JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser .
සම්පුර්ණ නම - Thanos
අනුවර්ථ නාම - Dark Lord, Mad Titan
චිත්‍රපට - The Avengers, Guardians of the Galaxy, Avengers: Age of Ultron,Avengers: Infinity War (2018-2019)
චරිත නිරුපණය - Josh Brolin
විශ්වයේ සිටින ඉතාම බලගතු අධිපති ලෙස හදුන්වන Thanos හට හදා ගත් දරුවන් දෙදෙනෙක් සිටි. ඒ Gamora සහ Nebula වේ. ඔවුන් දෙදෙනාගේම දෙමව්පියන් Thanos විසින් ඝාතනය කර ඇත. විවිධ බලයන්ගෙන් යුත් Infinity Stones තමන් සතු කර ගැනීමට උත්සහ කරන මොහු Chitauri හමුදාව, ඔහුගේ දියණිය වන Gamora සහ තවත් මාර්ග වලින් ලබා ගැනීමට යෙදවුවත් ඉන් සියල්ල අසාර්ථක විය. පසුව ඔහු විසින්ම Infinity Stones සෙවීමට පටන් ගනී.
සම්පුර්ණ නම - Ronan
අනුවර්ථ නාම - Ronan the Accuser
මිය ගිය දවස - 2014 අගෝස්තු 4
පුරවැසිභාවය - Kree Imperial
චිත්‍රපට - Guardians of the Galaxy
චරිත නිරුපණය - Lee Pace
Kree හමුදාවේ ප්‍රබල සාමාජිකයෙක් වන Ronan, Thanos විසින් Orb ලබා ගැනීමට යෙදවූ යකි.නමුත් Orb එක ගැබ ගැනීමෙන් පසුව එය Thanos ට එරෙහිව යොදා ගැනීමට තීරණය කරන ඔහු පසුව Orb එකේ බලය මගින් මිය ගියේය.
සම්පුර්ණ නම - Malekith
වයස - අවරුදු 5000 වඩා
මිය ගිය දවස - 2013 නොවැම්බර් 4
හිමිකම - Dark Elf නායක
චිත්‍රපට - Thor: The Dark World
චරිත නිරුපනය - Christopher Eccleston
වසර 5000 ක පමණ පෙර Aether (Reality Stone) එකේ මුල අයිතිකාරයා Malekith වේ.Bor සමග සටන් කර පරාජය වූ මොහු පසුව Thor හා Odin සමගත් වසර 5000කට පෙර අහිමි වූ Aether (Reality Stone) එක නැවත ලබා ගැනීම අරමුණින් සටන් කළහ. අවසානයේ එංගලන්තයේ Greenwich සටනින් Thor අතින් මොහු මිය යයි.
සම්පුර්ණ නම - Aldrich Killian
අනුවර්ථ නාම - Mandarin
හිමිකම - A.I.M. අධ්‍යක්ෂක
පුරවැසිභාවය - ඇමෙරිකානු
මිය ගිය දිනය - 2012 දෙසැම්බර් 25
චිත්‍රපට - Iron Man 3
One Shot - All Hail the King (සදහන් කිරීමක්)
චරිත නිරුපණය - Guy Pearce
Advanced Idea Mechanics අධ්‍යක්ෂක වන මොහුගේ පරීක්ෂණ වලට Tony Stark සහය නොදීමත් සමග ඔහුගේ අණ පරිදි ක්‍රියාකරන අන්තවාදි සෙබළුන් පිරිසක් නිර්මාණය කෙරුණි. නීති විරෝධී ලෙස නිර්මාණය වූ මෙය Iron Man හා ඇති වූ සටනකදී Killian මිය ගියේය.
