Indian Kunu Goden

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඕපාදූප.......


    elakiri maxxa wadak...igatama kernna


    තව පොඩ්ඩෙන් බිපාෂා ඉවරයි.......:baffled:

    ඕපදූප කියවනකොටත් මාර ත්‍රිල් එක:D:D

    කොමෙන්ට් වලට ගොඩක් තෑන්ක්ස් එල එල
    ඔව් ඔව් ඕප දූප අහන්න අපේ කස්ටිය ගොඩක් ආසයි නේ

    ඒකෙත් අමතුම ෆන් එකක් තියෙනවා

    තෑන්ක්ස් වෙවා
     
    • Like
    Reactions: tcpik

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අසින්ට අසිරිමත් අත්දැකීමක්

    අසින්ට අසිරිමත් අත්දැකීමක්

    av10110720-2.jpg
    බොලිවුඩ්පුරයේ ජනප්‍රිය යොවුන් නිළියක් පසුගිය 26 දා තම ජීවිතයේ 25 වැනි වියට පා තැබුවා.
    රූපයෙන් අගතැන්පත්, රංගන හැකියාවන්ගෙන් ද නොඅඩු ඇය තමයි අසින් තොටුම්කල්. ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ උපත ලැබූ අසින් මුලින් ම රඟපෑවේ 2001 දී මලයාලම් චිත්‍රපටයකයි. ඒ වනවිට ඇයගේ වයස අවුරුදු 16 යි. එදා සිට මේ වනතුරු මලයාලම්, තෙළිගු, දෙමළ සහ හින්දි ඇතුළු චිත්‍රපට 22 ක රඟපා ඇති අසින් නිළියක හැටියට ශක්තිමත් ස්ථාවරයක සිටින බව අමුතුවෙන් සටහන් කළ යුතු නැහැ.
    මෑතකදී ශ්‍රී ලංකාවේ පැවති අයිෆා සිනමා උලෙළට ද සහභාගි වූ අසින් මෙරට රසිකයන් අතර වඩාත් ජනප්‍රිය වුණේ ‘ගජිනි’ චිත්‍රපටයේ රඟපෑමෙන්. ඇයගේ සුන්දර රුව රැගත් කටවුට් මඟ තොටේ දී ඔබ දැක ඇතුවාටත් සැකයක් නැහැ.
    අසින්ගේ 25 වැනි උපන් දිනය පැවැත්වුණේ විශේෂ අමුත්තියන් තිදෙනෙකුගේ සහභාගිත්වයෙන්. මේ තිදෙනා පැමිණියේ එංගලන්තයෙන්, ඇමරිකාවෙන් සහ ඕස්ට්‍රේලියාවෙන්. අසින් ගේ උපන් දිනය වෙනුවෙන් ම ඉන්දියාවට පැමිණි මේ තුන්දෙනා කවුරුන් ද? අපි ඒ වගතුග අසින්ගෙන් ම දැන ගනිමු.
    “මගේ උපන් දිනයට ආපු මේ තුන් දෙනා මගේ හොඳම යෙහෙළියෝ. අපි ඉගෙන ගත්තේ එක ඉස්කෝලේ. එක් කෙනෙක් ටාන්යා. එයා පදිංචි වෙලා ඉන්නෙ එංගලන්තයේ ලිවර් පූල් නගරයේ. අනෙක් එක්කෙනා ප්‍රියා.
    එයා ඉන්නෙ ඇමෙරිකාවෙ නිව්යෝක්වල. ඕස්ට්‍රේලියාවෙ පදිංචි වෙලා ඉන්න අනෙක් යෙහෙළිය රෝස්. හුඟ කාලෙකට පස්සෙයි අපි හතර දෙනාම එකට මුණ ගැහුණේ. සාමාන්‍යයෙන් උපන් දිනයක් වෙනුවෙන් ම මේ අය ඉන්දියාවට ආවයි කියල හිතන්නවත් බැහැ නේද? නමුත් මමවත් නොහිතපු දේ සිද්ධ වුණා.” අසින් එහෙම කීවේ දරාගන්න බැරි සතුටකින්.
    ටාන්යා, ප්‍රියා සහ රෝස් තුන්දෙනාම අසින්නේ නිවෙසට පැමිණ උපන් දිනය වෙනුවෙන් සැරසිලි කරන්නටත් මැළි වුණේ නැහැ. උපන් දින උත්සවයට අසින්ගේ දෙමව්පියන් එක්ක මේ යෙහෙළියන් තුන් දෙනා එක්වී අසින් සමඟ ඇති තරම් සතුටු වුණා.
    “25 වැනි උපන් දිනය මට කවදාවත් අමතක වෙන්නෙ නෑ. පුංචි කාලෙ එකට ඉගෙන ගත්ත යෙහෙළියන් තුන් දෙනෙක් එක්ක උපන් දිනය සැමරීම අමතක වෙන්නෙ කොහොමද? හැම අවුරුද්දෙම මට මගේ අම්මා රත්තරන් ආභරණයක් තෑගි දෙනවා. මේ අවුරුද්දෙ මට ලැබුණේ දියමන්තියක් අල්ලපු මාලයක්. තාත්තාත් මට ඉතාම වටිනා තෑග්ගක් දුන්නා” ඒ කුමක්දැයි ඇය හෙළි කළේ නැහැ.
    “මගේ වයස නම් මම කවදාවත් හංගන්නෙ නෑ. දැන් වගේ ම මතුවටත් මගේ නියම වයස කියනවා. අනෙක් අය වගේ වයස හංගන්නෙ මොකටද?”
    අසින් කට කොනකට සිනහවක් නඟමින් පැවසුවා.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ප්‍රීටිගේ සැඟවුණු රහස් හෙළි වෙයිද?

