GMOA වර්ජනය ගැන ඔබේ මතය

vote

  • වැරැද්ද gmoa එකේ

    Votes: 43 25.7%
  • වැරැද්ද ආණ්ඩුවේ

    Votes: 71 42.5%
  • gmoa එකයි ආණ්ඩුවයි දෙකම වැරැදියි

    Votes: 53 31.7%

  • Total voters
    167

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,788
    8,121
    113
    Kotahena
    දොස්තරල අපිව මරන්නෙ අපිට තියෙන අාදරේට.
    අපි එයාලට tax ගෙවල ඊටපස්සෙ අපි මැරෙන්නෙ රටේ අනාගතය වෙනුවෙන්. අපි වීරයෝ මචං :yes:
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මෙතෙන්දි වෙන්නෙ කාටවත් ඇහුන්කන් නොදී තමන්ගෙ මතය මේක, මේකට උඹල ඔක්කොම කැමතිවෙයල්ලා... කියල බලධාරීන් කියන එකනේ. ඒකයි මේ ප්‍රශ්න. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගේනවනම් අනිවාර්යෙන් රජයෙන් නියාමනය කරන්න පුලුවන් ක්‍රමවේදයක් නැතුව ගෙනාවොත් බඩුම තමයි, හරියට අර ප්‍රයිවට් බස් කෙරුවාව වගේ වෙනව ආයෙ දෙකක් නැහැ.

    ☻. හරියට බැලුවොත් ආණ්ඩුවෙත් සමහර අය මේකට විරුද්දයි.
    ☻. සීනුව විරුද්ධයි.
    ☻. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විරුද්ධයි.

    පක්ෂව ඉන්නෙ නෙවිල් ලොක්කයි සල්ලිදීල ජනමතයක් ගොඩනගන්න හිතාගෙන සමාජජාල වලට දාල ඉන්න මීඩියාටීම් එකයි ඇමතිතුමයි විතරයි
    ජනාධිපතිතුමාගෙ අදහසත් පැහැදිලි නැහැ.
     
    Last edited:

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    samaharu meeka anduwata pawaraganda keewata saitm janasathu karoth anduwata athin eke naya gewanda wenawa....koti 2000k...mahajana salli...

    wahala dammoth oke igena ganna lamaiy anathaiy
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    kuhakakama. shape eke kiyanawa SLITT / NIBM wage eawath wahanna onalu. eawatath wiruddaylu. :lol::lol::lol::lol::lol::lol::lol::lol:


    eka tamai meka methanin nawatinne naha...
    munta standard hadanna nemei oni kelinma wahanna :)

    SAITM eka hodai kiyanawa nemei, eth methana antha dekak tiyanawa, SAITM eka athuleth horu innawa, me paththeth jara kuhakayo innawa
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    SAITM ekata kalin Permit illala strike kala, lamaita iskola illala strike kala
    owa samnya dewal GMOA eke :)
    ada SAITM wahuwoth, heta anthare ewun NSBM SLIIT wahanna kiyalath parata bahiy...
    mokada un kelinma kiyanawa standard nemei prashnaya, private education kiyala

    ithin apita pukada. edata anthare 100k withara paarata bahala guti kaka idi. saitm ekata awa wage najabalayen 0.1k wath edata unta nane.

    ubala saitm eka sadaranikaranaya karanne saitm wahuwoth sliit ekath wahai kiyana gode goo baya logic walin ne:rolleyes:
     

    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගේනවනම් අනිවාර්යෙන් රජයෙන් නියාමනය කරන්න පුලුවන් ක්‍රමවේදයක් නැතුව ගෙනාවොත් බඩුම තමයි, හරියට අර ප්‍රයිවට් බස් කෙරුවාව වගේ වෙනව ආයෙ දෙකක් නැහැ.

