IPL ? ? ?

hamesh

Member
Feb 28, 2009
1,709
608
0
34
Negombo
සියලු දෙනාට සුභ දවසක්...
ipl මේ දිනවල ලංකාවේ වගේම ක්‍රිකට් ලෝකේ වැඩිපුරම කතා බහට ලක්වෙන මාර්තුකාවක් බවට පත්වෙලා.. එත් විශේෂයෙන්ම අප රටේ මෙය ඉතාමත් වැදගත් මාර්තුකාවක් බවට පත්වී හමාරයි..
එයට හේතුව ලෙස මම ඍජු ලෙස දකින්නේ..දේශපාලන මතිමතාන්තර මේ ක්‍රීඩාව තුලට ඇද බෑ ගැනීම හෙතුකොටගෙනයි... තමිල්නාඩුව... ඒ කියන්නේ ඉන්දියාවේ වැඩිපුරම ජනකායක් වාසය කරන ප්‍රාන්තය.. එහි වැඩිපුරම ජිවත් වෙන්නේ ද්‍රවිඩ ජනතාව.. ලංකාව තුල ipl කතිකාවත ඇරඹෙන්නේ තමිල්නාඩු කොටි හිතවාදීන් විසින් ශ්‍රී ලංකාවට ගෙන ගිය උද්ඝෝෂණ හේතු කොටගෙනය.. ඔවුන්ගේ එම උද්ඝෝෂණ වලට හේතුව වුයේ මේ රටට අවුරුදු 30ක් තිස්සේ පිළිලයක් වූ කොටි ත්‍රස්තවාදය පාරාජය කිරීම නිසාවෙනි.ඔවුන්ට අහිමි වූ ඊළම නැවත අවශ්‍ය යයි දක්වමින් ශ්‍රී ලංකාවට ගෙන ගිය විරෝධතා හේතවෙන් මෙම ipl කතිකාවත ඉස්මතු විය...

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට තමිල්නාඩු මහා ඇමතිනිය වන ජයලලිතා ජයරාම් කොටි හිතවාදිනිය ipl තරගාවලිය තුලදී චෙන්නායි නුවරට විත් ක්‍රීඩාකිරීම තහනම් කරමින් එක එක අකාරයෙන් විරෝධතා ගෙන ගියේය... එහෙත් අද අපේ ශ්‍රී ලංකික ක්‍රීඩකයන් 11 දෙනෙකු මෙවර තරගාවලියට ජයලලිතාට පස්ස පෙන්වා ගියේය..ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයද ඔවුන්ව සාදරයෙන් පිළිගෙන ආරක්ෂාව තහහුරු කරනු ලැබිය... මෙහෙදී අප එක දෙයකට ආඩම්බර විය යුතුය... මුළු ලොවේම සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන් ක්‍රීඩාකරන මෙම තරගාවලියේ කණ්ඩායම් තුනකම නායකත්වය දරන්නේ ශ්‍රී ලංකික අපේ ක්‍රීඩකයන්ය. ජයලලිතාගේ විරෝධය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තියා තම රටේ මධ්‍යම ආණ්ඩුවවත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයවත් තඹ සතේකට ගණන් නොගෙන අපේ ක්‍රීඩකයන්ව ipl සඳහා සහබාගි කරගනු ලැබිය... යම්කිසි ලෙසකින් අප ක්‍රීඩකයන් ipl සඳහා සහභාගී නොවුනානම් ජයලලිතා ජයගෙන තවත් රෙද්ද උස්සන් නටනු නොඅනුමානයි...

අපේ මිනිසුන් බොහෝ දෙනෙක් අපේ ක්‍රීඩකයන් මෙතරම් විරෝධයක් දක්වද්දී ipl සඳහා සහබාගි වීම දෝෂාරෝපණයට ලක් කළහ.. පවුද්ගලිකව මමද එසේ දෝෂාරෝපණයට ලක් කල පුද්ගලයෙක්මි...එහත් ඇත්ත ඇති සැටියෙන් දැනගෙන තව දුරටත් මේ ගැන සිතා බලනවිට මෙහි වැරද්දක් අපිට නොපෙනේ... මා මෙහිදී ශ්‍රී ලංකික අපේ ක්‍රීඩකයන් සල්ලි වලට ගියාද වෙන දෙකට ගියාද යන්න කතා නොකරන්නේ එය මෙතෙන්ට අදාල නොමැති නිසාවෙනි...

483866_451305274948365_793547635_n.jpg


අප ක්‍රීඩකයන්ටද එකක් කිරීමට තිබේ එනම්. එය අප ඔවුන්ගේ ඉල්ලන ඉල්ලීමක්....ඔවුන් චෙන්නායි වල ක්‍රීඩාකිරීමෙන් වැලකි එහි ක්‍රීඩාකිරීම වර්ජනය කිරීමයි.. එසේ නොමැතිව සමස්ථ ඉන්දියාවම වර්ජනය කිරීම නොවේ... නැතිනම් කිසිදු දිනක චෙන්නායි ක්‍රීඩාංගනයක ශ්‍රී ලංකික අප ක්‍රීඩා නොකිරීමයි..

අද ipl වලදී ඉන්දියාවේ එක මිනිහෙක් අපේ මහේලට , සංගට, මාලිංගට, ගහන අත්පුඩිය ගහන්නේ ඔහුට නොව අප රටටය... අපේ එකෙක්ගේ නම හඬ නගල ක්‍රීඩාංගනය පුරා සවන් රැඳෙනකොට ඒ රැඳෙන්නේ අපේ ලාංකීය නාමයය...

අපේ රටේ මිනිසුන් තුල ipl විරෝදය එල්ල වීම සාදාරනය එහෙත් අප සිතා බැලිය යුත්තේ එය වර්ජනය කිරීම තුලින් අපිට අහිමි වන දේට වඩා එයට සහභාගී වීමෙන් අපට ලැබෙන දෙය..ඒ මිල මුදල් නොව මෙයට සහභාගී වීම තුලින් අප ලබන දේය..එය මෙම ලිපියේ උඩින් මා සදහන් කර ඇත. ...හැම ඉන්දියානුවෙක්ම අප එක්ක තරහ නැත... හැම දෙමෙල්ක්මත් තරහ නැත.. අප සමග තරහ කොටි පමණි... එහෙයින්... කොටියට නොබියව යුද්ද කල අප.. ජයලලිතාට මොන කෙන්ගිඩියකට බිය වන්නද...??

ඒ පැවසුවේ ඉතින් මගේ අදහස කට්ටියගේ තව අදහස් තියනවනම් මෙතන දාල යන්න... මම මේක
https://www.facebook.com/cricinfosl යන fan page එකට ලියපු ලිපයක්..


 
Last edited:

D ran

Member
Feb 13, 2013
861
453
0
ලංකාවේ
මමත් කලින් නම් අපේ කොල්ලො යනවට කැමති වුනේ නෑ... නමුත් මේ කතාවෙත් ඇත්තක් තියනවා...