙනවා. උදා හරන සොසේජස්.

    කොත්තු සහ රයිස් කන්නම ඕන නම් මාසෙකට දෙකක් වගේ කන්න පුරුදු කරගන්න. ඊට ව්ඩා නම් ගන්න එපා කියලා තමා කියන්න වෙන්නෙ. කඩවල් වල භාවිතා කරන තෙල් වල තියෙන ගුණාත්මක භාවය තමා මේකට හේතුව. ස්ටාර් ක්ලාස් වල හොටෙල් වලින් මේ තෙල් අරගෙන පොඩි පොඩි කඩවල් වලට බෙදනවා රෝල්ස් බදින්න මාලු බදින්න කොත්තු දාන්න වගේ වැඩ වලට. ඉතින් වස

    අනෙක්වා ගැනත් හෙමීට කියන්නම්.
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    කියන්න අමතක වුනා. අපේ ලේ වල තියෙන කොලොස්ට්‍රෝල් එක්ක ට්‍රාන්ස් ෆැට් ඇසිඩ් එකතු වෙලා තමයි ලේ කැටි හදවන්නෙ
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    LIVER PROFILE

    • SGPT / GGT - අත්‍යාවශ්‍යයි
    • Alkaline phosphate - අත්‍යාවශ්‍යයි
    • Total Protein - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    • Albumin - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    • Globulin - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    • Albumin/Globulin Ratio - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    • Serum Bilirubin -අත්‍යාවශ්‍යයි
    ලිවර් ප්‍රොෆයිල් එක ගැන කියනවා නම් මේ ටෙස්ට් එකෙන් මූලිකවම කරන්නෙ අක්මා ආසාදන හා රුදිරයේ / ශරීරයේ තියෙන අසාමාන්‍ය තා පරීක්ශා කරලා බලන එක. ඒකට හේතුව තමා අපි මොන දේ කෑවත් ඒවයෙ අඩංගු සියල්ල / අපද්‍රව්‍ය වස විස සියල්ල බිද හෙලන්නෙ අක්මාව නිසා. ඊට අමතරව අපි කන ආහාර වල අඩංගු තෙල් බිද හෙලන්නෙත් අක්මාව. මේ ටෙස්ට් එකේ මූලිකම අවදානය යොමු වෙන්නෙ අක්මාවෙ ක්‍රියාකාරීත්වය සාමාන්‍ය ද එහෙම නැත්නම් අසාමාන්‍ය ද කියලා හොයන එක. හේතුව අක්මාව නොමැතිව අපිට ජීවත් වීමට නොහැකි නිසා.

    GSPT (ALT) Test - Alanine aminotransferase

    ප්‍රෝටීන පරිවුර්තියට ඕන කරන එන්සයිමයක් තමා මේ Alanine aminotransferase කියලා කියන්නෙ. මේ එන්සයිමය නිපදවන්නෙ අක්මාවෙ. රුදිරයේ මේ අගය වැඩියි කියන්නෙ අනිවාර්‍යෙන්ම අක්මාව ආශ්‍රිත රෝගයක් ( අකර්මන්‍ය වීමේ අවදානමක් ඇති ) තියෙනවා කියන එක සහ අදික ලෙස මත්පැන් භාවිතය. සමහරු මේ ටෙස්ට් එක කරලා ඩොක්ටර් ට පෙන්නුවම ඩොක්ටර් අහනවා නේ බොනවද කියලා. අපේ උත්තරය ගොඩක් වෙලාවට නෑ ඩොක්ටර් කියලා. ඒ වුනාට අපි නාලාගිරි වගේ බොනවා. ඩොක්ටර් දන්නවා මූ කෙලියෙ කෙබරයක් කියලා. :lol: :lol: :lol: ඒක නිසා ඩොක්ටර් ඇහුවොත් බොනවද කියලා නෑ කියන්න එපා.

    ෆැටි ලිවර් තියෙන අයගෙ මේ අගය ට්කක් වැඩි අගයක් ගන්නවා.

