[HELP] ඉන්නන් ඇති වෙන්නේ ඇයි??

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    [HELP] ඉන්නන් ඇති වෙන්නේ ඇයි??

    මාස ගානකට කලින් ඉඳලා බෙල්ල පිටිපස්සේ ඉන්නන් එන්න පටන් අරන් තියෙනවා. රජයේ ඉස්පිරිතාලෙකට ගිහින් පිච්චුවා. ඊටපස්සේ ටික කාලෙකින් ආයෙත් එනවා. මේක චර්ම රෝගයක් නේද? මේකට පුච්චනවා ඇරෙන්න වෙන ක්‍රමයක් නැද්ද? ඉස්සෙල්ලා ඒකයි දෙකි තිබ්බේ. දැන් 5ක් වගේ චූටියට එන්න පටන් අරගෙන. :baffled:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    මට මතකයි මගේ වැලමිටට කිට්ටු වෙන්ඩ එකක් තිබුණ.. ගොඩක් ඉස්සර දැං අවුරුදු 15ක් විතර..
    පස්සෙ ඒකට මොකක් වුණාද මංද.. :lol:
    කිසිම බෙහෙතක් කෙරුවේ නැත..
     
    • Like
    Reactions: dileeshakr

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මට මතකයි මගේ වැලමිටට කිට්ටු වෙන්ඩ එකක් තිබුණ.. ගොඩක් ඉස්සර දැං අවුරුදු 15ක් විතර..
    පස්සෙ ඒකට මොකක් වුණාද මංද.. :lol:
    කිසිම බෙහෙතක් කෙරුවේ නැත..

    :dull::dull::dull:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    ඉන්නට ඉංග්‍රීසියෙන් කියන්නෙ මොකක්ද ?
    නෙට් එකෙන් හොයල බලන්ඩ තිබුණ..
    ඇයි ඕව එන්නෙ කියල..
     

    Harry Poter

    Active member
  • Apr 28, 2016
    226
    116
    43
    මචං මේ වැඩේ මට ඉබේම උන දෙයක්.
    මගෙත් අතේ ඉස්සර ඉන්නෝ හැදිලා තිබුන කිහිපයක්ම. මාත් ඔය විදියට හොස්පිටල් ගානේ ගිහින් පිච්චුවා. එත් අඩු උනේ නැහැ. ගොඩ වෙදකම් කරා. බැරිම තැන බ්ලේඩ් එකක් අරන් කපුවා. මානසික වදයක් වෙලා තිබුණේ. අඩු උනෙම නෑ. මම ඔහොම ඉන්නකොට ලැබ් එකක වැඩට ගියා. එතැනදී මගේ අතේ නිතරම යුරියා, සොඩියම් හයිඩ්‍රෝක්සයිඩ් ගෑවුණා. ගොඩක් අඩුවෙන් හයිඩ්‍රෝක්ලොරික් ගෑවුණා(ගොඩක්ම අඩුවෙන්). ඉතින් ටික කාලයක් යද්දී මටත් නොදැනීම අර ඉන්නෝ ඔක්කොම වැටිලා තිබ්බා. ඒ තැන් වල කැළලක්වත් ඉතුරු උනේ නැහැ. මම හිතුව වැටුනට ආයේ මම එතනින් අයින් උනොත් අපහු එයි කියල. එත් එහෙම උනේ නෑ. ඔය දේවල් උනේ දැනට අවුරුදු 6ටත් උඩදී දැන් මම ඉන්නේ වෙනස්ම ක්ෂේත්‍රයක. මම හරියටම දන්නේ නැහැ මොකේටද අඩු උනේ කියලා. මම කිවේ මගේ අත්දැකීම.
     

    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    මේවට කියන්නේ skin tags. මගෙත් එක සැරයක් හැදුනා. ඕවා නම් ආරෙට එනවද කොහෙද:oo:, අපල වලටත් එනවලු. මේ ජාතියේ ඒවට නම් කරන්න තියෙන්නේ දිග කෙස් ගහක් අරන් ගැට ගහන්න ඉබේම කැපිලා වැටෙනවා දවසෙන්. හවසට ගැට ගැහුවනම් උදේ ඇහැරෙද්දි වැටිලා. :yes: මම නම් nail cutter එකෙනුත් කපලා තියෙනවා:rofl:

    skin-tags-s2-what-is-a-skin-tag.jpg


    අර ලොකුවට හැදෙන හයිය ජාතියේ ඉන්නෝ නම් අයින් කරන්නේ මෙහෙමයි. රතු ලූනු (පොඩි ලූණු ) ගෙඩියක් දෙකට කපලා ඒ කපාපු පැත්තේ බුලත් විටට කන හුණු ටිකක් ගාලා අර ඉන්නගේ උඩ හෙමීට හෙමීට අතුල්ලන්න. ඉන්නගෙන් පිට අතුල්ලන්න එපා හම යනවා:angry:. හමේ ගානටම කැපිලා ගියාම නවත්තන්න ආපහු එන්නේ නෑ. මගේ නම් ඒකට හරි ගියා.

    තව කෙම් ක්‍රමයක් තියෙනවා. කවුරුත් වඳින්නේ පුදන්නේ නැති පාලු බෝධියකට ගිහින් අතු ගාලා වැඳලා අබ අහුරක් ඉහින්න. :yes:

    ලේසර් වලින් කපනවා තමා නමුත් අතුරු ආබාධ තියෙනවාද දන්නේ නැත

     

    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    mage ateth avilla tibba. bulath wita kanna ganna hunu tikak innage witarak ganna. dawas 2-3 karanna. aith inno enne na
    :)

    තැන්ක්ස් මචන්. හුණු ගෑවට අහිතකර ප්‍රතිපල නෑනේ? :baffled:

    බුලත් විටට කන හුණු ගාන්න බයයි නම් කහ කුඩු පොඩ්ඩක් කලවම් කරන්න කිසිම විසක් නෑ.;)