මෙරටට ගෙන්වන විද්යුත් උපකරණ සඳහා අනුමැතිය එක් දිනකින්
මෙරටට ආනයනය කරන විද්යුත් උපකරණ සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය එක් දිනකින් ලබාදීමේ වැඩසටහනක් ක්රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. ඇතැම් විද්යුත් උපකරණ මෙරටට ආනයනය කිරීමේ දී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය ලබාගැනීම සිදුකළ යුතුයි.
අදාළ අනුමැතිය ලබාගැනීම සඳහා මේ වන විට සතියකට අධික කාලයක් ගත වන බැවින් ඇතැම් පාරිභෝගිකයින් විවිධ අපහසුතාවයන්ට පත් වන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපති සුනිල් එස්. සිරිසේන මහතා සඳහන් කළේය.
එම කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා නව වැඩපිළිවෙළක් හඳුන්වාදීමට සැලසුම් කර ඇති අතර එය ලබන මස පළමු සතියේ සිට ක්රියාත්මක කිරීමට නියමිතව තිබේ. ඒ සඳහා විශේෂ තාක්ෂණික නිලධාරීන් අනුයුක්ත කිරීමට පියවර ගෙන ඇති බව සුනිල් එස්. සිරිසේන මහතා සඳහන් කළේය.
යම් පාරිභෝගිකයෙකු විසින් අනුමැතිය ඉල්ලා දිනක් තුළ ඊට අදාළ කටයුතු සිදුකිරීමට මෙම නව වැඩපිළිවෙළ යටතේ සැලසුම් කර ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.
- http://reporter.lk/2016/08/16/මෙරටට-ගෙන්වන-විද්යුත්-උ/