    ප්‍රීටිගේ සැඟවුණු රහස් හෙළි වෙයිද?

    av10110720-1.jpg
    යොවුන් රසික පරපුරේ ආදරය දිනූ ප්‍රීටි සින්ටා අලුත් වැඩකට මුල පුරන්නයි සැරසෙන්නේ. එය සිනමාවට සම්බන්ධ වැඩක් නම් නොවෙයි. එහෙම නම්...?
    ප්‍රීටි මේ දවස්වල සූදානම් වන්නේ තමන්ගේ ජීවිත කතාව ඇතුළත් පොතක් එළි දක්වන්නයි. තවමත් මෙය රචනා කිරීම ආරම්භ කරලා නැහැ.
    ඒ වුණත් ඉන්දියාවේ සහ පිටරටවල පොත් ප්‍රකාශන ආයතන කිහිපයක්ම ප්‍රීට්ගේ ජීවිත කතාව ඇතුළත් පොත ප්‍රකාශයට පත් කිරීම සඳහා අවශ්‍ය අවසරය ලබා ගැනීමට ඇය මුණ ගැසී තිබෙන බවයි දැන ගන්නට ලැබුණේ. මේ ප්‍රකාශකයන්ට අවශ්‍ය වී තිබෙන්නේ ප්‍රීට් ගේ ජීවිතයෙහි සියලුම සිදුවීම් වසන් නොකර මේ පොතට ඇතුළත් කරන්නයි.
    විශේෂයෙන් ම ඇයට ඉන්දියාවේ පාතාල ලෝකයෙන් එල්ලවුණු තර්ජන පිළිබඳ කරුණු, ඇය නෙස් වාඩියා සමඟ පැවැත්වූ පෙම් සබඳතාව පිළිබඳ මෙතෙක් හෙළි නොවූ කරුණු මෙන් ම ඇය අයි.පී.එල්. ක්‍රිකට් තරගාවලියට සම්බන්ධවීමෙන් ලද අත්දැකීම් යනාදිය ද ඇතුළත් කරන්නැයි පොත් ප්‍රකාශකයින් ඉල්ලා තිබෙනවා.
    “තාමත් මගේ චරිත කතාව ලියන ලේඛකයා තෝරාගෙන නැහැ. මගේ චරිත කතාව ලිවීමේ අයිතිය තියෙන්නෙ මටයි. මගේ කතාව තවත් කෙනෙකුට අවශ්‍ය විදිහට ලිවීමේ තේරුමක් නැහැ. මගේ අත්දැකීම් ලියන්න ඕනෙ මමමයි.
    මට අවශ්‍ය, විශේෂ ශෛලියකට මේ පොත ලියන්නයි. මගේ ජීවිතයේ සිදුවුණු සංවේදී සිදුවීම් ගොඩක් තියෙනවා. ඒවා මෙතෙක් කිසිම කෙනෙක් නොදන්නා දේවල්. ඒ කරුණු හෙළි කරන එක සුදුසු ද කියලත් වෙලාවකට මට හිතෙනවා” යැයි ප්‍රීට් කියා සිටියේ ඇයගේ චරිතාපදානය පිළිබඳව ඉන්දීය මාධ්‍ය ආයතනයක් විමසූ අවස්ථාවේදී යි.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අසින්ට අසිරිමත් අත්දැකීමක්

    av10110720-2.jpg
    බොලිවුඩ්පුරයේ ජනප්‍රිය යොවුන් නිළියක් පසුගිය 26 දා තම ජීවිතයේ 25 වැනි වියට පා තැබුවා.
    රූපයෙන් අගතැන්පත්, රංගන හැකියාවන්ගෙන් ද නොඅඩු ඇය තමයි අසින් තොටුම්කල්. ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ උපත ලැබූ අසින් මුලින් ම රඟපෑවේ 2001 දී මලයාලම් චිත්‍රපටයකයි. ඒ වනවිට ඇයගේ වයස අවුරුදු 16 යි. එදා සිට මේ වනතුරු මලයාලම්, තෙළිගු, දෙමළ සහ හින්දි ඇතුළු චිත්‍රපට 22 ක රඟපා ඇති අසින් නිළියක හැටියට ශක්තිමත් ස්ථාවරයක සිටින බව අමුතුවෙන් සටහන් කළ යුතු නැහැ.
    මෑතකදී ශ්‍රී ලංකාවේ පැවති අයිෆා සිනමා උලෙළට ද සහභාගි වූ අසින් මෙරට රසිකයන් අතර වඩාත් ජනප්‍රිය වුණේ ‘ගජිනි’ චිත්‍රපටයේ රඟපෑමෙන්. ඇයගේ සුන්දර රුව රැගත් කටවුට් මඟ තොටේ දී ඔබ දැක ඇතුවාටත් සැකයක් නැහැ.
    අසින්ගේ 25 වැනි උපන් දිනය පැවැත්වුණේ විශේෂ අමුත්තියන් තිදෙනෙකුගේ සහභාගිත්වයෙන්. මේ තිදෙනා පැමිණියේ එංගලන්තයෙන්, ඇමරිකාවෙන් සහ ඕස්ට්‍රේලියාවෙන්. අසින් ගේ උපන් දිනය වෙනුවෙන් ම ඉන්දියාවට පැමිණි මේ තුන්දෙනා කවුරුන් ද? අපි ඒ වගතුග අසින්ගෙන් ම දැන ගනිමු.
    “මගේ උපන් දිනයට ආපු මේ තුන් දෙනා මගේ හොඳම යෙහෙළියෝ. අපි ඉගෙන ගත්තේ එක ඉස්කෝලේ. එක් කෙනෙක් ටාන්යා. එයා පදිංචි වෙලා ඉන්නෙ එංගලන්තයේ ලිවර් පූල් නගරයේ. අනෙක් එක්කෙනා ප්‍රියා.
    එයා ඉන්නෙ ඇමෙරිකාවෙ නිව්යෝක්වල. ඕස්ට්‍රේලියාවෙ පදිංචි වෙලා ඉන්න අනෙක් යෙහෙළිය රෝස්. හුඟ කාලෙකට පස්සෙයි අපි හතර දෙනාම එකට මුණ ගැහුණේ. සාමාන්‍යයෙන් උපන් දිනයක් වෙනුවෙන් ම මේ අය ඉන්දියාවට ආවයි කියල හිතන්නවත් බැහැ නේද? නමුත් මමවත් නොහිතපු දේ සිද්ධ වුණා.” අසින් එහෙම කීවේ දරාගන්න බැරි සතුටකින්.
    ටාන්යා, ප්‍රියා සහ රෝස් තුන්දෙනාම අසින්නේ නිවෙසට පැමිණ උපන් දිනය වෙනුවෙන් සැරසිලි කරන්නටත් මැළි වුණේ නැහැ. උපන් දින උත්සවයට අසින්ගේ දෙමව්පියන් එක්ක මේ යෙහෙළියන් තුන් දෙනා එක්වී අසින් සමඟ ඇති තරම් සතුටු වුණා.
    “25 වැනි උපන් දිනය මට කවදාවත් අමතක වෙන්නෙ නෑ. පුංචි කාලෙ එකට ඉගෙන ගත්ත යෙහෙළියන් තුන් දෙනෙක් එක්ක උපන් දිනය සැමරීම අමතක වෙන්නෙ කොහොමද? හැම අවුරුද්දෙම මට මගේ අම්මා රත්තරන් ආභරණයක් තෑගි දෙනවා. මේ අවුරුද්දෙ මට ලැබුණේ දියමන්තියක් අල්ලපු මාලයක්. තාත්තාත් මට ඉතාම වටිනා තෑග්ගක් දුන්නා” ඒ කුමක්දැයි ඇය හෙළි කළේ නැහැ.
    “මගේ වයස නම් මම කවදාවත් හංගන්නෙ නෑ. දැන් වගේ ම මතුවටත් මගේ නියම වයස කියනවා. අනෙක් අය වගේ වයස හංගන්නෙ මොකටද?”
    අසින් කට කොනකට සිනහවක් නඟමින් පැවසුවා.