    machan lankave paudgalika vaidya vidyala rajayen hariyata niyamanaya karavi kiyala hithanna puluvanda? :cool:
    lankave minissunge aakalpa gana hithuvoth minissunge gathi guna gana hithovth umbata ehema hithanna puluvanda?
    mata nam ehema hithannavath baa.
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,664
    113
    සයිටම් එක නිසානෙ මේ වැඩ වර්ජන කරන්නෙ. සයිටම් නැත්නම් මේ මුකුත් නෑ.
    සයිටම් එක පටන් ගන්න උදව් කරපු ගිය ආණ්ඩුවයි, සයිටම් එක පවත්වාගෙන යන මේ ආණ්ඩුවයි දෙගොල්ලොම වැරදියි. කොහෙවත් තියෙන සයිටම් එකක් නිසා අහිංසක ලෙඩ්ඩුන්ගෙන් පළිගන්න ගොන් දොස්තරවරුත් වැරදියි එහෙමයි කියලා දොස්තරවරුනට වෙන විකල්පයක් තියනවද කියහන් සයිටම් වහන්න වර්ජන නොකර ජනාදිපති කැමති උනත් රජිතයා ඕක වහන්න දෙන්නේ නැ උගේ ලේලී පොඩ්ඩ එකෙනෙ තව බස් ගැමුණුගේ ළමයි ඔන්න ඕකයි ඔතන තියන ප්‍රශ්නේ කලෝ ෆොන්සේකා කියන්නා වගේ ඔතන තියන්නේ ප්‍රමිතිය පිළිබද ප්‍රශ්නයක් ... දෙගොල්ලන්ටම සදාරණයක් වෙන්න ඕනේ දොස්තර කෙනෙක් වෙන්න සුදුසුකම් තියන අයව තෝරලා ඒ අයට සදාරණය කරලා මේ ප්‍රශ්නේ විසදන්න පුළුවන් ....එත් Dr නෙවිල් රාජිත ,ලක්ෂ්මන් කිරිඇල්ල,බස් ගැමුණු කැමැති නැ එකට කැමති නැ
    :yes::yes::angry::angry:

    ඔය සයිටම් කඩේ දාන්න උදව් කරේ මහින්ද. කරන් යන්න උදව් කරන්නෙ මෛත්‍රි-රනිල් හවුල. මුන්ගෙ ඇටේ කහන්න ගත්තත් ඇමරිකාවට හරි සිංගප්පූරුවට දුවගෙන ගිහින් බෙහෙත් ටික ගන්නවා.

    ඕකේ ඉගෙන ගන්නෙ ධනපති පංතියෙ මැති ඇමති ව්‍යාපාරික වගේ උන්ගෙ දරුවො. උන්ට උණක් හෙම්බිරිස්සාවක් හැදුනම ඩොක්ටර්ස්ලව ගෙදාරටම ගෙන්නගෙන බෙහෙත් ගන්න තරම් සල්ලි තියෙන අය.

    දැන් කාවද තැලුනේ? කොන්දෙ අමාරුවට දනිසේ අමාරුවට රජයෙ රෝහලෙන් බෙහෙත් ගන්න වයසක අම්මටයි තාත්තටයි නේද. කැස්ස හෙම්බිරිස්සාව හැදුන දරුවා නෙවෙයිද?

    දොස්තරවරුන්ට කොරන්න දෙයක් නැතිම තැන කොරපු වර්ජනයෙන් අහිංසක ජනතාව පීඩාවට පත් උනානේ.
    ඒවා දැකලා, අප්පොච්චිට රිදුනද? බාප්පොච්චි ඇඬුවද? වඳප්පොච්චි නිකමට වත් ඇහැක් ඇරලා බැලුවද? සයිටම් එකට කඩේ යන මැති ඇමතිවරුන්ට පාඩුවක් උනාද?

    මේ වගේ වැඩවල් වලට ගමේ ගොඩේ බාසාවෙන් කියන්නෙ, හේනට මුවෝ පැනලා පාළු කරාම ගෙදර තියෙන මුව හමට තඩි බානවා කියලයි.
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    දොස්තරල අපිව මරන්නෙ අපිට තියෙන අාදරේට.
    අපි එයාලට tax ගෙවල ඊටපස්සෙ අපි මැරෙන්නෙ රටේ අනාගතය වෙනුවෙන්. අපි වීරයෝ මචං
    :yes:

    :D:D:D
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    ithin apita pukada. edata anthare 100k withara paarata bahala guti kaka idi. saitm ekata awa wage najabalayen 0.1k wath edata unta nane.

    ubala saitm eka sadaranikaranaya karanne saitm wahuwoth sliit ekath wahai kiyana gode goo baya logic walin ne:rolleyes:


    mama kiwwane SAITM hodai kiyanawa nemei..
    SAITM wahanne natiwa standard haduwanam harine
    dan un wahanna kiyanne SAITM standard nisa nemeilune, No PMC nisalune..
    e kiyanne standard tibbath ung wahanna kiyala andanawa

    hodama wede mekedi SAITM and Anthare ta support nowi Wilpaththuwa wage scene ekakata wirudda wena eka
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    රට ගැන ආදරයක් තියෙනව නම් මෙන්න මේ ටික පාට කණ්නාඩි ගලවලා බලපල්ලා. මොකද මේ ත්‍රෙඩ් එකේ උනත් තියෙන්නෙ කලින් වැරදි, මෙන්න මෙහෙමයි කරන්න තිබ්බෙ වගේ කතා ( ඔය කියන විදිහට නොකරන එකයි වැරැද්ද, ඒක තේරුම් ගනිල්ලා )
    1. මහින්දගෙ කාලෙ පටන් ගත්තා, ඒකට මහින්ද අනුග්‍රහය දැක්වුවා ඒක වැරදි, හැබැයි දැන් ඕක මන්තරයක් වගේ උදේ දවල් හවස මැතිරුවා කියලා ප්‍රශ්නෙට විසදුමක් එන්නෙ නෑ.
    2. දැන් ඒ වෙච්ච වැරැද්ද හදනව වෙනුවට මේ ආණ්ඩුවෙනුත් කරගෙන යනවා, හැබැයි මුන්ගෙ නිදහසට කරුණ "මහින්ද පටන් ගත්තෙ" කියන එක. ( හොද වෙලාවට ඒ කාලෙම යුද්ධෙ ඉවර වුනෙ නැත්නම් ඒකත් කියන්නෙ මහින්දගෙ කාලෙත් තිබ්බනෙ කියලා )
    3. ජී එම් ඕ එක කරන දෙයින් මිනිස්සු අපහසුවට පත් වෙනවා, මිනිස්සුන්ට ( බොහොමයක් රජයේ රෝහල් වලට යන දුප්පත්, බොහෝවිට නූගත් ) පෙනෙන්නෙ ලගින්ම ඉන්න දොස්තරලගෙ වැරැද්ද කියලා. ජී එම් ඕ එකට මැදිහත් වෙන්න උනෙ රජය කලයුතු දේවල් පැහැර හැරීම නිසා
    .

    ප.ලි.
    මම ජෙප්පෙක්, යූඇන්පී කාරයෙක්, මහින්ද වාදියෙක්, ඩොකෙක්, මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්, කැම්පස් කාරයෙක්, කැම්පස් යන්න බැරිව හූල්ලන එකෙක් නොවෙමි


    ප.ප.ලි.
    මම වෙනසක් බලා පොරොත්තු වූ 62 ලක්ශයෙන් එක් අම්බරුවෙක් වෙමි


     
    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    දොස්තරලා හිතන් ඉන්නේ උන් ඉන්නේ පාර්ලිමේන්තුවටත් උඩින් කියල:rofl:
     
    • Like
    Reactions: jayanathek
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    ඔය සයිටම් කඩේ දාන්න උදව් කරේ මහින්ද. කරන් යන්න උදව් කරන්නෙ මෛත්‍රි-රනිල් හවුල. මුන්ගෙ ඇටේ කහන්න ගත්තත් ඇමරිකාවට හරි සිංගප්පූරුවට දුවගෙන ගිහින් බෙහෙත් ටික ගන්නවා.

