මේක ඇත්තටම ලොකු ටසක් එකක්. මම උගන්නල තියනවා හෙන සෙට් එකකට. ඒ උනාට උබ වගේ ලෙවල් එකකට නෙමේ. ඒ නිසා අපි ට්‍රයි කරමු. බැ කියල දෙයක් ලෝකේ නැ මම දන්නා විදිහට.
ඕනෙම ෆීල්ඩ් එකක තියෙන්නේ ආර්ට් එකක්. එක ඇගට වද්දා ගන්න එක තමා කරන්න තියෙන්නේ.පරිගණක කියන්නේ හැම පැත්තටම පොදු දෙයක්. මේ ෆීල්ඩ් එකේ ඉන්න උන් ලෝකේ තියන හැම ෆීල්ඩ් එකක් ගැනම වගේ දන්නවා. ඒ මොකද ඒ හැම පැත්තටම කොහෙන් හරි කොම්පුටර් කියන එක ගැවෙන නිසා. ඉතින් ඉගෙන ගත්තා කියල පාඩුවක් වෙන්නේ නැ .
ඊලග ප්‍රශ්නේ ඩිග්රි එකක් ඕනෙද? ඔව් තියනවා නම් හොදයි. එත් මගේ පර්සනල් විව් එකට අනුව නම් ලංකාවේ කැම්පස් වල ඩිග්රි එක හොදටම මදි ඉන්දස්ට්‍රි ලෙවල් එක ටච් කරන්න. ඒ වගේම එකේ ඉගෙන ගන්න හැම දේම අපි ජොබ් එකේදී දන්නෙත් නැ. ඒ නිසා මම ප්රෝපොස් කරන අප්රෝච් එක තමා ඕනේ කරන ටික නැත්නම් එසේන්ෂල් ටික මුලින් බලාගෙන කෙලින්ම වැඩේට බහින එක. ඒ කියන්නේ උබ වතුරට බැස්ස ගමන් පින්නව වගේ වැඩක්. උබේ වයස සහ උබ මචුවර් වෙලා තිය අප්‍රමානේ හැටියට එක තමා හොදම කියල මම නම් හිතන්නේ. අපේ අනික් උනුත් අදහස් දක්වපල්ලා. මේ තියෙන්නේ මම ප්රෝපොස් කරන ප්ලැන් එක..
1. ඔක්කොටොම කලින් කොපියුටර් එකක් කියන්නේ මොකක්ද කියල දැනගන්න ඕනේ. ඉතින් ස්ටදී කරපන්
Computer Architecture and Data Basics
සරල උදාහරණ : ඕනේ එකෙක්ගෙන් ඇහුවොත් කොපියුටර් එක වැඩ කරන්නේ කොහොමද කියල කියන්නේ 1 සහ 0 කියල. ඒ කියන්නේ ඩිගිටල්. එක වැරදි. කම්පුටර් එකක් වැඩ කරන්නේ කරන්ට් එකෙන්. ඉතින් උබ හොයපන් කරන්ට් එකෙන් වැඩ කරන කම්පුටර් එකේ කි බෝඩ් එකෙන් A අකුර ටයිප් කලාම කොමද එක මොනිටර් එකේ පෙන්නේ?? එක හොයනකොට උබට ඔය ටොපික් එකේ හුගක් ඒවා කවර වෙනවා.
මේක කරද්දී උබට සරල ගණිතය එහම ඕනේ වෙනවා. ඒවා ලොකු දේවල් නම් නෙමේ හොදේ.
2. ප්රෝග්‍රමර් කෙනෙක් විදිහට අපි දැනගන්න ඕනේ CPU එක සහ RAM එක වැඩ කරන විදිහ. උඩ ටොපික් එකට මේක අයිති වෙනවා. ඒ උනාට මේක ගැන වෙනම හොයලා අමතක වෙන ඒවා නෝට් එකක් දාගනින්.
