~ Kaviyen Kaviya ~.........Kamathida???

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
amila_90210 said:
අතීතයේ උන් අප සිදු කළ වැරදී
සිතමින් පලක් නෑ වී උකටළී
පාඩම් ඉගෙන ගෙන
එයින් නිතී
පෙළ ගැසෙමු ගොඩ නැගෙන්නට
යළි

පාට ලෝකවල අතරමන් වී
එකම දැය පිල් බෙදී
බැනගත්තා දන් ඇති
රට හදමු සැම එක්වී
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
Amalka101 said:
පාට ලෝකවල අතරමන් වී
එකම දැය පිල් බෙදී
බැනගත්තා දන් ඇති
රට හදමු සැම එක්වී

තැබූවද යුද්ධයට අද තිත
විනය අප ජාතියට කළ හෙණ
බෙදීමයි පටු අරමුණු වලට
නවතා අකුල්හෙළන එක හොඳ වැඩට
එක්වී නැගෙන්නට රොද බැද ගමු සැවොම
 

thanujaka

Well-known member
  • Amalka101 said:
    පාට ලෝකවල අතරමන් වී
    එකම දැය පිල් බෙදී
    බැනගත්තා දන් ඇති
    රට හදමු සැම එක්වී
    මෙවන් පින්බර රටක් තව කොහිද
    සියළු සිත්සතන් සුවපත් වන
    යලිත් නැගිටිමු සිය දෙපයින්ම
    යලිත් කිසිදින නොවැටෙන්න
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    thanujaka said:
    මෙවන් පින්බර රටක් තව කොහිද
    සියළු සිත්සතන් සුවපත් වන
    යලිත් නැගිටිමු සිය දෙපයින්ම
    යලිත් කිසිදින නොවැටෙන්න


    සියොළග දුවන ලේ අද උණුසුම් වීලා
    නිදහස් රටක අභිමානය සිත් වැදිලා
    නව යුගයක් ඇරඹි මොහොතේ එක් වීලා
    රට ගොඩනගමු විරුවන් හට පින් දීලා
     

    thanujaka

    Well-known member
  • Amalka101 said:
    සියොළග දුවන ලේ අද උණුසුම් වීලා
    නිදහස් රටක අභිමානය සිත් වැදිලා
    නව යුගයක් ඇරඹි මොහොතේ එක් වීලා
    රට ගොඩනගමු විරුවන් හට පින් දීලා
    මග බලමින් සිටි නිදහස ලැබගන්ටා
    ඇත එය අපේ ඇස් මානේ මතුවීලා
    එය අත් කරන්නට කැපවුනු ජනපතිදා
    ඇත අද දුටුගැමුණු නිරිදුට සමවීලා
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මේ කවි දකිද්දි මට සින්දුවක් මත උනා

    "ආ මග කෙටියි
    යා යුතු මග දුරයි
    නිරතුරු නුවණැසින් ත‍රණය කල යුතුයි"

    මොකද නැත්නම් අපිටත් ඉරාකෙ ඇම‍රිකන් කාරයො කාපු බත් හැන්දෙන්ම තමා කන්න වෙන්නෙ
    :yes::D
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    thanujaka said:
    මග බලමින් සිටි නිදහස ලැබගන්ටා
    ඇත එය අපේ ඇස් මානේ මතුවීලා
    එය අත් කරන්නට කැපවුනු ජනපතිදා
    ඇත අද දුටුගැමුණු නිරිදුට සමවීලා
    :yes:
    11.gif
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    thanujaka said:
    මග බලමින් සිටි නිදහස ලැබගන්ටා
    ඇත එය අපේ ඇස් මානේ මතුවීලා
    එය අත් කරන්නට කැපවුනු ජනපතිදා
    ඇත අද දුටුගැමුණු නිරිදුට සමවීලා

    සෙනෙහසින් රැක ගත්තු මව්බිම
    නිදහසේ හිස ඔසවනා
    අරුම දැක පිබිදුනා මසිතත්
    නිවහල් රටක වැසියෙක් ලෙසින්
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Amalka101 said:
    සෙනෙහසින් රැක ගත්තු මව්බිම
    නිදහසේ හිස ඔසවනා
    අරුම දැක පිබිදුනා මසිතත්
    නිවහල් රටක වැසියෙක් ලෙසින්


    පිබිදෙන මවුබිම හිනැහෙනු දැක
    ආඩම්බරයි මෑණියනී නුඹ ගැන
    පරවියෙකු වී නුඹ අහස් කුස
    සරමි මම අභිමානයෙන් නිදහස
     

    extra

    Member
    Dec 15, 2008
    516
    0
    0
    macho

    amila_90210 said:

    පිබිදෙන මවුබිම හිනැහෙනු දැක
    ආඩම්බරයි මෑණියනී නුඹ ගැන
    පරවියෙකු වී නුඹ අහස් කුස
    සරමි මම අභිමානයෙන් නිදහස

