JVP_පසුබැසීම_ඔබේ ඇසින්

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,102
    5,898
    113
    canada
    ඔය කවුරු මොනවා කිවත් ,ජවිපෙ තමයි සමාජයේ බිම් මට්ටමේ ප්‍රශ්න , දියවන්නාවේ කතා කලේ ,

    අපි බලමු අපගේ මොළවලට තේරෙන ආකාරයට ,

    මෙවර මැතිවරණයේදී ජ වී පෙ පසු බැසීම ගැන , ඔබගේ අදහස කුමක්ද ?[/SIZE]

    ප්‍රශ්නෙට උත්තරේ ඔයාම දීල තියෙනව. "ඔය කවුරු මොනවා කිවත්" කියන එක තුල ඇගවෙනවා උද්දචකම, අන්‍ය මත නොසලකා හැරීම, තමුන් හැමවිටම හරි කියන එක. ඕක තමයි පක්ෂයක් විදියට jvp එකට උනේ. මේකේ සහ අදාල අනිත් නුල්වල මේ ගැන ගොඩක් අදහස් දල තියෙනවා. ඔලුවේ තියෙන ඔක්කොම මතවාද අමතක කරලා, ඒවා ගැන විවුර්ත මනසකින් බැලුවනම් හොද අදහසක් ගන්න පුළුවන්.

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පරාද වෙන්න හේතුව මොකක්ද කියලා හරියටම කියන්න දන්නෙ නෑ.නමුත් තාමත් ගොඩාක් අය බයයි JVP එකට ඡන්දෙ දෙන්න.අනිත් එක තමයි JVP එක UNP එකට හේත්තු වෙලා වගේ හිටපු එක.

    ඇත්තටම ලංකාවෙ ඡන්ද දායකයින් ගැන ලොකු කලකිරීමක් ඇති වෙනවා මේ ප්‍රතිඵල දැක්කහම.හදුන්නෙත්ති,සමන්ත විද්‍යාරත්න,මහින්ද සමරසිංහ වගේ පාර්ලිමේන්තුවේ සිටිය යුතු මිනිස්සු වෙනුවට හොරු රැලම ආයිත් පත් කරපු එක ගැන.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639

    ඔව් බන් jvp කැමති නැත්තන් එකට දෙන්නෙත් නැතුව අර චාටර් උන් නැතුව වෙන පක්ෂ වලින් හරි හොද එවුන් යැව්වනන් දුක නෑ .. උන්ට ලක්ෂ ගණන් මනාප දෙනවා ..
    දිනන්න ඕනේ නෑ හොද ප්‍රතිපත්ති ප්‍රකාශයක් තිබ්බ jvp උන්ට seat 10 විතර ගන්න චන්දෙ දෙන්න එකෙක් නෑ නොදකින්ව්ත්
    :angry::angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කෙල උනේ මේක වැඩවසම් පාලකයාව සම්පූර්ණයෙන්ම ගෙදර යවන්න ඕනා බව මිනිස්සු හිතපු නිසා..... :yes:

    අනික JVP එකට ෆන්ඩ් කරේ UNP එකෙන් කියලා සමහරු හිතුවා..... සාක්ෂිත් තියෙනවා කියලා අපේ එකෙක්ම කිව්වා...... :yes: :lol: දැන් සිංහල පන්තිය තියයි මට...... :dull: :P :lol: :rofl:
    :P:P
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    උන්ගෙ ප්‍රතිපත්ති මිනිස්සු අතරට ගියේ නෑ. අන්තිම මොහොතෙ අන්තරේ එක්ක දාගත්ත කොක්කත් බලපෑව.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ප්‍රශ්නෙට උත්තරේ ඔයාම දීල තියෙනව. "ඔය කවුරු මොනවා කිවත්" කියන එක තුල ඇගවෙනවා උද්දචකම, අන්‍ය මත නොසලකා හැරීම, තමුන් හැමවිටම හරි කියන එක. ඕක තමයි පක්ෂයක් විදියට jvp එකට උනේ. මේකේ සහ අදාල අනිත් නුල්වල මේ ගැන ගොඩක් අදහස් දල තියෙනවා. ඔලුවේ තියෙන ඔක්කොම මතවාද අමතක කරලා, ඒවා ගැන විවුර්ත මනසකින් බැලුවනම් හොද අදහසක් ගන්න පුළුවන්.

