මට නම් හිතෙන්නේ මේක තනිකරම ආණ්ඩුවක ප්‍රශ්නයක් නෙවෙයි. ලංකාවේ economy එකේ තියෙන ප්‍රශ්නයි, globally සිද්ධ වෙන වෙනස්කම් ටිකයි එකම කාලෙක අපිට hit වෙන්නේ.
GDP එක වැඩි වුණාට, reserves වැඩි වුණාට, ආණ්ඩුවේ tax income වැඩි වුණාට සාමාන්‍ය මිනිස්සුන්ගේ purchasing power එක වැඩි වෙලා නැත්නම් ඒ economic recovery එකෙන් මිනිස්සුන්ට දැනෙන දෙයක් නෑ.
Shopping malls පිරිලා තිබ්බට රටේ හැමෝටම සල්ලි තියෙනවා කියන්නත් බෑ. ඒ වගේම ඉඩමක් කෝටි පහක් වටිනවා කිව්වට ඒ ගාණට ගන්න මිනිහෙක් නැත්නම් ඒක නිකන් valuation එකක් විතරයි.
අනිත් පැත්තෙන් බලපන්, අපි මෙච්චර කල් විශ්වාස කරපු traditional life path එකත් දැන් ටික ටික වෙනස් වෙනවා.
School → University → Job → Marriage → Kids → Career growth → Retirement.
ඉස්සර මේ path එකේ ගියාම යම්කිසි financial stability එකක් හදාගන්න පුළුවන් වුණා. දැන් degree එකක් අරගෙන job එකක් කරලා ගෙයක් හදලා, වාහනයක් අරගෙන, ළමයි හදලා ජීවත් වෙන්න අලුත් generation එකට කොච්චර අමාරුද?
AI එක්ක IT විතරක් නෙවෙයි, banking, accounting, insurance, garment industry එකේ office jobs පවා automate වෙන්න පුළුවන්. ඉස්සර මිනිස්සු දහයක් කරපු වැඩේ ඉස්සරහට දෙතුන් දෙනෙක් කරයි. Company එකේ profit වැඩි වෙයි. හැබැයි අනිත් මිනිස්සුන්ගේ income එකට මොකද වෙන්නේ? උන්ට සල්ලි නැත්නම් අර companies හදන products ගන්නේ කවුද?
ලංකාවට තියෙන ලොකුම අවුල තමයි මේ global transformation එකට මුහුණ දෙන්න වෙන්නේ දැනටමත් දුර්වල economy එකක් එක්ක වීම.
මම නම් හිතන්නේ ඉස්සරහට job security එකට වඩා financial security එක වැදගත් වෙනවා. ණය අඩු කරගන්න එක, savings හදාගන්න එක, income sources කිහිපයක් හදාගන්න එක තමයි කරන්න තියෙන්නේ.
2022 වගේ එකපාරට රට කඩා වැටෙයි කියලා මම හිතන්නේ නෑ. හැබැයි middle class එක අවුරුදු ගාණක් තිස්සේ ටිකෙන් ටික දියවෙලා යන scenario එකක් නම් එන්න පුළුවන්.
2035 වෙනකොට අපි අද දකින social structure එක සෑහෙන්න වෙනස් වෙලා තියෙන්න පුළුවන්.
රටේ economy එක recover වෙන එකයි, රටේ මිනිස්සුන්ගේ ජීවිත recover වෙන එකයි කියන්නේ දෙකක් බං.