මචන්.මට උබේ ප්‍රශ්නේ සම්බන්දව කියන්ඩ දේවල් කීපයක් තියනවා.
මූලිකම දේ තමයි මචන්.උබ ඔය බලාපොරොත්තු වෙන ගානට ලන්කාවේ හොද වාහනයක් ගන්ඩ අමාරුයි.ඒක ජපන් නෙමෙයි කොරියන් උනත් එච්චරයි.උබ කියන එක දෙයක් හරි.ඒක තමයි.වාහනේ අලුත් වෙන්ඩ වෙන්ඩ තමයි රෙපෙයාර් එන සමබාවිතාව අඩු වෙන්නේ.එහෙම දේවලුත් දන්න උබ දැන් කරගහන්ඩ යන්නේ 2003 වගේ ආපු කොරියන් වාහනේකට.2003 කියන්නේ මචන් දැන් අවුරුදු 12ක් පරනයි.ලන්කාවේ අවුරුදු දහයක් විතර දුවපු වාහනයක් කියන්නෙ මචන් ආයේ ඉතින් රෙපෙයාර් එනවමයි.ඒක දෙතුන් ගුනයකින් වැඩි කොරියන් වාහනවල.මොකද ඒකට හේතුව කොරියන් වාහන හොද නැති එක නෙමෙයි.ලන්කාවේ පෙට්‍රල් එහෙම හොද නැති එක.ඒක නිසා මටනම් පේන්නේ උබ කලින්ට වඩා අමාරුවක වැටෙන්ඩයි ඔය සූදානම් වෙන්නේ.මම උබට කියන්නේ නැ පරන ජපන් වාහනයක් ගනින් කියලා.මම කියන්නේ උබ ඔය බලාපොරොත්තු වෙන මුදලට ලන්කාවේ රෙපෙයාර් අඩු හොද වාහනයක් කොහෙත්ම ගන්ඩ අමාරුයි කියලා.ඒක හින්දා මම උබට දෙන උපදෙස තමයි පුලුවන්නම් තව සල්ලි ටිකක් එකතු කරගනින්.ඒකරලා හොද වාහනේකට අත ගහපන්.මම දැන් ලක්ශ 27 ක් අතේ තියාගෙන මාස දෙක තුනක් වෙනවා තාම කාර් එකක් ගත්තේ නැ.මමනම් 2010 පස්සෙ ආපු එකක්වත් ගන්ඩයි කොහොමහරි බලන්නේ.මට ගොඩක් අය කිවුවා allion 240 ගන්ඩ කියලා.ඒක 2004 වගේ එකක් ලක්ශ 28 විතර වෙනවා.මම කල්පනා කරන්නේ අවුරුදු 11ක් පරන කාර් එක්කට මම ලක්ශ 28 ක් ගෙවන්නේ මොකටද කියලා.ඩුබායි වගේ රටක උබට ඔය ගානට 2004 වගේ toyota prado එකකුත් ගන්ඩ පුලුවන්.උබ ඔය කියන කාර් රුපියල් එක්ලක්ශ විසිපන්දාහක් වෙයි ඩුබායි වල used එකක්.ඉතින් කල්පනා කරලා බලපන්.ඔය වගේ ගානක් තියාගෙන රෙපෙයාර් අඩු වාහන හොයන උන්ට හරීයන්නේ මරුටි.alto තමා.උබ ඉතින් ඒවට ආස නැලුනේ.ලාබෙට අස්වයා ගන්ඩයි හෙලෙන් පනින්ඩයි දෙකම ඕනිනේ උබට.
උඹ කියන එක පිලිගන්නවා...මේවට ප්‍රධානම හේතුව ඉතින් රටක් වශයෙන් රටේ තියෙන දුප්පත්කම තමයි...අනේ මන්ද...මීට වඩා බජට් වාහනේකට යන්න ගියොත් ආත්මෙකට ආපහු වාහනයක් ගන්න වෙන්නේ නැහැ..එකක් තමයි මේ වාහනේ හොයන්නේ මට නෙමෙයි අපේ ගෙදර පාවිච්චියට..තාත්ත තමයි ගන්නේ...ඉතින් මම හිතන්නේ නැහැ එයාට මීට වඩා ගානකට යන්න පුළුවන් කියල නං...
ඉන්දියන් එකක් ගත්තත් මචන් ඇල්ටෝ එකක එහෙම 2006 වගේ ඒවා තමයි ඒ ගානට තියෙන්නේ...එතකොට ඒ අවුරුදු තුනට වෙනස ඇතිවෙන්නේ 30,000 km විතර...අනේ මන්ද...
බලමුකෝ...කොහොමත් මගේ අදහස නම් එන්ජිම හොඳයි නං බොඩිය දිරල නැත්තන් හෝ දිරුම් අඩුයි නම් අවුරුදු විස්සක් පරණ ජපන් එකක් ගන්නවට වඩා අවුරුදු දොළහක් පරණ කොරියන් එකක් ගන්න එක හොඳයි...අදහසට ස්තුතියි මචන්



මම කලින් කිව්වා වගේ විකුනන්න අමාරු වෙන එකම නෙමෙයි ප්‍රශ්නේ මචන්...කාර් එකක් අරන් ගරාජ් ගානේ රස්තියාදු වෙන්න නං බහ බන්..වාහනයක් ගන්නේ පාවිච්චියට මිසක් අපහු විකුනන්නම බලාගෙන නෙමෙයිනේ...උඹ කියන එක හරි...ලංකාවේ විදිය මේකයි ඒ වගේම අපිට යන්න වෙන්නෙත් මේ ක්‍රමයටමයි..