    ane palayan baka pandithaya. lankawe chandeth nathi ekek ne uba :angry::angry::D:D
     
    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    මෙක ප්‍රධාන පක්ශ දෙක අතර තරගයක්..එ නිසා ගොඩක් අයගෙ තෙරිම නිල් හො කොල..මම දුන්නේ කොල පාටට..ඔතන මහින්ද තරග කලේ නැත්තන් මම අනිවා දෙන්නේ JVP එකට..UNP සහ JVP ඉල්ලුවනන් මම දෙන්නේ JVP එකට..කරන්න දෙයක් නැ දුක තමා..:sorry::sorry::sorry:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,211
    24,907
    113
    tracing Geo-location.. ... ...
    mama nam hithana widiyata jvp ekata minissu dan kamathiyi. eth mahinda aye ei kiyala bayak minissunta thibba. e nisa jvp ekata watenna thibba chanda godak UNP ekata watuna.. issarahadi jvp eka hoda thanakata ei..
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    එකක් තමයි වමෙ පක්ෂයක් විදියට JVP එක ධනවාදයට එරෙහි සටනක් කරනව වෙනුවට කාලෙන් කාලෙට එන සිල්ලර ප්‍රශ්ණ පාවිච්චි කරල බලයට එන්නෙ කොහොමද කියල තමයි බැලුවෙ. එක කාලෙකට අන්ත වාමාංශික අදහස්, තව කාලෙක ජාතීවාදී වෙනව, තව කාලෙකට බුද්ධාගමත් මේකට ගාවගන්න පුළුවන්ද බලනව, තව කාලෙකට අති දක්ෂිණාංශ පැත්තකට යනව. දේශපාලන අර්ථයකින් කිව්වොත් JVP එක සුනිල් පෙරේරගෙ සංස්කෘතියට ගිහිල්ල (සුනිල් පෙරේර කියන්නෙ නිකන් සිල්ලර චරිතයක්) තව විදියකට කිව්වොත් ජනප්‍රිය සංස්කෘතියට ගිහිල්ල (popular culture) එහෙම නැත්තන් සුපර් ස්ටාර් වේදිකාවක් වෙලා. කිසිම බුද්ධිමය සංවාදයක් නෑ දැන් පක්ෂෙ ඇතුළෙ. සමන්ත විද්‍යාරත්න සහෝදරයම එක වෙලාවක කිව්ව අපිට ඉන්නෙ ප්‍රේක්ෂකයො විතරයි කියල. මිනිස්සු දන්නව ධනවාදයෙ තියෙන කුණු ටික රස කරල අහන්න ඕනනම් කා ළඟටද යන්න ඕන කියන එක.

    මේ වැඩෙන් වෙලා තියෙන්නෙ ප්‍රධාන අරමුණට කැමති නැති මිනිස්සු ටිකක් ආකර්ෂණය වෙච්ච එක. දැන් JVP එක වෙනුවෙන් පෙනී ඉන්න මිනිස්සු දිහා බැලුවම පේන දෙයක් තමයි ඒ ගොල්ලන්ට ඕන ධනවාදී JVP එකක් හදනනෙ කොහොමද කියන එක. ඒ කියන්නෙ දූෂණය වංචාව නැති ධනෙෂ්වර නීතිය පිළිගන්න JVP එකක්. ප්‍රශ්ණෙ තියෙන්නෙ ධනවාදය ඇතුළෙ එහෙම එකක් කවදාවත් හැදෙන්න විදියක් නෑ.

