මම උබට එක පාරක් උදව් කරේ නැද්ද virus ප්රශ්ණයකදි? ඊට පස්සේ උබ සයිට් එකක් දුන්නා ඒකට ගිහින් code edit කරන්න කියලා, උබව මම දන්නෙත් නැතුව හරියට නොදන්න සයිට් වලට යන්නේ කොහොමද? ඕවල මොනවා තියෙනවද කියලා මම දන්නේ නෑ, computer security වලදි උගන්වන දේ තමයි නොදන්න ලින්ක්ස්, නොදන්න සයිට් වලට යන්න එපා කියලා ඒක නිසා මම වෙන සයිට් වලට යන්න වැඩියේ කැමති නෑ.ඊට පස්සේ උබ facebook, whatsapp, skype add කරන්න කියලා මට කරදර කරා මම උබව දන්නෙත් නැතුව ඇඩ් කරන්නේ කොහොමද? ඊට පස්සේ උබ කියනවා admin log වෙලා හදන්නලු, team viewer එන්නලු, උබේ සයිට් එකට මම එහෙම ලොග් වෙලා හැදුවොත් මොනවා හරි කේස් එකකදි මම වගකියන්නේ කොහොමද? උබට ප්රශ්ණයක් තියෙනවා නම් කෙලින්ම මුලදීම කෝඩ් එක එවන්න තිබුනා එතකොට මම එවනවා. නමුත් පෞද්ගලික දේවල් අහන්නයි, ලොකු රිස්ක් එකක් ගන්නයි ගියාම එපා වෙනවා.
මම උදව් කරන්න කැමතියි, මම සෑහෙන උදව් කරලා ඇති මේකේ ඉන්න එවුන්ට, අර ටෙක් ටෝක් එකේම ඇති බර ගොඩක් නමුත් කරදර කරොත් පස්සෙන් ඇවිත් උදව් කරන්න කැමති නෑ. මොකද උදව් කිරිම අපේ වගකීමක් නෙවෙයි, අපි මේකට පොඩ්ඩක් රිලැක්ස් වෙන්න එන්නේ, එහෙම එනකොට පස්සෙන් ඇවිත් කරදර කරනකොට අපිට මල පනිනවා, එහෙම නැද්ද?. උබට මේක මම කියන්න හිටියේ නමුත් උබේ හිත රිදෙයි කියලා කිව්වේ නෑ, නමුත් දැන් උබ පබ්ලික් දාලා vm block කරා අරවා මේවා කියලා ඉතින් මට හිතුනා මොනවා හරි කියන්න ඕනේ කියලා.