    SGOT ( AST) - Aspartate aminotransferase

    මේ ටෙස්ට් එකෙන් බලන්නෙ එන්සයිමයක්. රුදිරයේ මේ එන්සයිමය කොච්චර ප්‍රමානයක් තියෙනව ද කියලා. අක්මාව හදවත් පේශි රතුරුදිරානු බිද වැටීමෙන් මේ එන්සයිමය රුදිරයට එකතු වෙනවා. මේ එන්සයිමයේ නම තමයි Aspartate aminotransferase කියලා කියන්නෙ. මේකෙදි වැදගත් දෙයක් තියෙනවා කියන්න. ALT ටෙස්ට් එක වගේ අක්මා රෝග ගැන ටක්කෙටම අනුමාන කරන්න බැරි උනාට මේකෙන් හාට් ඇටෑක් එකක අවදානම ගැන යම් කිසි අවබෝදයක් ගන්න පුලුවන්. තව දෙයක් අක්මාවට වෛරස් වගේ ආසාදනයක් ඇති උනොත් මේ ලෙවල් එක 20 ගුනයකින් වගේ වැඩි වෙනවා.

    අනෙකුත් ටෙස්ට් ඔක්කොම කරන්නෙ ලිවර් ෆන්ක්ශන් ගැන අවබෝදයක් ගන්න සහ හර්ද පේශි වල දෝශයක් තියෙනව ද නැද්ද බලාගන්න සහ සිරෝසිස් අදුරගන්න. අක්මාව කියන්නෙ අංක එකේ වැදගත් අවයවයක් නිසා මේ සියලු පරීක්ශන අත්‍යාවශ්‍යයි.
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    RENAL PROFILE

    • Serum Creatinine - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    Serum Creatinine එහෙම නැත්නම් ක්‍රියෙටින් බිදවැටිමෙ පරීක්ශනය. මේක කරන්නෙ ලේ වල තියෙන ක්‍රියටනීන් කියන සංගටකය ( ඇත්තටම මේක අපද්‍රව්‍යක් ) කොච්චර ප්‍රමානයක් තියෙනවද කියලා බලන එක. ක්‍රියටනීන් හැදෙන්නෙ ක්‍රියටීන් කියන සංගඨකය බිද වටීමෙන්. මේවා අඩංගු වෙන්නෙ මාශ පේශි බිද වැටීමෙන්. කිඩ්නි එහෙම නැත්නම් වකුගඩු වල අසාමාන්‍ය තාවයන් හොයා ගන්න තමා මේ පරීක්ශනය කරන්නෙ. වකුගඩු වලින් මේ ක්‍රියටනීන් පෙරෙන්නෙ නැත්නම් ( වකුගඩු වල ප්‍රදාන කාර්‍යක් රුදිරයේ ඇති අපද්‍රවය පෙරීම ) කෙලින්ම රුදිරයට එකතු වෙනවා. ක්‍රියටනීන් මට්ටම ෛහලයි කියන්නෙ වකුගඩු ඩැමේජ් එකක් යනවා කියන එක.

    මේවා ශරීරයෙන් බැහැර කරන්නෙ වකු ගඩු වලින් පෙරලා මුත්‍රා වලට එකතු කරලා.. මේ හා සමාන පරීක්ශනයක් මුත්‍රා වලින් ද කරන්න පුළුවන්. පිරිමින්ගෙ මේ අගය 1.3mg/dL ට වඩා අඩු වෙන්න ඕන. ගැහැනුන්ගෙ මේ අගය 1.13mg/dL ට වඩා අඩු වෙන්න ඕන.

    වකුගඩු සාමාන්‍යෙන් ෆේලියර් එකක් එන්නෙ මෙන්න මේ සීනි කොලොස්ට්‍රල් සහ ප්‍රදාන වශයෙන්ම ප්‍රමානවත් තරම් වතුර බොන්නෙ නැති නිසා. මූලික අවස්ථාවේදි මේක හදුනා ගැනීම අවශ්‍ය නොවේ කියලා කිව්වෙ සාමාන්‍යෙන් සීනි හෝ කොලොස්ට්‍රෝල් නැති කෙනෙක්ට කිඩ්නි ෆේලියර් එකක් එනවා අඩුයි. කිඩ්නිය පරිස්සම් කරන්න නම් වතුර තමා බෙහෙත. වතුර බොන්න ඕන

