Life of Australia

rmmahesh

Well-known member
  • Sep 12, 2007
    878
    150
    63
    Bandaragama
    ......ඉගන ගත්තු නැති ප**යල යටතෙ තියල උන්ට ඕනෙ විදිහට මගෙ ලමයින්ගෙ ජීවිතේ විනාස කරන්න් දෙන්නෙ නෑ...අත පය හයිය කාලෙ උන්ට අනාගතයක් හදල දෙන්න ඕනෙ තාත්ත කෙනෙක් උනාම.......කවද හරි රට හරි පැත්තකට හැරුනොත් මුලින්ම ලංකාවට් එන්නෙ මම...ජය වේවා!!!



    පට්ට .......+12
     

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    rat-race.gif
    rat-race.gif
    rat-race.gif


    අවංකවම දුකයි බං මේ ත්‍රෙඩ් එක දාපු එකා ගැනයි රට ගිහින් කටු කන එවුන් ගැනයි.
    අඩු ගානේ මම උඩ දාපු පිංතූරේ තේරුම් ගත්තා නම් විසඳුම ඕක නෙමෙයි කියලා වැටහෙනවා :yes:
     
    Last edited:

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63

    අවංකවම දුකයි බං මේ ත්‍රෙඩ් එක දාපු එකා ගැනයි රට ගිහින් කටු කන එවුන් ගැනයි.
    අඩු ගානේ මම උඩ දාපු පිංතූරේ තේරුම් ගත්තා නම් විසඳුම ඕක නෙමෙයි කියලා වැටහෙනවා :yes:
    Work life balance ekai watinne .eka itin rata anuwa wenas wenawa .
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    rat-race.gif
    rat-race.gif
    rat-race.gif


    අවංකවම දුකයි බං මේ ත්‍රෙඩ් එක දාපු එකා ගැනයි රට ගිහින් කටු කන එවුන් ගැනයි.
    අඩු ගානේ මම උඩ දාපු පිංතූරේ තේරුම් ගත්තා නම් විසඳුම ඕක නෙමෙයි කියලා වැටහෙනවා :yes:

    Just saying. You've got it wrong. That is what happens in the asikiland. :rofl:
     

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,408
    1,576
    113
    Oceania
    rat-race.gif
    rat-race.gif
    rat-race.gif


    අවංකවම දුකයි බං මේ ත්‍රෙඩ් එක දාපු එකා ගැනයි රට ගිහින් කටු කන එවුන් ගැනයි.
    අඩු ගානේ මම උඩ දාපු පිංතූරේ තේරුම් ගත්තා නම් විසඳුම ඕක නෙමෙයි කියලා වැටහෙනවා :yes:

    itin oi ohoma ewn lankaweth inne :lol: kuhaka wennepa ochchara :no:
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මේක ලියන්නෙ ගොඩක් එවුන් එක එක කතා කියල තිබුන හින්ද..රට ආපු උන් ගොඩක් ඉන්නවා...එන්න දඟලන උන් ගොඩක් ඉන්නවා...ඇවිල්ල එපා වෙලා ගියපු උන් ගොඩක් ඉන්නවා...එක එක එවුන් එක එක කතා කියනවා...මේක මගෙ එක්ස්පීරියන්ස් එකේ හැටියට ලියන දෙයක්...වෙන උන්ට මේ විදිහටම නොවෙන්න පුලුවන්...සමහරු මාත් එක්ක ඇග්‍රී වෙන්න පුලුවන්...කොහොම හරි සීන් එක මේකයි..

    ගොඩන් උන් පෙන්නනව හෙන සුකුමාර ජීවිතයක් ගෙවන්න පුලුවන් කියලා...ඇත්ත...ආතල් එකේ කාල බීල ඇඳල ඉන්න පුලුවන්...ජීවිතේ එන්ජෝයි කරන්න පුලුවන්...හැබැයි හැමෝටම බෑ...හේතුව මේකයි...ජීවිතේ තනියම ගේම ගහගන්න පුලුවන් වෙන්න ඕනෙ මචන් රට යනවනම්...මොකද ෆාස්ට් එන්වයරන්මන්ට් එක්ක තමයි වැඩ කරන්න වෙන්නෙ....මම හිතන විදිහට ලක් එකත් බලපානවා....එන්න විදි 3ක් විතර තියනවා...ලන්කාවෙන්ම PR එක දාගන එන්න පුලුවන්...ස්ටුඩන්ට් එන්න පුලුවන්...වර්කින් වීසා දාගන එන්නත් පුලුවන්....PR දාගන එන එක තමයි හොඳම විදිහ මොකද කරදර අඩුයි....