    ඕකේ ඉගෙන ගන්නෙ ධනපති පංතියෙ මැති ඇමති ව්‍යාපාරික වගේ උන්ගෙ දරුවො. උන්ට උණක් හෙම්බිරිස්සාවක් හැදුනම ඩොක්ටර්ස්ලව ගෙදාරටම ගෙන්නගෙන බෙහෙත් ගන්න තරම් සල්ලි තියෙන අය.

    දැන් කාවද තැලුනේ? කොන්දෙ අමාරුවට දනිසේ අමාරුවට රජයෙ රෝහලෙන් බෙහෙත් ගන්න වයසක අම්මටයි තාත්තටයි නේද. කැස්ස හෙම්බිරිස්සාව හැදුන දරුවා නෙවෙයිද?

    දොස්තරවරුන්ට කොරන්න දෙයක් නැතිම තැන කොරපු වර්ජනයෙන් අහිංසක ජනතාව පීඩාවට පත් උනානේ.
    ඒවා දැකලා, අප්පොච්චිට රිදුනද? බාප්පොච්චි ඇඬුවද? වඳප්පොච්චි නිකමට වත් ඇහැක් ඇරලා බැලුවද? සයිටම් එකට කඩේ යන මැති ඇමතිවරුන්ට පාඩුවක් උනාද?

    මේ වගේ වැඩවල් වලට ගමේ ගොඩේ බාසාවෙන් කියන්නෙ, හේනට මුවෝ පැනලා පාළු කරාම ගෙදර තියෙන මුව හමට තඩි බානවා කියලයි.

    උඹ කියන කතාව ඇත්ත මචං, සයිටම් ප්‍රමිතිය හදන්න / ඒක හදන්නෙ නැත්නම් නවත්වන්න මහජනයාට / ජී එම් ඕ එකට ගන්න පුලුවන් විසදුම මොකද්ද ?
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    බණ්ඩාර නිළමෙ;21898987 said:
    උඹ කියන කතාව ඇත්ත මචං, සයිටම් ප්‍රමිතිය හදන්න / ඒක හදන්නෙ නැත්නම් නවත්වන්න මහජනයාට / ජී එම් ඕ එකට ගන්න පුලුවන් විසදුම මොකද්ද ?

    නවත්තනවා ඇරෙන්න වෙන විසදුමක් නැ මොකද රජයට පවර ගන්නවා කියන්නේ කෝටි 200 විතර ණය ගෙවන්න ඕනේ ඕව ආණ්ඩුව ගන්නේ අහිංසක මිනිස්සුන්ට බදු පිට බදු ගහලා .. :angry::angry: සුදුසුකම් ඇති අය‍ට උපාදිය දීල සුදුසුකම් නැති සල්ලි බලෙන් උපාදිය ගන්න හදපු යට ගෙවපු මුදල් Dr නෙවිල්ටම ගෙවන්න කියන්න ඕනේ නැත්තම් පාඩුව එ අයට දරාගන්න වෙන්නවා මොකද පොසතුන්ගේ ළමයි ටිකක් වෙනුවෙන් මුළුරටක් කෝටි 200 ණය ගෙවන්න බැනේ රජයට පවරගන්නවා කියන්නනේ අපි ණය ගෙවන්න ඕනේ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,664
    113
    බණ්ඩාර නිළමෙ;21898987 said:
    උඹ කියන කතාව ඇත්ත මචං, සයිටම් ප්‍රමිතිය හදන්න / ඒක හදන්නෙ නැත්නම් නවත්වන්න මහජනයාට / ජී එම් ඕ එකට ගන්න පුලුවන් විසදුම මොකද්ද ?

    මුලින්ම තේරුම් ගන්න ඕනේ නියපොත්තෙන් කඩා ගන්න තිබ්බ දෙයක් අද පොරවකින් වත් අයින් කරන්න බැරි තරමට දැන් රටේ මුල් බැහැගෙන. මම නම් වැඩ වර්ජන අනුමත කරන කෙනෙක් නෙවෙයි. අද වැඩ වර්ජන 10කින් ඕක නවත්තගන්න පුළුවන් කියලා හිතන අය, එදා වැඩ වර්ජනයක් හරි කරලා විරුද්ධ උනා නම් සමහරවිට තත්වය වෙනස් වෙන්න තිබුනා. හැබැයි මේ රටේ ලෙඩ්ඩුන්ගෙ අවාසනාවට කාටවත් මුකුත් කරන්න අමතක උනා. දැන් ඉතින් අස්සයා ගිහින් ඉවරයි, සද්දෙට ඉස්තාලෙ වහලා වැඩක් නෑ.

    ජනතාවට රිද්දලා ප්‍රශ්ණ විසඳගන්න ඉස්සෙල්ලා සයිටම් එක පටන් ගන්න/කඩේ යන අයව රිද්දන විදිහක් කල්පනා කරන්න ඕනෙ. ඒ වගේ උන්ට බෙහෙත් නොදී වර්ජනයක් එහෙම කරන්න ඕනේ. ඒක වැඩක් වෙන්නේ නෑයි කියලා හිතෙනව නම්. දැන් තියෙන එකම ක්‍රමය සාකඡ්ඡාවෙන් ප්‍රශ්න විසඳගන්න එක කියලා තේරුම් අරගෙන. ජීඑම්ඕ එකේ ඉන්න විද්වතුන්ම ඕකට විසඳුමක් හොයාගන්න ඕනේ. දැන් මම කියන දේ ප්‍රයෝගික නෑ කියලා උබට කියන්න පුළුවන්. මම ඒක පිලිගන්නවා. ඒත් වැඩ වර්ජන ප්‍රායෝගික නෑයි කියලා අපි ප්‍රායෝගිකවම අත් දැකලා තියෙනවනෙ. මම නම් හිතන්නෙ, මේ වැඩ වර්ජන වලින් දොස්තරවරු ජනතාවගෙ හදවත් වලින් ගොඩක් දුරස් උනා. ඒ විතරක් නෙවෙ ඇමතිවරු උනත් දොස්තරු එක්ක මලෙන් ඉන්නෙ. ජනාධිපතිගෙන් සාකඡ්ඡාවට් අවස්ථාවක් ඉල්ලුවම, වැඩ වර්ජන අවසන් කරලා එන්න කියලා. එතකම් සාකඡ්ඡාවට අවස්ථාවක් දීලා නෑ. එහෙව් මලෙන් ඉඳලා තියෙන්නෙ. අපි කැමති උනා නොඋනා මෙ අය තමයි රටේ විධායකය හසුරවන්නෙ. එහෙම අය එක්ක මෙහෙම වැඩ කරන එක එච්චට බුද්ධිගෝචර දෙයක් නෙවෙයි කියලා මට හිතෙනවා. ඒ නිසා වැඩ වර්ජන පැත්තකින් තියලා ආණ්ඩුවෙයි විපක්ෂයෙයි සයිටම් එකට විරුද්ධ මැති ඇමතිවරු එක්ක එකතු වෙලා, සයිටම් එක ගැන අදහසක් නැති මැති ඇමතිවරුන්වත් තමන්ගෙ පැත්තට අරගන්න පුළුවන් මට්ටමින් කන්වින්ස් කරලා, පාර්ලිමේන්තුවෙ බහුතර මතයක් හදා ගන්න ඕනේ. ඊට පස්සෙ ජනාධිපති අගමැති ඒකට ප්‍රශ්නෙ බේරගන්න පුළුවන්. ප්‍රායෝගික නැති වෙන්න පුළුවන්. වෙන කරන්න දේකුත් නෑ. වර්ජන වලින් තැලෙන්නෙ අහින්සක මිනිස්සු විතරයි.

    අස්සයා ගිහින් ගොඩක් කල් නිසා, මර නින්දෙන් ඇහැරිලා ඇබොලිස් සයිටම් කියලා කියන කට්ටියට දිනන්නත් අමාරු වේවි.
    මහජන විරෝධය නිසා, හේල් සයිටම් කියන කට්ටියටත් දිනන්න බැරි වේවි.
    ඒ නිසා දෙගොල්ලොන්ටම එන්න පුළුවන් මැද තැනකට වත් අඩුම ගානෙ ඇවිල්ලා මේ ප්‍රශ්නෙ විසඳගන්නව නම් තමයි හොඳ.
     

    antagonist2

    Member
    Jul 4, 2017
    18
    4
    0
    මේකෙ ලොරි ටෝක්ස් දෙන පණ්ඩිත පොරවල් ගෙන් අහන්නෙ, නිදහස් අද්‍යාපනෙන් ඉගෙන ගත්ත තමුසෙලා මේ ජනතාවට මොනවද කරල තියෙන්නෙ? තොපි රජයෙ රෝහලකට ගිහින් බලපියව් දවසකට කී දාහකට ඒවයින් සේවයක් වෙනවද කියලා. නිකමට බලපල්ලා වැඩ වර්ජන දවසකට කී දෙනෙක් නම් tv එකේ ආපහු හැරිල යනව පෙන්නනවද කියලා. ඒ කියන්නේ නොර්මල් හැම දවසකම ඒ තරම් රෝගීන් පිරිසකට ප්‍රතිකාර ලැබෙනව. ඒ මිනිස්සු වැඩ වර්ජනය කරන්නෙ ප්‍රශ්නෙ කතා කරල විසඳ ගන්න බැරි තැන. ඒකට වග කියන්න ඕන ආන්ඩුව. ඕනම කෙනෙක් තමන්ගෙ වුර්තිය රැකගන්න මේ වගෙ වැඩකරනව. මේකෙ පඬි ටෝක්ස් දෙන තොපි උනත් එහෙම තමයි. අනික මේ 24 පැයම private වැඩ කරන උන් තමයි දොස්තරලගෙ හවස කරන private practice නවත්තන්න කියන්නෙ.
     
    • Like
    Reactions: Jack_Sparrow
    Podi Silva - පොඩි සිල්වා;21896398 said:
    දන්නැති නිසා බන් අහන්නේ ඔය රජයේ දොස්තරලා වර්ජන කරන්නේ අහින්සක මිනිස්සු වෙනුවෙන්ද බන්? බලපන්නේ මිනිස්සු ගැන තියෙන කැක්කුම.
    luv you docs :love::love:

    GMOA වර්ජනය ගැන ඔබේ මතය 07-04-2017 01:52 PM Kawruth thamange vurthiya reka ganna thamai oi mulin hithanne. Tho unath ehemai gon bijjo. Mn hithuwe ube kalin post dakkama tho mole thiyana ekek kiyala. Baluwama ubath ekai.

    මේක අර උඩ තිවුන Comment එක කොපි කරලා දැම්ම Reply එකට හම්බුන රෙප් එකක්

    නමත් දාල තිබ්බා නම් උබට PM එකක් දානවා

    නැති නිසා මෙහෙම Thread එකේම දාන්නේ

    ඉතින් බන් උබ කියන විදියට Doctors ලා වැඩි වෙලා තමන්ගේ Demand එක Line එක නැති වෙයි කියලා බයට ද Doctors ලා Strike කරන්නේ

    අපි හිතන් හිටියේ අපිට ආදරේට කියලා බන් :love::love:
     

