ජපුරේ විද්යා පීඨයේ සටන් ඇවිලේ
"ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයේ ව්යවහාරික විද්යා පීඨය අද දිනයේ සිදුවූ ගැටුමකට පසු වසා දමන ලදී.
ඊයේ, එනම් ඔක්තෝබර් 22 දින දහවල් පලමු වසර සිසුන්ගේ මුල්ම batch meeting එක කැඳවනු ලැබුවේ batch trip එක ගැන සාකච්ඡා කිරීමටය. මෙය එම batch එකේ ප්රථම batch meeting එක වූ නිසා ශිෂ්ය සංගමයේ නිලධාරීන් අලුත් සිසුන්ට හඳුන්වාදීම ද සිදුකෙරුනි. (මෙම වසරේ ද ශිෂ්ය නිලවරණය සඳහා ජෙප්පන් නාමයෝජනා බාර නොදුන් හෙයින් අලයන්ට නිතරඟ ජයක් අත්විය) මෙවිට එහි කඩා වැදුනු 2 වසර ජෙප්පෝ හා ඊටම එකතු වූ 1වසර ජෙප්පෝ ඉතා විශාල අවුලක් ඇති කර රැස්වීම කඩාකප්පල් කලෝය. මෙහිදි ගැටුමක් ඇති නොවී බේරාගත්තේ අලයන්ගේ ඇති හොඳකමත් ඉවසීමත් නිසාමය. එහෙත් ජෙප්පෝ උන්ගේ සුපුරුදු අවජාතක ගති ම පෙන්නුම් කලෝය.
ජෙප්පෝ කීවේ යම් වසරක batch meeting එකකට වෙනත් වසරවල අයට ඒමට නොහැකි බවත් ඒකට තම විරෝධය පල කරන බවත්ය. එය ඇත්තක් උනත් උන් නොදන්නා/අමතක කල කාරණය නම් සාමාන්ය සිසුන්ට පමණක් එය අදාල බවත්, ශිෂ්ය සංගමයේ ඕනෑම නිලධාරියෙකුට ඕනෑම batch meeting එකකට පැමිණිය හැකි බවයි. මෙය උන් ඕනෑකමින් අමතක කල බව පෙනී ගියේය.
මින් පසු ඊයේ සවස ජෙප්පන් රංචු වශයෙන් පැමිණ අපේ අලයන්ට විවිධ ෂෝ දැමූ අතර බල්ලන් මෙන් කරබාගෙන සිටිය නොහැකි නිසා අලයෝද ප්රතිචාර දැක්වූවත් ඒ සියල්ල වචන හුවමාරු වලට සීමා විය.
අද දින උදෑසන සිසුන් විවිද්යාලයට එන විට 1 වසර ජෙප්පෝ කැන්ටිම ආක්රමණය කර සිටියහ. 2 වසර ජෙප්පෝ මෙන්න ශාස්ත්ර පීඨයෙන් සහයට පැමිණි උන් ද අසල සිටියෝය. සාමකාමීව ආහාර ගන්නට ගිය 3 වසර අලයෙක්ගේ ඇඟේ හැප්පී කුණුහරුප කියා ජෙප්පන් විසින් සටන අවුලුවාගත් අතර එහිදී තරමක ගුටිබැට හුවමාරුවක් සිදුවිය.
මාර්ෂල් වරුන්ගේ හා ආචාර්යවරුන්ගේ පැමිණීමෙන් තත්වය සමනය වී ගියා සේ පෙනුනද එසේ නොවීය. ඉන්පසු උදෑසන දේශන පටන් ගත් අතර ඒ අතර ජෙප්පෝ පැමිණ දේශන නොමැති තැන් තැන් වල සිටි අලයන්ට දැඩි ප්රහාර එල්ල කර තිබුනි. බොහෝ දෙනෙකුට පහර දී තිබුනේ පොලු වලිනි. 10ට දේශන අවසන් වූ විට ජෙප්පෝ රංචු පිටින් සටනට අවතීර්ණ වූ අතර උන් පලවා හැරීමට ආචාර්ය මන්ඩලයත් මාෂල් වරුත් උපරිම සහය ගත්හ. අල සිසුන්ට අධ්යයනාංශ ගොඩනැගිලි වල ආරක්ෂාව සැපයීමට ආචාර්ය මන්ඩලය ගත් තීරණය ප්රශංසනීයයි. මේ අතරද අසුවූ අලයන් ගණනාවකටම ජෙප්පෝ දරුණු ලෙස පහර දී තිබුනි.
විද්යා පීඨය සතුව ඇති කුඩා ගේට්ටුව ආරක්ෂක හේතූන් මත යැයි කියමින් කාලාන්තරයක් තිස්සේ වසා ඇති අතර ඒ නිසා අලයන් පීඨය තුල සිර වූයේ ප්රධාන ගේට්ටුව පැත්ත ජෙප්පන් විසින් ආවරණය කර තිබීම නිසාය. අවසානයේ මේ ගේට්ටුව හැර ඇත්ලත සිරවී සිටි අල සිසුන් පොලිස් ආරක්ෂාව ඇතුව විජේරාම හංදිය දක්වා ගෙනගොස් දැමීමට ආචාර්ය මණ්ඩලය කටයුතු කරන ලදී.
ගේට්ටුවත් වසා තිබියදී පීඨය තුල සිරවූ අල සිසුන් ආරක්ෂා කර ගැනීමට ආචාර්ය මන්ඩලය කල උත්සාහය ගැන අපි ඔවුන්ට ගෞරව පූර්වක ස්තූතිය පිරිනමමු. ඔවුන් නොසිටියානම් අලයන් කීපදෙනෙක් මැරුම් කන්නට පවා ඉඩ තිබුනි.
කෙසේ වෙතත් ජෙප්පන්ට කත් අදින ආචාර්ය වරයෙකු ගැන ද විද්යා පීඨයේ ගණිත අධ්යනාංශයෙන් වාර්තා වේ. කොතරම් වැරදි කලත් ජෙප්පන්ගේ පැත්ත ගන්නා බවට ප්රකට මොහු ශාස්ත්ර පීඨය පැත්තේ කැන්ටිමක දී ජෙප්පන්ට කුප්පියක් දමනු අලයෙකුගේ අතටම හසුවී ඇත. ඒ මදිවාට මොහු ප්රශ්න පත්රයේ ගණන් ජෙප්පන්ට කලින් ලබාදීම ගැන ද කුප්රකටය. කිරි කලයක් වන් ආචාර්ය මණ්ඩලය තුල මෙවන් ගොම බිඳු මතුවීම ගැන අපේ අප්රසාදය පලකරමු.
පහර කෑ සිසුවෙක්ගේ ඡායාරූපයක් පහත දැක්වේ. මේවා පොලු පහරවල්ය."
">
Last edited:






