kim jong unගේ_මරණයේ_හමුදාව

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    kim jong unගේ_මරණයේ_හමුදාව

    කිම් ජොන් උන්ගේ ‘මරණයේ හමුදාව‘ – උතුරු කොරියානු විශේෂ බලකායේ ඡායාරූප පෙලක් පලමු වරට පිටවෙයි


    මේ වන විට කොරියානු අර්ධවීපයයේ ඇත්තේ දැඩි උනුසුම්කාරි වාතාවරණයකි.

    උතුරු කොරියාව සම්බන්ධයෙන් ‘රාජ්‍යතාන්ත්‍රික ඉවසීමේ සීමාව අවසන්’ බව ට්‍රම්ප් පරිපාලනය විසින් කළ ප්‍රකාශය කොරියානු අර්ධද්වීපයේ නව ගැටුමක ආරම්භය සනිටුහන් කරන්නක් විය හැකි බව යුධ විශ්ලේෂකයෝ මේ වන විට මත පල කරති.

    කෙසේ වෙතත් කොරියානු නායක කිම් ජොන් උන්ද තම බල ඇණි සූදානම් කරමින්, යුධ ශක්තිය වර්ධනය කරගනිමින් සිටින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

    අන්තර්මහාද්වීපික බැලිස්ටික් මිසයිලයක් සඳහා නව එන්ජිමක් සාර්ථකව අත්හදා බැලූ බව උතුරු කොරියාව පසුගියදා නිවේනදයක්ද නිකුත් කර තිබිණ.මේ මගින් ඇමරිකාවට න්‍යෂ්ඨික ප්‍රහාර එල්ල කිරීමේ තම හැකියාව තවත් බලගැන්වෙන බව ඔවුන් පවසා තිබිණ.

    මේ අතර උතුරු කොරියානු හමුදා විශේෂ බලකායේ ඡායාරූප පෙලක් පළමු වරට මාධ්‍ය වෙත නිකුත් කිරීමටද උතුරු කොරියාව පසුගියදා කටයුතු කර තිබිණ.

    මෙම භට කණ්ඩායම කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබූ බව විදෙස් වාර්තා තිබිණි.

    ඕනෑම සතුරු ප්‍රහාරයක් සාර්ථකව මැඩ පැවැත්වීමට හැකි යැයි පැවසෙන මෙම බලකාය අතිවිශේෂ පුහුණුවක් ලැබූවන් බව පෙන්ටගන් වාර්තා තහවුරු කර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

    උතුරු කොරියානුවන් මොවුන් මරණයේ හමුදාව ලෙසද හඳුන්වනු ලබනු බවත් පැවසෙයි.



    3F4B121A00000578-4417914-image-a-5_1492417270295.jpg


    3F50FBF500000578-4417914-image-a-2_1492417103836.jpg


    3F50FBFC00000578-4417914-image-a-3_1492417196016.jpg


    3F50FC0100000578-4417914-The_Pentagon_report_claimed_North_Korea_s_Special_Forces_operate-a-5_1492426893100.jpg


    3F4B122600000578-4417914-image-a-10_1492417291112.jpg


    3F4EFD0200000578-4417316-image-m-2_1492414715732.jpg
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    උබල දන්නවද ලෝකෙ වැඩියෙන්ම සබ්මැරීන් තියන රට උතුරු කොරියාවලු බන් :baffled::baffled:


    ඒ ටික වැඩක් නැ බන්.. ඒව පරන ඒව බන්..


    South korea වල අගනුවර seoul තියෙන්නේ දේශසීමාවේ ඉදන් 54KM වලින්.. උතුරු කොරියාව දේශ ශීමාවේ කාල තුවක්කු 12 000 ක් 13 000 ක් අතර ප්‍රමානයක් තියනව.. යුද්දයක් පටන් ගත්තොත් seoul වලට වැස්සක් වහිනව වගේ තියෙයි.. :lol:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උතුරු කොරියාවෙ කොහොමත් සෑහෙන්න හමුදා බලයක් ඇති... උන්ගෙ බජට් එකෙන් 95% විතර වියදම් කරනව ඇත්තෙ හමුදාවට.... මොකද එච්චර වැඩී කියල මිනිස්සුන්ට උද්ගෝශනය කරන්න පුලුවන් එකෙක්යැ....
    හැබැයි හමුදා තාක්ශනය අතින් නම් ඇත්තෙ පල්ලෙහායින්...
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උතුරැ කොරියාවට ඔච්චර සල්ලි කොහෙන්ද බං

    උන්ට සල්ලි නෑ බන් .. තියන සල්ලි ඔක්කොම හමුදාවට යට කරන්නෙ... රටේ මිනිස්සුන්ගෙන් 90% විතර අන්ත දුප්පත්..
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඕක කට ගැහුවට ඕකට මහදෙයක් කරන්න බෑ බං..
    ඔය බැලස්ටික් මිසයිල් තිබ්බට ඕවට ඇමරිකාවට ලං වෙන්න වත් බෑ මුහුදෙදිම උන් ඕව බිම දානව..
    ඇමරිකාවේ මිලිටරි පවර් එකත් එක්ක ඕකුන් නිකං ලදරුවෝ බං..
     

    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    උන්ට සල්ලි නෑ බන් .. තියන සල්ලි ඔක්කොම හමුදාවට යට කරන්නෙ... රටේ මිනිස්සුන්ගෙන් 90% විතර අන්ත දුප්පත්..

    ඉල්ලන් කෑමක් වගේ.. ඒත් සෙල්ලම් දාන්න බෑනෙ බං.. මුන් ලඟ පාත තැන් වලට කෙලල ඇරියොත් ඉවරනෙ
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උතුරැ කොරියාවට ඔච්චර සල්ලි කොහෙන්ද බං
    උන්ට සල්ලි මොකටද බන්. බඩු මුට්ටු ගන්න කියලද? රටින් ගෙන්නන්න කියලද? සැන්ක්ශන් නිසා උන්ට සල්ලිවලින් වැඩක් නැ. රටේ තියන අන්තිම සම්පත වෙනකන් හූරලා හමුදාව හදනවා.
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ට්‍රුම්ප් කාරයත් කිම් ජෝන් වගේම පිස්සෙක් තමා.බලේ ගන්න ඉස්සෙල්ලා කිව්වේ අනුන්ගේ මගුල් වලට අත දාන්නේ නැහැ කියලා.ඇවිත් මාස ගාණෙන් ඒක අමතකයි.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉල්ලන් කෑමක් වගේ.. ඒත් සෙල්ලම් දාන්න බෑනෙ බං.. මුන් ලඟ පාත තැන් වලට කෙලල ඇරියොත් ඉවරනෙ

    ඔව් මුන්ට ඇමරිකාවට ගහන්න බෑ කොහොමත්...
    දකුණු කොරියාවෙ බෙල්ලට පිහිය තියල තමයි උන් ඇමරිකාවෙන් ගේම ඉල්ලන්නෙ...
    හැබයි කිම් ජොන් උන් සහ ඩොනල්ට් ට්‍රම්ප් වගේ පිස්සො දෙන්නෙක් දෙපැත්ත ලීඩ් කරන නිසා මොනවයින් මොනව වෙයිද දන්නෑ..
    දකුනු කොරියාව nuke කරොත් කොරියන් ඩ්‍රාම බලලත් ඉවරයි අපේ කට්ටිය..:baffled: :baffled: