"ITN වෙනස" 10-07-2013

craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,112
    978
    113
    කිට්ටුව තැනක
    එලකිරි එකේ කවුරුහරි විශ්වාසවන්ත පිරිසක් එකතුවෙලා අසරණ මිනිස්සුන්ට පිහිටවෙන්න යම් කිසි අරමුදලක් පිහි‍ටුවන්න පුලුවන් නම් අවංකවම ඒකට මුදලින් හෝ හැකි පුලුවන් ආකාරයකට උදව් කරන්න කැමතියි:)
     

    yaka007

    Member
    Apr 6, 2010
    1,589
    316
    0
    yatiyantota
    ඔය වැඩසටහන ITN එකේ යන එක තමයි අවුල. දැන් නම් වැරදිලාවත් ITN බැලෙන්නෙ නෑ.
    mamat tamai ..elakiri akea daapu hinda baluwea..mata oya itn aka peeanda ba janapati matawa sihiweanawa..
    11.gif
    11.gif
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ස්තූතියි මේක අපිත් එක්ක බෙදාගත්තට.. හරිම සංවේදී කතාවක්.. ඒ ළමයත් එක අතකින් වාසනාවන්තයි ඒ වගේ අම්මා කෙනෙක් ලබන්නට තරම්.. :( +
     

    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    ඇත්තටම දිල්ශාන් අවසානෙට කියපු දේ හිතද්දි ඇහැට කඳුලක් ආවා මචන්ලා.............

    ස්තූතියි බෙදාගත්තට මේවගේ දෙයක්
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පොස්ට් එකට රිප්ලයි කරපු හැමෝටම හුඟක් පින් මචන්. මේ අම්ම නිර්වානෙට බොහොම ළඟ කෙනෙක්. කිසිම විදිහකින් අටලොදහමේ තැවෙන කෙනෙක් නෙවෙයි. මේ අම්ම අපෙන් ඉල්ලන්නේ කන්න බොන්න අඳින්න පළඳින්න ඉන්න හිටින්න තැනක් නෙවෙයි මචන්ලා. එයාට නිදහසේ ඇස්දෙක පියාගන්න මේ දරුවට රැකවරණයක් හොයල දෙන්න කියලයි. එළකිරියේ හෝ FB එකේ ඉන්න හැකියාවක් තියන කව්රුහරි කෙනෙක් මේ දරුවට අනාත නිවාසයක්වත් හොයල පිළිවෙලක් කරලා දෙන්න උත්සහ කරනවානම් ලොකු පිනක්. මාසිකව යම්කිසි මුදලක් ගෙවන්න වෙනවනම් ඒ ගැන අපි fund එකක් පිහිටුවල ගෙවන්න විදිහක් හදාගමු. කුසෙන් වදාපු දරුවා කාණුවට විසිකරන කාලෙක මේ අම්ම අදහන්න වටිනවා.
    ලංකාවේ ඉන්න අපේ සහෝදරවරු එකතුවෙලා පුලුවනිනම් fund එකක් පිහිටුවමු එළකිරි සමාජ සත්කාරක සේවාවන් වෙනුවෙන්.

    මේ වීඩියෝ එක බලල කඳුලක් වැටුන එවුන්ගේ පපුව ඇතුලේ තියන ඒ මනුස්සකම කවදාවත් මැරෙන්න දෙන්න එපා. හැමදේම මුදලට යටවෙච්ච කාලෙක තවත් මනුස්සයෙක් වෙනුවෙන් කඳුලක් වැටෙන හිත උණුවෙන මිනිස්සු අද කාලේ අඩුයි. ඒ උතුම් මනුෂත්වය කිසිම කෙනෙකුට මරන්න දෙන්න එපා. ඒවා කොහෙන්වත් ගන්න පුළුවන් දේවල් නෙවෙයි.

    උඹල හැමෝටම තෙරුවන් සරණයි.
    අයෙත් කියනවා පුළුවන් කෙනෙක් ඉන්නවනම් මොකක්හරි කරන්න බලපල්ලා....
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ලංකාවේ ඉන්න අපේ සහෝදරවරු එකතුවෙලා පුලුවනිනම් fund එකක් පිහිටුවමු එළකිරි සමාජ සත්කාරක සේවාවන් වෙනුවෙන්.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මචන්ලා මම දැන් ITN එකට කතා කරා. දැනට මේ අම්මට එයා බලාපොරොත්තු වෙන උදව්ව ලබිලද කියල දැනගන්නයි මම කතා කරේ. එත් මේ වෙලාවේ "වෙනස" programme director නැති හින්ද හෙට (සඳුදා ) උදේ කතා කරන්න කිව්වා. අපි බලමු මොකද වෙලා තියෙන්නේ කියල. මම අයෙ කෝල් එකක් දෙනවා ITN එකට සදුදා උදේට.
     

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    මචන්ලා මම දැන් ITN එකට කතා කරා. දැනට මේ අම්මට එයා බලාපොරොත්තු වෙන උදව්ව ලබිලද කියල දැනගන්නයි මම කතා කරේ. එත් මේ වෙලාවේ "වෙනස" programme director නැති හින්ද හෙට (සඳුදා ) උදේ කතා කරන්න කිව්වා. අපි බලමු මොකද වෙලා තියෙන්නේ කියල. මම අයෙ කෝල් එකක් දෙනවා ITN එකට සදුදා උදේට.

    උඹෙ අදහස ගොඩක් උතුම් මචං. ඇත්ත, අපි කොච්චර සල්ලි නාස්ති කරනවද. පුලුවන් උදව්වක් කරන්න ලෑස්තියි
    තෙරුවන් සරණයි!
     
    • Like
    Reactions: DIGPRIYANKARA

    Rockey_ssr

    Well-known member
  • Sep 17, 2008
    7,151
    383
    83
    me eka kathawak witarai, ataramagadi ki denek nam mehema apita hambenawada... ubalage athe kiyak hari tiyenawanam a wage kenekta denna... e gollo a salli valin mona karath kamak na hite satutin denna... (samaharu business akatath oka karanawa) eth api dena de hite satutin denna... account akak open karanawanam account no akak danna puluwan widihata udawu karanam... ada kale inna abortion karagana ipaduna gaman lamai toilets wala dala yana ammalath ekka baluwama me amma me daruwata devi kenek wage... :)