    ඒකට හේතුව මේය්කයි....ස්ටුඩන්ට් දාගන එනවනම් එන්න ලේසියි...ඒත් හිතන්න එපා එන්න පුලුවන් උනා කියලා PR දාන්න පුලුවන් ලේසියෙන්ම කියලා...සල්ලි අරන් එන්න වෙනවා ටිකක් මොකද රෙන්ට් අරව මේව ටිකක් ගනන්...සිඩ්නි වල තනි කාමරයක් ගන්නවනම් අඩුම 200AUD සතියකට ගෙවන්න බලාගන එන්න ඕනෙ...සතියකට කන්න හදාගන්නවනම් 50ක් යයි...ට්‍රැවලින් අරව මේව තව 100කට කිට්ටු වෙන්න යනව...එතකොට ජීවත් වෙන්න යනව සතියට 300-350ක් අතරෙ...ස්ටුඩන්ට් දානවනම් මුලින් ට්‍රයි කරපල්ල ස්කොල් එකක් ඇප්ලයි කරල එන්න...එතකොට කෑම බීම, නවතින තැන් කෝස් ෆී යුනි එකෙන් ගෙවනවා...ස්කොල් එක ගන්න අමාරුයි...ඒත් ට්‍රයි කරල බලපල්ල...හාෆ් ස්කොල් එකක් උනත් හොඳයි...එතකොට ස්ටුඩන්ට් යන්න හිතන් ඉන්නවනම් හොඳම මෙල්බන් වගේ යන එක...මොකද ලන්කාවෙ උන් ඉන්නව...සමහරු ක්ලීනින් සබ් කන්ට්‍රෑක්ට් දාගන ඉන්නව උන්ගෙන් පොඩි ජොබ් කට්ටක් හොයාගන්න පුලුවන්...

    මොන ජොබ් එක කරත් ආන්ඩුවේ ටැක්ස් එක වදිනව කුඩු වෙන්න...සාමාන්‍යෙන් ආදායමෙන් 33% ටැක්ස් එක විදිහට කපාගන්නවා....ආදායම අනුව මේ පසන්ටේජ් එක වෙනස් වෙනවා....ටැක්ස් ගහන්නෙ උඹේ බෑන්ක් එක ට්‍රැක් කරලා...උඹට එන ආදායම එතනින් බලන්න පුලුවන්නෙ...ඉතින් ගොඩක් උන් කෑශ් ඔන් හෑන්ඩ් වැඩ කරනව...ඒක තහනම්...ඒත් ටැක්ස් එකට අහු වෙන්නෙ නෑ...බැරි වෙලාවත් අහු උනොත් ඇඩ්‍රස් නෑ...මොකද මුන් ටැක්ස් හොර කිරිල්ලට කිසිම සමාවක් දෙන්නෙ නෑ...ස්ටුඩන්ට් කෙනෙක්ට සතියට පැය 20යි වැඩ කරන්න පුලුවන්...සමහරු කෑශ් වලට ඊට වඩා වැඩ කරනවා...ඒත් පරිස්සමින් පුතේ නැත්තම් ගෙදර තමයි මාට්ටු උනොත්....අමතක උන දෙයක්, ලංකාවෙ ඉන්දියාවෙ උන් එක්ක ඉන්නවනම් අනිවා පරිස්සමින් ඉඳපන්...කෙලල යනකන් දන්නෙ නෑ...මගෙ යාලුවෙක්ව ඩිපෝට් කරා ආය ලන්කාවට ඌ කෑශ් ඔන් හෑන්ඩ් වැඩ කරා කියලා....ඒක හින්දා ඒ වගේ වැඩ කරන්න එපා කියල තමයි කියන්න තියෙන්නෙ...මොකද ඒ කපාගන්න ටැක්ස් එක උඹලට ලමයි හම්බුනාම උඹලටම ආය හම්බෙනවා....

