If , 2020 මනාපය....? poll

2020 මනාපය....? poll


  • Total voters
    408

Ambatta

Active member
  • Jun 27, 2016
    453
    95
    28
    මම මේ කාටවත් දොසක් කියනවා නෙමෙයි. පොඩ්ඩක් බලපල්ලා මේකේ රිසාල්ට් එක දිහා. රොහාන් පල්ලෙවත්ත මනාප 45ක් අරන් තියෙනවා. මනාපේ දුන්නු එවුන්ගෙන් කී දෙනෙක් මිනිහව දැකලා තියෙනවද? මිනිහව අදුරනව? අඩුම තරමින් මිනිහා කරයි කියලා විශ්වාසයක් තියෙන්න පුලුවන් මොනම දෙයක්වත් දැකලා බලලා තියෙනවා. අලුතින් මොකෙක් හරි දෙයක් අරන් ආපු ගමන් ඩෝන් ගාලා බදාගන්නවා. අපිට ජාතියක් විදිහට වැරදුනු තැන් තමයි ඕවා. මැතිවරණයක් කිට්ටු වෙලා කවුරැ හරි එකෙක් ඇවිත් අමුතු දෙයක් කියපු ගමන් හොයන්නේ බලන්නේ නැතුව ඒක පිළිගන්නවා.



    උම්බ මිනිහ ගැන හොයල දැනගනිං, මිනිහට මනාපෙ ගහපු උන් මිනිහ කවුද කියල දන්නව ඇති, ඒකයි මිනිහට මනාපෙ ගහන්නෙ, අදහන්න වටින මිනිහෙක්

     
    Last edited:

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,113
    1,983
    113
    රාජිත ලොක්ක නැතෙයි...ආයිබෝං....
    චතුරයවත් නැතෙයි....
    ඇයි පොංසේකා මහත්තෙය....
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,825
    636
    113
    උම්බ මිනිහ ගැන හොයල දැනගනිං, මිනිහට මනාපෙ ගහපු උන් මිනිහ කවුද කියල දන්නව ඇති, ඒකයි මිනිහට මනාපෙ ගහන්නෙ, අදහන්න වටින මිනිහෙක්



    මෝඩයට මෝඩයා කියපුවම සෑහෙන්න කේන්ති යනවා.
    බුද්ධිමතාට මෝඩයා කිවුවම ඌ තව තවත් කල්පනා කරනවා ඇයි මට මෝඩයා කිවුවේ කියලා.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මෝඩයට මෝඩයා කියපුවම සෑහෙන්න කේන්ති යනවා.
    බුද්ධිමතාට මෝඩයා කිවුවම ඌ තව තවත් කල්පනා කරනවා ඇයි මට මෝඩයා කිවුවේ කියලා.
    :yes::yes::yes::yes:
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    මම මේ කාටවත් දොසක් කියනවා නෙමෙයි. පොඩ්ඩක් බලපල්ලා මේකේ රිසාල්ට් එක දිහා. රොහාන් පල්ලෙවත්ත මනාප 45ක් අරන් තියෙනවා. මනාපේ දුන්නු එවුන්ගෙන් කී දෙනෙක් මිනිහව දැකලා තියෙනවද? මිනිහව අදුරනව? අඩුම තරමින් මිනිහා කරයි කියලා විශ්වාසයක් තියෙන්න පුලුවන් මොනම දෙයක්වත් දැකලා බලලා තියෙනවා. අලුතින් මොකෙක් හරි දෙයක් අරන් ආපු ගමන් ඩෝන් ගාලා බදාගන්නවා. අපිට ජාතියක් විදිහට වැරදුනු තැන් තමයි ඕවා. මැතිවරණයක් කිට්ටු වෙලා කවුරැ හරි එකෙක් ඇවිත් අමුතු දෙයක් කියපු ගමන් හොයන්නේ බලන්නේ නැතුව ඒක පිළිගන්නවා.

    Sirawata ban...
    Lankawe unta pissu. Mun mokekda danne nathi ewunta thama chande denne.
    Deela awurudu ganak widonawa
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    අපෝ තව අවුරුදු කීයක් තියෙද බං.. අපේ උන් සෙනිකව තීරණ ගන්නෙ.. ආයිම මෛත්‍රීටම කතිරෙ ගහන්නත් බැරි නෑ.. සට පට ගාලා සහන ටිකක් දුන්න ගමන්.. :rofl:

    ekanan attha ban :lol::lol::lol::lol:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,134
    8,773
    113
    Dubai
    රොහාන් පල්ලෙවත්තටත් මනාපේ ගහලනේ බන්..:shocked: බැරි වෙලාවත් මේ පොර ජනාධිපති උනොත් තමන්ගේ සල්ලි වලින් එක දවසින් ලංකාවේ ණය ගෙවයි. බලාගෙන හිටපල්ලා..:lol: අනේ මෙහෙමත් මෝඩ කලු සින්හලු.. ඉතින් රටක් හැටියට නැගිටින්න පුළුවන් වෙයිද බොලව්
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,609
    13,278
    113
    ගොටබය කියන මෝඩ නුගත් මිනිවරුවට යේ රාජ්‍ය බලය දෙන්න තරම් ලංකාවේ මිනිස්සු මෝඩ නෑ
    රොහාන් පල්ලෙවත්ත ට තියෙන්නේ අන්දරේගේ තියරිය ගල උස්සල මගේ කරේ තිබ්බොත් මම ගල කුබුරෙන් අයින් කරන්න කිව්වේ අන්න එක

    මොකේ උනත් තරුණ නායකයෙක් ඕන මේ නාකි හම්පඩ ඩයල් නැතිව
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    :no: sinhala votes bedunama amarui

    ehema bedunath dinanna puluwan ban, 2010 mahinda dinne :)
    Bedunawata wada kalakirila godak ewun vote nokara innawa
    MR ge die hard fans la appachchi kiyala Gota ta gahanawa


    ඇමරිකන් කාරයෙක්ට ඡන්දෙ දෙන්න ලංකාවෙ හැමෝටම පිස්සු කියලද උබ හිතන්නෙ?:lol::lol::lol:


    Dan balapanko results, ape lapa kumarayata wada ara alutin apu dial ekath vote aran kudu wenna :lol:
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ehema bedunath dinanna puluwan ban, 2010 mahinda dinne :)
    Bedunawata wada kalakirila godak ewun vote nokara innawa
    MR ge die hard fans la appachchi kiyala Gota ta gahanawa




    Dan balapanko results, ape lapa kumarayata wada ara alutin apu dial ekath vote aran kudu wenna :lol:
    කුඩප්පචචි:P
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    කව්ද යකෝ රොහාන් පල්ලෙවත්ත කියන්නෙ :nerd::nerd::nerd::nerd: මන් දෙනව ඌට .

    කලබල වෙන්න එපා අපි දන්නෙ නෑනේ තාම මිනිහා කාගේ dummyයක්ද කියලා
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    2020 ජනාධිපතිවරණය පිළිබදව දැනටමත් විවිධ මත පළවන සමයක අතිශය තරගකාරී 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත්වන එක් සුවිශේෂී අපේක්ෂකයෙකු පිළිබදව වාර්තා වනවා.
    නමින් රොහාන් පල්ලේවත්ත වන ඔහු පිළිබදව බොහෝ දෙනා අසා නැතුව ඇති. නමුත් ශ්‍රී ලංකාවට විශාල වශයෙන් විදේශ විනිමය ගෙන එන ව්‍යාපාරයක හිමිකරුවා වන ඔහු ලෝ ප්‍රසිද්ධ සුපිරි වාහන වල
    එයා(ර්) බෑග් සෙන්සර් නිෂ්පාදන ආයතනයේ හිමිකරුවායි.
    ලෝ ප්‍රසිද්ධ සුපිරි වාහන වන Toyota , Honda , Volvo , BMW , Aston Martin , Opel වැනි සි‍යලූම වාහන වල එයා(ර්) බෑග් සෙන්සර් නිෂ්පාදනය කරන්නේ ශ්‍රී ලංකාවේ බව සමහරවිට ඔබ නොදැන සිටියා වන්නටද තිබුනා. නමුත් ඒ සදහා පේටන්ට් බලපත්‍රයද හිමි රොහාන් පල්ලේවත්ත මහතාගේ ව්‍යාපාරය පසුගිය වසර තුළ පමණක් ලැබූ අදායම ඇ.ඩො.මි අසූවක්.

    එවැනි සුපිරි වත්කමට හිමිකම් කියනා රොහාන් පල්ලේවත්ත මහතා මාධ්‍ය හමුවේ කියා සිටියේ 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ජයග්‍රහණය කළහොත් ශ්‍රී ලංකාවේ ණය ගෙවා අවසන් කිරීමේ සැලසුමක් තමන් සතුව පවතින බවයි.
    ජපාන අගමැති තමන්ගේ පෞද්ගලික හිතවතෙක් බවත් ඒ හිතවත්කම හරහා අඩු පොළියට ජපානයෙන් ලබා ගන්නා ණය මගින් දැනට පවතින ණය ගෙවා අවසන් කිරීම සිය සැළසුම බව ඔහු පවසනවා.