සම්පුර්ණ නම - Ivan Antonovich Vanko
අනුවර්ථ නාම - Whiplash, Boris Turgenov, Birdman
වයස - 41
උපන් දිනය - 1969 ඔක්තොම්බර
මිය ගිය දිනය - 2011 ජුනි 1
පුරවැසිභාවය - රුසියානු
චිත්‍රපට - Iron Man 2
චරිත නිරුපණය - Mickey Rourke
රුසියානු භෞතික විද්‍යාඥයකු වන Anton Vanko ගේ පුතෙකු වන මොහු Stark පවුලෙන් ඔහුගේ පියා ට වූ අසාධාරණයට එරෙහිව පලි ගැනීම සදහා Tony Stark ඝාතනය කිරීමට උත්සහ කල අතර Iron Man සමග සටනකදී ඔහු මිය යයි.
Emil Blonsky (Abomination)
සම්පුර්ණ නම - Emil Blonsky
අනුවර්ථ නාම - Abomination
වයස - 44
උපන් දිනය - 1971 මාර්තු 1
හිමිකම - Captain බ්‍රිතාන්‍ය හමුදා
පුරවැසිභාවය - රුසියානු / බ්‍රිතාන්‍ය
චිත්‍රපට - The Incredible Hulk
One Shot - The Consultant
TV series - Agents of S.H.I.E.L.D. (සදහන් කිරීමක්), Daredevil (පින්තුරයක්)
චරිත නිරුපණය - Tim Roth
බ්‍රිත්නය රාජකීය හමුදාවේ විශේෂ බලකායේ කමන්ඩර් Thaddeus Ross යටතේ සේවය කල මොහු Bruce Banner අල්ලා ගැනීමේ මෙහෙයුමට සම්බන්ධ වීය. පසුව ඔහු Super Soldier Serum සමග Bruce ගේ ලේ සාම්පල් එකක් එන්නත් කර ගැනීම නිසා Abomination බවට පත් විය. Hulk සග සටනේදී පරාජය වූ ඔහු ඇමෙරිකානු හමුදාව විසින් අත්අඩංගුවට ගෙන සිර ගත කරන ලදී.
සම්පුර්ණ නම - Korath
අනුවර්ථ නාම - Korath the Pursuer
මිය ගිය දවස - 2014 අගෝස්තු 4
පුරවැසිභාවය - Kree Imperial
චිත්‍රපට - Guardians of the Galaxy
චරිත නිරුපණය - Djimon Hounsou
Kree හමුදාවේ සාමාජිකයෙක් වන Korath,Ronan the Accuser යටතේ Thanos විසින් Orb ලබා ගැනීමට යෙදවූ යකි. ඔහු කලක Thanos ගේ හදා වඩා ගත දියණියන් දෙදෙනා පුහුණු කර ඇත. Xandar හි සටනේදී Drax අතින් මොහු මිය ගියේය.
සම්පුර්ණ නම - Nebula
අනුවර්ථ නාම - Galaxy-Class Killer
මිය ගිය දවස - 2014 අගෝස්තු 3
චිත්‍රපට - Guardians of the Galaxy, Guardians of the Galaxy Vol. 2 (2017)
චරිත නිරුපණය - Karen Gillan
Thanos හදා වඩා ගත දියණියන් දෙදෙනාගෙන් එක අයෙක් වන Nebula කුඩා කල සිටම Thanos හට සේවය කල අතර මැයගේ දෙමව්පියන් Thanos විසින් මරා දම ඇත.
සම්පුර්ණ නම - Ultron
අනුවර්ථ නාම - Platinum Bastard
උපන් දිනය - 2015 මැයි 2
මියගිය දිනය - 2015 මැයි 6
චිත්‍රපට - Avengers: Age of Ultron
TV - Agents of S.H.I.E.L.D. (සදහන් කිරීමක්)
චරිත නිරුපණය - James Spader
Loki ගේ Scepter එක මගින් ව්‍යුත්පන්න වූ අභිරහස් කේතයක් හා Tony ගේ කෘත්‍රිම බුද්ධි පද්ධතියක් වන J.A.R.V.I.S. ට පහර දී විනාශ කොට ඒ සමග එකතු වී Iron Legion මගින් ශරීරයක් සාදාගෙන Ultron බිහි වේ. Vibranium ලෝහය උපයෝගි කොටගෙන Chitauri ගේ තාක්ෂනය භාවිතා කරමින් ලොව විනාශ කොට නැවත බිහි කිරීමකට සැලසුම් කරන Ultron, Avengers මැදිහත්වීමෙන් පරාජය වී විනාශ වී ගියේය.
