Hard Talk with Mr. Tom

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,669
    113
    තොණ්ඩුලන්තය
    [FONT=&quot]
    [/FONT]

    hard_talk.png


    avatar462987_19.gif


    [FONT=&quot]Mr. Tom[/FONT]



    [FONT=&quot]ඔහු[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] එළකිරියට ඔහු දන්නා දේ නොමසුරුව ලබා දීමට සැදි පැහැදී සිටින අයෙක්[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot] එලෙසම එළකිරියට ආදරය කරන්නෙක්[/FONT][FONT=&quot]....[/FONT][FONT=&quot] බොහෝ දෙනෙක්ගේ හිත දිනාගත් අයෙක්[/FONT][FONT=&quot]....[/FONT][FONT=&quot] එළකිරිය [/FONT][FONT=&quot]තුළ සිව් වසරක් රැඳී සිටි ඔහු සමගත් මම සංවාදයේ යෙදුණෙමි[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot] ඔහු ඉතා විවෘතව [/FONT][FONT=&quot]දීර්ඝ වශයෙන් තම අදහස් පළ කරන ලද්දේ අවංක හැගීමෙන් යැයි මම සිතමි[/FONT][FONT=&quot]...

    [/FONT]

    1[FONT=&quot].[/FONT][FONT=&quot] එළකිරිය තුළ කිනම් හෝ සිංහ ලකුණකින් පෙනී ඉන්න සයිබර් හෙළයින් ගොඩයි... ඔබත් එයින් එක හෙලූවෙක්[/FONT][FONT=&quot]... [/FONT][FONT=&quot]ඇත්තටම නියම හෙළකම පෙන්නන්න සිංහයා පිටේ ගහගන්නම ඕනද[/FONT]?

    [FONT=&quot]ඇත්තටම ඕනි නෑ[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot] සිංහල කම තියෙන්න ඕනේ හිතේ වගේම කරන කි‍්‍රයාවල. මම ඔය සිංහ ලකුන එළකිරියේ මාව අදුන ගන්න සංකේතය විදිහට යොදා ගත්තේ හේතු දෙකක් නිසා. එකක් තමයි සිංහ ලකුණ කියන එක පුරාතනයේ ඉදලා අපේ මිනිස්සු භාවිතා කරපු[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] සිංහලයාගේ අනන්‍ය ලකුණ වීම. පළවෙනි කාරනෙත් එක්ක බද්ධ වුනු දෙවෙනි කාරනය තමයි අපි ඉස්කෝලේ යද්දි බැජ් එක ෂර්ට් එකට තියලා මහ ගන්නේ ඇයි[/FONT]? [FONT=&quot]ඒ අපි අපේ ඉස්කෝලේ කියලා කියන්න ඕනෙ නිසා. ලංකාවේ ග‍්‍රවුන්ඞ් එකක මැච් එකක් තිබ්බත් අපි ගීගින් සිංහ කොඩිය වනන්න් ඇයි[/FONT]? [FONT=&quot]ඒ අපි ලාංකිකයෝ කියලා පෙන්නන්න ඕනෙ නිසා. ඒ වගේ මම එළකිරියේ මාව නියොජනය කරන රූපය හැටියට සිංහ ලකුනක් යොදා ගත්තේ සිංහලයෙක් කියලා පෙන්වන්නත් එක්කම තමයි. මොකද මගේ ඇත්ත මූන දාන්න බෑනේ. ඉතිං මාව නියෝජනය කරන බැජ් එක ඕක. ඔය තටු තියන රූපයක් යොදා ගත්තෙ වගේම සිංහ රූපයට රතු දැම්මේ වෙන කෙකෙනෙක්ගේ සිංහ රූප එක්ක මේක වෙනස් වෙන්න ඕනෙ නිසා. එතකොටනේ මේකේ හිතවතුන්ට මාව අදුර ගන්න ලේසි.[/FONT]

    [FONT=&quot]අනිත් කාරනය ඔය සිංහ ලකුන දාගන්න කාලය වෙනකොට සිංහලේ කියන බැජ් එක කව්රුවත් පාවිච්චි කරේ නෑ. මම දන්න තරමින් ඒ කාලේ කිරියේ සිංහ රූපයක් භාවිතා කලේ රත්තරං විතරයි. වෙන අය හිටියනම් දැකපු නැති එක ගැන කණගාටු වෙනවා.[/FONT]

    [FONT=&quot]ඔයාලට හිතෙයි ඇයි මේ ටොම් වගේ නමක් භාවිතා කලේ කියලා. ඒක නම් උනේ අහම්බෙන්. මොකද මම [/FONT]2009[FONT=&quot]ල [/FONT]2011[FONT=&quot] වගේ කාළවල එළකිරියේ එකව්න්ට් දෙකක් හැදුවා මතකයි. ඒවගෙන් [/FONT][FONT=&quot]thread[/FONT][FONT=&quot] හෝ පෝස්ට් දාලා නෑ. එහෙම එකව්න්ට් හැදුවටමොකද ඒවට දාපු නම් වත් මට මතක නෑ. ඉතිං ආයිත් වාරයක් එළකිරියට ආවම මතක් වෙන නමක් දාලා එකවන්ට් එකක් හදන්න හිතුවා. ඉතිං මේ එකව්න්ට් එක හදපු දවස් වල මම ටොම් ඇන්ඩ් ජෙරී කාටූන් එකේ ටොම් ගේ [/FONT][FONT=&quot]3D[/FONT][FONT=&quot] මොඩ්ල් එකක් හද හද හිටියේ. ඒ දවස්වල හිතේ තිබුන චරිතේ අර ටොම් නිසා තමයි මේ නම යූසර් නේම් එක විදිහට පාවිච්චි කරේ.[/FONT]


    2
    [FONT=&quot]. බොහෝ විට කිසිදු ඇහිල්ලක් බැලිල්ලක් නැතිව වෙන සයිට්වලින් ගන්න දේවල් ගෙඩි පිටින්ම එළකිරියේ අත හරින්නේ ඇයි...[/FONT]?