    ප්‍රීටිගේ සැඟවුණු රහස් හෙළි වෙයිද?

    av10110720-1.jpg
    යොවුන් රසික පරපුරේ ආදරය දිනූ ප්‍රීටි සින්ටා අලුත් වැඩකට මුල පුරන්නයි සැරසෙන්නේ. එය සිනමාවට සම්බන්ධ වැඩක් නම් නොවෙයි. එහෙම නම්...?
    ප්‍රීටි මේ දවස්වල සූදානම් වන්නේ තමන්ගේ ජීවිත කතාව ඇතුළත් පොතක් එළි දක්වන්නයි. තවමත් මෙය රචනා කිරීම ආරම්භ කරලා නැහැ.
    ඒ වුණත් ඉන්දියාවේ සහ පිටරටවල පොත් ප්‍රකාශන ආයතන කිහිපයක්ම ප්‍රීට්ගේ ජීවිත කතාව ඇතුළත් පොත ප්‍රකාශයට පත් කිරීම සඳහා අවශ්‍ය අවසරය ලබා ගැනීමට ඇය මුණ ගැසී තිබෙන බවයි දැන ගන්නට ලැබුණේ. මේ ප්‍රකාශකයන්ට අවශ්‍ය වී තිබෙන්නේ ප්‍රීට් ගේ ජීවිතයෙහි සියලුම සිදුවීම් වසන් නොකර මේ පොතට ඇතුළත් කරන්නයි.
    විශේෂයෙන් ම ඇයට ඉන්දියාවේ පාතාල ලෝකයෙන් එල්ලවුණු තර්ජන පිළිබඳ කරුණු, ඇය නෙස් වාඩියා සමඟ පැවැත්වූ පෙම් සබඳතාව පිළිබඳ මෙතෙක් හෙළි නොවූ කරුණු මෙන් ම ඇය අයි.පී.එල්. ක්‍රිකට් තරගාවලියට සම්බන්ධවීමෙන් ලද අත්දැකීම් යනාදිය ද ඇතුළත් කරන්නැයි පොත් ප්‍රකාශකයින් ඉල්ලා තිබෙනවා.
    “තාමත් මගේ චරිත කතාව ලියන ලේඛකයා තෝරාගෙන නැහැ. මගේ චරිත කතාව ලිවීමේ අයිතිය තියෙන්නෙ මටයි. මගේ කතාව තවත් කෙනෙකුට අවශ්‍ය විදිහට ලිවීමේ තේරුමක් නැහැ. මගේ අත්දැකීම් ලියන්න ඕනෙ මමමයි.
    මට අවශ්‍ය, විශේෂ ශෛලියකට මේ පොත ලියන්නයි. මගේ ජීවිතයේ සිදුවුණු සංවේදී සිදුවීම් ගොඩක් තියෙනවා. ඒවා මෙතෙක් කිසිම කෙනෙක් නොදන්නා දේවල්. ඒ කරුණු හෙළි කරන එක සුදුසු ද කියලත් වෙලාවකට මට හිතෙනවා” යැයි ප්‍රීට් කියා සිටියේ ඇයගේ චරිතාපදානය පිළිබඳව ඉන්දීය මාධ්‍ය ආයතනයක් විමසූ අවස්ථාවේදී යි.

    නියමයි කොල්ලා නියමයි දිගටම කරගෙන යමු වැඩේ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    කට්රිනා සත්‍යය හෙළිකරයි


    පසුගිය වසර 8ක කාලය පුරාම බොලිවුඩයේ සුපිරි නිළි කට්රිනා කයිෆ්, ඇය හා සුපිරි නළු සල්මන් ඛාන් අතර පැවති සබඳතාවය පිළිබඳව කිසිදු තොරතුරක් හෙළිනොකළාය. තමන් හා කට්රිනා අතර පැවති පෙම් සබඳතාවය මෙන්ම එය බිඳවැටීම පිළිබඳවත් සල්මන් ප්‍රසිද්ධ මාධ්‍ය වෙත හෙළිදරව් කළ ද කට්රිනා පිරුවේ නිහඬ වතකි. කට්රිනා, සල්මන් හා එක්ව රංගනයේ යෙදුණද, විවිධ උත්සව අවස්ථා සඳහා සහභාගි වුව ද සැමවිටම උත්සාහ දැරුවේ තමා හා සල්මන් හොඳ මිතුරන් බව ලෝකයාට ඒත්තු ගැන්වීමටය. අවසානයේ පසුගිය දිනෙක තමන් හා සල්මන් අතර වූ සබඳතාවය බිඳවැටුණු බව කට්රිනා පිළිගෙන තිබේ.