    ලියුවත් අපි මෙසෙ කවි පේලි,
    සොයුරන් අමතක නොකරමු කිසිදින ,
    දුන් උර අප රට ගොඩනගනට,
    නයගැති අපි සදා නුබට....:yes::yes::yes:
     

    wick321

    Member
    Aug 18, 2008
    1,234
    2
    0
    Saudi Arabia
    extra said:
    ලියුවත් අපි මෙසෙ කවි පේලි,
    සොයුරන් අමතක නොකරමු කිසිදින ,
    දුන් උර අප රට ගොඩනගනට,
    නයගැති අපි සදා නුබට....:yes::yes::yes:

    වැදු මව සැනසේවි තුරුළු කර තම දරු පැටව්
    ගලවා ගත් නිසා අවමානයෙන් ලද ගැරහුමෙන් ලෝකයෙන්
    බිව් කිරෙහි ණය ගෙවා නැඟු හසරැල් සැම මුවෙහි
    සදා කල් රැඳේවි විරු දරුවනේ ඔබෙ නාමයන් සැම සිත් තුලේ
     

    [DC]ASW

    Member
    Jan 2, 2009
    2,158
    17
    0
    Sri Lanka
    thanujaka said:
    මග බලමින් සිටි නිදහස ලැබගන්ටා
    ඇත එය අපේ ඇස් මානේ මතුවීලා
    එය අත් කරන්නට කැපවුනු ජනපතිදා
    ඇත අද දුටුගැමුණු නිරිදුට සමවීලා
    MAXXA AHA NIYAMAY :::::::::::::::::::::::::::::::::::::::::::::::::::

    linkin-park-band-wallpaper-800x600.jpg

     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    wick321 said:
    වැදු මව සැනසේවි තුරුළු කර තම දරු පැටව්
    ගලවා ගත් නිසා අවමානයෙන් ලද ගැරහුමෙන් ලෝකයෙන්
    බිව් කිරෙහි ණය ගෙවා නැඟු හසරැල් සැම මුවෙහි
    සදා කල් රැඳේවි විරු දරුවනේ ඔබෙ නාමයන් සැම සිත් තුලේ
    :yes::yes:
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    wick321 said:
    වැදු මව සැනසේවි තුරුළු කර තම දරු පැටව්
    ගලවා ගත් නිසා අවමානයෙන් ලද ගැරහුමෙන් ලෝකයෙන්
    බිව් කිරෙහි ණය ගෙවා නැඟු හසරැල් සැම මුවෙහි
    සදා කල් රැඳේවි විරු දරුවනේ ඔබෙ නාමයන් සැම සිත් තුලේ


    හදවතට ඇතුලු වී එක් නුහුරු හැගීමක්
    ගෙන දුන්න ඒ සතුට නැහැ තවම නිමාවක්
    තිස් වසක් පුරාවට පැතිර ගිය යුද්දයක්
    නිම උනා නිම උනා අප ලැබුවා නව පණක්


    :yes: :yes: :yes: :yes:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Doly said:
    හදවතට ඇතුලු වී එක් නුහුරු හැගීමක්
    ගෙන දුන්න ඒ සතුට නැහැ තවම නිමාවක්
    තිස් වසක් පුරාවට පැතිර ගිය යුද්දයක්
    නිම උනා නිම උනා අප ලැබුවා නව පණක්


    :yes: :yes: :yes: :yes:

    සතුට රැදෙන්නේ ටික කලයි හිතේ
    අභිමානයනම් ඒ ලෙස නොවේ
    හැගුමෙන් ලැබූ නව පණෙන්
    සදා සුරකිමු ලක් මෑණීයන් අපේ
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    amila_90210 said:
    සතුට රැදෙන්නේ ටික කලයි හිතේ
    අභිමානයනම් ඒ ලෙස නොවේ
    හැගුමෙන් ලැබූ නව පණෙන්
    සදා සුරකිමු ලක් මෑණීයන් අපේ


    යාපා පටුන ජයගත් සපුමල් කුමරූ
    ඔබලා යැයි සිතේ දකිනා විට ඔබෙ රුසිරූ
    රට වෙනුවෙන්ම හෙලුවාවූ දුක් කදුලූ
    මහ සමුදුරේ ඇති දිය කදටත් වැඩිලූ
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    DiLakshika said:
    යාපා පටුන ජයගත් සපුමල් කුමරූ
    ඔබලා යැයි සිතේ දකිනා විට ඔබෙ රුසිරූ
    රට වෙනුවෙන්ම හෙලුවාවූ දුක් කදුලූ
    මහ සමුදුරේ ඇති දිය කදටත් වැඩිලූ


    මේ රට අපෙයි දැන් මුලු රට ඔබෙයි මගෙයි
    සැනසිය හැකියි දැන නිදහස ලැබී තිබෙයි
    විකුම් පපා විරුවන් ජය ගෙන දුන්නයි
    මගෙ ලක් මවට දළදා සමිදුගෙ සරණයි