    [FONT=&quot]එහෙම නම් කරන්නෙ නෑ.... මම මුල් කාලයේ සමහර පුවත් වගේ දේවල් ලංකාවේ පුවත් අඩවි වලින් අරං එළකිරියේ පල කරා. ඒ හැම තැනකදිම මම ඒ සයිට් එකේ නම දැම්මා. ඒ හැර විදේශීය වෙබ් අඩවි වලින් ගත්තු ප්රියෝජනවත් රූප වගේ ඒවා නම් සෝස් එක නැතුව ඵල කරලා තියනවා. ඔය වගේ කාරනා කීපයක් හැරුනම මම පල කරපු බහුතරයක් [/FONT][FONT=&quot]thread[/FONT][FONT=&quot] මම හදපුවා.[/FONT]


    3
    [FONT=&quot]. මම එහෙම චෝදනා කළේ ඔබ විටෙක [/FONT][FONT=&quot]thread[/FONT][FONT=&quot] එකක් පළ කරනවා සී නිව්ස් වලට බැනල... හැබැයි තවත් [/FONT][FONT=&quot]thread[/FONT][FONT=&quot] මගින් හිස් ප‍්‍රලාප ගෙඩි පිටින්ම ප‍්‍රසිද්ධ කරනවා මූලාශ‍්‍රය සී නිව්ස් කියලා...[/FONT]? [FONT=&quot]මඤ්ඤං ද[/FONT]?


    [FONT=&quot]ටිකක් මඤ්ඤං කිව්වොත් වැරදි නෑ. ඒක ඉතිං පෘතග්ජන ස්වභාවයනේ.මම ටීවි එකේ යන නිව්ස් බලන්නෙ නැති තරම් ඒ ඒවගේ බලන්න දේවල් නැති නිසා.[/FONT][FONT=&quot]පුරුද්දක් විදිහට ඔන්ලයින් නිව්ස් තියන සයිට් ටිකක් බලනවා. ඊට අමතරව ඉරිදා ලංකාදීප පත්තරය බලනවා. ඒවා ඉතිං මිනිහෙක්ගේ සාමාන්ය දැනීමට එපැයි. ඉතිං ඔහොම ඔන්ලයින් නිව්ස් බලන අතරේ මොකක් හරි මට දැනෙන නිව්ස් එකක් දැක්කොත් මේකේ ෂෙයා කලා. [/FONT]

    [FONT=&quot]ඒවා ෂෙයා කරද්දි මම සෝස් එක දැම්මේ ඒක කර්තෘ අයිතිය සුරැකීමක් වෙන නිසා. මම ඔය කියන නිව්ස් සයිට් එකට බැනලා [/FONT][FONT=&quot]thread[/FONT][FONT=&quot] එක දැම්මෙ නම් [/FONT]2014[FONT=&quot] දි. ඒ බැන්නේ ඒකේ ගිය නිව්ස් එකකට. මොකද ඒ දවස්වල ලංකාවේ ෆේස්බුක් බ්ලොක් කරන්න මාන බල බල හිටියා වගේ හැගීමක් ඔන්ලයින් ඉන්න අයට දැනුනා. ඒකට උඩගෙඩි දෙන ආටිකල් දැම්මට තමයි ඒ මම බැන්නේ. නමුත් ඒ වගේ දාපු අනවශ්ය [/FONT][FONT=&quot]thread[/FONT][FONT=&quot] ගැන මම කණගාටු වෙනවා. දැන් නම් කොහොමත් මම නිව්ස් ශෙයා කරන්නෙ නෑ. ඉදිරියට ආයි නිව්ස් ෂෙයා කරන්න බලාපොරොත්තුවකුත් නෑ. [/FONT]

    [FONT=&quot]ඒ විතරක් නෙවෙයි පස්ස හැරිලා බලද්දි මේ [/FONT][FONT=&quot]thread [/FONT][FONT=&quot]එක මම දැම්මේ ඇයි කියලා ලැජ්ජ හිතෙන වර්ගයේ [/FONT][FONT=&quot]thread[/FONT][FONT=&quot] කීපයකුත් මගෙන් පල වෙලා තියනවා. [/FONT][FONT=&quot]([/FONT][FONT=&quot]කාන්තා අඩනිරුවත හෝ කුණුහරුප නම් නෙවෙයි.[/FONT][FONT=&quot])[/FONT][FONT=&quot] ඒත් ඒ [/FONT][FONT=&quot]thread[/FONT][FONT=&quot] ගැන අද මම කණගාටු වෙනවා. කලින්ට වැඩියෙන් දැන් මම වයසින් පරිණත වෙලා. එළකිරිය තුලින් ඔන්ලයින් ඉන්න හැටි ගැන මම පරිනත වෙලා. ඒ විතරයි නෙවෙයි එළකිරිය තුළින් මම ජීවිතයේ යම් යම් දේවල් ගැනත් හොද අවබෝධයක් ලබාගෙන තියනවා. [/FONT]


    4
    [FONT=&quot]. ඔබ නිවන [/FONT][FONT=&quot]step by step follow[/FONT][FONT=&quot] කරල දැන් අනාගාමි ඵලයට පත්වෙලා හෝ ඒ ආසන්නයේ ඇති නේද...[/FONT]?


    [FONT=&quot]එච්චර පිනක් මට තියනව නම් කොයි තරම් දෙයක්ද... අනාගාමී තියා සෝවාන් ඵලය ලගටවත් එන්න මට මේ මුළු ජීවිත කාලෙදිම පුලුවන්වෙයිද දන්නෙ නෑ. මම බෞද්ධ පොත් කියවලා ධර්මය ටික ටික හරි තේරුම් ගන්න[/FONT][FONT=&quot]උත්සාහ කරනවා.[/FONT]


    5
    [FONT=&quot]. ඔබ විටින් විට සාමාජිකයින්ගෙන්ඉල්ලලා ඇති ධර්ම ග‍්‍රන්ථ අනුව තවමත් ඔබ ධර්මය හොයල ගොඩ ගහගන්නවා මිසක ඒක අවබෝධ කරගන්න උත්සාහයක් අරගෙන නෑ කියලා මට හිතෙනවා..... හැට පැන්නට පස්සේ බෝතල් කණ්ණාඩියෙන් කියවන්න ද ශ‍්‍රවණාධාරවලින් අහන්න ද ඕවා එකතු කරන්නේ....[/FONT]?