    756467235_4sd6ssy2.jpg



    කට්රිනා බොලිවුඩ් රංගනය පිවිසි මුල්ම අවධියෙහි පුවත්පතක් වෙත ලබාදුන් සම්මුඛ සාකච්ඡාවක් පසුගිය දිනෙක හදිසියේම හෙළිදරව් වී තිබේ. එහිදී ඇය තමන් හා සල්මන් අතර වූ සමීප සබඳතාවය පිළිබඳව විවෘතව අදහස් ඉදිරිපත් කර ඇත. මෙම ලිපිය නිසා මේ දිනවල සිය හිටපු පෙම්වතා සමග වෘත්තීය මට්ටමේ සබඳතාවය යහපත් ලෙස ගොඩනගා ගැනීමට උත්සාහ දරන කට්රිනා මහත් අපහසුතාවයට පත්ව ඇති බව වාර්තා වේ. ඇය වහා ක්ෂේත්‍රෙය් ප්‍රවීණයින් කිහිපදෙනෙකු වෙත දුරකථන ඇමතුම් ලබා දී මෙම ගැටලුව විසඳාගැනීමට අවශ්‍ය බව දැනුම් දී තිබේ.



    762259104_b5wwnj0k.jpg



    එමෙන්ම ඇය පුවත්පත් සාකච්ඡාවක් ලබාදෙමින් තමන් හා සල්මන් අතර පැවති පෙම් සබඳතාවය බිඳවැටුණු බව මාධ්‍ය වෙත හෙළිදරව් කර තිබේ. නමුත් දැනට මතුව තිබෙන ගැටලුව වන්නේ කට්රිනා අවසානයේ සල්මන් සම්බන්ධ ගැටලුව නිරාකරණය කිරීමට තීරණ කළේ මන්ද යන්නය. ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ මෙම ගැටලුව නිසා ඇය ඉමහත් අපහසුතාවයට පත්ව ඇති බවත්, රන්බීර් සමග වන සබඳතාවයට එය ගැටුවක් වනු ඇති බවට ඇය කල්පනා කරන්නට ඇති බවත්ය.? ආරක්ෂක උපක්‍රමයක් ලෙස ඇය මෙම පාපොච්චාරණය සිදුකරන්නට ඇති බව ද ආරංචි මාර්ග සඳහන් කරයි.



    1650560289_b7b0294533e-Ramp.jpg.jpg



    සල්මන් හා ඇය අතර වූ සබඳතාවය පිළිබඳව තවදුරටත් යම් යම් ආරංචි මාර්ග රන්බීර් කපූර් හා ඔහුගේ පවුල වෙත යෑම වැලැක්වීමට අවශ්‍ය වන්නට ඇති බව ද බොලිවුඩ් ආරංචි මාර්ග සඳහන් කරයි. සල්මන් හා තමන් මින් ඉදිරියට මිතුරන් පමණක් බව ද කට්රිනා ප්‍රකාශ කර තිබේ. කිසිදු අමනාපකමක් දෙදෙනා අතර නොවන බව ද ඇය අවධාරණය කර තිබේ. මිතුරුදම හා වෘත්තීය මට්ටමේ සබඳතාවයක් හැරෙන්නට තමන් හා සල්මන් අතර වෙනත් සබඳතාවයක් නොවන බව සිය ප්‍රේක්ෂයන් වෙත අවධාරණය කිරීමට කට්රිනාට අවශ්‍යව ඇත. ඇගේ එම පණිවිඩය ප්‍රේක්ෂකයින් මැනවින් වටහාගනු ඇතැයි අපේක්ෂා කරමු.



    1507086265_j6ib3s9i.jpg

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    හිමේෂ් පෙම්වතිය අතහරියි


    සංගීත ශිල්පියෙකු මෙන්ම රංගන ශිල්පියෙකු ලෙස බොලිවුඩය තුළ ජනප්‍රියත්වයක් හිමිකරගත් හිමේෂ් රේෂම්මියා තරමක ආන්දෝලනාත්මක චරිතයක් වූයේ ඔහුගේ පෞද්ගලික ජීවිතයේ වූ යම් යම් ගැටලු නිසාය. රේෂම්මියා 21 හැවිරිදි වියේදී කෝමල් සමග විවාහ වූ අතර එම විවාහයෙන් ඔහු පුතෙකුද ලැබීය. නමුත් පසුව සෝනියා කපූර් නම් රූපවාහිනී රංගන ශිල්පිණිය සමග ප්‍රේමයෙන් බැඳුණි. එම සබඳතාවය ඔහුගේ බිරිඳ ද දත් ප්‍රසිද්ධ රහසක් විය. හිමේෂ් හා සෝනියා ලෝකන්ද්වාලාහි මහල් නිවසක එක්ව ජීවත්විය.


    2070515346_dixawics.jpg



    නමුත් වාර්තාවන අලුත්ම ආරංචි මාර්ග අනුව සෝනියා එම මහල් නිවසින් නික්මගොස් ඇති බවත්, දෙදෙනා ස්ථිර ලෙසම වෙන්වන්නට තීරණය කර ඇති බවත් සඳහන්ය. හිමේෂ් -සෝනියා පෙම් සබඳතාවය ඇරඹියේ 2006 වර්ෂයේදීය. මාස කිහිපයකට පෙර සෝනියා නැවත තමන් පෙර ජීවත් වූ මහල් නිවස වෙත පිටත්ව ගොස් ඇත. එමෙන්ම සෝනියා මාස කිහිපයකට සිට එසේ හිමේෂ්ගේ නිවසෙහි දක්නට නොවූ බවත්, ඔවුන් දැන් මිතුරන් පමණක් බවත් එම මහල් නිවසක විසූ දෙදෙනාගේ මිතුරෙකු ඉන්දීය පුවත්පතක් වෙත සඳහන් කර ඇත.


