google street view නිසා වෙන්න පුලුවන් දේවල්

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    google street view නිසා වෙන්න පුලුවන් දේවල්

    Google Street View එකෙන් ඉදිරියට සිදුවීමට නියමිත දෑ....

    1.

    " මේ පින්තූර අරන් තියෙන්නෙ 2015 දෙසැම්බර් මාසෙ...මම රුවිනි දුව හම්බ වෙන්න හිටිය නිසා අම්මලගෙ ගෙදර ගිහින් හිටිය මාසෙ....මාව බලන්නවත් එන්න වෙලාවක් නෑ වැඩ, වැඩ කියලා කියපු මිනිහගෙ කාර් එක අර පට්ට පඳුරිගෙ ගෙදර ළඟ තියෙන හැටි බලන්න අක්කේ....ඉහි...ඉහි...ඉහි....මම කාළි මෑණියන්ට පොල් ගහනව ඔය බැ** මකබෑවිලා යන්න කියලා...මට ඉඳලා වැඩක් නෑ අක්කේ....ඉහි...ඉහි..ඉහි...ඉහි..."

    " මොනවද මිනිහො තව අතටම අහුවෙලත් බොරු කියන්නෙ? තමුසෙ හිතුවද නොම්මරේ මකල තිබ්බත් අපේ කාර් එක අඳුර ගන්න බැරි මම තොත්ත බබෙක් කියලා....මම ඕකිටයි, තමුසෙටයි, මේ විදියට මගුල් නටන්න තියන්නෙ නෑ...මේ දරුවො දෙන්නත් එක්ක මම විඳින දුක දන්නෙ උඩ ඉන්න....මොකක්? .. දෙසැම්බර් මාසෙ..?..දෙසැම්බර් මාසෙ දෙන්නම් මම තමුසෙට...තමුසෙ තාමත් නිවාඩු දවස් වලටත් ඔෆිස් යනව කිය කිය කරන්නෙ මේ සෙල්ලමම තමයි එහෙනම්..."

    2.

    ( ස්කයිප් සංවාදයකි )

    " අනේ නෑ සාගර....කකුල් දෙක අල්ලලා වැඳල කියන්නම්, බුදු හාමුදුරුවන් පල්ල ඔය ඉන්නෙ මම නෙමෙයි...."

    "නැත්තෙ මොකද ගෑණියෙ....?....මේ උඹ අරූ එක්ක ඉන්නෙ...මේ උගේ බයික් එක....මම හොඳට දන්නවා උගේ බයික් එක.....මම කොරියා එනකල් ඉඳලා උඹ පරණ පෙම්වතා එක්ක ජවුසන් නටන්න.....උඹ මගේ හැටි තාම දන්නෙ නෑ ඉෂිතා.....!"

    3.

    "ළමයෝ .. මට බොරු කරන්න එපා....!...මම ඔය වයස පහු කරපු කෙනෙක්...!...මට මගේ පන්තියෙ දරුවො කොහේ හිටියත් අඳුරන්න පුලුවන්....මොකක්ද?....මූණ...මූණ බොඳ කරල තිබ්බට ඔය කොණ්ඩ කරල් දෙකෙන්, ඔයා ගෙනියන බෑග් එකෙන් මට කියන්න පුලුවන් ඔතන ඉන්නෙ ඔයාමයි කියලා....හෙට එනකොට අම්මව එක්කගෙන එන්න....මාස තුනක් පරණ සිද්ධියක් උනත් මේක ගැන දෙමව්පියන්ට කියන්න ඕන...."

    4.

    "ආයි...ආයි...ආයි...බුදු තාත්තේ ගහන්න එපා...අනේ තාත්තෙ ගහන්න එපා....ඒ සිකරට් බොන්නෙ මම නෙමෙයි....ආයි...ආයි....අනේ නෑ තාත්තෙ....ඒ මගේ සයිකලේ නෙමෙයි....ආයි...ආයි....අනේ..."

    5.

    " දණ ගහපිය හරකි !... තෝව මම මේ තරම් වියදම් කරල ක්ලාස් යවන්නෙ පුළුවන් කමකට නෙමේ...උඹගේ ඇස් පාදන්න....තෝ එක එක හන්දි ගානෙ කොල්ලො එක්ක ජවුසන් නටනවද මී වැස්සියෙ....මොකක් කිව්වා?...උඹ නෙමෙයි....?....මේ දුවේ උඹ එන්න එපා මට සුදුළුුණු පොඩි කරන්න....මම උඹේ තාත්තා...මේකෙ මූණ බොඳ කරල තිබුණට මට උඹව අඳුරන්න අමාරු නෑ....මේ ඉන්නෙ වෙන ළමයෙක් නම් ඒකිටත් තියෙනවද උඹට තියෙන රතු පාට ගවුමම....මේ උඹ ක්ලාස් ගෙනියන බෑග් එකත් තියෙනවද ඒකිට?...උඹගෙ උස?...උඹගෙ කොණ්ඩෙ...?.....තෝ මින් පස්සෙ ගෙයින් එළියට බැහැල තිබුණොත්..."

