මේ comment එකෙන් පස්සේ අනිත් ඒවා කියෙව්වේ නෑ. මොකද මු කියන්න ඕනේ ඔක්කොම කියල. මට දැන් 24. මමත් ඔහොමයි දැනට මස 10 විතර කලින් වෙනකන්. උද කියල තියන විදිහටම උබ හදන්නේ ප්‍රශ්නෙන් පැනල යන්න. ජිවිතේ ප්‍රශ්න ජිවිතේ ප්‍රෂ්න කිව්වට එහෙම ප්‍රශ්න තියන යම විසදුම්ම හොයාගන්නවා. උබ ඉන්නේ fantasy යක. එකේදී උබෙට ඕන දෙයක් කරන්න පුළුවන්, උබේ අතපසු උන ඒවා cover කරන්න, victories ලබා ගන්න පුලුඅවන් එත් reality යේ නෙමෙයි.
මගේ කතාව පොඩ්ඩක් කියන්නම්. මමත් 2012 උ පෙ ෆේල් උනාම මට උන stress එක regret එක මග අරගන්න මම හිතුව මම තනියෙම් skill එක අරගෙන නෙට් එකෙන් හොයනවා කියල. ඒ සිතුවිල්ලේ පසු අරමුණ වුනේ සමාජයෙන් මට ආකර්ශනයක් ගන්න. එත් එක හරි ගියේ නෑ. ඊට පස්සේ BIT එක කරන්න ගත්තා. එකත් මග හිටියා. මට ඒකාලේ අවුලක් තිබ්බ social anxiety(සමහර විට උන සමාජය බැහැර කරන්නේ මේකද දන්නේ නෑ.) එනිසා මම ගොඩක් දේවල් ඇත ඇරියා. අනිත් මගේ යාලුවෝ කරන දේවල් බොහොම වැඩ කාරී දේවල් විදිහට පෙනුනේ. උබටත් දැන් මේ ත්‍රෙඩ් එක දන්නා හේතු උන කරනවා වෙන්න ඇත්තේ උබම අපස්ස ගැන කරුණු විමසුවා නිසා වෙන්න ඇති. මම 2016 දවසක අපේ තත්තව ගන්න station එකට ගියාම මම දැක්ක මගේ පන්තියේ ඒකාලේ යාලුවෝම දැන් ජොබ් කරලා ගෙදර යනවා. එක දැකල කලකිරිලා මම ඊට පස්සේ ඒ ජිවිත judge කරන්න ගත්තා. මටම මාවම වදයක් වෙලා 2017 අවුරුද්ද මැරෙන්න දාලා හිටියා. එතකොට ඒ අවුරුද්දේ මැද අපේ තාත්තට surgery එකක් කරන්න උනා. කරේ ප්‍රයිවට්. එකට සල්ලි හොයපු විදිහ දන්නේ අපි. මට එවෙලේ හිතුනා එකම පුතා වෙලා මට මගේ දෙමව්පියන්ටවත් සලකන්න බැරි තත්වෙක ඉන්නේ කියල. එක මට wake up call එකක් උනා. ඒ වැඩ කටයුතු ටික ඉවර කරලා. මම කල්පනා කරා මොකක් හරි කරන්න. ඕන දෙයක් කරනවා නම් බිස්නස් හරි academic හරි basic එකේ ඉදන් පටන් ගන්න. මම මගේ education එකට අපහු අතගැහුවා. මගේ අදහස එන අවුරුද්දේ උ පෙ හෝ එහෙම බැරි උනොත් open university එකේ foundation එක හරි කරන්න.
මම උබට මෙටික කිව්වේ ඔය තැනදී උබට ඕක තේරුනාම feel වෙන විදිහ මට තේරෙනවා. දැන් ඔක්කොම ඉවරයි වගේ හිතෙයි. තම උබ කල් තියනවා. 40 උනේ නැනේ 28 නේ . වටේ පිට සමාජයේ දේවල් හිතන්නේ නැතුව හදාගන්න තමුන්ගේ කියල ගමනක්. මම කියන්නේ නෑ එක ගෝල් එකක කරන්න කියල මොකද ඔය තැනදී එහෙම එකක් තිරගන අමාරුයි. එකියන්නේ ඉලක්කයක් නැතුව යන්න නෙමෙයි. මුලින් බලන්න හෙට දවස සැලසුම් කරන්න. මට නම් ගෝල් එකක් කියන්නේ කාර් එකක් බයික් එකක් පස්සේ පන්නන බල්ලෙක් වගේ. වාහනේ නවත්ත ගත්ත කියමුකෝ. අරු මොකක් කරන්නේ ඕක කන්නද දැන්. ගෝල එකක් benefits තියනවා. එත් ඒවා කෙටිකලිනයි. ඒවායින් ඔක්කොම විසදෙන්නේ නෑ. මිනිස්සු ගෝල් achieve කරන්නේ ඒකට මහන්සි වෙන මාර්ගයට ලව් කරලා සහ එකෙන් නිදහස වෙන්න බලාගෙන.
උබ ඔලුවට එන හැම සිතුවිල්ලක් ම නැවත විමසන්න, අයි මෙහෙම හිතෙන්නේ? මොකක් මේ සිතුවිලි වල නියම අරමුණ? උබට වෙලා තියෙන්නේ සිතුවිලි අතර හිරවෙලා. අන්තිමට නවත්තපු තැනකින් හරි, අලුත් තැනකින් හරි පටන් ගන්න. උබට ජිවිතෙන් පැනල යන්න බෑ. මේක දුක රහ කරලා විඳින journey එකක්. කලකිරීම්, විශාදයන් තියෙන්නේ අතීතයේ, භිතිකාවන්, anxieties තියෙන්නේ අනාගතයේ, මෙ මොහොතේ තියෙන්නේ උබේ හිත ශරීරයට බැහැගත්ත එක විතරයි. Conscious එක විතරයි. දැන් රෑනේ, හෙට ඉදන් උබ උබේ අතීතය එක්කවත්, අනිත් ය එක්කවත් compare කරන්නේ නැතිව, කුමක් හරි කරන්න බලන්න. නෙට් එකෙන් අලුත් දෙයක් ඉගෙන ගන්න. උබට ඇවිල්ල තියන ඉ මේල් ටිකක් කියවන්න. මොකක් ද කරන්න ඕනේ කියල හිතන්න.
මට අනුව ජිවිතේ කවුරුත් දිනන්නේ නෑ. අන්තිමට අපි හැමෝගෙම පොත් මරණයෙන් ඉවර වෙනවා. මේක චාරිකාවක් කියල තේරුම් ගනින්, උබ ලබාගන්න ලැබෙන්න දේවල් උබටම ඇත අරින්න වෙන. stress එක අඩු කරගන්න පුළුවන් එහෙම.
Every human have 2 main purposes in life,
1.) Do best in their time, go for their peak.
2.) Give back to the humanity.
මට මෙක දැකල මගෙ අතීතෙ ටිකක් මතක් උනා.
ත්‍රෙඩ් එකෙන් පිට පනීවිද මන්දා එත් පොඩ්ඩක් කියන්න හිතුණා
ඉස්කොලෙ යන කාලෙදි මන් විෂෙශ කැපී පෙන දක්ෂතා තිබ්බ අයෙක් නෙමෙ,
ඔය ගද්‍ය රචනා, කතික තරඟ,පද්‍ය රචනා හා ක්‍රිඩා වගෙ දෙවල් වලට මන් කිව්වෙ
පොතෙ ඉගෙනීම ගත්තත් මැද මට්ටමෙ හිටියෙ සුපිරි මට්ටමෙ නෙමෙ ,
ඒ වගෙම වලි කාරයෙකුත් නෙමෙ ,එකම දෙ ඉතිං ගොන් ජොක් කරලා යාළුවන්ව හිනස්සන්න පුළුවන්, පොඩි කැපී පෙනීමක් තිබ්බෙ එතන.
මට තිබ්බා දෙගිඩියාවක්, ඒ වගෙම පොඩි හීන මානෙකුත් තියෙන්න ඇති ,මන් බැලුවා තිබ්බ සිස්ටම් එක අනුව ඉස්කොලෙ ඇතුලෙ කැපී පෙන්න බැරිනම් වෙන සිස්ටම් එකකින් හරි කැපී පෙනිමක් ගන්න
ඉන්ටර්නෙට් එක හම්බ උනා මට .උසස් පෙල කාලෙම
ඒ කාලෙ අපෙ ඉස්කොලෙම ඉන්ටර්නෙට් ගෙදර තිබ්බෙ කිහිප දෙනෙක් ගාව විතරඉ.
මන් බැලුවා කැපී පෙන්න ක්‍රමයක් හදාගන්න මේ හරහා.
එකෙන් එක් තරා විදියකට කැපිනම් පෙනුනා සමහරුන්ගෙ කම්පියුටර් ප්‍රශ්න ෆෙස්බුක් එකවුන්ට් ප්‍රශ්න තිබ්බොත් එන්නෙ මන් ගාවට, අනික් පැත්තෙන් කින්ඩියට හා උපහාසයට අපහාසයටත් වගෙම ඉරිසියාවටත් ලක් උනා
සමහරු කිව්වා මූ සියල්ල දත්, කාගෙන් හරි අහුලන් ඇවිත් කියවනවා ඔය වගෙ දෙවලුත්. එත් හිතපු කැපී පෙනීම හම්බ උනෙ නැහැ.
තෙරුම්ගත්ත දෙ තමා ඉස්කොලෙ මොන දක්ෂතා තිබ්බත් කැපී පෙන්න නම් ඉස්කොලෙ ගුරුවරුන්ගෙ සහාය අනිවාර්‍යෙන් තියෙන්නම ඔනි කියන එක.
ඉතිං මෙ තියරිය මට වැටහුණෙ පහු වෙලා. මන් කළකිරුණා. සමාජෙ ගැන මිනිස්සු ගැන
මොකද ඉස්කොලෙදිවත් තමන්ගෙ අනන්‍යතාවෙන් ජීවත් වෙන්න දෙයක් කරලා පෙන්නුවත් ඒක අසාර්ථක නම් ඇත්ත ජීවිතෙ මොනවගෙ වෙවිද කියලා
මාත් පොඩ්ඩක් සමාජෙට බයක් තියෙනවා, තැනකට යන්න බයයි පුරුදු කට්ටිය ගාව විතරයි මන් ඉන්න කැමති
උසස් පෙල නම් පාස් උනා මම එත් යන්තම් .
යාළුවෙන්න ක්‍රශ් කරපු කෙල්ලට අපෙ බාගෙට හදලා තිබ්බ ගෙදර ෆොටො එකක් පෙන්නුවා විතරයි එකිත් මඟ ඇරියා
පස්සෙ එතනින් මන් හිතාගත්ත ගෙ හදලා ඉවර කරනව කියලා හොයා ගත්ත ජොබක් පටන් ගත්ත හදන්න ගේ
ගෙ නම් හදල ඉවර කරා
එත් දැන් හිතෙන්න ගත්තා ගෙ හදපු එකෙත් තෙරුමක් නැහැ නෙද කියල
ඒ වගෙම අපෙ බැඳපු නැදැයො වෙන උන් ළමයි හදාගෙන කන කට්ට දැක්කාහම තනියම ඉන්නත් හිතෙනව දැන් දැන්,
හැමොම වගෙ ගේම ගහන්නෙ තමන්ගෙ දෙමාපියන්ගෙන් පරම්පරාවෙන් උරුම වෙන මොනවාහරි දෙයක් එක්ක
නැතුව අමාරුයි
ඉතිං මෙ දෙ තෙරිච්ච නිසා මටත් හිතෙනවා තනි වෙන්න ආතල් එකෙ ඉන්න. එත් ඒක කවදා වෙනකන්ද කියන එක තමා විස්වාස නැත්තෙ