    1762193351_bbb6g9mj.jpg



    හිමේෂ් හා සෝනියා අතර වූ පෙම් සබඳතාවයට ඔහුගේ බිරිඳ හෝ පවුලේ සාමාජිකයින් විරුද්ධත්වයක් පෑවේ නැත. ඔවුන් සෝනියා පිළිගත්තේ පවුලේ සාමාජිකයෙකු ලෙසය. එමෙන්ම බොහෝ අවස්ථා වල ඔවුන් දෙදෙනා විවේකය ගතකිරීම සඳහා විදෙස් රටවල් වෙත සංචාරය කරනු ලැබීය. වරක් ඔවුන් නව වසර සැමරීම සඳහා ශ්‍රී ලංකාවට ද පැමිණියහ. හිමේෂ් විසින් සෝනියාගේ සියලු වියදම් දැරූ අතර ඔහුගේ සියලුම මිතුරන් හා අධ්‍යක්ෂවරුන් වෙත ඇය හඳුන්වාදෙනු ලැබීය.


    1514190572_Untitled-1.jpg



    කෙසේවෙතත් මෙසේ දැඩි ආදරයකින් වෙලී සිටි යුවල ස්ථිර ලෙසම දෙදෙනා අතර වන පෙම් සබඳතාවයට අවසන් තිත තැබීමට තීරණය කර ඇති බව වාර්තා වේ. නමුත් සෝනියා හා තමන් තවදුරටත් මිතුරන් වන බව ද හිමේෂ් ඉන්දීය මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ. එපමණක් ද නොව ඔහුගේ එම ප්‍රකාශය සෝනියා ද තහවුරු කර ඇත.


    719072252_Himesh_Reshammiya_Wallpapers.JPG


     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    මොකද්ද බොලේ මේ අදමය් දැක්කෙ:P එල එල දිගලම කලගෙන නන්නෝ :P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ප්‍රියංකාටත් මංගල සීනු හැඬවෙයි


    බොලිවුඩයේ සුපිරි නිළියක මෙන්ම ලෝක රූ රැජිනක ද වන ප්‍රියංකා චොප්රාට ද මංගල සීනු හැඬවී ඇති බව වාර්තා වේ. මිලියන සංඛ්‍යාත ප්‍රේක්ෂකයින්ගේ හදවත් වල කිරුළ හිමිකරගත්, සිය වෘත්තීය ජීවිතය නිසාම මව්පියන් ගෙන ආ විවාහ යෝජනාද ප්‍රතික්ෂේප කළ ඇයගෙන් අවසානයේ විවාහය සම්බන්ධව යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි. සිය මව්පියන්ට සැනසුම් සුසුමක් හෙළීමට අවස්ථාව ලබාදෙමින් ප්‍රියංකා විවාහයට එකඟතාවය පළ කර ඇති බව වාර්තා වේ.


    2050796442_priyanka_chopra_wallpapers_09.jpg



    නමුත් තමන් බලාපොරොත්තු වන සහකරුගෙන් ඇය බලාපොරොත්තු වන ගුණාංග පිළිබඳව ද ඇය හෙළිදරව් කර තිබේ. ඇගේ එම කොන්දේසි අනුව නම් ඇයට සහකරුවෙකු සෙවීම එතරම් පහසු කාර්යයක් නොවනු ඇති බව ද වාර්තා වේ. නමුත් ප්‍රියංකාගේ මෙම ප්‍රකාශය ඇය පිළිබඳව බලාපොරොත්තුවෙන් සිටින ඇයගේ ප්‍රේක්ෂකයින්ට නම් සතුටුදායක ආරංචියක් වනු ඇත.


    1240905993_4mi7p9n1.jpg



    බොහෝ බොලිවුඩ් රංගන ශිල්පිණියන්ට ද පොදු වූ ලෙස ප්‍රියංකා චොප්රාට ආදරය සම්බන්ධව විවිධ කටකතා ගොඩනැඟිණි. වරක් බොලිවුඩය පුරා පැතිරගිය ආරංචියක් වූයේ ඇය බොලිවුඩ් නළු රන්බීර් කපූර් හා ආදරයෙන් බැඳී ඇති බවය. නමුත් ඇය හෝ රන්බීර් හෝ කිසිදු අවස්ථාවක එම පුවත් සත්‍යය බව හෙළි කරනු නොලැබීය. එමෙන්ම ලොව පුරා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් හිමිකරගත් කමීනේ චිත්‍රපටයෙන් පසු ප්‍රියංකා සමග එහි ප්‍රධාන චරිතය රඟපෑ ෂාහිද් කපූර් හා ඇය අතර පෙම් සබඳතාවයක් පවතින බව සඳහන් විය. නමුත් එය ද තහවුරු වූ පුවතක් නොවීය.


    1869963884_vgc3zr8o.jpg



    ප්‍රියංකා චොප්රා සිනමා රංගනයට පිවිසෙන්නේ 2000 වර්ෂයේ ලෝක රූ රැජින කිරුළ දිනාගැනීමෙන් පසුවය. මුජසේ ෂාදි කරෝගි, බ්ලෆ් මාස්ටර්, ක්‍රිෂ්, ඩොන්, සලාම් ඊ ඉෂ්ක්, ෆැෂන්, දෝස්තානා, කමීනේ ආදී චිත්‍රපට තුළින් වැඩි ජනප්‍රියත්වයක් හිමිකරගත් ප්‍රියංකා ෆැෂන් චිත්‍රපටය සඳහා හොඳම නිළියට හිමි ෆිල්ම් ෆෙයාර් සම්මානය ද හිමිකරගත්තාය. මෙම සුරූපී රංගන ශිල්පිණියගේ සහකරු වන වාසනාවන්තයා කවුදැයි දැනගැනීමට ඇයගේ රසික රසිකාවියන් නොඉවසිලිමත් වනු ඇත.