සම්පුර්ණ නම - Wilson, Grant Fisk
අනුවර්ථ නාම - Kingpin, The King, The King of Diamonds, Willie, Fatty, Little Bastard, Baldy, The Devil
හිමිකම - Union Allied Construction අධ්‍යක්ෂක
පුරවැසිභාවය - ඇමෙරිකානු
TV - Daredevil
චරිත නිරුපණය - Vincent D'Onofrio
New York හි Hell's Kitchen වල බලවත් ව්‍යාපාරිකයකු වන මොහු Hell's Kitchen විනාශ කල නැවත නිර්මාණය කිරීමට උත්සහ දැරිය. මොහුගේ අපරාධ නිසා FBI එකට අවශ්‍ය පුද්ගයකු වූ බැවින් Daredevil ගේ මැදිහත්වීමෙන් Wilson අත්අඩංගුවට පත් විය.
සම්පුර්ණ නම - Laufey
වයස - 1000 වඩා
මිය ගිය දවස - 2011 ජූනි 2
හිමිකම - Jotunheim වල රජු
පුරවැසිභාවය - Jotun
චිත්‍රපට - Thor
චරිත නිරුපණය - Colm Feore
Frost Giants හිට හිටපු නායකයා වන මොහු Loki සැබෑ පියා ද වේ. මොහු විසින් Asgard වලට පහර දී Odin මැරීමට උත්සහ කිරීමේදී Loki අතින් මිය හියේය.
සම්පුර්ණ නම - Korg
අනුවර්ථ නාම - The Big One
මිය ගිය දවස - 2013 නොවැම්බර් 1
හිමිකම - Marauders
චිත්‍රපට - Thor: The Dark World
Marauders ප්‍රබල සාමාජිකයකු වන මොහු Vanaheim වල Asgardian සමග සටනේදී Thor ගේ Mjølnir එක පහරින් විනාශ විය.
සම්පුර්ණ නම - Algrim
අනුවර්ථ නාම - The Last of the Kursed
මිය ගිය දවස - 2013 නොවැම්බර් 3
හිමිකම - Dark Elf
චිත්‍රපට - Thor: The Dark World
චරිත නිරුපනය - Adewale Akinnuoye-Agbaje
Malekith නායක දරන Dark Elf වල දෙවැනි ප්‍රධානියා වන Algrim, Loki විසින් Black Hole Grenades මගින් මරා දැමිය.
සම්පුර්ණ නම - Korath
මිය ගිය දවස - 2014 අගෝස්තු 3
පුරවැසිභාවය - Kree Imperial
චිත්‍රපට - The Avengers, Guardians of the Galaxy
චරිත නිරුපණය - Alexis Denisof
Thanos ගේ පෞද්ගලික සේවකයෙක් වන මොහු Loki හට Scepter ලබා දී පෘතුවියට එරෙහිව සටනට උදව් කළේය. Ronan the Accuser සමග වාද කිරීමකදී Ronan විසින් ඔහුව මරා දමන ලදී.
සම්පුර්ණ නම - Chitauri
චිත්‍රපට - The Avengers, Guardians of the Galaxy, Avengers: Age of Ultron (සදහන් කිරීමක්)
TV - Agents of S.H.I.E.L.D.(සදහන් කිරීමක්)
One Shot - Item 47 (සදහන් කිරීමක්)
Thanos ගේ හමුදාවට අයත් වන මොවුන්ගේ වාස භුමිය Sanctuary වේ. Asgardian වල Loki පෘථිවියට එරෙහි සටනේදී යොදාගන්නේ මොවුන්ගේ හමුදාවයි.