    [FONT=&quot]නෑ.... මම දැනටත් ධර්මය පරිශීලනය කරනවා. මම ඔන්ලයින් ධර්ම ග‍්‍රන්ථ ෂෙයා කලේ ධර්ම දානය අනෙක් හැම දානයකටම වඩා උතුම් කියන චේතනාවෙන්. ඒවා වෙන තැන් වලින් ගත්තු ඒවා තමයි. ඒත් ඒ හැමදෙයක්ම එළකිරියේ [/FONT][FONT=&quot]thread[/FONT][FONT=&quot] එකක් විදිහට එකතු කරාම මේකේ අයට ඩව්න්ලෝඩ් කරලා බලන්න ලේසීනේ. ධර්ම පරිශීලනය කරවන්න පොළඹවන්න [/FONT][FONT=&quot]thread[/FONT][FONT=&quot] දැම්මෙත් ධර්ම දානයේ උත්තරීතර බව දන්න නිසා. ඒ [/FONT][FONT=&quot]thread [/FONT][FONT=&quot]එකකින් මමබලාපොරොත්තු වෙන එකම දේත් නිවන් දැකීම ටිකක් හරි ඉක්මන් කර ගැනීම.[/FONT]

    [FONT=&quot]මම ඔන්ලයින් විතරක් නෙවෙයි ඔහොම දහම් පොත් පති‍්‍රකා බෙදන්නේ. මම හැම වෙසක් පොයකටම අහල පහල පන්සල් වල සිල් සමාදන් වෙන උපාසක උපාසිකාවන්ට දහම් පොත්[/FONT][FONT=&quot]පති‍්‍රකා මුද්‍රණය කරලා බෙදනවා. ඒ වැඩේ මම පටන් ගත්තේ මගේ අතේ සල්ලි නැතිකාලේ. එතකොට මම [/FONT][FONT=&quot]A[/FONT]4[FONT=&quot] පැකට් දෙකක් ගෙදර ගෙනත්[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]screen printing[/FONT][FONT=&quot] ක‍්‍රමයට මගේ අතින්ම එක එක කොලේ ගානේ මුද්‍රණය කරලා පොඩි පොත් හදලා ගිහින් පන්සලේ බෙදනවා. ඒ එක පති‍්‍රකාවකටවත් මම මගේ නම නොදා බෙදන්නේ ඒ වගෙන් මම ප‍්‍රසිද්ධිය නෙවෙයි අවසානයේ නිවන විතරක් අරමුණු කරන නිසා. ඔය අරමුනෙන් තමයි එළකිරියෙත් දර්ම ප‍්‍රචාරයක් කරා නම් කලේ.[/FONT]


    6
    [FONT=&quot]. ඉතාම සරල[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] සෘජු අරුත මනාව මතුපිටින් පෙන්වන ගීයකට පොඞ්ඩක් අතින් වචන දාලා ලියන එක ගීත රසාස්වාදනයක් කියල ඔබ හිතනවා ද[/FONT]?


    [FONT=&quot]නෑ.... ගීත රසාස්වාදනය කියන්නේ ඊට වඩා බොහෝම නිර්මාණශීලී[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]සාහිත්‍යයම හැගීම් අවදිකිරීමකට. මම අදුනන අයගෙන් ඒ වැඩේ හොදට කරන්න දන්නේ දත් කිඹුලා සහ[/FONT][FONT=&quot]සස්ලිට් කියන දෙන්නා විතරයි.[/FONT]


    7
    [FONT=&quot]. මම දැක්කා ඒ වගේ ඉතා ලාමක මට්ටමින් සරල ගීත කීපයකට රසාස්වාදනයක් ලියල ප‍්‍රබුද්ධකම පෙන්නන්න ඔබ වෙහෙස වෙලා තියෙනවා..... ඇයි ඒ...[/FONT]? [FONT=&quot]ගැඹුරු[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] සංකීර්ණ ගීයකට අරුත් සපයන්න ඔබ බය ද[/FONT]?


    [FONT=&quot]ඔව් ඇත්තටම බයයි.... අමරදේව මහත්තයගේ [/FONT]"[FONT=&quot]බඹරෙකු ආවයි[/FONT]" [FONT=&quot]ගීතය රසාස්වාදනය කරන්න කියලා මට දුන්නොත්[/FONT][FONT=&quot]තරු විසි වෙයි. ඉතිං බැරි වැඩ නොකරන් අබරෝ කියලා කතාවටත් කියන නිසා[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] මම සරළ ගීත ටිකක් අරං මට පුලුවන් හැටියට ඒවාට රසාස්වාදනය කරන්න උත්සාහ කලා. බෑ කියලා නිකන්ම ඉන්නවට වඩා එහෙම වත් උත්සාහයක් දරපු එක හොදයි නේද[/FONT]? [FONT=&quot]පේ‍්‍රමකීර්ති ද අල්විස් මහත්තයා මෙහෙම ලිව්වේ නිකං නෙවෙයිනේ[/FONT]

    [FONT=&quot]බැහැයි කියල බැහැයි කියල බෑ - බෑ කියලා බැරිය මලේ[/FONT]
    [FONT=&quot]බෑ කියලා බැරිය නඟේ - බෑ කියලා බෑ බෑ බෑ...[/FONT]

    [FONT=&quot]මට ඕනේ උනේ ඒ වගෙන් ප‍්‍රබුද්ධත්වයක් පෙන්වන්න නෙවෙයි මට ඒ දේ කරන්න පුලුවන්ද කියලා බලන්න. [/FONT]

    [FONT=&quot]සිංහල භාෂාව ගැන මගේ තියන දැනුම ප‍්‍රමාණවත් මදි. සිංහලයෙක් වෙලත් මගේ මව් භාෂාව ඔය කිඹුලට වගේ බැරි වීම ගැන මට කණගාටුයි. සිංහල සාහිත්ය[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] විෂයයක් විදිහට හදාරලා තිබුන නම් සමහර විට මම මීට වඩා හොදට බස හසුරුවයි.[/FONT]


    8
    [FONT=&quot]. ඔබගේ වාහන සම්බන්ධ [/FONT][FONT=&quot]thread[/FONT][FONT=&quot] හා[/FONT][FONT=&quot] වයරිං [/FONT][FONT=&quot]thread[/FONT][FONT=&quot] කිහිපය හැරුනම අනෙක් ඒවා මෙලෝ රහක් නෑ කියල මම කියනවා....එහෙම බලපුවහම ගොඩක් අය ඔබව පිම්බුවාට අවුරුදු හතරටම කරල තියෙන්නේ සොච්චමක්[/FONT][FONT=&quot]කියල හිතෙන්නේ නැද්ද[/FONT]?


    [FONT=&quot]ඔබේ ප‍්‍රකාශයට මම එකග වෙන්නෙ නෑ.... මම එළකිරියෙන් ගත්තු දේවල් වලට සාපේක්ෂව නම් මම මේකට දුන්නු[/FONT][FONT=&quot]දේවල් සොච්චමක්[/FONT][FONT=&quot]විතරයි. නමුත් මම පල[/FONT][FONT=&quot]කරපුවගෙන් වාහන සහ වයරිං හැරුනම අනිත් හැම [/FONT][FONT=&quot]thread [/FONT][FONT=&quot]එකක්ම[/FONT], [FONT=&quot]මෙලෝ රහක් නෑ[/FONT], [FONT=&quot]කියන ගනයට දානවට මම විරුද්දයි. [/FONT][FONT=&quot]"[/FONT][FONT=&quot]මෙලෝ රහක් නෑ[/FONT]" [FONT=&quot]කියන[/FONT][FONT=&quot]ගනයේ ඒවත් මම දාලා නැතුව නෙවෙයි. නමුත් ඒ තත්වයේ නැති තව [/FONT][FONT=&quot]thread[/FONT][FONT=&quot] මම ඵලකරලා තියනවා. උදාහරණ විදිහට [/FONT]"[FONT=&quot]බව්ත් එකක් ගමු[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] හරියට පාස්සමු[/FONT]" "[FONT=&quot]විසි නොකරන බල් එකකින් ගේ එලිය කරමු[/FONT]" "[FONT=&quot]එලකිරි රේඩියෝවට නැවතත් පණ දෙන්නට නම්[/FONT]"

    [FONT=&quot]ඔය හැම එකකටම රිප්ලයි [/FONT]100[FONT=&quot] ට වැඩී සමහර ඒවට [/FONT]200[FONT=&quot] ට වැඩී. එළකිරි රේඩියෝව වෙනුවන් කරපු [/FONT][FONT=&quot]thread[/FONT][FONT=&quot] එකට [/FONT]800[FONT=&quot] ට වැඩී. මේකේ සාමාජිකයෝ[/FONT],[FONT=&quot]මෙලෝ රහක් නෑ[/FONT], [FONT=&quot]කියන[/FONT][FONT=&quot]ගනයේ [/FONT][FONT=&quot]thread[/FONT][FONT=&quot] එකකට ධනාත්මක රිප්ලයි [/FONT]50[FONT=&quot] න් එහාටවත් යන්න දෙයිද[/FONT]? [FONT=&quot]වාහන සම්බන්ධ මාතෘකාව කියන්නේ මගේ විනෝදාශයක්. ඒ නිසා ඒ සම්බන්ධව[/FONT][FONT=&quot]දාන [/FONT][FONT=&quot]thread[/FONT][FONT=&quot] වල සාරය වැඩි ඇති.[/FONT]


    9
    [FONT=&quot]. ඔබත් අර ප‍්‍රසිද්ධ ගැන්සියේ සාමාජිකයෙක් නේද...[/FONT]? [FONT=&quot]උනුන් පිට කසා ගන්න තාක්කල් කාගෙවත් හොරි හොඳ වෙන්නෙත් නෑ.... වටේ ඉන්න අයට සැනසිල්ලකුත් නෑ නේද...[/FONT]?


    [FONT=&quot]නෑ..... මම ඔය ඔබ අදහස් කරන ගැන්සියේ සාමාජිකයෙක් නෙවෙයි. මම අයිති වෙන්නේ එළකිරියේ වාහන සම්බන්ධ ගැන්සියට. ඔය ඔබ කියන ප‍්‍රශ්නයට මැදිහත් වෙන්න මට ලැබුනෙ නෑ. ඒකට හේතුව ඔය ප‍්‍රශ්නයේ මුලක් මැදක් අගක් මම දන්නේ නැති වීම. එකපාරම මැදට පැනලා පිස්සු බල්ලා වගේ හපාගන හපාගන යන්න ගියොත් වෙඩි කන්න වෙනවනේ. ඉතිං මම ඔය කියන [/FONT][FONT=&quot]thread [/FONT][FONT=&quot]වලට රිප්ලයි කලේ නෑ. මුලින් දැක්කා නම් ඒ පාර්ෂව දෙක සමතයකට පත් කරවන්න උත්සාහකරනවා මිස හුරේ දාලා පහත් රසවින්දනයක් ලබන්න තරම් මම පහලට වැටිලා නෑ. කොහොම උනත් ඔබ ඔය කියන ප‍්‍රසිද්ධ ගැන්සියේ ඉන්නේ එළකිරියේ මගේ ළගම හිතවතුන්. නමුත් ඔය ප‍්‍රශ්නයමොකද්ද කියලා දිග ඇරලා බලන්නවත් මට වෙලාවක් තිබුනේ නෑ.[/FONT]


    10[FONT=&quot]. හැබැයි ඔබ හොරි කසන්නේ ජාම බේරගෙන කියල ටිකක් සූක්ෂමව බැලූවොත් පේනවා... මම වැරදි නම් ඔබ නිවැරදි කරන්න....[/FONT]