3. ඊළගට කොපුටර් එකේ පන නැති කැලි පන ගස්සල දෙන ඔපරේටින් සිස්ටම් එක ගැන දැනුමක් ගන්න ඕනේ. එකෙන් කොමද කැලි ටික සෙට් කරගෙන ගේම ගහන්නේ කියන එක හොද දැනුමක් ගන්න ඕනේ
4. දැන් අපි එක ලෙවල් එකකට ඇවිත් ඉන්නේ. ඊළගට එනවා අර ඔපරේටින් සිස්ටම් එක පාවිච්චි කරලා අපිට අපේ වැඩක් කරගන්න පුළුවන් දෙයක් කරන්න. ඒ කියන්නේ ප්‍රෝග්‍රෑම් එකක් ලියන්න. ඊට කලින් බලන්න ඕනේ ප්රෝග්රමින් ලන්වෙජ්ස් කියන්නේ මොනවද ? ඒක සහ ඔපරෙටින්ග් සිස්ටම් එක අතර සම්බන්දය. ප්‍රෝග්‍රෑම් එකකින් කොමද CPU එක සහ RAM එක පරිබෝජනය කරන්නේ වගේ සරනල ප්‍රශ්න වලට උත්තර හොයපන්
How Programming Languages Work
5. දැන් ලෝකේ මේ වගේ ලන්වේජස් ගොඩක් තියනවා
1. C ++
2. C #
3. Java
4. Python
වගේ ප්‍රදාන ඒවා. ඉතින් ඒවා ගැන හොයන්න ඕනේ. ඒ වගේම තමන්ට ලේසි එකකුත් තෝරාගන්න ඕනේ. ඒ වගේම ඔකේ C++ තම ප්‍රබලම දේ. එකෙන් තමා හුගක් බර වැඩ කරන්න පුළුවන්. මේ ගැන හොදටම හොයන්න ඕනේ. (මේ කියන්නේ කරන එක නෙමේ. ඒ ගැන හොයල දැනුම හදාගන්න එක )
6. දැන් අපි බලන්න ඕනේ උඩින් ඉගෙන ගත්ත ප්රෝග්රමින් ලන්වේජස් පාවිච්චි කරන්නේ කොමද කියල. එකට එනවා කෝඩ් එදිටර්ස් කියල ජාතියක්. ඒවා ගැන හොද අවබෝදයක් ගන්න ඕනේ. අර උඩින් කිව්ව හැම ලන්වේජ් එකකටම එඩිටර් එකක් තියනවා වෙන් උන. සමහර එදිටර්ස් තියනවා ඔය හැම එකම කරන්න පුළුවන්. ඒ ගැනත් හොයන්න ඕනේ
7. දැන් පටන් ගන්න ඕනේ උඩ දැනුම දාල තෝරගත්ත ලන්වේජ් එකෙන් පොඩි ප්‍රෝග්‍රෑම් එකක් හදන්න. ඊට පස්සේ දෙවෙනි එක. ඊට පස්සේ තුන් වෙනි එක. එහෙම හදනකොට උබට හරි ජොලියක් එනවා. එක එන්නේ නැත්නම් වැඩේ එතනින් නවත්තාපන්. ඊලග එක හදන්න ඉවසගෙන ඉන්න බැරි නම් උබ මේ පැත්තට ගැලපෙනවා. මිට උඩින් තියන ටොපික් ස්ටදී කළා කියල කිසිම පාඩුවක් වෙන්නේ නැ . එක සමනය දැනුම ගානට දැන් වැටෙන්නේ.
ඊළගට අපිට පුළුවන් වෙබ් එක පැත්තට ටික ටික යන්න. උඩ ටික තමා හැම එකකම බේසික් එක. ඉතින් උබ පටන් ගනින් මේකෙම ඊලග ටිකත් අප්ඩේට් කරලා දාමු.
ඒ වගේම අනික් උන්ගේ අදහස් සහ හරි වැරදි බලලා ඉස්සරහට යමු