    ආපු ගමන් පොඩි වාහන කට්ටක් නම් ගන්නම ඕනෙ...1000-2000කට විතර වාහනයක් ගන්න පුලුවන්...මොකද පබ්ලික් ට්‍රාන්ස්පෝට් ගනන්...කිලෝමීටර් 10ක් විතර බස් එකේ යනවනම් 3.50 ඩොලර් වගේ යනවා....ගොඩක් දුර තියන තැනකට හැමදාම යන්න එන්න වෙනවනම් සතියට 60-70ක් යනවා බස් කෝච්චි වලට...වාහනේකට පැට්‍රල් ගහන එක ලාබයි ගොඩක්...මේ සිටීස් ඔක්කොම හොඳට ප්ලෑන් කරල තියනවා...ඕනෙම තැනකට යන්න පුලුවන් බස් එකයි, කෝච්චියයි තව බස් එකකිනුයි ගිහිල්ල....ෆෝන් ඇප් එකක් ජීපීඑස් එක ඕනෙමයි....ට්‍රේන් ස්ටේශන් එකක් ගාවින් ගෙදරක් ගත්තොත් අනිවා ට්‍රේන් එකෙන් ගිහින් බස් එකෙන් ගිහින් ඉතුරු මීටර් ගාන පයින් ඇවිදලා තමන්ට ඕනෙ තැනට යන්න පුලුවන්...

    හැමතැනම වගේ පඩි හම්බෙන්නෙ සති දෙකෙන් දෙකට...ඒක හින්ද මැනේජ් කරගන්න ලේසියි ගොඩක් වෙලාවට...ස්ටුඩන්ට් එන එක ටිකක් කට්ට...හැබැයි කෑම බීම, ට්‍රැවලින් ඔක්කොම පට්ට...ජරාව නෑ...පාරවල් වල ඩ්‍රයිවින් ලේසියි...අනික ලයිසන් එක ගන්න ඕනෙ ආපු ගමන්ම මොකද ලන්කාවෙ ලයිසන් එක මාස 3කින් එක්ස්පයර් වෙනවා....ලන්කාවෙ වගේ NIC එකක් නැති හින්ද හැමදේටම පෲෆ් එක ලයිසන් එක තමයි...ලෝකෙ තියන අමාරුම ඩ්‍රයිවින්ග් ටෙස්ට් වලින් එකක් තමයි නිව් සවුත් වේල්ස් වල ටෙස්ට් එක....අම්මරු නෙමෙයි හරි වචනෙ....හරියට එලවන්න දාන්නවනම් ගේමක්ම නෑ...

    හරි....වර්කින් වීස එනවනම් වැඩ කරන්න පුලුවන් ඕනෙ තරම්...ඒත් ඒකෙ තියන අවුල මෙඩිකල් අරව මේව කවර් වෙන්නෙ නෑ...අපි සල්ලි ගෙවාගන කරගන්න ඕනෙ...ඒව ටිකක් ගනන්...දතක් පුරවන්න AUD 1000ක්වත් ගන්නව...ගොඩක් ජොබ් වලට ඇප්ලයි කරනකොටම අහනව PRද සිටිසන්ද වර්කින් වීසද තියෙන්නෙ කියලා....මේ තුනට තමයි ප්‍රයෝරිටි හම්බෙන්නෙ...ස්ටුඩන්ට් ලට ජොබ් දෙන්නෙ නැත...මම කියන්නෙ රියල් ජොබ්ස්....

