එකක් තමයි වමෙ පක්ෂයක් විදියට JVP එක ධනවාදයට එරෙහි සටනක් කරනව වෙනුවට කාලෙන් කාලෙට එන සිල්ලර ප්‍රශ්ණ පාවිච්චි කරල බලයට එන්නෙ කොහොමද කියල තමයි බැලුවෙ. එක කාලෙකට අන්ත වාමාංශික අදහස්, තව කාලෙක ජාතීවාදී වෙනව, තව කාලෙකට බුද්ධාගමත් මේකට ගාවගන්න පුළුවන්ද බලනව, තව කාලෙකට අති දක්ෂිණාංශ පැත්තකට යනව. දේශපාලන අර්ථයකින් කිව්වොත් JVP එක සුනිල් පෙරේරගෙ සංස්කෘතියට ගිහිල්ල (සුනිල් පෙරේර කියන්නෙ නිකන් සිල්ලර චරිතයක්) තව විදියකට කිව්වොත් ජනප්‍රිය සංස්කෘතියට ගිහිල්ල (popular culture) එහෙම නැත්තන් සුපර් ස්ටාර් වේදිකාවක් වෙලා. කිසිම බුද්ධිමය සංවාදයක් නෑ දැන් පක්ෂෙ ඇතුළෙ. සමන්ත විද්‍යාරත්න සහෝදරයම එක වෙලාවක කිව්ව අපිට ඉන්නෙ ප්රේක්ෂකයො විතරයි කියල. මිනිස්සු දන්නව ධනවාදයෙ තියෙන කුණු ටික රස කරල අහන්න ඕනනම් කා ළඟටද යන්න ඕන කියන එක.
මේ වැඩෙන් වෙලා තියෙන්නෙ ප්‍රධාන අරමුණට කැමති නැති මිනිස්සු ටිකක් ආකර්ෂණය වෙච්ච එක. දැන් JVP එක වෙනුවෙන් පෙනී ඉන්න මිනිස්සු දිහා බැලුවම පේන දෙයක් තමයි ඒ ගොල්ලන්ට ඕන ධනවාදී JVP එකක් හදනනෙ කොහොමද කියන එක. ඒ කියන්නෙ දූෂණය වංචාව නැති ධනෙෂ්වර නීතිය පිළිගන්න JVP එකක්. ප්‍රශ්ණෙ තියෙන්නෙ ධනවාදය ඇතුළෙ එහෙම එකක් කවදාවත් හැදෙන්න විදියක් නෑ.
දැන් මේ ෆේස් බුක් වගෙ සෝෂල් මීඩියා පැත්ත බැලුවම පේන දෙයක් තමයි ගොඩක් පිටරටවල් වල එහෙම වැඩකරන අය තමන්ට ගොඩක් වැඩ කරල ස්ට්‍රෙස් උනාම ආතල් එකක් ගන්න පොඩ්ඩක් JVP එවුන් කියන කතා එහෙම ශෙයා කරල බලාපොරොත්තු වෙනව අපි වෙනුවෙන් කට්ට කාගෙන උන් වැඩේ කරයි, අපිට තියෙන්නෙ මෙහෙට වෙලා ආතල් එකේ බලන් ඉන්න කියල. එහෙම නැත්තන් ලංකාවෙ ඡන්ද අයිතිය නැති අය තමයි ඔන්ලයින් කැම්පේන් වල වැඩි හරියක් ඉන්නෙ.
තරුණ කාලෙදි විප්ලවවාදියෙක් නොවන මිනිහත්, මහළු කාලෙදි විප්ලවවාදියෙක් වෙන මිනිහත් කියන දෙන්නම මෝඩයෝ කියලා කතාවකුත් තියෙනවනෙ. අපි බලමු මොකද වෙන්නෙ කියල.
PS: අවසාන වශයෙන් කට්ටියක් කියාගෙන යනව දැක්ක මිනිස්සු ප්‍රතිපත්ති බලලනම් ඡන්දෙ දෙන්නෙ ... ගීතයි, මුතු හෙට්ටියි, චොකා මල්ලියි දින්නෙ කොහොමද කියල. ප්‍රධාන පක්ෂ දෙකටම මිනිස්සු ඡන්දෙ දෙන්නෙ ගොඩක්ම පුද්ගලික ප්‍රථිලාභ බලාගෙන, අඩුගානෙ ඒ මිනිහගෙ පවුලට නෑදෙයෙක්ට දන්න කියන කෙනෙක්ට වෙච්ච වාසියක් නිසා අනාගතයෙ තමන්ටත් දවසක ඒ වාසිය ගන්න බලාගෙන එහෙම නැත්තන් වහල්ලු (සමහරු ඉන්නව මහින්දගෙන් පොලු පාරක් කෑවත් සැපයි කියල හිතන කට්ටිය). ඒත් ජනතා විමුක්ති පෙරමුණට මිනිහෙක් ඡන්දයක් දෙන්නෙ තමන්ට මුකුත් ලැබෙයි කියල හිතල නෙවෙයි.