    1439582095_o3260kr7.jpg


     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඉම්රාන් -අවන්තිකා විවාහය උසාවියේදී


    ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පී ඉම්රාන් හා ඔහුගේ ආදරවන්තිය වන අවන්තිකා මලික් අතර විවාහ ගිවිසගැනීම මෙම වසරේ මුල සිදුවිය. ඉන්පසුව ඔහුගේ රසික රසිකාවියන් ඇසීමට බලාපොරොත්තුව සිටි පුවත වූයේ ඉම්රාන් -අවන්තිකා විවාහය සිදුවන දිනය පිළිබඳවය. අවසානයේදී සිය විවාහය 2011 වසරේ ජනවාරි මාසයේදී සිදුකිරීමට ඉම්රාන් තීරණය කර ඇති බව වාර්තා වේ. අධිකරණයකදී සිය විවාහ උත්සවය චාම් අන්දමින් පැවැත්වීමට ඔහු තීරණය කර ඇත.


    2143301304_d57drd9c.jpg



    ඉම්රාන් ඉස්ලාම් භක්තිකයකු වීමත්, අවන්තිකා හින්දු භක්තිකයකු වීමත් නිසා දෙදෙනා අතර විවාහය අධිකරණයකදී සිදුකිරීමට මෙම ආදරවන්තයින් යුවල තීරණය කර තිබේ. දෙදෙනා අතර ආගමික වෙනස නිසා ඥාතීන් අතරට ගැටලුකාරී තත්ත්වයක් මතු නොවන පිණිස මෙම තීරණය ගෙන ඇති බව සඳහන්ය. එමනිසාම 27 හැවිරිදි ඉම්රාන් සිය විවාහය චාම්ව මෙන්ම නිහඩව පැවැත්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.


    1770738498_gnh.jpg



    "මම ඉස්ලාම් භක්තිකයෙක්. අවන්තිකා හින්දු. පෞද්ගලිකව මට අප දෙදෙනාගේ ආදරය එක් ආගමක් මත පැවරීමට අවශ්‍ය වන්නේ නෑ. එමනිසා මධ්‍යස්ථව කල්පනා කර අප දෙදෙනාගේ විවාහය අධිකරණයකදී සිදුකිරීමට තීරණය කළා" ඉම්රාන් පවසා තිබේ. තවමත් ඉම්රාන් හා අවන්තිකා සිය විවාහය පවත්වන දිනය පිළිබඳව තීරණයක් ගෙන නොමැත. නමුත් පවුල් දෙකෙහි සමීපතම හිත මිතුරන් පමණක් අදාළ උත්සවය සඳහා ආරාධනා ලබනු ඇති බව ද වාර්තා වේ.


    140194454_7p72tpox.jpg



    ජානේ තූ යා ජානෙ නා, කිඩ්නැප්, අයි හේට් ලව් ස්ටෝරීස් හා බ්‍රේක් කේ බාද් වැනි චිත්‍රපට තුළින් ජනප්‍රියත්වයක් හිමිකරගත් ඉම්රාන් ඛාන් සුපිරි නළු අමීර් ඛාන්ගේ ඥාති පුතණුවෙක් ද වේ. 25 හැවිරිදි අවන්තිකා මලික් සමග ඔහු විවාහ ගිවිස ගනු ලැබුවේ වසර දීර්ඝකාලීන පෙම් පුවතිකන් පසුවය. ඉම්රන්ට අවන්තිකා හමුව ඇත්තේ උත්සව අවස්ථාවකදීය. එමෙන්ම ඇය හා කඩවසම් නළු, ඉම්රාන්ගේ සමීප මිතුරකු ද වන රන්බීර් කපූර් අතර පාසල් අවධියේදී පෙම් සබඳතාවක් පැවතී ඇති බව ද ආරංචි මාර්ග සඳහන් කරයි.


    1640178797_imranandavantika.jpg


     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ශාහිද් -ප්‍රියංකා ආදරයට අතරමැදියෙක්


    ශාහිද් කපූර් හා කරීනා කපූර් ප්‍රේම වෘතාන්තය කලක් බොලිවුඩයේ කා අතරත් කතාබහට ලක්වූ මාතෘකාවක් විය. දෙදෙනාගේම රසික රසිකාවියන් කවුරුත් පාහේ බලා සිටියේ ශාහිද් -කරීනා විවාහය පිළිබඳ සතුටුදායක පුවත ඇසීමටය. එහෙත් වැඩිකල් නොගොස් දෙදෙනාගේ පෙම් පුවතට අවසන් තිත තැබීමට දෙදෙනාම තීරණය කරනු ලැබීය. පසුව කරීනා බොලිවුඩයේ සුපිරි නළු සහිෆ් අලි ඛාන් සමග ප්‍රේමයෙන් බැඳුණාය. සහිෆ් ඒ වනවිට සිය පළමු විවාහයේ බිරිඳගෙන් නීත්‍යානුකූලව වෙන්වී සිටියේය. නමුත් ශාහිද් ඉන්පසුව තනිකඩ ජීවිතයට හුරුවිය. එහෙත් ඔහුට ද කටකතා වලින් මිදීමට නොහැකි විය.


    237073989_shahid-kapoor-wallpaper.jpg



    ශාහිද් සමග රංගනයේ යෙදුණු නිළියන් කිහිපදෙනෙකුගේම නම් සමග ඔහුගේ නම කියැවිණි. සුපිරි නිළි ප්‍රියංකා චොප්රා ඒ අතර ප්‍රධාන විය. නමුත් දෙදෙනා කිසිදු අවස්ථාවක ඒ පිළිබඳව මාධ්‍ය වෙත හෙළිදරව් නොකිරීමට පරිස්සම් විය. එම නිසා ශාහිද් -ප්‍රියංකා පෙම් පුවත නිල වශයෙන් තහවුරුවූවක් නොවීය. මාධ්‍ය වාර්තාකරන පරිදි ඔවුන් දෙදෙනා එකිනෙකාට බොහෝ ළංවූයේ කමීනේ චිත්‍රපටයේ රංගනයත් සමගය. නමුත් මෙම පෙම් සබඳතාවය එක් පුවතකට පමණක්ම සීමා වූ අතර ඉන්දීය මාධ්‍ය වාර්තා කරන පරිදි එමනිසාම ශාහිද් -ප්‍රියංකා පෙම් පුවත ද මේ වනවිට බිඳවැටී ඇත.