    දැන් මේ ෆේස් බුක් වගෙ සෝෂල් මීඩියා පැත්ත බැලුවම පේන දෙයක් තමයි ගොඩක් පිටරටවල් වල එහෙම වැඩකරන අය තමන්ට ගොඩක් වැඩ කරල ස්ට්‍රෙස් උනාම ආතල් එකක් ගන්න පොඩ්ඩක් JVP එවුන් කියන කතා එහෙම ශෙයා කරල බලාපොරොත්තු වෙනව අපි වෙනුවෙන් කට්ට කාගෙන උන් වැඩේ කරයි, අපිට තියෙන්නෙ මෙහෙට වෙලා ආතල් එකේ බලන් ඉන්න කියල. එහෙම නැත්තන් ලංකාවෙ ඡන්ද අයිතිය නැති අය තමයි ඔන්ලයින් කැම්පේන් වල වැඩි හරියක් ඉන්නෙ.

    තරුණ කාලෙදි විප්ලවවාදියෙක් නොවන මිනිහත්, මහළු කාලෙදි විප්ලවවාදියෙක් වෙන මිනිහත් කියන දෙන්නම මෝඩයෝ කියලා කතාවකුත් තියෙනවනෙ. අපි බලමු මොකද වෙන්නෙ කියල.

    PS: අවසාන වශයෙන් කට්ටියක් කියාගෙන යනව දැක්ක මිනිස්සු ප්‍රතිපත්ති බලලනම් ඡන්දෙ දෙන්නෙ ... ගීතයි, මුතු හෙට්ටියි, චොකා මල්ලියි දින්නෙ කොහොමද කියල. ප්‍රධාන පක්ෂ දෙකටම මිනිස්සු ඡන්දෙ දෙන්නෙ ගොඩක්ම පුද්ගලික ප්‍රථිලාභ බලාගෙන, අඩුගානෙ ඒ මිනිහගෙ පවුලට නෑදෙයෙක්ට දන්න කියන කෙනෙක්ට වෙච්ච වාසියක් නිසා අනාගතයෙ තමන්ටත් දවසක ඒ වාසිය ගන්න බලාගෙන එහෙම නැත්තන් වහල්ලු (සමහරු ඉන්නව මහින්දගෙන් පොලු පාරක් කෑවත් සැපයි කියල හිතන කට්ටිය). ඒත් ජනතා විමුක්ති පෙරමුණට මිනිහෙක් ඡන්දයක් දෙන්නෙ තමන්ට මුකුත් ලැබෙයි කියල හිතල නෙවෙයි.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,898
    113
    canada

    මේ වැඩෙන් වෙලා තියෙන්නෙ ප්‍රධාන අරමුණට කැමති නැති මිනිස්සු ටිකක් ආකර්ෂණය වෙච්ච එක. දැන් JVP එක වෙනුවෙන් පෙනී ඉන්න මිනිස්සු දිහා බැලුවම පේන දෙයක් තමයි ඒ ගොල්ලන්ට ඕන ධනවාදී JVP එකක් හදනනෙ කොහොමද කියන එක. ඒ කියන්නෙ දූෂණය වංචාව නැති ධනෙෂ්වර නීතිය පිළිගන්න JVP එකක්. ප්‍රශ්ණෙ තියෙන්නෙ ධනවාදය ඇතුළෙ එහෙම එකක් කවදාවත් හැදෙන්න විදියක් නෑ.

    සමාජවාදී ක්‍රමය ඇතුලේ දුෂණය වංචාව නැතිවුන එක ගැන ප්‍රයෝගික උදාහරණයක් දෙන්න පුලුවන්ද?
    පැරණි සොවියෙට් රටවල් වලින් උනත් කමක් නැහැ

    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    සමාජවාදී ක්‍රමය ඇතුලේ දුෂණය වංචාව නැතිවුන එක ගැන ප්‍රයෝගික උදාහරණයක් දෙන්න පුලුවන්ද?
    පැරණි සොවියෙට් රටවල් වලින් උනත් කමක් නැහැ

    ලෝකෙ කොහෙවත් පැරණි සමාජවාදය ගැන සාකච්ඡාවක් නෑ ... දැන් තියෙන්නෙ පශ්චාත් මාක්ස්වාදය ගැන තියෙන සංවාදය ... කවුරුවත් හරියටම උත්තර හොයල නෑ ධනවාදයට මුහුණ දෙන්නෙ කොහොමද කියල ... මේ සංවාදයෙන් JVP එක අයින් වෙලා කියන එකයි කිව්වෙ
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,898
    113
    canada
    ලෝකෙ කොහෙවත් පැරණි සමාජවාදය ගැන සාකච්ඡාවක් නෑ ... දැන් තියෙන්නෙ පශ්චාත් මාක්ස්වාදය ගැන තියෙන සංවාදය ... කවුරුවත් හරියටම උත්තර හොයල නෑ ධනවාදයට මුහුණ දෙන්නෙ කොහොමද කියල ... මේ සංවාදයෙන් JVP එක අයින් වෙලා කියන එකයි කිව්වෙ

    සංවාද නෙවි මම ඇහුවේ. ප්‍රයෝගික උදාහරණ ගැන.

    ලෝකේ කොහෙවත් දුෂණය කියන එක සම්පුර්ණයෙන් නැති කරලා නැහැ. නැති කරන්නත් බැහැ. බටහිර සමහර රටවල්වල, ජපානය වගේ රටවල්වල දුෂණය අවම කරලා තියෙනවා. එක සමාජවාදය/මාක්ස්වාදය තුලින් නම් නෙවි.
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    Mamath jvp denna hitiye !! eth mahindawa paraddanna one nisa UNP 1ta dunna..

    meetapasse ena chanda waladi kohomath jvp 1ta thamai
    denne :cool:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ජේවීපී තාම සින්හලෙන් කියන්නෙ නැහැ වෙලදපොල අර්තිකය පිලිගන්නව.ප්‍රජාත්න්ත්‍රවාදය පිලිගන්නව කියල.
    එක කියන්නෙ නැතිව මිනිස්සු ඡන්දෙ දෙන්න බයයි. සමජවාදි හු#%ක් මේ ලොකෙ නැහැ.
    ප්‍රතිපත්ති ප්‍රකාශන දෙකක්.බිස්නස් ෆොරම් එකට එකක් කැට හොල්ලන එවුන්ට තව එකක්.
    මම ටිකක් කියෙව්ව උන් හිතන් ඉන්නෙ පෞද්ගලික අන්ශය කියන්නෙ බබ්බු කියල.
    ඔක්කොම උන් දන්නව කියල හිතල ලියල තියෙන්නෙ.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431

    යකො ප්‍රතිපත්ති ප්‍රකාශන දෙකක් තිබ්බෙ නැහැ. එකක් සාරාංශයක් විතරයි
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    සංවාද නෙවි මම ඇහුවේ. ප්‍රයෝගික උදාහරණ ගැන.

    ලෝකේ කොහෙවත් දුෂණය කියන එක සම්පුර්ණයෙන් නැති කරලා නැහැ. නැති කරන්නත් බැහැ. බටහිර සමහර රටවල්වල, ජපානය වගේ රටවල්වල දුෂණය අවම කරලා තියෙනවා. එක සමාජවාදය/මාක්ස්වාදය තුලින් නම් නෙවි.
    කවුද දැන් දූෂනය නැතිකරන්න සමාජවාදෙ ගේනව කිව්වෙ? වලිගෙන් අල්ලගෙන බෙරිහන් දෙන්න එපා.

    මහ බයිය පරාද වුන එක ඔක්කොටම වඩා වටිනව
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ලංකාවේ එවුන් ඡන්දේ දෙන්නේ පෞද්ගලිකව ලැබෙන වාසි වලට ඇමතිගෙන් ලියුමක් අරන් ලමය ඉස්කොලේ දාගන්න,රස්සාවක් ගන්න,මොකක් හරි සහනාධාරයක් ණයක් ගන්න,තහඩු ටිකක් ගන්න ,ප්ලාස්ටික් පුටු ටිකක් ගන්න එවට ඡේවිපි එකට ඡන්දේ දිලා වැඩ කරලා හරියන්නේ නෑ නේ එකයි ප්‍රදාන පක්ෂ දෙකට කොටු වෙලා ඉන්නේ.