මම කොමෙන්ටුවක් දාලා මැකුවා. උඹ දෙයක් කියන කන්.
උඹ මට ඕනෑම උත්තරේ විදිහට කලින් කියපු ඒකට බැන්නේ නෑ නේ!
එහෙනං හොඳටම කියන්න තිබ්බා කමක් නෑ කියන්නම්.
ජවිපෙ මුලින් තේරුම් ගන්න ඕනේ මේ චන්දෙ තියන්නේ ලංකාවේ කියලා.
ඇමරිකාවේ වත්, රුසියාවේ වත් නෙවේ.
ප්රතිපත්ති ප්රකාශ කියවලා, අඩුපාඩු බලලා ද මෙහෙ එවුන් චන්දෙ දෙන්නේ? ලොල්
එහෙනං මහින්ද මුලින් පරදින්නේ ලක්ෂ 58න් නෙවේ 5කින් විතර.
මේ රටේ පැල පදියන් වෙච්ච අම්බරු සමාජ ක්රමයක් තියාන්ව දැන් දශක ගානක් තිස්සේ මෙහෙ run වෙන.
උඹලට ඒක වෙනස් කරන්න පුලුවන්ද ඔය ඉක්මනට?
උඹලා එහෙම හිතුවා නං උඹලා සිරාවටම මෝඩයි.
ඒක තේරෙන්න ඇතිනේ අද ප්රතිපල වලින්? 6 යි!
රටට සේවයක් කරන්න ඕනෙද ජවිපෙට?
එහෙනං එකට බලය වුවමනායි!
එහෙනං බලන්න වෙන්නේ
මොන විදිහකට හරි බලය ගන්න විදිහක් ගැන.
බලය ගත්තොත් රටට සේවය කරන්න පුළුවන්.
ඒ පාවිච්චි කරන
"විදිහේදී" - උපක්රමයේදී පක්ෂේ සමහර ප්රතිපත්ති අමතක කරන්න වෙයි.

කරන්න දෙයක් නෑ එකට!

ඇයි? මේ ලංකාව! මේකේ ඉන්නේ බහුතරයක් හෙන රාජ අම්බරුවෝ!

අන්න එකයි.
හැම දේම එකින් එක කියන්න ඕන නෑ නේ?
උඹට තේරෙනවනේ මම කියන දේ?

අනිත් එවුන් උඹලගෙන් වෙනස් වෙන්නේ අන්න එතැනින්.
රනිල් කියන්නේ ලෝක කපටියෙක් කුමන්ත්රණ කාරයෙක්!
එහෙම නොවෙන්න ජවිපෙට සිද්ද වෙනවා ශ්රී ලංකාවේ දේශපාලනේ අමතක කරන්න!

අපරාදේ කැපවීම , කාලය, ශ්රමය, මුදල!
යකෝ මම දේශපාලනේ ගැන ඒහැටි දෙයක් දන්නෙත් නෑ! මට තේරිච්ච ටික වත් දශක ගණනාවක් දේශපාලනේ කරපු ජවිපෙට තේරුනේ නැද්ද බං?
මම කියනදේ වැරදි වගේ උඹට පේනවා නං , පිළිගන්න බෑ වගේ උඹට පේනවා නං ආපහු ප්රතිපල බලපන්!
6 යි!