වෙන ත්‍රෙඩ් එකක ලින්ක් එක දාලා තිබුන නිසා අහම්බෙන් මේ ත්‍රෙඩ් එකට ආවේ. @HAneo @siri_ayya බොහොම වටිනා උපදෙස් ටිකක් දීලා තියෙනවා. තමන්ගේ වටිනා කාලය ශ්‍රමය කැපකරලා අනිත් අයට උදව් කරන වෘත්තිකයන් ඉන්නවා දකින්නට ලැබීමත් සතුටක්. අවුරුදු 20 කට විතර කලින් මම ඉගෙනගන්න පටන් ගත්ත කාලේ ඔහොම උපදෙස් දෙන්න කවුරුත් හිටියේ නෑ.
මම ගැන කිව්වොත් මම IT ඩිග්‍රී එකක ඩිප්ලෝමා ලෙවල් එක දක්වා කරලා ඊට පස්ස අතඇරලා දැම්මා. හේතුව මම කලින් ත්‍රෙඩ් එකකත් කියලා තියෙනවා වගේ පැනික් වෙලා ඉන්ටවිව් වලට සාර්තකව මුහුනදීමට නොහැකි වීම. මේ මෑතක් වෙනකන්ම තාත්ත එක්ක ව්‍යාපාරයක් විදියට වගා කරපු එක කලේ. දැන්නම් කරන්නේ අපේ ගෙදර වත්තේ කෑමට අවශ්‍ය එලවලු වවලා නඩත්තු කරන එක. ඊට අමතරව microtasking sites වල වැඩ කරනවා.
මගේ ලොකුම විනෝදාංශය තමයි Coding Puzzles විසඳන එක. ඇත්තටම කිව්වොත් ඉස්කෝලෙ යන කාලේ ගේම් ගහන්න ඇබ්බහි වෙලා හිටිය මගේ ගේම් ගහන එක සම්පූර්නයෙන්ම නැවතුනා ප්‍රෝග්‍රෑමින් ඉගෙනගත්තට පස්සේ.
තව IT related ත්‍රෙඩ් කිහිපයක් සහ මේ ත්‍රෙඩ් එක දැක්කට පස්සේ මට ගැන Business Application Development ඉගෙනගන්න ආසාවක් ආවා. Algorithmic problem solving වලට අවශ්‍ය නැති නිසා මම UI Development, Design Patterns, Version Control වගේ areas ස්ටඩි කරලා නෑ. ඒ කියන්නේ මම මෙච්චර කල් හදපු ඔක්කොම Console Applications තමයි. වයස වැඩි නිසාත් experience නැති නිසාත් Developer ජොබ් එකක් ගන්න බැරි බව මම දන්නවා. ඒත් මෙච්චර කල් ඉගෙන නොගත්ත අලුත් දෙයක් ඉගෙන ගන්න ආසයි.
මම දැනටමත් C# දන්න නිසාත් ලොජිකල් පැත්තට ආස නිසාත් .Net Backend Development පැත්ත ඉගෙනගන්න හිතුනා. මට මේක පටන්ගන්න ඕනෑ කොහොමද කියලා පොඩි උපදෙසක් දෙන්න පුලුවන්නම් වටිනවා. ස්ටඩි කරන්න පටන් ගන්නෙ කොතනින්ද. Backend Development වලට කලින් HTML, CSS, JavaScript සහ Frontend Framework එකක් ගැන අවබෝධයක් තියෙන්න ඕනෑද වගේ දේවල්. Thanks in advance.