    6.

    "විජේරත්න... මම දෙසැම්බර් මාසෙ රොස්ටර් එක බලලයි මේ කථා කරන්නෙ ! තමුසෙ එළවන අපේ වෑන් එක මොකක්ද මේ මීගමුවෙ කරන්නෙ?....මුළු දෙසැම්බර් මාසෙම අපිට මීගමුවට තියා ගම්පහ දිස්ත්‍රික්කෙ කොහේටවත් ඩිලිවරියක් තිබිලා නෑ....මොකක්?....නොම්මරේ මොකටද මනුස්සයො මේ වෑන් එකේ ගහලම තියෙන්නෙ අපේ "සිරිසඳ ඩිලිවරිස්" මාක් එක....මාව තම්බන්න තමුසෙගෙ ලුණු ගොරක මදිවෙයි...මම මේකට ඉන්ක්වයිරියක් කෝල් කරලා, ඕඩිට් එකට දානවා..."

    7.

    "අඩෝ මේ අර දර්ශිකාගෙ ගෙදර මචන්...ඔය ගහ පැත්තට වෙන්න තියෙන්නෙ ඒකිගෙ රූම් එක....පොඩ්ඩක් සූම් කරල බලහන් ඒකිගෙ රූම් එක ඇතුළ පේනවද කියලා... ඇඳුම් මාරු කරන එකක් හරි වැදිල තිබ්බොත්...."

    "මේකෙන් එහෙම පේන් නෑ හුත්තො...අනේ උඹයි මායි දන්න ස්ට්‍රීට් වීව්..."

    8.

    " ඒ අඩෝ මේක බලපන්කො....සිරා කෑල්ල මචන්...මූණ බොඳ කරල තිබ්බට කෝමද කඳ...කොටට ඇඳලා... ගල් දෙක බලපන්කො...මට නිකන් ටොයිං ටොයිං ගානවා යකෝ....පිස්සු හැදෙනව .....ඉමේජ් එක පරණ උනාට ඕකි තාම හවසට ඔතනට බහිනව ඇති....අද හවස ක්ලාස් ඇරිලා එතෙන්ට නිකමට ගීන් එමුද?"

    9.

    " මේ තියෙන්නෙ දෙසැම්බර් මාසෙ ඔතන ගහපු ස්ට්‍රීට් වීව් ඉමේජ් එක....ඔය කියන පල්ලිය මෙතන තිබිලා නෑ....මෙන්න සාක්ෂි....මේක මේ ඊයෙ පෙරේදා අලුතින් අටවපු පල්ලියක්....කොල්ලනේ වරෙල්ලා...අපේ ජාතිය වෙනුවෙන්.....අපි ශාසනය වෙනුවෙන් ජීවිතේ පුදන්න ලෑස්තියි.....මරාගෙන මැරෙනවා...."

    10.

    " අපේ දුව ඊයෙ මට මේක පෙන්නන කල් මම දන්නෙ නෑ නංගියෙ වැඩේ....මේ අර ආරියවතී ගෑණි අපේ වත්ත මායිම ඇතුලේ ඉන්නෙ....මට ඕකි අඳුරන්න බැරි කමක් නෑ මූණ වහල තිබුණට....ඔය පරට්ට බැල්ලි එකත් එකටම කොඩිවිනයක්, හූනියමක් වළලා යන්න ආපු ගමනක් වෙන්න ඇති....අපේ දරුවො ඉගෙන ගන්නවට තියෙන ඉරිසියාව....ඒකයි දෙසැම්බර් මාසෙ ඉඳන් අපි කරන කිසි වැඩක් යා දෙන්නෙ නැත්තෙ....හොඳට ඉගෙන ගෙන ආපු බාළයත් දැන් කිසි උනන්දුවක් නෑ...පොතක් අතින් අල්ලන්නෙ නෑ.....මම පොඩි අප්පුහාමි ගුරුන්නාන්සෙට කියලා ඕක කප්පවන්නන් ඕකිගෙ හත්මුතු පරම්පරාවම හැඳි ගෑවිලා යන්න..."

    11.