    1434412374_a84e3bs2.jpg



    නමුත් දෙදෙනාගේ මෙම විරසකවීමට වෙනත් පුද්ගලයෙකු හේතුවී ඇති බව ද වාර්තා වේ. මාධ්‍ය වාර්තා පෙන්වාදෙන පරිදි මෙම පුද්ගලයා වී ඇත්තේ තවත් ජනප්‍රිය බොලිවුඩ් නළුවකු වන රන්බීර් කපූර්ය. මෙම ගැටලුව පැන නැගී ඇත්තේ ද රන්බීර් හා ප්‍රියංකා රංගනයෙන් දායක වූ නවතම චිත්‍රපටය අන්ජානා -අන්ජානී නිසාය. මෙම චිත්‍රපටයේ දක්නට ලැබෙන රන්බීර් හා ප්‍රියංකාගේ ආදර දසුන් නිසා ශාහිද් දැඩි කනස්සල්ලට පත්ව ඇති බව ද සඳහන්ය. චිත්‍රපටය නිසා දෙදෙනා අතර ගොඩනැගුණු සමීප මිතුදම ද ශාහිද් සිත බෙහෙවින් රිදවා ඇත.


    2005339789_lx3g4k4o.jpg



    නමුත් මෙම මිතුදම බිඳදැමීමට ද ප්‍රියංකා කැමැත්තක් දක්වා නොමැත. එපමණක් නොව ශාහිද් තවදුරටත් අපහසුතාවයට පත්කරමින් ඇය රන්බීර් සමග තවත් චිත්‍රපටයක රංගනය සඳහා ගිවිසුම් අත්සන් කර ඇත. ශාහිද් හා ප්‍රියංකා අතර වන සබඳතාවය බිදවැටීමට මෙම තත්ත්වය හේතුවී ඇති බව ද ආරංචි මාර්ග සඳහන් කරයි. නමුත් මෙම සිදුවීම හෝ දෙදෙනා අතර ප්‍රේමයක් වූ බව හෝ ශාහිද් -ප්‍රියංකා කිසිදු කරුණක් හෙළිදරව් කර නොමැත.


    419163541_Shahid-Kapoor-And-Priyanka-Chopra-450x335.jpg



     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    රන්බීර්ගේ අලුත්ම පෙම්වතිය නාගිස්ද?


    2007 වර්ෂයේ සාවරියා චිත්‍රපටය තුළින් බොලිවුඩ් සිනමාවට පිවිසි 70 දශකයේ සුපිරි රංගන ශිල්පියෙකු වූ රිෂී කපූර්ගේ පුත් රන්බීර් කපූර් මේ වනවිට වසර 3 ක් පමණ වූ කෙටි කාලයක් තුළ ලොව පුරා රසික හදවත් ආකර්ශණය කරගැනීමට සමත්ව සිටියි. මෙම කඩවසම් නළුවාගේ වෘත්තීය ජීවිතය සාර්ථක එකක් ලෙස සැලකිය හැකිවුවද ඔහුගේ පෞද්ගලික ජීවිතය නම් කටකතා වලට තෝතැන්නක් බවට පත්ව ඇත. ඔහු හා ජනප්‍රි නිළි ප්‍රියංකා චොප්රා අතර පැවති පෙම් පුවත 2009 ඔක්තොම්බර් මස වන විට බිඳවැටුණු අතර ඉන්පසු ඔහුගේ නම සමග කියවුණු විවිධ තරුණියන්ගේ නම් නිසා ඔහු බොලිවුඩයේ සල්ලාල පෙම්වතකු ලෙස ද හැඳින්වෙන්නට විය.


    731807482_5upup2ll.jpg



    පසුව ඔහුගේ නම කියැවුණේ තවත් සුපිරි බොලිවුඩ් නිළියක වන කට්රිනා කයිෆ් සමගය. ඇය ද ඒ වනවිට සුපිරි නළු සල්මන් ඛාන් සමග පැවති වසර 8 ට ආසන්න පෙම් කතාවට නිල වශයෙන් අවසානය සටහන් කර තිබුණි. රන්බීර් -කට්රිනා පෙම් පුවත දෙදෙනාම නිල වශයෙන් පිළිගෙන නොතිබුණ ද එය කවුරුත් දත් ප්‍රසිද්ධ රහසක් විය. නමුත් දැන් දැන් දෙදෙනා අතර යම් යම් මත ගැටුම් ඇතිවෙමින් තිබෙන බව වාර්තා වන්නේ රන්බීර්ගේ අලුත්ම පෙම් හබයක් නිසාය. මෙම තරුණිය නම් රන්බීර්ගේ නවතම චිත්‍රපටය වන රොක්ස්ටාර් සඳහා රංගනයෙන් දායක වන ආධුනික නිළියක වන නාගිස් ෆඛිරිය. රොක්ස්ටාර් ඇයගේ ප්‍රථම සිනමා රංගනය ද වන බව සඳහන්ය.


    1167479888_b4481cyf.jpg



    චෙක් හා පකිස්ථාන සම්මිශ්‍රණයක් වන මෙම මෝස්තර නිරූපණ ශිල්පිණිය ඉමිතියාස් අලීගේ රොක්ස්ටාර් චිත්‍රපටයේ නර්තන ශිල්පිණියකගේ චරිතයක් නිරූපණය කරන බව වාර්තා වේ. රොක් තරුවකගේ චරිතය රන්බීර් විසින් නිරූපණය කරන අතර මෙම චිත්‍රපටය රොක් තරුවක් බවට පත්වන කුඩා නගරයක තරුණයෙකුගේ ජීවන පුවත වටා ගෙතී ඇත. රන්බීර් හා නාගීස් පිළිබඳව කටකතා නිර්මාණය වීම ආරම්භ වී ඇත්තේ පසුගිය දිනෙක මුම්බායිහි ප්‍රසිද්ධ අවන්හලකදී දෙදෙනා අතර සිදුවූ හාදු හුවමාරුවක් නිසාය. මෙම පුවත ඉන්දියාව පුරා මහත් ජනප්‍රියත්වයට පත්විය. ඒ අතරම චිත්‍රපටයේ රූගත කිරීම් නොමැති සෑම අවස්ථාවකම පාහේ දෙදෙනා එක්ව කාලය ගතකරන බව ද සඳහන්ය.


