මචන් මන් මන් උබලගේ guide එක පටන් ගද්දි logic ගෙට් අහලා තිබ්බෙත් physics වලදී විතරයි.වෙන කිසි දෙයක් අහලවත් තිබ්බේ නෑ.පස්සේ උබලගේ guide එකෙන් මන් පොඩ්ඩ පොඩ්ඩ study කරන් ගියා.මම අකුරක්වත් IT වල අහලා නැති හින්දා පොඩි topic එකක් තේරුම් ගන්නත් වෙනම ආයේ ඒක study කරන්න උනා. මට ගොඩක් ආසාව තියෙන හින්දා අල්ලන් ආවා.මෙතනින් පස්සේ දෙයක් ගැන ආයේ study කරන්න කියන දේ හැම වෙලේම එනවා. ඊළග ස්ටෙප් එකට යන එක මාරම ෆීල් එකක්.ගොඩක් ස්තූතියි මචං උබලගේ guide එකට
දැන් අපි එනවා තැනකට අපිට හැම මගුලම බදාගෙන කරන්න බැ . අපි එක පාත් එකක් තෝරාගන්න ඕනේ. මට තේරෙන විදිහටේ මෙන්න මේ විදිහේ රෝල් ටිකකට මේ පැත්ත කඩන්න පුළුවන්
1.Creative Professional
2.Data Professional
3.IT Ops
4.Software Development
5. Information & Cyber Security
Creative Professional
-----------------------------
මේ රෝල් එකේදී වෙන්නේ පරිගණක ඉගෙන ගෙන එකෙන් ප්රදස්ර්ශනාත්මක දේවල් කරන එක. මේ පැත්ත ගැන වැඩි විස්තර දෙන්න ගිහින් ඉල්ලන් කන්න ඕනේ නැති නිසා ඔය ඇති. මේකේ ඉන්නවා හෙනම සෙට් එකක් මේ පැත්ත හිතන්නවත් බැරි තරම් උඩ ලෙවල් එකක ඉන්න. ඉතින් ඒ පැත්ත තෝරා ගණන්ව නම් හොද ගමනක් යන්න පුළුවන්
මෙතනින් එහාට තියන රෝල් 4 ගැන කියන්න මම පොඩි උදාහරණයක් ගන්න. උබට තියන අව්ල ලිහන්න පුලුවන්ද බලමු අපි මුලින්. මම මේ කියන ඒවා ඉතාමත්ම සරලව යන්නේ. මේක මිට වඩා ලොකුවට යනවා කියන එක මතකේ තියාගන්න. අපි පොඩියට පටන් අරන් ඒ ලෙවල් එක අල්ලමු.
දැන් ගන්න එලෙක්ට්රොනික් උපකරණ හදන සමාගමක්. ඒ අයගේ නිෂ්පාදනය වෙන්නේ චිනේ. ඒ අයගේ මාකට් එක තියනවා රටවල් ගොඩක. සෙලින්ග් වෙන්නේ වෙබ් එක හරහා. දැන් අර නිෂ්පාදනාගාරයේ හැදෙන බඩු එකේ ස්ටොක් එකකට යනවා. ඒවගේ ඔටෝමැටික් රෝ මටිරියල් ෆිදර්ස් තියෙන්නේ. ඒවගේ ප්රෝග්රෑම් කරලා තියෙන්නේ එක බඩුවක් හදන්න ඕනේ කරන රෝ මටිරියල් ටික. ඒ ටික ෆීඩ් වෙලා බඩු හැදිලා වෙයා හවස් එකට යනවා. දැන් ඒවා සයිට් එක හරහා විකිනෙනවා. ඔර්දර්ස් එනවා .ඒවාට බදු යවන්න ඕනේ. වෙයාහව්ස් එක ෆුල් ඔටෝමෙට්. ඔර්ඩර් එකට බදු පැක් වෙලා ශිප්මන්ට් එක ඔටෝ යනවා. මේ වගේ උදාහරණයක් ටිකක් අමුතුයි එත් යනකොට තේරෙයි ඇයි ගත්තේ කියල.
දැන් මේ වගේ සිස්ටම් එකකට සොලුෂන් එකක් හදලා දෙන්න කියල උබට දෙනවා. උබේ කම්පැනි එකට තමා දෙන්නේ. දැන් මොකක්ද කරන්න ඕනේ? මුලින්ම
1. හමුදාවේ ඉදිරි පෙළ වගේ සොෆ්ට්වෙයා පැත්තේ මුලින් ඉන්නේ
BA ලා. ඒ කියන්නේ බිස්නස් අනලිස්ට් ලා. උන් ටීම් එකක් අර කම්පැනි එකට බැහැලා එකේ දැනට තියන ප්රශ්නේ ගැන සම්පුර්ණ විස්තරයක් හොයා ගන්නවා. සරලව එහෙම හිතන්න. ඒ අය හොයාගත්ත දේවල් ඩොකියුමන්ට් ගහලා තමා තියෙන්නේ. මේ අනලිස් පාට එක තමා මුලිකම සහ වැදගත්ම දේ.