    PR දාගන එන එකෙක්ට වැඩේ ගොඩක් දුරට ලේසියි...මොකද මෙඩිකල් අරව මේව ඔක්කොම ෆ්‍රී...පොඩි එකෙක් ඉන්නවනම් ගවර්න්මන්ට් ඉස්කෝල වලට දාන්න පුලුවන් ඒකත් ෆ්‍රී...අනික පොඩි එකා එක්ක PR තියන එකෙක්නම් ගවර්න්මන්ට් එකෙන් උඹට හැම සති දෙකටම සල්ලි ගෙවනවා...ඒ ගාන තීරනය වෙන්නෙ උඹේ ඉන්කම් එක මත....පොඩි ජොබ් එකක් නම් කරන්නෙ AUD 400ක් විතර හම්බෙනව...උඹ අවුරුදු 2ක් හිටියම තව ගානක් ගෙවනවා..සාමාන්‍යෙන් 600කට කිට්ටු වෙන්න සති දෙකකට....ඒක මාර වටිනවා...පඩියෙන් ටැක්ස් එක කපාගත්තට ඒ බෙනිෆිට් දෙනවා රිදෙන්නම...පොඩි උන් 2,3ක් ඉන්නවනම් ගාන තවත් වැඩියි...වයිෆ් වැඩ කරන්නෙ නැත්තම් තවත් වෙනස්....ඔක්කොම බලල තමයි ගාන තීරනය වෙන්නෙ...වයිෆ් වැඩ කරනවනම් මාර ලේසියි...හැබැයි සීන් එක පොඩි උන්ව ඩේ කෙයා දාන්න වෙන එක....හොඳ ඩේ කෙයාර් එකකට දවසක් බලාගන්නවට 110,180ත් අතරෙ යනවා පුතේ...ඒත් ගවර්න්මන්ට් එකෙන් උඹලගෙ පඩිය බලලා ගානක් ගෙවනව....ඒක කෙලින්ම ගෙවන්නෙ ඩේ කෙයාර් එකට...අපි ගෙවන්න ඕනෙ ඉතුරු ගාන...ගොඩක් වෙලාවට 50%ක් හෝ ඊට වැඩියෙන් උන් ගෙවනවා....දවස් 5ම යනවනම් අඩුම සතියකට 250ක් යනවා...ඉතුරු ටික හිතාගන්න පුලුවන්නෙ?

    මම නම් මගෙ ගෑනිව තාම ජොබකට යවන්නෙ නෑ...මොකද මට මගෙ කෙල්ලව හරියට හදාගන්න ඕනෙ හින්දා එයාට 2 හමාරයි...එයාව දවස් 2ක් ඩේ කෙයාර් දානව...ඒ දවස් දෙකේ වයිෆ් වැඩකට යනවා...ඩේ කෙයා දාපු ගමන් ලමයා වෙනස් වෙනවා...කෙලින්ම ඉංග්‍රීසි වලට බහිනව...ගොඩක් උන් ගෙදරත් ඉංග්‍රීසි කතා කරනව ලමයට ලේසි වෙන්න කියල...මම නම් මැරුවත් ඒක කරන්නෙ නෑ....මම ගෙදර එක ඉංග්‍රීසි වචනයක්වත් කතා කරන්නෙ නෑ.. ...ඩේ කෙයාර්, ඉස්කෝල යනකොට පොඩි උන් කොහොමත් කතා කරන්නෙ ඉංග්‍රීසි....මට ඕනෙ බබාව දෙකටම පුරුදු කරන්න....ගොඩක් උන් එක එක ඒව කිව්ව...ඒත් මම මගෙ සිස්ටම් එකට යන්නෙ....දැන් කෙල්ලට හොඳට සිංහල පුලුවන්...අකුරුත් අඳුනනවා...ඉංග්‍රීසි වචනත් පුලුවන් ඇල්ෆබට් දෙකම දන්නව...ඒක හින්ද මම හිතනව මම යන පාර හරි කියල...සිංහල දන්නෙ නැති සිංහලයෙක්ගෙන් වැඩක් නෑ මට නම්...

