~ Kaviyen Kaviya ~.........Kamathida???

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
Amalka101 said:
Warheroes.jpg
ලස්සනයි නන්ගි:D
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
amila_90210 said:
ලස්සනයි නන්ගි:D


නිදහස් හෙළ දෙරණ පිබිදෙනු දැක මෙලෙස
සාඩම්බර හැගුම් ඇතිවිය හදවතට
නිවහල් රටක් වෙනුවෙන් දිවි දුන් සැමට
පුදනෙමි හිසනමා උපහර බැතිබරව........
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
Amalka101 said:
නිදහස් හෙළ දෙරණ පිබිදෙනු දැක මෙලෙස
සාඩම්බර හැගුම් ඇතිවිය හදවතට
නිවහල් රටක් වෙනුවෙන් දිවි දුන් සැමට
පුදනෙමි හිසනමා උපහර බැතිබරව........


ඈතින් හිටියත් දුරකට වී මවු බිමට
ඇති දෑ අනුරාගය පැසසිය යුතුය
ඔය වැනි අදහස් අප මතු පරපුරට
නැත්නම් හිස් ගෙඩි වළ වැපිරිය යුතුය
 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
Amalka101 said:
නිදහස් හෙළ දෙරණ පිබිදෙනු දැක මෙලෙස
සාඩම්බර හැගුම් ඇතිවිය හදවතට
නිවහල් රටක් වෙනුවෙන් දිවි දුන් සැමට
පුදනෙමි හිසනමා උපහර බැතිබරව........


ලක් මවගේ විර පුතුන්ගේ බලයෙන්
සතුරා පැන ගියා අප විරුවන්ට බයෙන්
රණබිම දෙසින් ඇසෙනා ජය නාදේ තුලින්
නැගෙනා කදුලු සතුටට යැයි කියමු තුටින්
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
amila_90210 said:
ඈතින් හිටියත් දුරකට වී මවු බිමට
ඇති දෑ අනුරාගය පැසසිය යුතුය
ඔය වැනි අදහස් අප මතු පරපුරට
නැත්නම් හිස් ගෙඩි වළ වැපිරිය යුතුය


Nice :D
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
Doly said:
ලක් මවගේ විර පුතුන්ගේ බලයෙන්
සතුරා පැන ගියා අප විරුවන්ට බයෙන්
රණබිම දෙසින් ඇසෙනා ජය නාදේ තුලින්
නැගෙනා කදුලු සතුටට යැයි කියමු තුටින්

තිස් වසක් තුල පැමිණි මාවත
නිමාවට පත් කරමිනේ
සාමයේ මල් පිපුණු කෙම්බිම
වෙතට ආවෙමු අද දිනේ
 

thanujaka

Well-known member
  • Amalka101 said:
    තිස් වසක් තුල පැමිණි මාවත
    නිමාවට පත් කරමිනේ
    සාමයේ මල් පිපුණු කෙම්බිම
    වෙතට ආවෙමු අද දිනේ
    අවි අත් අරන් ළය මැද්දෙහි හොවා ගෙන
    දහදුක් විදන් ගිය මග ලේ හලා ගෙන
    මේ වනතුරා ඔබ ඉටුකල සේවයට
    දල්වමු පහන්සිළු ඔබ සිහිකරමින්ම
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    thanujaka said:
    අවි අත් අරන් ළය මැද්දෙහි හොවා ගෙන
    දහදුක් විදන් ගිය මග ලේ හලා ගෙන
    මේ වනතුරා ඔබ ඉටුකල සේවයට
    දල්වමු පහන්සිළු ඔබ සිහිකරමින්ම


    යුතුකම් නිසිලෙසට ඉටුකල සොයුර ඔබයි
    රටකට එළිය ගෙන දුන් හිරු රජිදු ඔබයි
    ලක් මව රැක අපවද රැක්කේ ඔබයි
    සාමයේ අරුත හෙළිකල රන් වැකිය ඔබයි
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    Doly said:
    යුතුකම් නිසිලෙසට ඉටුකල සොයුර ඔබයි
    රටකට එළිය ගෙන දුන් හිරු රජිදු ඔබයි
    ලක් මව රැක අපවද රැක්කේ ඔබයි
    සාමයේ අරුත හෙළිකල රන් වැකිය ඔබයි

    උපන් බිමේ අයිතිය තහවුරු කරමින්
    රට දැය දිනාගත් නිර්භය වැසියො ලෙසින්
    එක්වෙමු සැවොම අප නිවහල් දෙරණ මතින්
    නන්වමු නැවත ලොව ජයගත් රටක් ලෙසින්
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    Amalka101 said:
    උපන් බිමේ අයිතිය තහවුරු කරමින්
    රට දැය දිනාගත් නිර්භය වැසියො ලෙසින්
    එක්වෙමු සැවොම අප නිවහල් දෙරණ මතින්
    නන්වමු නැවත ලොව ජයගත් රටක් ලෙසින්


    මනහර අනාගතයක සිරි ලැබ දුන්න
    විරුවනි ඔබට පතනෙමු තෙරුවන් සරණ
    සැක හැර ඉතින් යන්නට හැක සිත් තොසින
    දැනුනා නිදහසක් හද තුල අද ඔන්න
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    Doly said:
    මනහර අනාගතයක සිරි ලැබ දුන්න
    විරුවනි ඔබට පතනෙමු තෙරුවන් සරණ
    සැක හැර ඉතින් යන්නට හැක සිත් තොසින
    දැනුනා නිදහසක් හද තුල අද ඔන්න

    සාමයේ සිසිලස සමග
    මද පවන හමනා මවුබිමෙන්
    ඈත් වී සිටියා ඇතිය මට
    ගෙදර එන්නට සිතෙයි දැන්
     

    thanujaka

    Well-known member
  • Amalka101 said:
    සාමයේ සිසිලස සමග
    මද පවන හමනා මවුබිමෙන්
    ඈත් වී සිටියා ඇතිය මට
    ගෙදර එන්නට සිතෙයි දැන්
    තිස්වසරක් පුරා පැවතුනි මෙ යුද්ධය
    එනමුත් ඒයින් උන්ට ලැබුනු දෙයක් නැත
    උන් නොසිතන්ට ඇති මේලෙස මියැදෙන්න
    අවසානයෙ මියගියෙ බල්ලෙකු ලෙසින
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    thanujaka said:
    තිස්වසරක් පුරා පැවතුනි මෙ යුද්ධය
    එනමුත් ඒයින් උන්ට ලැබුනු දෙයක් නැත
    උන් නොසිතන්ට ඇති මේලෙස මියැදෙන්න
    අවසානයෙ මියගියෙ බල්ලෙකු ලෙසින

    අන්සතු රටක් තම යටතට අරගන්ට
    කෙතරම් වෙර කලත් බැහැ කිසිදින ජයගන්ට
    බුදු පා පහස ලද පින්බර දෙරණකට
    සසරත් මදිය වින කල පව් ගෙවන්නට
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    thanujaka said:
    තිස්වසරක් පුරා පැවතුනි මෙ යුද්ධය
    එනමුත් ඒයින් උන්ට ලැබුනු දෙයක් නැත
    උන් නොසිතන්ට ඇති මේලෙස මියැදෙන්න
    අවසානයෙ මියගියෙ බල්ලෙකු ලෙසින

    අතීතයේ උන් අප සිදු කළ වැරදී
    සිතමින් පලක් නෑ වී උකටළී
    පාඩම් ඉගෙන ගෙන
    එයින් නිතී
    පෙළ ගැසෙමු ගොඩ නැගෙන්නට
    යළි