    [FONT=&quot]ඔබ වැරදී...... මට ජාමේ බේර.න්න කියලා විශේෂ දෙයක් නෑ. මම හොරි කසන්නෙත් නෑ. හොදයි කියන්න ඕනෙ කෙනාට මම හොදයි කියනවාල ගරු කරන්න ඕනෙ කෙනාට මම ගරු කරනවා. යම් කෙනෙක් වැරැද්දක් තේරුම් ගන්න පුලුවන් මානසිකත්වයක ඉන්නවා කියලා හිතෙනව නම් ඒකෙනාට වැරද්ද පෙන්නලත් දෙනවා. මගේ යාලුවන්ට නම් මොන මානසිකත්වයේ හිටියත් මම කියන්න දෙයක් තියනව නම් [/FONT][FONT=&quot]pm[/FONT][FONT=&quot] මාර්ගයෙන් කියනවා. යාලුවන්ට දෙයක් කියන්න අඩබෙර ගහන්න ඕනෙ නෑනේ.[/FONT]
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,669
    113
    තොණ්ඩුලන්තය
    11[FONT=&quot]. රෙප් එකක් දෙකක් කැපුවම නාහෙන් අඩන ගතියකුත් ඔබගේ අතීතය දිහා බැලූවම හොයා ගන්න පුලූවන්.... හැම කෙනෙක්ම හැමදාම ඔබව ඉහළට ඔසවා තැබිය යුතුයි කියල හිතනවද[/FONT]?

    [FONT=&quot]බිල්ගේට් කියලා තියනවා[/FONT], [FONT=&quot]සමාජයට ඔබේ ආත්ම අභිමානයෙන් ඵලක් නැත[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] ලෝකය ඔබට ඔබ[/FONT][FONT=&quot]ගැන ආඩම්බර වෙන්න ඉඩ දෙන්න කලින් ඔබෙන් යම් කිසි යහපත් දෙයක්[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] යම්[/FONT][FONT=&quot]නිපුනතාවක් බලාපොරොත්තු වෙනවා [/FONT][FONT=&quot]කියලා. ඉතිං එළකිරියේ ඔය ඔබ කියනවා වගේ මාව[/FONT][FONT=&quot]ඉහළට එසවීමක් තියනව නම් ඒ දේ මට නිකන්ම ලැබෙයිද[/FONT]? [FONT=&quot]මගෙන් ඒ මිනිස්සුන්ගේ හිත්වලට යහපත් දෙයක් එක වචනෙකින් හරි ලැබුන නිසා නේද එහම එසවීමක් තියනවනම් තියන්නේ. [/FONT][FONT=&quot]([/FONT][FONT=&quot]මම දන්නෙ නෑ එහෙම එසවීමක් තියනවාද කියලා. ඔබ කිව්ව නිසයි උත්තර දුන්නේ.[/FONT][FONT=&quot])[/FONT]

    [FONT=&quot]ඔබ ඔය[/FONT][FONT=&quot]ප‍්‍රකාශයෙන්[/FONT][FONT=&quot]අදහස් කලේ මම දාපු [/FONT]"[FONT=&quot]එලකිරියේ සතුරන් ඇති කර ගැනීමට ඇති අකමැත්ත[/FONT][FONT=&quot]"[/FONT][FONT=&quot]කියන [/FONT][FONT=&quot]thread[/FONT][FONT=&quot] එක වෙන්න ඕනේ. ඔතනදි මම කණගාටු උනේ රෙප් කැපීම සම්බන්ධව නෙවෙයි. මේකේ මාව පෙන්නන්න බැරි පිරිසක් සිටීම ගැන. ඒකට යම් ඉවෙන්ට් එකක් සංවිධානය කරද්දි මම ගත්තු වැරදි තීරණයක් බලපෑවා. ඒක මම පිළිගන්නවා. ඒ වගේම එතන දි ගත්තු වැරදි තීරණ ගැන පසුතැවිලි වෙනවා. ඒක නම් උනේ මම [/FONT][FONT=&quot]GTRZ [/FONT][FONT=&quot]සහ දත් කිඹුලා දුන්නු උපදෙස් පැත්තකින් තියලා තනි තීරණ ත්ත්තු නිසා. ඒ වැරැද්ද මගේ.

    [/FONT]

    12[FONT=&quot]. බොහෝ [/FONT][FONT=&quot]mp3 [/FONT][FONT=&quot]වලට ඔබගේ [/FONT][FONT=&quot]avatar[/FONT][FONT=&quot] එක ඇතුල් කරල[/FONT][FONT=&quot]ප‍්‍රසිද්ධ කරන්නේ ඒ ගීතයට ඔබට ඇති මොන අයිතියක් කියා පාන්නද...[/FONT]? [FONT=&quot]ඒක ටිකක් අශෝභන වැඩක් කියල හිතෙන්නේ නැද්ද...[/FONT]?

    [FONT=&quot]නෑ..... ටීවි චැනල්[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] රේඩියෝ චැනල් වලින් ගිත දාද්දි මැදට ඇඩ් දානවා. සිංදු කෑලි[/FONT][FONT=&quot]කපනවා[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] රස වින්දනය විනාස කරනවා. ඒ මොන අයිතියකටද[/FONT][FONT=&quot]?[/FONT][FONT=&quot] සමහර වෙබ් සයිට් වලින් සිංදු දාද්දි එයාලගේ සයිට් එකේ නම මැදින් කියනවා ඒ මොන අයිතියකටද[/FONT]? [FONT=&quot]ඒ ඒ[/FONT][FONT=&quot]සිංදුව එයාලා පල කරන නිසා. ඉතිං ඔය සිංදු මම අප්ලෝඩ් කරලා [/FONT][FONT=&quot]thread[/FONT][FONT=&quot] දැම්මා.[/FONT][FONT=&quot]මම කරපු එකම දේ සිංදුවේ මෙටා ඩේටා වලට මගේ [/FONT][FONT=&quot]avatar[/FONT][FONT=&quot] එකත් එළකිරියේ නමත් දාපු[/FONT][FONT=&quot]එක. ඒක කොහොමද අශෝබන වෙන්නේ. ඒකෙන් රසවින්දනයට බාදාවක් වෙනවද[/FONT]? [FONT=&quot]නෑනේ. ඒ මෙටා[/FONT][FONT=&quot]ඩේටා එකට අකමැති කෙනෙක් ඉන්නව නම් ඕනිම මෙටා ඩේටා එඩිටරයකින් ලේසියෙන්ම ඒක අයින් කර ගන්න පුලුවන්. ටීවි චැනල්[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] රේඩියෝ චැනල් කරන වැඩ වල හැටියට මම කරපු වැඩේ අසාධාරන නෑ කියලා හිතනවා.
    [/FONT]



    13[FONT=&quot]. ඔබට එළකිරිය කිවූ සැනින්ම මතක් වන සාමාජිකයින් පස් දෙනා කවුරුන්ද[/FONT]? [FONT=&quot]ඒකට හේතුවත් ටිකක් කියමු....[/FONT]?

    [FONT=&quot]ඔන්න බොලේ උත්තර දෙන්න බැරි[/FONT][FONT=&quot]ප‍්‍රශ්නේ.... එළකිරියට දායකත්වය දක්වපු මිනිස්සු සිය දහස් ගණනක් ඉන්නවා. සමහරු [/FONT][FONT=&quot]thread [/FONT][FONT=&quot]වලින් වටිනා ආටිකල් මේකට එකතු කරනවා[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] තව සමහරු වෙන අයගේ [/FONT][FONT=&quot]thread[/FONT][FONT=&quot] වලදි පෝස්ට් විදිහට මිල කළ නොහැකි උපදෙස් සපයනවා. සමහරු එළකිරියෙන් එළියට බැහැලා මේක තුළ ඇති[/FONT][FONT=&quot]කරගන්න සංවිධාන මගින් මුලු මහත් සමාජයටම සේවයක් කරනවා. ඔය ඉස්කෝලේ ළමයින්ට පොත් බෙදා දීම එක උදාහරණයක් විතරයි. සමහරු තමන්ගේ කාලය[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] ශ‍්‍රමය විතරක් නෙවෙයි මුදලුත් වියදම් කරගෙනල මේකේ උන් වෙනුවෙන් විවිධ වැඩසටහන් කරනවා. සමහරු ඉන්නවා[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] තියන්නේ එකම එක නිල් කොටුවයි. පෙන්න එළකිරියට දායකත්වයක් දක්වන්නෙ නෑ. ඒත් මෙකේ කෙනෙක්ගේ යම්[/FONT][FONT=&quot]ප‍්‍රශ්නයක් දැකපු[/FONT][FONT=&quot]ගමන්[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] තමන්ට කරන්න දෙයක් තියනව නම් ඇවිත් [/FONT][FONT=&quot]pm[/FONT][FONT=&quot] මාර්ගයෙන් හෝ උදව් කරනවා. මටත් පුද්ගලිකව එහෙම උදව් ලැබිලා තියනවා. ඒ වගේ දේවල් මුදල් වලින් මනින්න බෑ. ඒ කිසි දෙයක් කරන්නේ ලාභ ලබන්න නෙවෙයි. ඒ ඒ සාමාජිකයන්ගේ තියන මනුස්සකම.[/FONT][FONT=&quot]ඉතිං මේ මිනිස්සුන්ට ගරු කරන්න ඕනෙ නේද‍[/FONT]?

    [FONT=&quot]ලංකාවේ මානව සම්පත අතින් වටිනාම වෙබ් අඩවියක් තියනව නම් ඒ එළකිරිය විතරයි.[/FONT][FONT=&quot]අනිත් රට වලදි නම් මම දන්නෙ නෑ නමුත් ලංකාවෙදි [/FONT][FONT=&quot]FB[/FONT][FONT=&quot] එකේ වත් එළකිරියේ තරම්[/FONT][FONT=&quot]හොද මිනිස්සු නෑ. මේකේ ඉන්න මිනිස්සුන්ගේ මූනු පේන්නෙ නෑ. බහුතරයකගේ ඇත්ත නම් ගම් නෑ. ඒත් කරන හොද වැඩ මිල කරන්න බෑ. ඒවට ඇගයීම් දෙන්න තරම් වත් මගේ ලග තියන වචන පොහොසත් නෑ.[/FONT]


    14
    [FONT=&quot]. [/FONT][FONT=&quot]Mr. Tom[/FONT][FONT=&quot] සැබෑ ජීවිතයේ දී කොහොම චරිතයක් ද[/FONT]? [FONT=&quot]ඔබගේ පෞද්ගලික ජීවිතය ගැන දැන ගන්නත් සාමාජිකයින් කැමති ඇති... පොඞ්ඩක් විතර කියමුද[/FONT]?


    [FONT=&quot]මම වෘතියෙන් උසස් පෙළ ගුරුවරයෙක්. දවසේ වැඩි වේලාවක් ගත[/FONT][FONT=&quot]කරන්නේ [/FONT]12[FONT=&quot], [/FONT]13[FONT=&quot] වසරවල ලමයි එක්ක. ඒ වගේම මේ ළමයින්ට අවශ්‍ය නිබන්ධන[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] ප‍්‍රශ්න පත‍්‍ර වගේ දේවල් හදන්න. මේ ළමයින්ට අධ්‍යාපනයට අමතරව පුලුවන් තරම් යහපත් ගුණදර්ම පුරුදු කරවන්න මම උත්සාහ ගන්නවා. ඒකට මමත් ඒ ළමයින්ට[/FONT][FONT=&quot]ආදර්ශමත් විදිහට ජීවත් වෙනවා. මම දුම් වැටි[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] මත්පැන් භාවිතා කරන්නෙ නෑ.[/FONT][FONT=&quot]මෙකද මම ළමයින්ට ආදර්ශමත් වෙන්න එපැයි. අනිත් එක මම මගේ ශරීර සෞඛ්‍ය ගැන[/FONT][FONT=&quot]හිතනවා වගේම පන්සිල් වත් රකින්න උපරිම මහන්සි වෙනවා. [/FONT]

