මම දන්න විදියට නම් ඔය කියලා තියෙන HTC one M9 Plus Phone එක durability, build quality අතින් නම් හොඳයි. ගලේ ගැහුවත් මැරෙන්නේ නැති ගාණයි. ඒ වගේම phone එකයි UI එකයි ලස්සනයි. phone එකේ හොඳ premium feel එකක් තියෙනවා. හැබැයි ඕකෙ තියෙන MediaTek Helio x10 processor එක නම් ගූ හතයි. Benchmark tests වල අන්තිම පල්ලෙහයින් තමයි තියෙන්නේ. විශේෂයෙන්ම gaming වලට නම් ගන්නම දෙයක් නැහැ. අජූතයි. ඒ වගේම ඕකේ තියෙන කැමරාවත් 20MP වුනාට photo, video quality අන්තිමයි. Colours එහෙම වැරදියි. ඒ වගේම phone එක සමහර වෙලාවට ගොඩක් රත් වෙනවා කියලත් තියෙනවා. Battery life වුනත් එච්චරම හොඳ නැහැ. සාමාන්‍යයෙන් smartphone එකක් විදියට OK වුනාට HTC උන්ගේ තියෙන latest flagship phone එක විදියට නම් අනිත් brands වල flagships වලට වඩා සෑහෙන පහලින් තමයි ඉන්නේ. Previous generation phone එකක් වුනත් එච්චරම ලස්සනක් නැති ටිකක් cheap look එකක් තිබුනත් Samsung Galaxy Note 4 එක ඊට වඩා performance අතින් සැලකිය යුතු තරම් ඉහලින් ඉන්නවා. ඒ වගේම removable battery, optional wireless charging, S pen වගේ පහසු කම් Galaxy Note 4 එකේ තියෙනවා. Battery life එහෙමත් සුපිරි. ප්‍රමාණය, බර, මිළ එහෙම ඔය දෙකේම ගොඩක් දුරට සමානයි. ඉතින් ඒ ඔක්කොම එක්ක බැලුවම මට නම් හිතෙන්නේ උඹ ගොඩක්ම phone එකේ ලස්සන ගැන හිතන්නේ නැතිනම්, FM radio එක අත්‍යවශ්‍යම නැතිනම්, ඒ වගේම වැඩිය බිම ඇන ගන්නේ වතුර යවා ගන්නේ නැතිව පාවිච්චි කරන්න පුළුවන් නම් Galaxy Note 4 එකකට යන එක හොඳයි කියලා. එහෙමත් නැතිනම් HTC වලට ගොඩක්ම ආස නම් උන්ගේ ඊළඟ flagship phone එක (HTC One M10) release කරනකල් ඉඳලා බලන්න.