Love eka nathi unama

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මල්ලි මේක ඇත්තටම කියලා තියෙන දෙයක් නම් මේ ටිකත් හිතට ගන්න.

    ඔයා මැරුණා කියමු. ඒ මැරිලා ඔයා කොහේද යන්නේ? මැරුණා කියලා ප්‍රශ්ණ විසඳෙන්නේ නෑ මලයා. ඔයාට මේ ජීවිතේ කරුමයක්, වදයක් කියලා හිතෙනවානම් නැවත ඉපදෙන්නෙ නැති වෙන්න කරන්න තියෙන දේවල් කරන්න. ඉපදුන දවසේ ඉඳං ආදරය කරපු අම්මා අපිව දාලා යන එක දරා ගන්න අපට පුළුවන් නම් අපිට දරා ගන්න බැරි වෙන මොනවද මල්ලි. යථාර්ථයට මුහුණ දෙන්න ඔබට දිරිය ලැබේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා.

    තෙරුවන් සරණයි!

    ඔය කියන දේ වැරදි නැහැ අයියේ. එත් ආදරයක් නැතුව ජිවිතයක් ඉස්සරහට ගෙනියන්න අමාරුයි. මම දන්නෙ නැහැ මම එච්චර ආදරය කලේ ඇයි කියලා. මට මැරි මැරි ජිවත් වෙන්න බැහැ අයියේ
     

    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    ඔය කියන දේ වැරදි නැහැ අයියේ. එත් ආදරයක් නැතුව ජිවිතයක් ඉස්සරහට ගෙනියන්න අමාරුයි. මම දන්නෙ නැහැ මම එච්චර ආදරය කලේ ඇයි කියලා. මට මැරි මැරි ජිවත් වෙන්න බැහැ අයියේ

    ඇත්ත. ආදරයක් නැතුව ජීවිතයක් ගෙනියන්නේ කොහොමද?. ඔයාට පුළුවන් මේ ලෝකයටම ආදරය කරන්න. එයාලගෙ දුක සැප බෙදාගන්න. ඔයා හිතන්නෙ එයාලා ඔයාට පෙරළා ආදරය නොකරයි කියලද? මැරි මැරී ජීවත් වෙන්න දෙයක් නෑ මල්ලී, අපි යථාර්ථයට මුහුණ දෙනවා නම් මේ ඉන්න ඩිංග සංතෝෂෙන් ගෙවන්න පුළුවන්.

    ඔයා අදහන ආගම ගැන වැඩියෙන් හිතන්න.

    ලස්සන අරුත් බර නිර්මාණ ගැන හිතන්න.

    අපි හින්දා දුක් විඳපු, විඳින මිනිස්සු ගැන හිතන්න.

    අපිට තියෙන අත පය අහිමි මිනිස්සු ගැන හිතන්න.

    අපිට තියෙන නිදහස නැති මිනිස්සු ගැන හිතන්න.

    ආදරය කියන්නේ පරිත්‍යාගයක් බව හිතන්න.

    ඔයාට දෙමව්පියො කොයි තරම් නම් ආදරෙයිද කියලා හිතන්න.

    යහපත් දේ වැපුරුවොත් යහපත් දෙයක්ම ලැබෙන බව විශ්වාස කරන්න.


    ඔබට තෙරුවන් සරණයි!