Apple ලා mac එක හැදුවේ garage එකකය ඒක හැදුවේ ස්ටීව් ජොබ්ස් සහ ස්ටීව් වොස්නියැක්ය කියලා කියනවනෙ. ඕකෙ හුඟක්ම ටෙක්නිකල් පාට් ටික කරේ වොස්නියැක්, ජොබ්ස් කරේ අයිඩියාස් දෙන එක විතරයි වගේ කතාත් කියනවා. ඔව්වයෙ ඇත්ත නැත්ත අපි නොදන්නව උනාට එදා ඉඳලම වොස්නියැක්ට ටෙක් ලෝකෙ ඇතුළෙ මාර තැනක් තියෙන්නෙ. වොස්නියැක් ටෙක්වලට අමතරව ඇක්ටිවිස්ට් කෙනෙක් විදියටත් ෆේමස්. වොස්නියැක්ලගෙ අලුත් වැඩක් තමයි "Pause Giant AI Experiments” කියන්නෙ.
මොකක්ද මේ ?
මේක petition එකක් chatGPT5 වගේ එව්වා experiment කරන්න එපාය කියලා. මෙයාලා කියන්නෙ AI වලට අදාළව rules and regulations ප්‍රතිපාදනය නොකර අපි මේ කරගෙන යන විදියට පර්‍යේෂණ කරගෙන ගියොත් ශොට් එක හම්බෙනව කියලා. මේක ඇවිල්ලා "Open Letter” එකක්. ඒ කියන්නෙ මෙයාලා මේ ලෙටර් එකෙන් කවුරු හරි ටාගට් ඕඩියන්ස් එකකට දැනුම් දීමක් කරනව, එහෙම දැනුම් දෙන්නේම මේ ලියුම ප්‍රසිද්ධියෙ පබ්ලිශ් කරන අරමුණින්. ඒ කියන්නෙ ඔයාලට උනත් මේකෙ නම ගූගල් කරොත් ඒක කියවන්ඩ සහ sign කරන්ඩ පුලුවන්.
මේකෙ මොකක්ද අභිප්‍රාය?
මොකක්ද දැන් මේ කරන්ඩ හරි කරන්ඩ එපා හරි කියන්නෙ?
මෙයාල කියන්නෙ "We call on all AI labs to immediately pause for at least 6 months the training of AI systems more powerful than GPT-4."
මෙයාලගෙ ඉල්ලීම සරලව ගත්තොත් කෘතිම බුද්ධිය ගැන පර්‍යේෂණ කරන හැම ලැබ් එකකින්ම ඉල්ලනවා අඩුම තරමින් මාස 6ක් යනතුරුවත් GPT4 වලට වඩා පවර්ෆුල් කෘතිම බුද්ධි පද්ධතීන් අත්හදා බලන එක අත්හිටුවන්න කියලා.
කවුද ඕක කරන්නෙ ?
මේ petition එක යන්නෙ නං future of life කියන organization එක හරහා. මේකට දැනට සම්බන්ධ අයව දැක්කම මට නං පුදුමත් හිතුනා. මේකට සම්බන්ධ අයගෙන් සාමාන්‍ය non-tech ජනතාව හොඳටම දන්න කෙනා තමයි Elon Musk. Elon 2018 විතර ඉඳන්ම දත කට මැදගෙන හිටියෙ OpenAI එක අයිති කරගන්න. GPT3 එලියට එද්දිත් ඒක Elon ගෙ නමත් එක්ක පටලල තමයි ප්‍රසිද්ධ උනේ. පස්සෙ තමයි ඒක Elon විසින් fund කරපු project එකක් කියන එක එලියට ආවෙ. බැරි වෙලා හරි Microsoft වෙනුවට Elon OpenAI එකත් එක්ක හවුල් කෑව නං? අද මෙහෙම petition sign කරයිද? මට ඉතිං හරි හිනා
ඇයි මේ කලබලේ?