    Liamp

    Member
    Jul 4, 2017
    32
    3
    0
    .කිරියේ විශරදයෝ ටික වලිගේ පගෙ ගෙන ඇවිල්ලා තියෙන්නේ ඔය දොස්තරලා ට කුනු බැනුම් බයින් උන් මතක තියාගනියව් තොපේ ජීවිතත් එක පාරක් හරි ඔය උබල ගල් ගහන්ඩ හදන දොස්තරලා බේරල තියෙනව කියන එක........අයේ උබලටත් ලෙඩක් හැදිලා දොස්තර කෙනෙක් ලගට යද්දි මතක තියාගෙන පලයව් ඕවා.....
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    ආණ්ඩුවෙයි විපක්ෂයෙයි සයිටම් එකට විරුද්ධ මැති ඇමතිවරු එක්ක එකතු වෙලා, සයිටම් එක ගැන අදහසක් නැති මැති ඇමතිවරුන්වත් තමන්ගෙ පැත්තට අරගන්න පුළුවන් මට්ටමින් කන්වින්ස් කරලා, පාර්ලිමේන්තුවෙ බහුතර මතයක් හදා ගන්න ඕනේ.

    මචං අයිඩියල් විසදුම මේක තමයි, හැබැයි බහුතරයක් O/L ෆේල්, තවත් සැලකියයුතු පිරිසක් A/L ෆේල්, මේවා ජාතික ප්‍රශ්න විදිහට නැතිව තමන්ට මොකද්ද ලැබෙන ලාබෙ කියල බලන ඇමතිවරු මන්ත්‍රීලා ඉන්න පාර්ලිමෙන්තුවක මේක වෙන්නෙ නැති එකයි තියෙන ප්‍රශ්නෙ. ඒ මැදිහත් කිරීම පාර්ලිමෙන්තුවෙන් වුනා නම් ජී එම් ඕ එකක් මෙතනට ගෑවෙන්න ඕනෙ නෑ. හැබැයි එහෙම මැදිහත්වීමක් නොවෙන නිසා trade union එක විදිහට quality standard එක පවත්වගන්න ජී එම් ඕ එකට ගන්න පුලුවන් ක්‍රියා මාර්ගය මම ඇහුවෙ. මෙතන මම ගේමක් කෝල් කරනව නෙවේ. මම බලන්නෙ වැඩ වර්ජනයකට වඩා තියෙන අනික් possibilities බලන එක.

    නවත්තනවා ඇරෙන්න වෙන විසදුමක් නැ මොකද රජයට පවර ගන්නවා කියන්නේ කෝටි 200 විතර ණය ගෙවන්න ඕනේ ඕව ආණ්ඩුව ගන්නේ අහිංසක මිනිස්සුන්ට බදු පිට බදු ගහලා .. :angry::angry: සුදුසුකම් ඇති අය‍ට උපාදිය දීල සුදුසුකම් නැති සල්ලි බලෙන් උපාදිය ගන්න හදපු යට ගෙවපු මුදල් Dr නෙවිල්ටම ගෙවන්න කියන්න ඕනේ නැත්තම් පාඩුව එ අයට දරාගන්න වෙන්නවා මොකද පොසතුන්ගේ ළමයි ටිකක් වෙනුවෙන් මුළුරටක් කෝටි 200 ණය ගෙවන්න බැනේ රජයට පවරගන්නවා කියන්නනේ අපි ණය ගෙවන්න ඕනේ

    standard එක හදන්න බැරිනම් නවත්වන එක තමයි. හැබැයි ඒක රජයෙන් කරන්නෙ නෑනෙ. ඉතින් මම ඇහුවෙ නවත්වන්නෙ නැති වුනහම ජී එම් ඕ එක විදිහට උන්ට වැඩ වර්ජනයක් නොවන ගන්න පුලුවන් අනිත් ක්‍රියා මාර්ග මොනවද කියන එක. මොකද මම දැක්ක හුගක් අය ජී එම් ඕ එකට බැනල දාලා තියෙන්වා. නමුත් ජී එම් ඕ එකට වැඩවර්ජනයට පාර කැපුවෙ ආණ්ඩුවෙන් ගන්න මෝඩ තීර්ණ.
    ප.ලි. මම දන්න විදිහට වැඩ වර්ජනය පිලිකා, ඩෙංගු, දැඩි සත්කාර, හදිස්සි අනතුරු වගේ critical ඒවට බලපාන්නෙ නෑ.