GEE SARA (ගී සර)

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth

සුදු මුදු රළ පෙළ කිඳුරු කොදෙව්වේ - පාවඩ පලස එලා
සිඳුළඳ ගෙන දුන් මුතු කැකුලක් සේ - ඔබ මට තිළිණ වෙලා

යුග දිවි වැල්ලේ අඳුරු ඉසව්වේ - මුකුළිත සීත සලා
අරුණල්ලක් සේ...
අරුණැල්ලක් සේ නුඹ මිණ පායා - සනහස ජනිත කළා

සැඬ රළ රැල්ලේ සැළෙන කැදැලලේ - රැඳුනෙමි සරණ සොයා

සෙවනැල්ලක් සේ ....
සෙවනැල්ලක් සේ නොමහැර ආවෙමි - ඔබ හද සැලෙන තුරා


ආදර හසුන සිනමා පටයට, කුළරත්න ආරියවංශ විසින් රචනා කළ, රෝහන වීරසිංහයන් විසින් නාද දමනය කළ අපුර්ව නිර්මානයක්......ගීතයකට මොනතරම් සංයමයකින් සුන්දරත්වයන් සංනිවේදනය කළ හැකිද යන්නට කදිම නිදසුනකි....

පහත විඩියෝවේ......මිනිත්තු 16 සිට 19.47 දක්වා මෙහි මුල් නිර්මානය රසවිදිය හැක.......

 
Last edited:

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
රුවන්වළා දුහුල් කඩින් පෙරී ස‍ඳේ රිදී කැළුම්
තුෂාර හාර හා එතී ගලා හැළෙනවා
පුතුගෙ සිඟිති දෙතොල් වලට සිනා ගෙනෙනවා
සිනා ගෙනෙනවා

අනෝතප්ත නෙළුම් විලේ පාවෙන මල් රේණු වලින්
සුවඳ උරා හෙමින් හෙමින් සුළං ඇදෙනවා
සඳුන් සෙමෙර සලා පුතුට පවන් සලනවා
පවන් සලනවා

අතුඅග මල් කුමාරියන් බිඟු මිණි දැල් සැලෙන හඬින්
නිදන පුතුගෙ කණට මිහිරි කතා කියනවා
සිහින ලොවේ ළපටි සිහින සිතේ අඳිනවා
සිතේ අඳිනවා

රාජ ඉසුරු බරට වටින වාසනාව කිරුළු දරන
මාළිගාව එළිය කරන බිළිඳු නිදනවා
සීත නළින සිහින ලොවට බිළිඳු වඩිනවා
බිළිදු වඩිනවා


පද රචනය - මහගම සේකර
සංගීතය - පණ්ඩිත් අමරදේව


1966 දී ඩී.සී. එල් අමරසිංහ අධ්‍යක්ෂණය කළ , දයා අල්විස් ගුණතිලක නිෂ්පාදනය කළ
"වෙසතුරු සිරිත" චිත්‍රපටයෙන්....

මුල් ගීතය

සජීවීව නන්දා මාලනියගේ හඩ

ඉන්දිකාගේ හඩින්
 

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    මම දන්නා විදිහට මේකේ වික්ටර් රත්නායක නම් අසහාය නිර්මාණකරුවාගේ පලවෙනි ගීතය වෙන්න ඕනේ. වැරදි නම් නිවැරදි කරන්න. අහල බලන්න ආදරේ කොච්චර හදවතට දැනෙනවද කියලා.
     

    hdgpure

    Member
    Oct 30, 2007
    3,357
    201
    0
    39
    Endless Circle of Death & Birth
    කුමටද සොබනියේ කඳුළු සලන්නේ
    හේතුව මම නොදනිම්..... දයානන්ද ගුනවර්ධන මහතාගේ නරි බෑනා නාටකයෙනි...