    69983800_izvdzmeo.jpg



    මෙම සිද්ධිය රන්බීර් -කට්රිනා පෙම් පුවතට ද බොහෝ අහිතකර ලෙස බලපා ඇති බව වාර්තා වේ. අමනාපයට පත් කට්රිනා රන්බීර් සමග කතාබහ ද නවතා ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි. තමන් හා නාගිස් හොඳ මිතුරන් පමණක් බව රන්බීර් සපථ කළ ද එය පිළිගැනීමට කට්රිනා මැලිකමක් දක්වන බව ද සඳහන්ය. නමුත් කට්රිනා ලබාදෙන බොහෝ දුරකථන ඇමතුම් වලට රන්බීර් ප්‍රතිචාර නොදක්වන බව ද වාර්තා වන අතර ඔහු විසින් මෙසේ තමන් සැලකිල්ලට නොගැනීම නිසාම සිය ආදරය අමතක කර දැමීමට කට්රිනා තීරණය කර ඇති වගක් ද වාර්තා වේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ රන්බීර් හා දීපිකා ගතකළ කාලයේද ඇය මෙසේ අසරණ වන්නට ඇති බව කට්රිනාට වැටහෙන්නට ඇති බවය.


    1580534533_RanbirKapoor9m_jpg.jpe


     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    රිතික් සල්මන්ට දෙහි කපයි


    බොලිවුඩ් ශිල්පීන් මෙන්ම ශිල්පිණියන් අතර විවිධ මත ගැටුම් ඇතිවන අවස්ථා පිළිබඳව නිතර දෙවේලේ අසන්නට දකින්නට ලැබේ. පෙම් සබඳතා, වෘත්තීය තරගකාරිත්වය හා විවිධ වූ පෞද්ගලික හේතූන් මත මෙම බොලිවුඩ් තරු අතර ගැටුම් ඇතිවේ. මෙම ගැටුම වාර්තා වන්නේ බොලිවුඩයේ රංගන ශිල්පීන් දෙදෙනෙකු පිළිබඳවය. ඒ රිතික් රෝෂන් හා සල්මන් ඛාන්ය. රිතික් රෝෂන්ගේ අලුත්ම චිත්‍රපටය වන ගුසාරිෂ් චිත්‍රපටය පිළිබඳව සල්මන් සිදුකළ ප්‍රකාශයක් නිසා මෙම ගැටුම වර්ධනය වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

    363133688_cyv2dtp-1.jpg


    ගුසාරිෂ් චිත්‍රපටය අපහාසයට ලක්කරමින් පසුගිය දිනෙක සල්මන් ප්‍රකාශයක් සිදුකර ඇති අතර කිසිදු පුද්ගලයෙකු චිත්‍රපටය නැරඹීමට කැමැත්තක් නොදක්වන බව ද පවසා තිබේ. ඔහු මෙම ප්‍රකාශය පිළිබඳව රිතික් සිය අප්‍රසාදය පළකර තිබේ. චිත්‍රපටයේ අධ්‍යක්ෂ සංජය ලීලා බන්සාලි ද සල්මන්ගේ ප්‍රකාශය නිසා අපහසුතාවයට පත්ව ඇති බව සඳහන්ය. නමුත් අදාළ ප්‍රකාශය නිහඬව විඳදරාගැනීමට ද රිතික් කැමැත්තක් පළකර නැත. ඔහු ප්‍රසිද්ධියේම මාධ්‍ය වෙත සල්මන්ගේ ප්‍රකාශය පිළිබඳව අප්‍රසාදය පළකර තිබේ.

    1512157792_e4tnjweg.jpg


    "චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු හාස්‍යයට ලක්කිරීම වීරකමක් ලෙස සලකන්න බෑ. ගුෂාරිෂ් චිත්‍රපටය අතිසාර්ථක නිර්මාණයක්. නියම වීරයෙක් අනුන්ගේ දුකේදී උදම් ඇනීම සුදුසු නෑ. ඔබ සුප්‍රසිද්ධියට පත්වේ නම් ඒ ලෙසම කරුණාවන්ත හා ආදරණීය විය යුතුයි" රිතික් ඉන්දීය පුවත්පතක් වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබේ. ඔහුගේ මෙම ප්‍රකාශයෙන් පෙනීයන්නේ රිතික් සල්මන්ගේ ප්‍රකාශය නිසා මහත් ආවේගශීලී වී ඇති බවය.

    1617113854_zbsqesh9.jpg


    සල්මන්ගේ පැරණි මිතුරෙකු මෙන්ම ගුෂාරිෂ් චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා ද වන සංජය ලීලා බන්සාලි මෙම ප්‍රකාශය මැදහත් සිතින් ඉවසා ඇති බව ද සඳහන්ය. නමුත් මෙම සියලු ගැටලු සමථයකට පත්කරමින් සල්මන්ට සමාව ලබාදීමට රිතික් එකඟව ඇති බව ද ආරංචි මාර්ග සඳහන් කරයි. "මම එම ප්‍රකාශය අමතක කර සල්මන්ට සමාවදෙන්න කැමතියි. අත්වැරදීමකින් ඔහු එවැනි ප්‍රකාශයක් සිදුකළත් ඔහුගේ හදවතෙහි මා පිළිබඳව ආදරයක් ඇති බව මම දන්නවා. නැවත ඔහු හමුවී විට සුහද ලෙස ඔහු වැළඳගැනීමට මම කැමතියි" රිතික් ප්‍රකාශ කර ඇත.

    2091872409_whkk0if5-1.jpg