    [FONT=&quot]මත්පැන් භාවිතා කරන්නෙ නෑ කියලා ඒක මගේ ජීවිතේ විනෝදයටල ආශ්වාදයට බාදාවක්[/FONT][FONT=&quot]නෙවෙයි. මම විවේක වෙලාවල්වලට සිංදු අහනවා[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] වයිෆ් එක්ක කොහේ හරි [/FONT][FONT=&quot]Trip [/FONT][FONT=&quot]එකක් යනවා[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] ෆිල්ම් එකක් බලන්න හෝල් එකකට යනවාල කොන්සට් එකක් බලන්න යනවා බොහෝම සතුටින් කාළය ගෙවනවා. වාහනේට තෙල් ටිකක් ගහගන කොහේ හරි යන එක මගේ පි‍්‍රයතම විනෝදාංශයක්. ඒ වගේම අලුත් අලුත් දේ ඉගෙන ගන්න මම ගොඩක් කැමතී. විවිධ අත්හදා බැලීම් කරන්න. සමාජයේ මිනිසුන් අධයයනය කරන්න මම කැමතී. [/FONT]

    [FONT=&quot]තාමත් මට යාලුවන්ට ඉන්නේ ඉස්කෝලේ කාලේ හිටපු යාලුවෝ තමයි. තව ඔන්ලයින් ඒ කිව්වේ එළකිරිය හරහා ඇතිවුන යාලුවෝ පිරිසකුත් ඉන්නවා. ඒ අයගෙන් සමහර අයව ඔන් ලයින් විතරක් නෙවෙයි ඉන් එහාටත් මිත‍්‍රකම් පවත්වගෙන යනවා.කොච්චර යාලුවෝ හිටියත් හොදම යාලුවා වයිෆ් විතරයි. යාලුවන්ට අමතරව සිය දහස් ගණනක් ළමයින්ව තමයි මම ආශ‍්‍රය කරන්නේ. [/FONT]

    [FONT=&quot]මනුස්සයෙක් සමබර වෙන්න ඕනේ කියලා මම හිතනවා. පිරිමියෙක් උනාම යම් මට්ටමක කාර්මික දැනුමක් තියෙන්න ඕනේ[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] යම් කලා හැකියාවක් වැඩිදියුණු කරගන්න ඕනේ[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] ගීතයක් හෝ කවි නිසදැස් රස විදින්න තරම් සාහිත්යමය හිතකුත් තියෙන්න ඕනේ[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] ධර්මය පරිශීලනය කරන්නත් ඕනේ සටන් කළාවක් හදාරලා තියෙන්න ඕනේ[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] තව පීනන්න පුලුවන් වෙන්න ඕනේ. ඔන්න ඔහොම සමබර වෙන්න ඕනේ විවිධ අංශ ගැන ඉස්සර අපේ පොල්වත්ත මිත‍්‍ර කියනවා. මම බලන්නේ හැම අතින්ම මගේ ජීවිතේ සමබර කර ගන්න. මට පීනන්න නම් බෑ. නමුත් පුළුවන් දේවල් කරලා ජීවිත ගමන හෙමින් ඉස්සරහට[/FONT][FONT=&quot]ගෙනියන්න බලනවා. [/FONT]

    [FONT=&quot]මම හොද කෙනෙක්ද නරක කෙනෙක්ද කියල නම් දන්නෙ නෑ. නමුත් මම කැමති මිනිස්සුන්ගෙන් හොදයි කියන නම අහගන්න. ඒක නරකයි කියන නම අහගන්නවට වඩා අමාරු වැඩක්නේ. ඊටත් වැඩිය අමාරුයි දිගටම හොදයි කියන තත්වයේ රැදෙන්න. දවසක මම මරුණු දාට අවංකවම මිනිස්සුන්ගේ හිත්වල හැගීමක් පහල උනොත් මම හොද මිනිහෙක් කියලා ඒක තමයි මගේ[/FONT][FONT=&quot]ජයග‍්‍රහණය [/FONT]


    15
    [FONT=&quot]. කතාවක් තියෙනවා එළකිරියේ දැන්හිට් වෙන්නේ අසහනකාරයින් මිසක ප‍්‍රබුද්ධයින් නෙවෙයි කියලා... එළකිරිය දැන්[/FONT][FONT=&quot]සම්පූර්ණයෙන්ම මඤ්ඤං උයනක් වෙලා ද[/FONT]?


    [FONT=&quot]කොහෙත්ම නෑ.... එළකිරිය කියන්නේ අපි ජීවත් වෙන ඇත්ත සමාජයේ එක පැතිකඩක්. විවිධ වර්යේ මිනිස්සු මේකෙ ඉන්නවා. ඒක එදත් එහෙමයි අදත් එහෙමයි. අසහන කාරයින් විතරක් හිට් වෙනව නම් රත්තරං හිට් වෙන්නේ කොහොමද[/FONT]? [FONT=&quot]දත් කිඹුලා හිට් වෙන්නේ කොහොමද[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] තනූජක හිට් වෙන්නේ කොහොමද[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] ඔබ උනත් එළකිරියේ දන්න කියන චරිතයක් වෙන්නේ කොහොමද[/FONT]? [FONT=&quot]වැඩිය ඕනෙ නෑ. මේ [/FONT][FONT=&quot]Hard Talk Thread [/FONT][FONT=&quot]ටික නැගලා යන්නේ කොහොමද[/FONT]? [FONT=&quot]ඒකෙන්ම තේරෙනවා නේද එළකිරිය කියන්නේ මොනවගේ දේවල් හිට් වෙන තැනක්ද කියලා.[/FONT]