    මෙහෙ ආපු ගමන් ජොබ් ඇප්ලයි කරන්න පටන් ගන්න ඕනෙ....ඒකයි මන් කිව්වෙ ලක් එකත් බලපානව කියලා...ජොබ් සයිට් වල කොච්චර ජොබ් පෙන්නුවත් එකකින්වත් රිප්ලයි එන්නෙ නෑ මුලින්....හරියටම ජොබ් එක සෙට් වෙන්න අවුරුද්දක්වත් යනව කියල තමයි නිකමට කියන්නෙ...සමහරුන්ට මාසෙන් සෙට් වෙනවා...සමහරු අවුරුදු ගනන් ඉන්නව...මන් ඒකයි කිව්වෙ හරියට ගේම ගහගන්න දැන ගන්න ඕනෙ කියල....CV එක මෙහෙ විදිහට හදා ගන්නම ඕනෙ මුලින්...ගොඩක් කොම්පැනිවලින් ඩිරෙක්ට් රෙකෲට් කරන්නෙ නෑ...ජොබ් ඒජන්ට්ල හරහ තමයි කරන්නෙ...ඉතින් ජොබ් ඒජන්ට්ලට මේල් ගහලා, උන්ට කෝල් කරලා විස්තරේ කියලා CV යවන්න ඕනෙ...ඒක ගොඩක් සාර්තකයි....නිකන් ඇප්ප්ලයි කරගන කරගන ගියාට හම්බෙන්නෙම නැති තරම්...තව කේස් එකක් තියනවා....මුන් හැම මගුලටම මෙහෙ එක්ස්පීරියන්ස් ඉල්ලනවා...ලන්කාවෙන් ආපු ගමන් ජොබ් හම්බෙන්නෙ නැති වෙන්න එක හේතුවක් ඒක....ලන්කාවෙ කොච්චර එක්ස්පීරියන්ස් තිබුනත් වැඩක් නෑ...ඒක හින්දා තමන් ලන්කාවෙ කරපු රෝල් එකට වඩා අඩු රෝල් එකකින් පලවෙනි ජොබ් එක පටන් ගන්න එක තමයි හොඳම....අවුරුද්දක් ඒකෙ වැඩ කරල ඒක්ස් CV එකට දාගත්තම ඔසී එක්ස්පීරියන්ස් කතාව හරිනෙ....නැත්තම් පොඩි කෝස් එකක් කරත් අවුලක් නෑ...සමහර කෝස් වලින්ම කොම්පැනිවලට සෙට් කරනවා... ජොබ් හොයන ස්ට්‍රෙස් එක තමයි පිස්සුම හැදෙන්නෙ...ඒක හින්දා ෆැමිලි එකක් නම් එන්නෙ මුලින් වයිෆ් බබාලව ලන්කාවෙ තියලා එන්න ඕනෙ...තනියම පොඩි කාමර කෑල්ලක සෙට් වෙලා ඇප්ලයි කරලා ජොබ හොයාගන ගෙදරකට යන්න පුලුවන් ලෙසියෙන්ම...පලවෙනි මාසෙ දෙකේ පඩිය අතට ආපු ගමන් මුලු ප්‍රශ්න ඔක්කොම සොර්ට් වෙනවා....ඒක හින්දා ඒ කට්ට කන්නම වෙනවා....ඉංග්‍රීසි හරියට බැරි උනත් මෙහෙ උන්ට ඒකෙ ගානක් නෑ...මොකද චයිනීස් අරුන් මුන් වැහි වැහල ඉන්නෙ...උන්ට ඉංග්‍රීසි මෙලෝ ලබ්බක් බෑ ගොඩක් උන්ට...ඒක හින්ද කැඩුනු ඉංග්‍රීසියෙන් හරි කතා කරන්න ඕනෙ...