ඇයි මේ එකපාරටම GPT5 වලට කොක්ක අදින්නෙ? GPT3 වල ඉඳලා 4 වලට අප්ඩේට් වීම ගත්තම ඒක තරමක් විශාල පිම්මක්. මේකෙන් පස්සෙ එන GPT5 එක මේ scale එකේම පිම්මක් උනොත් ඒක out of control වෙයි කියලයි මේ බය. දැනටමත් rumors යනවා GPT4 එක AGI signs පෙන්නනව කියල. ඒ කියන්නෙ Artificial General Intelligence. කෘතිම සාමාන්‍ය බුද්ධිය. මේක තව පැහැදිලි කරොත් AGI කියන්නෙ මනුස්සයෙක් වගේ අලුත් දේවල් වලට හුරු වෙනවා වගේ අදහසක්. මේකෙ කීපොයින්ට් එක තමයි "හිතීම" කියන එක. හරියට මනුස්සයෙක් වගේ.
උදාහරණයකින් පැහැදිලි කරොත් :
ඔයාට ඉන්නව රොබෝ කෙනෙක්. මේකා නෝමල් රොබෝ කෙනෙක් නෙවෙයි. Roomba Robot කෙනෙක් වගේ බිම අතුගාන්ඩවත් chess bot කෙනෙක් වගේ චෙස් අදින්ඩවත් වගේ තනි ටාස්ක් එකක් කරන්ඩ හදපු එකෙක් නෙවෙයි. මුගෙ ලිමිටේෂන්ස් තියෙනව තමයි. ඒ උනාට මුට සෑහෙන්ඩ දේවල් කරන්ඩ පුලුවන් සහ අලුත් දේවල් ඉගෙන ගන්ඩ පුලුවන්. බයිසිකලේ චේන් එක පැන්නම හදන හැටි ඉගැන්නුවොත් උට ඒක එදා ඉඳන් කරන්ඩ පුලුවන්. ආයෙ කියල දෙන්ඩවත් අමුතුවෙන් ප්‍රෝග්‍රෑම් කරන්ඩවත් ඕනෙ නෑ. ඊටත් වඩා ඔයා "ජීවිතේ තේරුම මොකක්ද?" වගේ එකක් ඇහුවොත් කොහෙවත් තියෙන ඩේටාබේස් එකකින් උත්තරයක් ඇදලා අරගෙන කියනවා වෙනුවට ඌ විසින්ම හිතලා උත්තරයක් දෙන්න පුලුවන්. ඔන්න ඕක තමයි AGI කියන්නෙ. මේ AGI එක අපි achieve කරගත්තු දවසක ඒක milestone එකක් වේවි. ඒත් දැනට අපි ඒකට ලෑස්ති නෑ(ලු). ඒකයි(ලු) මේ දැන්ම එව්වට යන්ඩ එපා කියන්නෙ.
මීට අමතරව මේ විරෝධය මතු කරන අයගේ තව point එකක් තමයි OpenAI ලා විසින්ම GPT4 නිසා තර්ජනයට ලක්වෙලා තියෙන job list එකක් ගැන paper එකක් release කිරීම :3 මේකෙ ගල්පැලෙන තර්ක ගෙනාවනෙ එහෙම ජොබ් වලට මොකුත් වෙන්නෙ නෑ කියලා. දැන් උන්ම පේපර් එකකුත් ගැහුවට පස්සෙ මං අහන්නෙ තාමත් කියන්නෙ ජොබ් නැතිවෙන්නෑ කියලද? ඒ නැතිවෙන ජොබ් ලිස්ට් එක ගැන වෙනම පෝස්ට් එකක් දාන්නං. මාව ෆලෝ කරල තියාගන්ඩ
කොහොම උනත් මේ පෙටිෂන් එක කියවන්ඩ හරි ඔයාට සෛන් කරන්ඩෝන නං සෛන් කරන්ඩ හරි "Pause Giant AI Experiments" කියල Google කරල උඩින්ම එන link එකට යන්ඩ. නැත්තං future of life ලගෙ site එකට යන්ඩ.
උපුටා ගැනීම Dewyan Thilakasiri
Code:
https://web.facebook.com/d3wyan/posts/pfbid02xV7xZ4y1bTDJWPW7knUmMQf5rPJ7Sp6gmcRkKWjiYgtqEgFU1BGecsjK8zwkU3el