    මුත්‍රා සම්බන්දව මේ දේත් ටිකක් කියන්න ඕන. අපි ගොඩක් වෙලාවට මුත්‍රා බැහැර කරන්නෙ නැතුව හිර කරගෙන ඉන්නවා නෙ. කම්මැලි කමට. සමහරු ඉන්නවා වතුර බොන්නෙ නෑ චූ දාන්න යන්න වෙන නිසා. ගොඩක් මේක කරන්නෙ ඉතින් කෙල්ලො. ක්ලාස් වල ලමයි

    ඉතාම වැරදි ක්‍රියාවක්. අපි වතුර බොන්නෙ නැතුව හිටියම අපේ ශරීරයට ඕන වතුර ටික මුත්‍රා වලින් නැවත අවශෝශනය කරනවා. එතකොට ප්‍රශ්න ගනනාවක් ඇති වෙන්න පුලුවන්. ඒක නිසා චූ බර නම් අනිවාර්‍යෙන්ම දාන්න. හිර කරගෙන ඉන්න එපා. වතුර නොබී ඉන්න එපා.

    • Blood Urine & Electrolytes - අත්‍යාවශ්‍යයි
    මේ සියල්ල අපේ වකු ගඩු ආශ්‍රිත ලෙඩ රෝග සොයා බලන පරීක්ශන. මුත්‍රා වල ලේ කියන්නෙ බරපතල රෝගාබාදයක පෙරනිමිත්තක්. විය හැකි රෝග කෙටියෙන් කියන්නම් එලකිරියන්ස් ලට දැන ගන්න

    පුරස්ති ග්‍රන්ති පිලිකා
    මුත්‍රා ගල්
    වකු ගඩු අකර්මන්‍ය වීම / ආසාදන
    දෑකැති සෛල රක්ත හීනතාවය ( පරම්පරාවෙන් එන ලෙඩක් )

    • Uric Acid - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    වකු ගඩු ආශ්‍රිත ලෙඩ රෝග සොයා බලන පරීක්ශන

    • Serum Calcium & Phosphorus - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    වකු ගඩු ආශ්‍රිත ලෙඩ රෝග සොයා බලන පරීක්ශන
     
    ubuntuu

    Active member
  • Jan 3, 2009
    248
    39
    28
    ahala pahala
    ඉතාම වැදගත් තවත් මනුස්සයකෙට නොමිලේ ලබා දුන්න දැනුමට උබට ගොඩාක් ස්තුතියි
     
    • Love
    Reactions: Underground

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මම හිතනවා මේක බලපු අය තමන්ගෙ ශරීරය ගැන අවබෝදයක් ගන්න ඇති කියලා. සමරියක් විදියට කිව්වොත්

    ක්ශනික ආහාර කොත්තු රයිස් හැකි තාක් අවම කරන්න.
    මත්පැන් පානය අඩු කරන්න. පානය කරන දින ගනන ඈත් කරන්න පුලුවන් තරම්. අඩුම සති දෙකකට සැරයක් වත්.
    දුම් බීම ගැන නම් අඩු කරන්න කියන්නත් බෑ.. නතර කරන එකම තමා හොද. ( මාත් ඉදලා හිටලා බොනව බං )
    කැමට හොදට කුළු බඩු එකතු කරගන්න. සුදුලූනු රතුලූනු කරපිංචා එකතු කරගන්න
    කොස් දෙල් පොල් පොල් වතුර පොලොස් සහ පලා වර්ග වැඩිපුර ආහාරයට ගන්න. මන්නොක්කා එහෙම
    පීසා සොසේජස් බන් වර්ග ශෝටීස් අඩු කරන්න.
    හොදට වතුර බොන්න. අවශ්‍ය නැත්නම් බාඩගිනි නැත්නම් කිසිම ආහාරයක් ඇගට දාගන්න එපා.
    හොදට නිදාගන්න.
    අයිස්ක්‍රීම් එහෙමත් අඩු කරන්න..
    ඇවිදින්න, පිහිනන්න ජිම් යනවට වඩා 100 ගුනයක් ප්‍රතිපල දායකයි.

    ඔය ඇති මිනිහෙක්ට සරීර කූඩුව නිරෝගීව තියාගන්න
     
    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    577
    93
    Durdans hot some good packages and after testing, they will offer the doctor advise like a discussion about all the reports, which includes in the package price. Recommended.