    මීට අමතරව ලෝක මාධ්‍ය පවා තමන් පසුබස සිටින බවත් රොහාන් පල්ලවත්ත මහතා පවසනවා. ලෝ ප්‍රසිද්ධ ටයිම්ස් සඟරාව වැනි ප්‍රබල අන්තර්ජාතික මාධ්‍ය තමන්ට සහය දීමට ඉදිරිපත් වනු ඇති බවට ඔහු පවසනවා. මීට අමතරව දේශීය මාධ්‍යයක් පවා මුදලට ගැනීමට තමන් සිතා සිටින බව රොහාන් පල්ලෙවත්ත මහතා පවසනවා.

    මැතිවරණයේදී සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරන්නේ දේශීය විදේශීය විද්වතුන් සමග සාකච්චා කර බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුනා.

    රොහාන් පල්ලේවත්ත මහතා වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ලගම ඥාතියෙක් වන අතර හිටපු ජනපති බාල සොහොයුරු බැසිල් රාජපක්ෂගේ ලගම මිතුරෙක්ද විම විශේෂයි.

    සම්පූර්ණ සංවාදයම පහතින්

    ඔබතුමාගෙ නම?

    රොහාන් පල්ලෙවත්ත

    ඔබ විශ්වාස කරනවද වාසගම ජනාධිපතිවරයෙකුට බලපානවා කියලා

    මම පල්ලේවත්ත ගමරාලලාගේ රොහාන්. මම මගේ වාසගම ගැන ආඩම්බර වෙනවා.

    ඒ කියන්නෙ ගමරාල කෙනෙකුට රජවෙන්න පුළුවන් කියන එක.

    ඔව්. එහෙම වෙන්න පුළුවන්. රජ වෙන්න කෙසේ වෙතත් අනිවාර්යෙන්ම ජනාධිපති කෙනෙක් වෙන්න පුළුවන්.

    ඔබ ජේ‍යා්තිෂ්‍ය විශ්වාස කරනවාද?

    යම්තාන් දුරකට විශ්වාස කරනවා. සියල්ලටම වඩා මම විශ්වාස කරන්නේ ස්වභාව ධර්මය.

    ඔබ විවාහකයිද?

    ඔව්. මගේ බිරිඳ භාග්‍යා පල්ලෙවත්ත. දුවට වයස 14යි. දුව මි‍ෙදාරි පල්ලෙවත්ත.

    අපේ රටේ මිනිස්සු ඡන්දයකදී පෙළපත ගැන උනන්දු වෙනවා?

    ඒක හරි අභාග්‍යක්. නමුත් මම ගැන මම කියන්නම්. මම ඉපදුණේ 1967.01.01 ගම්පහ මහරෝහලේ. ගම්පහ ඔරුතොට කියන ගම තමයි මගේ ගම්පළාත. පවුලට දරුවෙකුට ඉන්නෙ මම විතරයි. පාසල් ගියේ මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයට. පොඩි කාලේ මම දඟ වැඩියි කියලා අම්ම මාව පාසලේ නේවාසිකාගාරයට ඇතුළු කළා. තාත්තගේ නම චන්ද්‍රසිරි පල්ලේවත්ත. අම්මා රමණි ජයකොඩි. අපේ තාත්තට ලොකු හිතවත්කමක් තිබුණා එන්. එම්. පෙරේරා මහත්තයත් එක්ක. ඒ නිසා තාත්තා යටියන්තොට පදිංචියට ගිහින් එන්.එම්. පෙරේරා මහත්තයගේ දේශපාලන කටයුතුවලට උදව් කළා. 1977 ඡන්දෙදි එන්.එම්. පෙරේරා මහත්තයා පරදිනවා, වින්සන්ට් පෙරේරා කියලා පුද්ගලයෙකු දිනනවා. ඊට පස්සේ යූ.එන්.පී. එකෙන් අපේ ගෙවල් ඔක්කොම ගිනි තියනවා. අපේ පවුලටම ලොකු තර්ජනයක් එනවා. ඊට පස්සේ අපි සියල්ල අත්හැරලා, අඳුනන කෙනෙක්ගෙ වෑන් එකක දිනපු අයගෙ පොස්ටර් පත්තර අලවගෙන හඟුරන්කෙතට යනවා. ඒක හරි අහම්බයක්. එක්සත් ජාතික පක්ෂය අපේ පවුලෙන් පළිගන්න මාන බල බලා හිටිය වෙලාවක්. අර අපිව එක්කරන් ආපු වෑන් එක නුවරින් අපිව බස්සනවා. කිසිම අදහසක් නෑ. බස් එකක් තියෙනවා හඟුරන්කෙත කියලා. මම අවුරුදු 9 යක විතර පොඩි ළමයෙක්. හඟුරන්කෙතින් බැහැලා අපි ගෙවල් හොයනවා. කවුරුවත් අපිට ගෙවල් දුන්නෙ නෑ. ඊට පස්සේ අපි නවතින්නෙ මාදන්වල රජමහා විහාරයේ. හාමුදුරුවො අපිට ගොඩක් උදව් කළා. තාත්තා නමත් වෙනස් කරගත්තා ජයකොඩි කියලා. පස්සෙ තමයි හාමුදුරුවන් මාර්ගයෙන් අපි ගෙයක් හොයා ගන්නේ.

    ඔබතුමාගෙ වාසගම එක්ක වර්තමාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගෙ සම්බන්ධයක් තියෙනවද?

    ඔව්.. එතුමාත් පල්ලේවත්ත ගමරාලලාගේ මෛත්‍රිපාල සිරිසේන. ඒ කියන්නෙ මගේ සීයාගෙ මල්ලිගෙ පුතා..

    ළඟම ඥාති?

    ඔව්.

    ඇයි එතුමාට ඔබ දේශපාලනිකව සහයෝගයක් නොදෙන්නේ?

    එතුමා අතුළුව වර්තමානයේ දේශපාලනයේ නිරත සෑම දේශාපලඥයෙක්ම සිටින්නේ බල අරගලයක. ඔවුන් තමන්ගේ කාලය, සම්පත් ඇතුළු සෑම දෙයක්ම යොදවමින් සිටින්නේ මෙම බල අරගලයේ ඉදිරියෙන් සිටීමටයි. එවැනි තත්ත්වයක් තුළ රටේ දැවෙන ප්‍රශ්න ආමන්ත්‍රණය කිරීමට ඔවුන්ට ඇති කාලය ඉතා සීමිතයි. මෙැවනි තත්ත්වයක් තුළ මට එතුමාට සහයෝගය දිය නොහැකියි. මම මේ බල අරගලයේ කොටස්කරුවෙක් වෙනවාද නැත්නම් එයින් මුක්තව ඒකායන අධිෂ්ඨානයෙන් රට වැටී තිබෙන ආගාධයෙන් ගොඩගැනීමට අත්‍යවශ්‍ය පියවර ගන්නවාද යන්න තීරණය කළ යුතු වෙනවා.

    ඒ කියන්නෙ කිසිම සම්බන්ධයක් නැද්ද?

    තියෙනවා. මම එතුමාට සුභ පතන්නත් ගියා.

    එතකොට ඔබ කොහොමද මෙච්චර විශාල ව්‍යාපාරයක් පටන් ගන්නේ?

    මම හොස්ටල් එකේ තනි වුණාම මට හැමදාම අම්මා මතක් වෙනවා. අම්මා මාස දෙකකට වතාවක් මාව බලන්න ආවම, අම්මගේ ලේන්සුව මම හොරෙන් තියාගන්නවා. මට ඒ ලේන්සුවෙ අම්මගෙ සුවඳ තියෙනවා. ඔය වගේ සිදුවීම්වලින් තමයි මට ශක්තිය ආවෙ. අවුරුදු 12 දී මම තනියම බාල දක්ෂ ජම්බෝරියකට ඉන්දියාවෙ යනවා. ඊටත් පස්සේ සාමාන්‍ය පෙළ ඉවර වුණාම මට ශිෂ්‍යත්වයක් ලැබුණා. මට රටවල් හතරක් ලැබුණා තෝරගන්න. ඇමරිකාව, එංගලන්තය, ජපානය, නවසීලන්තය. එකෙන් මම ජපානය තෝරගත්තා. ඒ තෝරගත්තේ ජපන් භාෂාවටයි, කරාතෙවලටයි ආස නිසා. එහෙදි තමයි මුල්වතාවට මට ටොයොටා සමාගමට යන්න හැකියාව ලැබෙන්නෙ. ලොව ප්‍රසිද්ධ ටොයොටා සමාගමේ මිනිස් ශ්‍රමයෙන් වැඩ කරන්නෙ ඉතා සීමිත ප්‍රමාණයක්. ඔක්කොම වෙන්නෙ මැෂින්වලින්. නමුත් මම එක ශාලාවක දැක්කා මිනිස්සු 400, 500ක් වැඩ කරනවා. එයාලා ඒ හදන්නෙ වායු බෑග් සෙන්සර් එක. ඒක මැෂින්වලට කරන්න බැරි වැඩක් වාහනයේ හදවත වගේ වටින එකක් ඒ සෙන්සරය. එදා තමයි මට හිතුණෙ අපේ රටේ මිනිස්සු දාලා මේක හදන්න තිබුණ නම් හොඳයි කියලා. මම එතකොට ඉගෙන ගන්න ළමයෙක්. මම ඒ යෝජනාව ටොයොටා සමාගමට කිව්වා. ඔවුන් මට හිනා වුණා. ඊට පස්සෙ මම ඔවුන්ගෙන් සාම්පල් එකක් ඉල්ලුවා. ඔවුන් එයට අකමැති වුණත් මම සිසුවෙක් නිසා මට ඒක ලබා දුන්නා. ජපානයේ අධ්‍යාපනය ඉවරවෙලා ලංකාවට ඇවිත් අර සාම්පලය නිරීක්ෂණය කරලා ඒ සාම්පල් එක වගේම එකක් අපේ රටේ නිෂ්පාදනය කළා. ඒක හදලා මම ටොයොටා සමාගමට යැව්වා. කිසිම උත්තරයක් ආවෙ නෑ. මම අවුරුද්දට හතර පාරක් විතර ඒ සාම්පල් එහාට යැව්වා. අවසානයේදී ඔවුන් මගේ සාම්පල් ගැන සතුටු වුණා. ඊට පස්සෙ තමයි මේ දිග කතාවෙ මුල පටන් ගත්තේ.

    අද දවසේ ඔබේ ව්‍යාපාරය තත්ත්වෙ මොන වගේද?

    මගේ සමාගමේ නම ලංකා හාන්ස් පුද්ගලික සමාගම. ඒක පිහිටලා තියෙන්නේ බියගම කර්මාන්ත කලාපයේ. 2003 තමයි ජපානයේ “ඉතො” මහතා ලක්ෂ 8000ක් ආයෝජනය කළා. ඒ මුදල අපි අවුරුදු 2 1/2කින් ආවරණය කළා. අද වෙද්දි සේවකයෝ 400ක් සේවය කරනවා. ගිය වසරේ පමණක් අපේ ආදායම ඇමෙරිකන් ඩොලර් මිලියන 80ක්.

    හරි ඔබේ ව්‍යාපාරය කියන්නෙ වෙනම මාතෘකාවක්. නමුත් අපි දැන් අපේ මාතෘකාවට බහිමු. ඇයි මෙච්චර වීර්යවන්ත ව්‍යාපාරිකයෙකුට ජනාධිපති වෙන්න හිතුණේ?

    මේ වෙනකොට මගේ ජීවිතේ බොහෝමයක් දේවල් මම සපුරාගෙන ඉවරයි. නමුත් රට වෙනුවෙන් මට තව බොහෝ දේවල් කරන්න පුළුවන්. ඒ දේ වෙනුවෙන් තමයි මම මේ තීරණය ගත්තේ.

    හිතෙන්නෙ නැද්ද මේ රත්වෙච්ච දේශපාලන ගොහොරුවෙ ඔබට හැරෙන්නවත් බෑ කියලා?

    මේක විහිළුවක් නෙවෙයි. මම රටට ඉදිරිපත් කරන්නෙ නිශ්චිත වැඩ පිළිවෙලක් එක්ක. ව්‍යාපාර පහකින් ඒක පුද්ගල ආදායම උඉච් 10,000 දක්වා ගෙනියන වැඩපිළිවෙලක්. ඔබ විශ්වාස කරනවාද දන්නෙ නෑ. ලොව ප්‍රසිද්ධ ටයිම්ස් සඟරාවෙ මුල් කවරයට ෆෝටෝ එකක් ගියේ අපේ රටේ කදිරගාමර් මහත්තයාගෙ විතරයි. මම මේ තරගයට එනව නම් ටයිම්ස් සඟරාවෙ විතරක් නෙවෙයි ලොව ප්‍රසිද්ධ මාධ්‍ය ආයතන කිහිපයක් මාත් එක්ක ඉන්නවා. ඒ විතරක් නෙවෙයි. මෙතෙක් ලංකාවෙ මිනිස්සු දැකපු නැති කලඑළියකින් තමයි මම තරග කරනවා නම් එළියට එන්නෙ.

    ඔබ ගම්පහ නිසා බැසිල් රාජපක්ෂ අඳුනනවද?

    ඔව්. මම තමයි එතුමාව ගම්පහට ගත්තෙ. මහින්ද මහත්තයගෙන් මම බැසිල්ව ගම්පහට ඉල්ලුවම මම බලාගන්නව නම් දෙන්නම් කිව්වා. එතුමා නැවතුනේ මගේ ගෙදර. ගම්පහින් ලක්ෂ හතරකට එහා ගානකින් ඡන්ද දින්නම බැසිල් මහත්තයා මට කිව්වා. මේ ගෙදර ජය භූමියක්. මට මේ ගේ දෙන්න කියලා. ඒ නිසාම මම මගේ ඉඩමෙන් කොටසක් එතුමාට දුන්නා. මට උවමනා වුණේ මගේ ගම ගම්පහ දියුණු කරන්න. කාටවත් කරන්න බැරි වැඩක් එතුමා ගම්පහ ජනතාවට කරල දුන්නා.

    ඒ කියන්නෙ ඔබතුමාට බැසිල් රාජපක්ෂගෙ උදව් අදටත් තියෙනවා?

    අපි තවම හිතවත්. නමුත් මගේ පෞද්ගලික දේශපාලනික අදහස වෙනස් එකක්. මට තියෙන්නෙ මගේ රට වෙනුවෙන් වීර්යවන්ත අරමුණක් විතරයි. විශේෂයෙන් මේ රට ණය බරින් මුදාගන්න මට අවශ්‍යයි.

    අපේ රටේ ඉතිහාසයේ හිටපු සියලුම ආණ්ඩු ලෝකයට ණය වුණු ප්‍රමාණය කොච්චරක් කියලද හිතන්නෙ?

    මම දන්න තරමින් 2014 අවසාන වෙද්දි රුපියල් බිලියන 7391, 2016 අවසානයේදී ඒ ණය මුදල රුපියල් බිලියන 9387ක් වෙනවා.

    ඒසා විශාල මුදලක් ඔබ කියනව එක දවසකින් ගෙවනවා කියලා?

    ඔව්.. ඒ මුදල ගෙවන්නේ මගේ පෞද්ගලික ධනයෙන් නොවෙයි. නමුත් ජපානය ඇතුළු රටවල් කිපයක අරමුදලක් එකඟ වෙලා ඉන්නවා 0.5 පොලී අනුපාතය යටතේ අපේ සමස්ත ණය මුදල ගෙවා දමන්න. මේ වනවිට අපි ගෙවන පොලී අනුපාතය වෙන්නෙ 5.5ක් හයක් අතර අනුපාතයක්. නමුත් ඔවුන් එකඟ වුණා 0.5 පොලී අනුපාතයකට ඒ මුදල ගෙවා දමන්න.

    ඒ කියන්නෙ ජපන් රජය ඔබ පිටුපස ඉන්නවා?

    ඔව්. ජපන් අගමැති මගේ පෞද්ගලික හිතවතෙක්. මම ඔවුන් සමඟ ගොඩක් ළඟින් වැඩ කරනවා.

    ඉතින් ඔබට පුළුවන්නෙ දවසින් දවස වැඩිවෙන මේ මහා ණය කන්දරාව රටට ආදරයක් තියෙනව නම් මේ මොහොතෙම ගෙවලා දාන්න?

    ඔව්.... මම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙද්දි ඔය කාරණේ තුරුම්පුවක් විදිහට මම තියාගෙන ඉන්නෙ නෑ. මම මේ රජයට ඒ කටයුත්තට අදාළ සමාගම හඳුන්වලා දුන්නා විතරක් නෙවෙයි. මේ රටට ගෙන්නලත් දුන්නා. ඔවුන් රජය සමඟ සාකච්ඡා කරලා අවසානයේදී කිව්වේ අපේ රජයේ ක්‍රමවේදය යටතේ යනව නම් ආයෙමත් පරණ පොලී අනුපාතයටම තමයි මේක සිද්ධවෙන්නේ කියලයි.

    ඒ කියන්නෙ අපේ ආණ්ඩුවෙ ක්‍රමවේදයේ අවුලක් තියෙනවා?

    ඔව්. මේ සිස්ටම් එකම අවුල්. මම ඉදිරිපත් කරන්නෙ අලුත් සිස්ටම් එකක්. මෙය ක්‍රියාත්මක කිරීම සඳහා විශාල මුදල් කන්දරාවක් හමුවේ තමන්ගේ අවංක බවෙන් බැහැර නොවී සිටීමට අධිෂ්ඨානය, ධෛර්යය තිබෙන මේ රටට අවංකවම ආදරය කරන නව චින්තනයක් සහිත ජාතික ඉලක්ක කෙසේ හෝ සපුරා ගැනීමට උමනාවක් තිබෙන පිරිසක් අත්‍යවශ්‍ය වෙනවා.

    ඉතින් ආණ්ඩුවෙන් ඔබට මොකුත් කිව්වෙ නැද්ද?

    කිව්වා. මට කිව්වා රොහාන් එළියෙ ඉන්න නිසා ඔය වගේ දේවල් කියන්න පුළුවන්. නමුත් ආණ්ඩුවක් විදිහට අපිට අපේ සමස්ත ණය එක පාර ගෙවද්දි ලෝක දේශපාලනික කාරණා ගැන හිතන්න වෙනවා කියලා.

    ඒ කියන්නෙ ජපානය මැදිහත් වෙන නිසාද?

    ඔව්. කෙටියෙන්ම කිව්වොත් චීනය කැමති නෑ ජපානය ඇතුළු රටවල් ඔය වගේ වැඩක් කරනවාට. සිරිමාවෝ මැතිණියගෙන් පසු පත්වූ සෑම ආණ්ඩුවක්ම නොබැඳි විදේශ ප්‍රතිපත්තියෙන් අෑත් වීම නිසා තමයි අපට බලවතුන් සමඟ සම්බන්ධකම් තියාගන්න කෝටි ගණනින් ජනතා මුදල් වියදම් කරන්න වෙලා තියෙන්නේ.

    ඔබ 2020 ජනාධිපතිවරණයට ඉල්ලනවා නම් කොහොමද ඒ ක්‍රමවේදය හදන්නේ?

    අපි දැනට පක්ෂයක් නිර්මාණය කරල තියෙනවා “සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය”. මේක අලුත් තත්ත්වයක් නිසා බොහෝ වැඩකටයුතු ඉදිරියේදී කරන්න නියමිත වෙලා තියෙනවා. දැනටමත් මුල් මට්ටමේ සාකච්ඡා වට කිහිපයක් සහ සංවිධාන පිහිටුවීම ආරම්භ කරල තියෙනවා. මහාචාර්ය ක්‍රිෂාන් දෙහෙරගොඩ, ඔහු තමයි “ඉභඵබචඪදචඡඪතඪබර”, “තිරසාර බව” කියන සංකල්පය ශ්‍රී ලංකාවට මුල්ම වරට හඳුන්වා දුන්නේ. මහාචාර්ය රෝහණ මහලියනාරච්චි ඔහු අපේ රටේ ලාබාලතම උපකුලපතිවරයා. ආචාර්ය ඩබ්ලිව්. විජේරත්න - සබරගමුව විශ්වවිද්‍යාලය කෘෂිකර්ම ක්ෂේත්‍රයට සම්බන්ධව, නව නිපැයුම් සංවර්ධන කිරීම පිළිබඳ පේටන්ට් අයිතිය, මෙතුමාට තියෙනවා... එවැනි විද්වත් අය තමයි මේ ව්‍යාපෘතියේ ඉදිරියෙන් ඉන්නේ. ඊට අමතරව මේ වැඩපිළිවෙලේ ප්‍රමුඛව කටයුතු කරන්නෙ විශ්වවිද්‍යාල ආචාර්ය, මහාචාර්ය 30 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක්. අපි කරන්නෙ අපේ රටට සත්‍යවාදී වැඩපිළිවෙලක්. අපි විශ්වාස කරනවා පැරණි දේශපාලන පක්ෂ ක්‍රමය මිනිස්සුන්ට දැන් එපා වෙලා තියෙන්නෙ කියලා. දැන් ඡන්ද දායකයා වෙනස්. ඔවුන් ඉස්සරට වැඩි ස්මාර්ට්. අපේ වැඩපිළිවෙල සමාජගත කරන්න භාවිතා කරන ක්‍රමවේදයත් වෙනස්. එය දිස්ත්‍රික් මට්ටමින් මෙන්ම පුද්ගල මට්ටමින් සිදුවෙනවා. ඒ විතරක් නෙමෙයි, මේ තත්ත්වය ලංකාවට අලුත් තත්ත්වයක්. අපේ රටේ විශ්වවිද්‍යාල පද්ධතිය තමයි මේ ව්‍යාපෘතියේ නියමුවන් වෙන්නේ.

    ඉතින් කොහොමද මේ පවතින දේශපාලන ක්‍රමය වෙනස් කරන්නෙ?

    අවසානයේදී ඡන්ද දායකයා තමයි අපිට වැදගත් වෙන්නෙ. වර්තමාන දේශපාලන තත්ත්වය විග්‍රහ කරගැනීමට අවශ්‍ය දැනුමෙන් ජනතාව බල ගැන්වීම සහ සම්ප්‍රදායික දේශපාලන මානසික වහල්භාවයෙන් ජනතාව මුදා ගැනිමට නායකත්වය දීමට සිදුවෙනවා.

    ලංකාවේ දේශපාන මතය හදන්නෙ මාධ්‍ය ආයතන. මාධ්‍ය ආයතන කිහිපක හිමිකරුවන්ගෙ මතය තමයි සමාජ ගත වෙන්නෙ. ඉතින් කොහොමද ඔබ මේ වගේ මාධ්‍යත් එක්ක ජනාධිපතිවරණයකට මුහුණ දෙන්නෙ.

    මම මුලිනුත් කිව්වා වගේ. මේ වැඩේට විශාල මුදලක් යනවා. මට අවශ්‍යතාවය තියෙනවා නම් ගුවන් කාලය වුණත් මට සල්ලිවලට ගන්න පුළුවන්. අපි උත්සාහ දරුවා දැනට තිබෙන ජනප්‍රිය රූපවාහිනී නාලිකාවක් සල්ලිවලටම ගන්න. නමුත් ඔවුන් අපිට දුන්නෙ නොවටිනා මිලක් බලමු... ඉදිරියේදී මොකද යන්නෙ කියලා.

    ජපන් අගමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරයට ඔබ සහභාගී වෙන්නේ ජපානය පැත්තෙන්, නමුත් ඔබ ශ්‍රී ලාංකිකයෙක්?

    ඔව්. ජපන් අගමැතිතුමාට ආරාධනා පත්‍රය දෙන්නත් මම දායක වුණා. නමුත් අපේ රටෙන් මට ආරාධනා පත්‍රයක් ආවෙ නෑ. මට ආරාධනා කළේ ජපන් තානාපති කාර්යාලයෙන්. එදා ජපන් අගමැතිතුමා එක්ක මමත් හිටියා. මහින්ද මහත්තයාට මාව හඳුන්වලා දුන්නේ ජපන් අගමැතිතුමා.

    ඔබතුමාගේ අධ්‍යයන සුදුසුකම් මොනවද? මොකද ජනාධිපතිවරයෙක් තෝරද්දි ඒවත් බලනවා?

    මම ඉංගී්‍රසි භාෂාව පිළිබඳ උපාධිය ගත්තෙ 1995 දී. නීතිඥයෙක් විදිහට දිවුරුම් දුන්නේ 1996දී. ර්ඕඒ උපාධිය ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ගත්තෙ 2008දී. ආචාර්ය උපාධිය කරමින් ඉන්නවා කැලණිය විශ්වවිද්‍යාලයෙ.

    දැනට ඔබේ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් නිකුත් කරල තියෙනවද?

    අපි වෙනම විද්වත් මණ්ඩලයකින් එය සකස් කරමින් ඉන්නෙ. ඒ නිසා අපි ඒ ගැන පසුව කතා කරමු. එය සැකසෙන්නෙ දේශීය මෙන්ම විදේශීය විද්වත් මණ්ඩලයක් සමඟයි.

    ඔබට කවුරුහරි චෝදනා කළොත් ඔබව මෙහෙයවන්නෙ විදේශ බලවේග කියලා?

    මගේ වැඩපිළිවෙල ජාතිකත්වය මත පදනම් වූ එකක්. මම විශ්වාස කරන්නෙ ජාතික ආර්ථිකයක්. එයට සහයෝගය දෙන ඕනෑම කෙනෙකුට ඕනෑම රටකට ඒ අවස්ථාව අපි ලබා දෙනවා.

    ඔබ අපි දැකලා තියෙන අනිත් ජනාධිපතිවරුන්ට වඩා වෙනස්?

    මම හිතන්නෙ මේ වෙලාවෙ රටට අවශ්‍ය දේශපාලන නායකත්වයකට වැඩිය ආර්ථික දැක්මක් සහිත නායකත්වයක්. මම ඒ වෙනුවෙන් පෙනී සිටිනවා. මහා දේශපාලන චරිතවලින් ඔබ්බට ගිය, රට ඉදිරියට ගෙන යන අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කළ හැකි වැඩ පිළිවෙලක් වෙනුවෙන් මම පෙනී සිටිනවා. එයයි වෙනස.

    සරලව කිව්වොත්, ඔබ දක්ෂිණාංශික දේශපාලන ධාරාවද නියොජනය කරන්නෙ වාමාංශික දේශපාලනයද?

    මම ඉදිරිපත් කරන්නෙ නිෂ්පාදිත ආර්ථිකයක් මත පදනම් වූ මැද මාවතක වැඩ පිළිවෙලක්.

    හම්බන්තොට වරාය චීනෙට දීපු එක ගැන මොකද හිතෙන්නේ?

    ඒක ජාතික අපරාධයක්. මේ හැම දෙයක්ම දැන් වෙනස් විය යුතුයි කියලයි මම හිතන්නේ.

    ඔබගේ මේ අනාවරණයත් එක්ක ඔබ ගැන බොහෝ දෙනෙක් සොයා බලාවි

    මට ඒක ප්‍රශ්නයක් නෙවෙයි. මම ඇතුළු අපේ කණ්ඩායමේ උත්සාහය අවංක එකක්. අපි විශ්වාස කරනවා මතු පරම්රාවට සෞභාග්‍යවත් රටක් අපි ඉතුරු කරල යා යුතුයි කියලා.
    හදිස්සියෙන්වත් අපේ රටේ තිබෙන විශාල පක්ෂ කිහිපයක් එකතුව ගොඩනැගෙන සන්ධානයකට ඔබට ආරාධනා කළොත්?

    ප්‍රශ්නයක් නෑ. අපේ වැඩපිළිවෙලට එකඟවීම පමණයි එකම කොන්දේසිය.