2. දැන් මේ analysis එකෙන් එන රිසාල්ට් එක එනවා ඩිවලොප්මන්ට් කරන සෙට් එකට. එකේ ඉන්නවා නේ software Architect කෙනෙක්. හෝ දෙන්නෙක්. උන් ගන්නවා අර කරපු analysis එක. එක අරගෙන උන් බලනවා මේකට දෙන්න පුළුවන් විසදුම නැත්නම් සොලුසන් එක.
Software Development කියන රෝල් එක මුලින්ම ගැවෙන එක මේක තමා. මේක කරන්න නම් සැහෙන දැනුමක් එක්ක පළපුරුද්දක් තියෙන්න ඕනේ . මේකට අපි කියන්නේ ඩිසයින් පාට එක කියල
3. දැන් ඔය වගේ එකක් හදනකොට ඩේටා සේව් කරගන්න වෙනවා . ඒ එක්කම අර කම්පැනි වල විවිද විදිහට තියන ඩේටා (කොළ වල තියනවා , එක්සෙල් වල තියනවා ,ටෙක්ස් ෆයිල් වල තියනවා ) අරගෙන ඒවා පිළිවෙලකට හදාගන්න වෙනවා අලුතෙන් හදන සිස්ටම් එකට දාන්න මේක
Data Professional කියන රෝල් එකේ වැඩක්. මෙයා තමා සිස්ටම් එකේ ඩේටා බේස් සහ ඒ සම්බන්ද ඩිසයින් එක සම්පුර්නෙන් කරලා දෙන්නේ. මේක හුගක් ලොකු රෝල් එකක් . මේ පැත්තේ ඉන්ටරස්ටින්ග් නම් තෝරාගන්න පුළුවන්
4. දැන් ඔයාට තේරෙන්න ඕනේ මේ වැඩේ කරනකොට නියමිත ප්ලැන් එකක් තියෙන්න ඕනේ කියල. ඒ කියන්නේ මේක හදන්න ඕනේ කියල දුන්නන දවසේ ඉදන් ඉවර වෙනකන් එක එක දවසේ වෙන්න ඕනේ දේවල් ප්ලැන් කරනවා. එකට අපි යොදාගන්නේ Agile කියන මෙතඩ් එක. දැන් ඔය ප්ලැන් එක පිළිවෙලට හදලා එකේ වෙන්න ඕනේ මොනවද? ඊළගට සොෆ්ට්වෙයා එක හදනකොට සෝස් කෝඩ් තියාගන්න ගිවිහ . ඒ කෝඩ් එක ලයිව් නැත්නම් වැඩ කරන විදිහට සර්වර් වලට දාල රන් කරන ඒවා, ටෙස්ට් කරන අයට වෙනම සොෆ්ට්වෙයා එකේ කොපියක් , කම්පැනි එකේ අයට බලන්න වෙනම කොපියක් වගේ වෙනම හදලා දෙන්න ඕනේ. ඔන්න ඔය වැඩේ සංවිදානය කරන කට්ටිය තමා
IT Ops ලා (DevOps) ගනෙට වැටෙන්නේ. මේකත් අද කාලේ ඉතාමත් වැදගත් රෝල් එකක්.
5. දැන් අපි අර කම්පැනි එකේ සයිට් එක හොස්ට් කරලා එක ලෝකෙට ඕපන් කල දවසේ ඉදන් ඕක හැක් කරන්න සෙට් එක දත කනවා. ඊළගට අපේ ඩේටා එහෙම තියන cloud එකට හොරෙන් රිංගන්න යනවා. ඒ වගේ ඒවා කල්තියා බලලා සුසුදු විදිහට ඩිවලොප්මන්ට් කරන අයට උපදෙස් දෙන සෙට් එක තමා
Information & Cyber Security සෙට් එක. මේකත් ඉතින් සැහෙන වැදගත් රෝල් එකක්
අපි ඩිවලොප්මන්ට් පාට එක ලොකුවට කතා කලේ නැ . අර ඩිසයින් එකේ ඉදන් වැඩ කරන වෙබ් සයිට් එකක් / වින්ඩොව්ස් උද දුවන සොෆ්ට්වෙයා එකක්. නැත්නම් cloud එකේ රන් වෙන වෙබ් සයිට් සොෆ්ට්වෙයා වෙනකන් ඔක්කොම හදන්න වෙන්නේ Software Development රෝල් එකට. ඒ වගේම තමා පඩියත් වැඩි සහ හුගක් දෙනෙක් තෝරාගන්න පැත්ත. මේක කැලි වලට කඩන එකත් අපි කරමු. ඊට කලින් මේ රෝල් 5 ගැන වැඩි විස්තර හොයල රෙඩ් වෙන්න එක පැත්තක යන්න