සම්පුර්ණ නම - Yondu Udonta
හිමිකම- Ravagers නායක
පුරවැසිභාවය - Centaurian
චිත්‍රපට - Guardians of the Galaxy, Guardians of the Galaxy Vol. 2 (2017)
චරිත නිරුපණය - Michael Rooker
Ravagers කණ්ඩායමේ නායකව වන මොහු Peter Quill පෘථිවියෙන් රැගෙන ඔහුගේ පියා ට භාර නොදී ඔහුගේ කණ්ඩායම එකතු කර ගත්හ. Orb එක පිහිටි ස්ථානය සොයා ගැනීමට මොහුට හැකි වුවද Peter නිසා එය ඔහු සතු කර ගැනීමට නොහැකි විය.
සම්පුර්ණ නම - Kraglin Obfonteri
හිමිකම- Ravagers සාමාජික
චිත්‍රපට - Guardians of the Galaxy, Guardians of the Galaxy Vol. 2 (2017)
චරිත නිරුපණය - Sean Gunn
Ravagers කණ්ඩායමේ සාමාජිකයකු වන මොහු එහි පළමු සාමාජිකයාද වේ. වසර ගණනාවක සිට Peter Quill ගේ ක්‍රියාකලපයන් බිලිබද විරෝධයක් මොහු හට පැවතුනි.
Obadiah Stane (Iron Monger)
සම්පුර්ණ නම - Obadiah Stane
අනුවර්ථ නාම - Iron Monger, Obie
වයස - 60
මිය ගිය දිනය - 2010 ඔක්තෝම්බර් 24
හිමිකම - Stark Industries හිටපු අධ්‍යක්ෂ
පුරවැසිභාවය - ඇමෙරිකානු
චිත්‍රපට - Iron Man, Iron Man 2 (පින්තුරයක්), Captain America: The Winter Soldier (සදහන් කිරීමක්)
චරිත නිරුපණය - Jeff Bridges
Tony Stark ගේ ව්‍යාපාර සගයෙකු වන මොහු Howard Stark ගේ හොදම යහළුවෙකි. Howard මිය යාමත් සමග Stark Industries හි තාවකාලික අධ්‍යක්ෂණය හෙබු ඔහු පසුව එහි අයිතිය Tony හට හිමි වූ හෙයින් එය නැවත ලබා ගැනීම අරමුණින් Iron Man armor එකක් නිර්මාණය කර Tony ව ඝාතය කිරීමට උත්සහ කල අතර Iron Man සමග සටනේදී ඔහු මිය යයි.
සම්පුර්ණ නම - Ivan Antonovich Vanko
අනුවර්ථ නාම - Whiplash, Boris Turgenov, Birdman
හිමිකම - Hammer Industries අධ්‍යක්ෂ
පුරවැසිභාවය - ඇමෙරිකානු
චිත්‍රපට - Iron Man 2
One Shot - All Hail the King
චරිත නිරුපණය - Sam Rockwell
Tony Stark ගේ තරඟකාරීයකු වන මොහු Ivan Vanko යොදා ගනිමින් Iron Man Drones නිපදවීමට උත්සහ කල නමුත් එය විශාල විනාශයක් සමග අසර්ථක විය. මේ හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගෙන Seagate සිරගෙහි සිරගත් කෙරේ.
සම්පුර්ණ නම - Eric Savin
අනුවර්ථ නාම - Coldblood
හිමිකම - ලුතිනන් කර්නල්
පුරවැසිභාවය - ඇමෙරිකානු
මිය ගිය දිනය - 2012 දෙසැම්බර් 24
චිත්‍රපට - Iron Man 3
චරිත නිරුපණය - James Badge Dale
ඇමෙරිකානු හමුදාවේ හිටපු ලුතිනන් කර්නල් වරයෙකු වන මොහු Aldrich Killian බිහිකළ සොල්දාදුවන්ගේ හොදම සොල්දාදුවයි. ජනාධිපති Matthew Ellis ව පැහැරගැනීමට Killianහට උදව් කල මොහු Iron Man අතින් මියයයි.