ඔය වගේ වැඩ හරියට අඩන්න ඉන්න මිනිහගෙ ඇහැට ඇගිල්ලෙන් ඇන්නා වගේ දේවල්. ඇත්තටම ඔය මිනිස්සු නීතිය කඩන්නත් ඇති. ඒකට නඩු පටලවන්නේ නැතිව ඔය වගේ දඩුවමක් දෙන්නත් ඇති. ඒත් වැඩේ වැරදියි.
මේවා වෙනකන්ම බලාගෙන ඉන්නවා කට්ටියක්, ඒ අයගේ ඇජෙන්ඩා ඉස්සරහට අරගෙන යන්න. ඒ නිසා අපි මෝඩ වෙන්න හොද නැහැ. පාලකයෝ මොන විකාරය කියෙව්වත්, අපි භේදභින්න වෙන්නේ නැතිව, හැමෝටම එක සමානව සළකගෙන ඉන්න පුලුවන් නම්, කාටවත් අපිව අවභාවිතා කරන්න ඉඩක් නැහැ.