Sexy Somapala vs Rest of the Elakiriyansමෙතන තියෙන්නේ civil vs IT වලියක් ද ?
නැත්නම් IFS එකේ උන්ට layoff එකෙන් මොකක්ද උනේ කියන එක ද ?
Civil සුපිරියි සෙමි ගවර්මන්ට් ජොබ් එකකට යන්න පුලුවන්නන්.. හැබැයි ඒවට යන විදිහ දෙයියොත් දන්නෙ නැහැ.Civil ජොබ් opportunities / සැලරි ඔක්කොම පැත්තකට දාලා කතා කරොත්, බහුතරයක් ජොබ් වල අමුම අමු කට්ටක් තියෙන්නේ. බහුතරයක් තියෙන්නේ construction සයිට් බේස් ජොබ් තමයි industry එකට මුලින්ම යන කෙනෙක්ට. ගෙයක් දොරක්, පවුලක් ගැන හැගීමක් නැති රෑට බෝඩිමේ උන් එක්ක අඩියක් දාලා නිදා ගන්න එකෙක්ට ඇර ඕක satisfied job experience එකක් කියලා මම හිතන්නේ නෑ. බහුතරයක් ඔවයේ project manager ඉන්න අය ඉන්නේ සයිට් වලටම ජිවිතේ දිය කරපු උන්. Long work hours/ අව්ව-වැස්ස/ නිවාඩු වගේ දේවල් උන්ට අදාළ නෑ.
ලංකාවේ අවුරුදු කීපයක් කට්ට කාල රට යනවා කියන මතේ ඉන්නව නම් මේක ලොකු අව්ලක් නැති වෙයි. ඒත් මම හිතන්නේ නෑ හැමෝටම රට යන්නම ඕනේ, සහ රට යන්න ඕන උනත් යන්න පුළුවන් වාතාවරණයක් ඇති කියලා (family responsibilities නිසා).
මාගා එකේ වැඩ කරන මගේ යාළුවෙක් ඉන්නවා. අර නුවර ටවුන් එකේ බස් terminal එකක් ද මොකක්ද හදන එකේ වැඩ කරන්නේ. දවස් 25-27 එක දිගට වැඩලු, ඊට පස්සේ site shut down කියලා දවස් 4-5 නිවාඩු දෙනවලු, ඒ දවස් ඉවර උනාම ආයේ දවස් 25-27 වැඩ. ඔය විදියට තමයි වැඩ යනවා කිව්වේ. ඔහොම වැඩ කරන්න පුළුවන්ද මනුස්සයෙක්ට.
ශෙප් එකේ උදේට වැඩට ගිහින් හවසට ගෙදර ඇවිල්ලා, weekend වල තමන්ගේ වැඩක් පලක් කරන් පොඩි රවුමක් දාලා ඉන්න ආස කෙනෙක් නම් ඉතින් civil කරන්න කලින් කීප සැරයක් හිතන්න
Civil වල design පැත්තේ ජොබ් තියෙනවා. හැබැයි opportunities අඩුයි මම දන්න විදියට. ඒවයෙ නම් ලොකුවට කට්ටක් නැතුව ඇති ඔෆිස් වල නිසා.
------ Post added on Aug 4, 2026 at 9:14 PM

