ගොඩක් ස්තූතියි මචං degree එකක් කරාද ඔයා?
------ Post added on May 18, 2022 at 6:57 PM
ඔව් මචන්. දැනට මේ ෆීල්ඩ් එකට ඇවිත් අවුරුදු හයක් විතර වෙනවා. මම තේරුම් ගත්ත විදියට, ඩිග්රි එකක් කියන්නේ (සමහර) කම්පැනි වල දොරෙන් ඇතුලට යන්න ඕන වෙන "යතුරක්" විතරයි. ඊට පස්සේ ඉහල තැනකට යන්න ඕන වෙන්නේ තමන්ගේ ස්කිල් සෙට් එක විතරයි. ඒත් ඩිග්රියක් තියෙනව නම් උඹට ලැබෙන opportunities වැඩියි. ඒ නිසා මම නම් කියන්නේ පුළුවන් කමක් තියෙනව නම් ඩිග්රි එකකට යන්න කියලා.
පඩිය අඩුයි කියලා ලැබෙන opportunities මිස් කර ගන්න එපා. කොහොම හරි experience හදා ගන්න.
උඹේ English language knowledge එක professional මට්ටමක තියෙනව කියල හිතනවා. ඒක ගොඩක් වටිනවා. ගොඩක් හොද skill set එකක් තිබුනත් අඩුම තරමේ professional මට්ටමේ ඉංග්රිසී දැනුමක් නැතුව සමහර IT කම්පැනි වලින් අයින් වෙන්න සිද්ද උන අය ගැන මට personal අත්දැකීම් තියෙනව.
දැනටමත් කීප දෙනෙක් කියල තියෙනව වගේ java script , css, html පැත්තට යන එක හොද අයිඩියා එකක් කියල හිතනවා.
උඹට පුලුවන් නම් support engineer side එක ගැනත් පොඩ්ඩක් බලන්න. ඒකට ලොකුවට paper qualification බලන්නෙ නෑ. Experience and skills තමයි බලන්නේ.
අපිට ඕන තරම් අයිඩියාස්, ඇඩ්වයිස් දෙන්න පුලුවන්. ඒත් උඹේ පොටෙන්ෂල් එක දන්නේ උඹ විතරයි. ඒ අනුව හැමෝම කියල තියෙන තොරතුරු වලින් තමන්ට වඩාත් ගැලපෙන පැත්තක් තෝර ගන්න.