    "මේ තියෙන්නෙ ඩැඩාගෙ ජීප් එක...මමීගෙ බෝගන්විලා ගාල...මේක අයියගෙ කා එක...මේ මම ගාඩ්න් එකේ ඉඳන් චැට් කරන තැන...අපිට වයි-ෆයි තියෙනවනෙ....ඉතින් මම හවසට අයිපෑඩ් එකත් අරගෙන ඇවිත් වාඩිවෙන්නෙ මෙතන....මේ පැත්ත කඩල මෙන්න මේ රූම් එක අලුතින් A/C කලා...මේ මෙතන පේන්නෙ කාමරයක්...ඕකෙ බාත්-රූම් එකට අපේ කැනඩාවෙ ඉන්න නැන්දි තමයි ෆිටින්ග්ස් එව්වෙ...."

    12.

    "දෙයි හාමුදුරුවනේ මේ බලන්න අපේ වැට මායිම තිබිල තියෙන හැටි....ඉතින් මුන් කටින්ද කියන්නෙ මායිම ඇවිදෙව්වෙ නෑ කියලා.....මම අදම ලෝයර් මහත්තය හම්බ වෙන්න යනවා...."

    13.

    "හරි අපි මේකට යාතිකාවක් කරමු....කවුද.?....කෝ මේ සමන්...සමාන්....මෙහෙට එන්න...පුතේ අන්න අරකෙන් රුහුණු මහා කතරගම දේවාලෙ අරන් පේන්න දාපන්....හරි වැඳගන්න......අවසර පස්වාන් දහසකට බුදුවන්න, නුහුරු අත් හුරු කරවා වැන්දේං...."
     
    • Like
    Reactions: rudr@ and User404

    Chaulan

    Active member
  • Oct 28, 2013
    599
    63
    28
    Gedara
    taHikei කිව්වලු....
    අපේ සෙට් එකම මේක බලපු දවසෙම උබත් thread එකක් දාලා...
    ඇත්ත කියපන් උබ අපේ ඔෆිස් එකේ නේද?

    :shocked::shocked:
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    taHikei කිව්වලු....
    අපේ සෙට් එකම මේක බලපු දවසෙම උබත් thread එකක් දාලා...
    ඇත්ත කියපන් උබ අපේ ඔෆිස් එකේ නේද?

    :shocked::shocked:

    පිස්සුද බන් අද තමයි ඕක launch කරේ ලංකාවට
     

    Chaulan

    Active member
  • Oct 28, 2013
    599
    63
    28
    Gedara
    පිස්සුද බන් අද තමයි ඕක launch කරේ ලංකාවට

    හී හී . . .
    sorry වෙන්න ඕනි...
    මම දැනන් හිටියේ නැ... අදයි launch කලේ කියල, මේක try කරලා බැලුවට :yes:

    හැබැයි උබේ 8. වෙනි point එක "google street view නිසා වෙන්න පුලුවන් දේවල්" දැනටම වෙලා ඉවරයි.... :D :D
     

    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    "අඩෝ මේ අර දර්ශිකාගෙ ගෙදර මචන්...ඔය ගහ පැත්තට වෙන්න තියෙන්නෙ ඒකිගෙ රූම් එක....පොඩ්ඩක් සූම් කරල බලහන් ඒකිගෙ රූම් එක ඇතුළ පේනවද කියලා... ඇඳුම් මාරු කරන එකක් හරි වැදිල තිබ්බොත්...."

    "මේකෙන් එහෙම පේන් නෑ හුත්තො...අනේ උඹයි මායි දන්න ස්ට්‍රීට් වීව්..."

    :lol:
     

    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    oka ape pare yaddi mamat oya wahane passe line kala motor bike eke aasaawata... yako mata aes adahagannat baa mamat innawaa.. habayi muna blot karala thanks google
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,354
    16,045
    113
    Colombo
    පට්ට මචන්..ඇත්තටම හෙන කේස් වෙයි වගේ ...මූනවල් නම් බොද කරලා...හැබැයි වාහන වල නම්බර් එහෙම පේනවා
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    "අඩෝ මේ අර දර්ශිකාගෙ ගෙදර මචන්...ඔය ගහ පැත්තට වෙන්න තියෙන්නෙ ඒකිගෙ රූම් එක....පොඩ්ඩක් සූම් කරල බලහන් ඒකිගෙ රූම් එක ඇතුළ පේනවද කියලා... ඇඳුම් මාරු කරන එකක් හරි වැදිල තිබ්බොත්...."

    "මේකෙන් එහෙම පේන් නෑ හුත්තො...අනේ උඹයි මායි දන්න ස්ට්‍රීට් වීව්..."

    :lol:

    :lol: