මල්ලි මේක ඇත්තටම කියලා තියෙන දෙයක් නම් මේ ටිකත් හිතට ගන්න.
ඔයා මැරුණා කියමු. ඒ මැරිලා ඔයා කොහේද යන්නේ? මැරුණා කියලා ප්‍රශ්ණ විසඳෙන්නේ නෑ මලයා. ඔයාට මේ ජීවිතේ කරුමයක්, වදයක් කියලා හිතෙනවානම් නැවත ඉපදෙන්නෙ නැති වෙන්න කරන්න තියෙන දේවල් කරන්න. ඉපදුන දවසේ ඉඳං ආදරය කරපු අම්මා අපිව දාලා යන එක දරා ගන්න අපට පුළුවන් නම් අපිට දරා ගන්න බැරි වෙන මොනවද මල්ලි. යථාර්ථයට මුහුණ දෙන්න ඔබට දිරිය ලැබේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා.
තෙරුවන් සරණයි!
ඔය කියන දේ වැරදි නැහැ අයියේ. එත් ආදරයක් නැතුව ජිවිතයක් ඉස්සරහට ගෙනියන්න අමාරුයි. මම දන්නෙ නැහැ මම එච්චර ආදරය කලේ ඇයි කියලා. මට මැරි මැරි ජිවත් වෙන්න බැහැ අයියේ