    පැත්තෙන් පැත්තටත් ජොබ් කතාව වෙනස්...අවුරුද්දෙ මේ කාලෙට ජොබ් අඩුඉ...හොඳටම තියෙන්නෙ පෙබරවාරි ඉඳන් අගෝස්තු වෙනකන්...සිඩ්නි ජොබ් මාකට් එක හොඳයි....ඒ මොනව උනත් මනුස්සය අනුවත් වෙනස් වෙනව මචන්....පට්ට කට්ටක් කාගන ජොබ් හොයන්න ඕනෙ...මාස 3-4ක් යනවමයි ජොබක් ගොඩ දාන්න....මම කියන්නෙ පලවෙනි ජොබ පොඩි එකකට ගිහින් ඊගාව එක ඒකෙ ඉඳන් ඇප්ලයි කරන්න මාස 3-4ක් කට්ට කන්න වෙනව...කරන්න තියන ඔක්කොම කරේ නැත්තම් තවත් කල් යනව...මම කිව්වෙ ඒකයි නිකන් ඇප්ලයි කරගන කරගන ගියාට හම්බෙනව අඩුයි මචන්...මට මේක කියන්න බැරි උනා...ජොබ් පෝස්ට් කරන සිස්ටම් එකක් තියනව මචන්....සොෆ්ට්වෙයා එකක්...උන් ඒක පෝස්ට් කරාම අපි ඇප්ලයි බටන් එක ක්ලික් කරල ගිහින් ඇප්ලයි කරන්න ඕනෙ...එක ජොබකට 400-500 ඇප්ලයි කරනවනෙ...අරුන් ඒ ඔක්කොම එකින් එක රීඩ් කරන්නෙ නෑ....සොෆ්ට්වෙයා එකෙන් සෝර්ට් කරල ගන්නෙ...ඉතින් වෙබ්සයිට් SEO කරනව වගේ ජොබ් එකෙන් ජොබ් එකට CV එක SEO කරන්න ඕනෙ....මම මේ කියන්නෙ හැමෝම ඕක කර කර ඉන්නෙ නෑ...ඒත් ඇත්ත තත්ත්වෙ ඒකයි....එහෙම බැලුවම දවසට උදේ 8ට දාන්න පටන් ගත්තම 5 වෙනකන් දැම්මොත් ජොබ් 10ක් උපරිම දාන්න පුලුවන්....ඒත් ඒවට හම්බෙන චාන්ස් එක වැඩී නිකන් ඇප්ලයි කරනවට වැඩිය....ඉතින් එක එක්කෙනා එක එක විදිහට ඇප්ලයි කරන්නෙ....ඒ අනුව ජොබ් හම්බෙන විදිහත් වෙනස්...

    ආපු මුලම වගේ නොදන්න රටක ජොබ් ඒජන්ට් කෙනෙක්ව ටෝක් කරල කන්වින්ස් කරලා ජොබක් ගන්නව කියන්නෙ ඉතින් රියල්ම කේස් එකක්....ඒකට 100 පාරක් වරදින්න වෙනව...ඉන්ටර්වීව් ෆේල් වෙන්න වෙයි....ගනන් ගන්න එපා....ඒවා ලර්නින් පොයින්ට්...සාමාන්යෙන් ඩිග්‍රි හොල්ඩර් කෙනෙක්ට පලවෙනි ජොබ් එක අවුරුද්දට AUD 60,000ක් හම්බෙනව කියන්නෙ වැඩේ ගොඩ...60,000න් ටැක්ස් එක ගෙවල ඉවර උනාම ශේප් එකේ හොඳට ඉන්න පුලුවන් පඩියක්.....දෙවනි ජොබ් එක 90,000ක් ඉල්ලුවට උඹට කවදාවත් හම්බෙන්නෙ නෑ...මුන් පඩි දෙන්නෙ සාමාන්යෙන් ජොබ් එකෙන් ජොබ් එකට සාමාන්‍යෙන් 10,000ක් වගේ වැඩි කරලා....ඒකට ඉතින් කියන්න ඕනෙ දැන් වැඩ කරන තැන 75,000ක් හම්බෙනව කියලා එතකොට ඊගාව එක 90,000 වගේ යන්න පුලුවන්....බොරුව ඕනෙමයි බං මුන් එක්ක ඩීල් කරන්න....මම මුලින් ගියෙ ක්ලීනින් ජොබ් එකකට...මම ලන්කාවෙ මැනේජර් පෝස්ට් එකක හිටියෙ ගවර්න්මන්ට් එකේ....කරන්න දෙයක් නෑ...මාස 3ක් ඇද්දා...ඊගාව ජොබ් එක 45,000ක් විතරයි දුන්නෙ....දෙවනි ජොබ තව අවුරුද්දකින් ගොඩ දැම්ම 95කට....ඒකයි මම කිව්වෙ මම මෙහෙම ලන්කාවෙ හිටියෙ මම කරන්න ඕනෙද මුන්ගෙ කුනු අදින ඒව කියන මානසිකත්වෙ ඉන්න එකෙක්ට ඔසී හරියන්නෙ නෑ....

    කට්ට කන්නම වෙනවා....ලංකාවෙ කාපු කට්ට නෙමෙයි වෙනම කට්ටක්....රෑ එලි වෙනකන් වැඩ කරපු වෙලාවල් අනන්තයි...ඒත් මන් එක්ක ආපු එකෙක්ට මාසෙන් හම්බුනා 90,000ක පඩියක්...ඒකයි මන් කිව්වෙ ලක් එක තියෙන්නත් ඕනෙ කියල...ඕනෙ ගේමක් ගහගන්න පුලුවන්නම් වැඩේ ගොඩ....වෙබ්, ග්‍රැෆික් අරව මේව දන්නවනම් හොඳම දේ තමයි ABN එකක් රෙගිස්ටර් කරලා පාර්ට් ටයිම් පොඩි වෙබ් එකක් හදාගන මාකටිං කරගන ඒ සයිඩ් එකටත් බහින එක....හැබැයි පුතො උඹේ නමටම ABN දාන්න එපා...දෙකටම අල්ලල ටැක්ස් එක ගහනව....ඒක හින්ද එක්කො ගෑනිගෙ නමට වගේ තමයි බිස්නස් එක දාන්න ඕනෙ...මම දැන් එකක් ෆෝම් කරගන යනගමන් ඉන්නෙ....කස්ටල 7-8ක් සෙට් උනා...ග්‍රැෆික් වෙබ් වගේ වැඩ කරන්නෙ....වාහන වලට රැප්ස්, මාකටිං බ්‍රෝචර්, වෙබ්සයිට් වලට හොඳට හම්බු කරන්න පුලුවන්...සාමාන්ය වර්ඩ්ප්‍රෙස් සයිට් එකකට මම AUD3500ක් ගන්නවා...

    කොහොම කරත් බිස්නස් එකක් පටන් ගන්නවමයි කියන මානසිකත්වෙ ඉන්න ඕනමයි....මොකද මුන්ගෙ මාකට් එක මරු ලංකාව වගේ නෙමෙයි...අත දිග ඇරල සල්ලි විසි කරනවා...මොලේ තියනවනම් ඒ සල්ලි අපේ සාක්කුවට දාගන්න විදිහක් තමයි බලන්න ඕනෙ....

    දැන් ඇති ටයිප් කරා....මොකක් හරි තියනවනම් කියපල්ල ඕනෙ උදව්වක් කරන්නම්...රෙප් කියන්නෙ මොකද්ද කියල තාම දන්නෙ නෑ...ඒක හින්ද එව්ව ඕනෙත් නෑ....උදේ වෙලාව ෆ්‍රී තිබුනා ඒක හින්ද ටයිප් කරේ....වෙන උන්ට තියන එක්ස්පීරියන්ස් වෙනස් ඇති....මේ මම හිතන දේ....මොනව උනත් ලන්කාවෙන් එලියට යන්න ට්‍රයි කරපල්ල ලමයි ගැන හිතලවත්...ලංකාව පට්ටම රටක්...මාත් කැමති ඉන්න තිබුනනම්...ඒත් එහෙම හිතලා මම මගේ ලමයින්ගෙ ජීවිතේ කුනු වෙන්න දෙන්නෙ නෑ......ඉගන ගත්තු නැති ප**යල යටතෙ තියල උන්ට ඕනෙ විදිහට මගෙ ලමයින්ගෙ ජීවිතේ විනාස කරන්න් දෙන්නෙ නෑ...අත පය හයිය කාලෙ උන්ට අනාගතයක් හදල දෙන්න ඕනෙ තාත්ත කෙනෙක් උනාම.......කවද හරි රට හරි පැත්තකට හැරුනොත් මුලින්ම ලංකාවට් එන්නෙ මම...ජය වේවා!!!

    ඔබට ජය වෙවා !!!

    මගෙත් පොඩි අදහසක් තිබ්යෙනවා අපි බලමු
     

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,408
    1,576
    113
    Oceania
    Bro am milking Ameri cunts. :rofl: kusaka na bn dukai. meheth 98% oya tikama tama:yes:

    GO TO SCHOOL> GO TO UNI > GET A DEGREE > GET A JOB > BE POOR

    It's known as Rat Race. TRY TO MAKE YOUR MONEY WORK FOR YOU;)

    unfortunately man you have a point.