    [FONT=&quot]අපි ඔය අසහනය කියලා වර්ග කරන [/FONT][FONT=&quot]Thread[/FONT][FONT=&quot] හිට් කරන පිරිසම තවත් වෙලාවක කෙනෙකුට[/FONT][FONT=&quot]උදව් කරලා ප‍්‍රබුද්ධ සාකඡ්චාවකට එන්න බැරි කමක් නෑ. මම පුද්ගලිකව කැමති නෑ එළකිරියේ කාන්තා අඩනිරුවතල හෝ නිරුවත ලිංගික අසහනය විදහා දැක්වෙන[/FONT][FONT=&quot] thread[/FONT][FONT=&quot] යනවට. නමුත් ඒ මගේ පුද්ගලික මතය නිසා වෙන කාටවත් බලපෑමක් කරන්න බෑ. ඔබට වගේම මටත්[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] විශේෂයෙන් පිරිමි අපි හැමෝම වගේ යම් යම් මට්ටම් වලින් ඔය ස්තී‍්‍ර නිරුවත කියන දේට කැමතී කියන එක බොරුවක් නෙවෙයිනේ. මොකද අපි මාර්ග පල ලබලා නෑනේ. නමුත් තමන්ට තමන්ගේ හැගීම් පාලනය කරගන්න පුලුවන් වෙන්න ඕනේ කියලයි මට හිතෙන්නේ. නිරුවත බලන්න ඕනේ නම් අන්තර්ජාලයේ ඇති තරම් සයිට්[/FONT][FONT=&quot]තියනවා. මම ඔය කිව්වේ මගේ මතය විතරයි. [/FONT]

    [FONT=&quot]එළකිරියේ කා එක්කවත් මගේ අමනාපයක් නෑ. නමුත් එළකිරියෙන් ෆන් එකක් ගන්න විතරක් හිතන කෙනෙක් ඉන්නව නම් එක දශමයක් වත් උත්සාහ කරන්න මේකේ වටිනාකම[/FONT][FONT=&quot]තේරුම් ගන්න[/FONT][FONT=&quot]..[/FONT][FONT=&quot]. උඹලගේ ෆන් එක උඹලා ගන්න[/FONT][FONT=&quot]ගමන් පුලුවන් නම් මේ සයිට් එකේ වටිනාකම රැකෙන්නත් මොනවා හරි කරන්න බලන්න කියලා තමයි මට කියන්න තියන්නේ.[/FONT][FONT=&quot]අනිත් එක මේකේ ඉන්න සාමාජිකයන්ට නියම ගරුත්වය දෙන්න. එතකොට මට වගේම ඇත්ත සමාජයේ හොයාගන්න බැරි තරම් හොද මිත‍්‍රයින් කැලක් ඔයාලටත් මේක හරහා හොයාගන්න[/FONT][FONT=&quot]පුලුවන් වෙයි. එළකිරිය කියන්නේ මතුපිටින් පේන [/FONT][FONT=&quot]thread[/FONT][FONT=&quot] ටික නෙවයි. ඒක දැනෙන්න කාළයක් යන්න ඕනේ.[/FONT]

    [FONT=&quot]අවසන් වශයෙන් මම මේ ටිකත් කියන්නද[/FONT]? [FONT=&quot]pathfinder_a2z[/FONT][FONT=&quot]සහෝදරයා අහලා තිබුන [/FONT][FONT=&quot]Hard Questions[/FONT][FONT=&quot] වලට හිතට එකගව මම උත්තර දුන්නා. තමන්ගේ කාළය වැය කරගෙන එළකිරියේ සාමාජිකයෝ වෙනුවෙන් කරන අලුත් වැඩසටහන වෙනුවෙන් මුලින්ම මගේ හදපිරි ස්තූතිය පුද කරන්න ඕනේ. දෙවනුව මේ ප‍්‍රශ්න අහන්න මාව තෝරා ගැනීමටත් ඔබට ස්තූති කරන්න ඕනේ.[/FONT]

    [FONT=&quot]ඊට අමතරව මේක කියවන එළකිරි සාමාජිකයෝ මේ මගේ මුලු හෑල්ලම කියවන්න ඇත්තේ මම[/FONT][FONT=&quot]කෙරෙහි ඇති යම් හිතවත් කමක්[/FONT][FONT=&quot]නිසා. නැත්තං තමන්ගේ කාළය වැය කරගෙන කොහෙවත් යන මම ගැන කියවන්න ඇති උවමනාව මොකද්ද[/FONT][FONT=&quot]..[/FONT][FONT=&quot]. මේක කියවපු නොකියවපු එළකිරියේ මාගේ[/FONT][FONT=&quot]මිත‍්‍රයින් සැමට[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] මා කෙරෙහි තැබූ ඒ මිත‍්‍රත්වයට හදපිරි ගෞරවය සහ ස්තූතිය පුද කරන්න ඕනේ. [/FONT]

    [FONT=&quot]හැමෝටම තෙරුවන් සරණයි[/FONT][FONT=&quot]...![/FONT]

    [FONT=&quot]සංවාද සටහන [/FONT][FONT=&quot]:[/FONT]

    pathfinder_PNG_Face.png


    For more Hard Talks (Click Here)
     
    Last edited:

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මේක තමයි මම මෙතෙක් දැකපු සාර්තකම හාඩ් ටොක් එක. මේක හොදට කරලා තියනවා. මේ විදියටම දිගටම කරන්න ලැබේවා කියලා පතනවා
     

    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo
    mr.tom kiyanne pissek. elakiri site eka kapu evungen ekek. datha, kota nihal, mr.tom,rattaran ridila vage aya meke parihaniye purogameen
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,308
    2
    53,759
    113
    අන්තිම හාඩ් ටෝක් දෙකේ කුණු රහ හේදිලා යන්න පට්ට හාඩ් ටෝක් එකක් :yes:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    සැහෙන්න දීර්ඝ ලිපියක්. හවසට කියවන්නම් මචන්. එලකිරියේ තවත් සුපිරි චරිතයක්.. එල :yes:
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    හොද සාකච්චාවක්

    Mr. Tom ගේ කතාව හරි මාව එළකිරියේ ප්‍රසිද්දත් නැතුව මගේ ප්‍රෂ්නයකදී මට උදව් කරපු තවත් මේකේ ප්‍රසිද්ද නැති යාලුවෙක් ඉන්නවා. එහෙම යාලුවෝ මටත් හම්බුනේ elakiri.com නිසා.