Marvel Cinematic Universe - Movies [Phase Two]

choppe

Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Iron Man 3 (2013)


    11988435_536010163224428_7841949652505160558_n.jpg


    අධ්‍යක්ෂණය - Shane Black
    නිෂ්පාදනය - Kevin Feige, Jon Favreau, Victoria Alonso, Mitchell Bell, Stephen Broussard
    තිර රචනය - Drew Pearce, Shane Black
    තිරගත වූ දිනය - 2013 මැයි 3
    Box Office අදායම : ඇමෙරිකානු ඩොලර් මිලියන 1215
    සම්මාන - Film Music (BMI Film & TV Award), Choice Movie: Action/Choice Movie Actor: Action (Teen Choice Awards), Favorite Movie (People's Choice Awards)


    Marvel Cinematic Universe හි හත්වන නිර්මාණය වන මෙය Phase Two වලට අයත් ප්‍රථම චිත්‍රපටය වේ. මෙය Iron Man: Extremis නම් Comic මාලාව පදනම් කරගෙන නිර්මාණය වී ඇත.
    New York සටනින් පසු Tony Stark ඔහුගේ suits වැඩි දියුණු කර Iron Legion නිර්මාණය කිරීමට සමත් වෙනවා. මේ අතර ඇමරිකා එක්සත් ජනපදයට Mandarin නම් ත්‍රස්තවාදී නායකයාගෙන් තර්ජනයක් එල්ල වෙනවා. Tony ප්‍රසිද්ධියේ Mandarin ට අභියෝග කරනවා ඔහුගේ ගෙදර ලිපිනයද පවසා. පසුව Mandarin ගේ කණ්ඩායමක් විසින් Tony ගේ ගෙදරට ප්‍රහාරයක් එල්ල කර විනාශ කර දමනවා. ඉන් Tony, Iron suit එක ආධාරයෙන් එතනින් California වලට පල යනවා. මෙම ප්‍රහාරය නිසා ලෝකය සිතනවා Iron Man හෙවත් Tony Stark මිය ගිය බව.මෙය තම වාසියට හරවාගෙන Tony උත්සහ කරනවා Mandarin ව සොයාගැනීමට. Tony සොයා ගන්නවා Miami වල Mandarin සිටින ස්ථානය. Tony එතනට පැන Mandarin ව අල්ල ගත්තත් පසුව තේරුම් ගන්නවා මෙතෙක් Mandarin ලෙස පෙනී සිටි පුද්ගලයා නියම Mandarin නොව බ්‍රිතාන්‍ය නළුවෙකු වන නමින් Trevor Slattery බව. පසුව Tony අනවනනය කර ගන්නවා මේසියල්ල පිටුපස සිටින්නේ Aldrich Killian බව. මේ අතර James Rhodes (War Machine) තේරුම් ගන්නවා Killian ඇමෙරිකානු ජනාධිපති Matthew Ellis පහර ගැනීමකට සැලසුම් කරන බව. Air Force One එකට පහර දී Killian ජනාධිපතිව පහර ගන්නවා. ජනාධිපතිව නැවත බේරා ගැනීමට Rhodes සහ Tony, Killian සොයා යනවා. පසුව අවසන් සටනේදී Tony නිර්මාණය කල Iron Legion ද ප්‍රයෝජනයට ගනිමින් Killian ව පරාජය කරනවා.
     
    • Like
    Reactions: ShreddeR

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Thor: The Dark World (2013)


    12191929_536037299888381_3160333273807267825_n.jpg


    අධ්‍යක්ෂණය - Alan Taylor
    නිෂ්පාදනය - Kevin Feige, Alan Fine, Victoria Alonso, Louis D'Esposito, Craig Kyle
    තිර රචනය - Christopher Yost, Christopher Markus, Stephen McFeely
    තිරගත වූ දිනය - 2013 නොවැම්බර් 8
    Box Office අදායම : ඇමෙරිකානු ඩොලර් මිලියන 645


    Phase Two වල දෙවන චිත්‍රපටය වන මෙය අටවැනි Marvel Cinematic Universe නිර්මාණයයි.
    වසර 5000 කට පමණ පෙර Asgardians සමග සටනකින් Dark Elves පරාජය වන අතර Dark Elves නායකයා වන Malekith ට හිමිව තිබු බලගතු Reality Stone එක Thor ගේ සිය වන Bor විසින් මෙය කිසි අයෙකුට සොයා ගත නොහැකි ස්ථානයක සගවනව. පසුව වර්තමානයේදී පෘථිවියේ සටනින් පසු Loki ව සිරගත කිරීමට Odin තීරණය කරනවා. මේ අතර පෘතුවියේදී London දී Jane Foster හා Darcy Lewis හට මිට වසර දෙකකට පෙර New Mexico හිදී ඇති වූ හා සමාන සංඥාවක් අයගේ විද්‍යාත්මක උපකරනක් හරහා සොයා ගන්නවා. එම සංඥාව සොයාගෙන යන ඔවුන් පෘථිවිය හා වෙනත් ග්‍රහලෝක සමබන්ද වෙන ගුරුත්වාකර්ෂණ සහිත ද්වාරයකක් සොයා ගන්නවා.Jane මේ ද්වාරය හරහා ගොස් වෙනත් ග්‍රහ ලෝකයකට පිවිසෙනවා. ඒ Thor ගේ සීයා විසින් මිට වසර 5000 කට පෙර Reality Stone (Aether) එක සග වූ ලෝකයටයි. එහිදී අයගේ ශරීරය තුලට මේ Aether නම් Reality Stone එක ඇතුළු වෙනවා. පසුව ඇය නැවතත් පෘථිවියට පැමිණෙන අතර Thor ද Jane සොයා පෘථිවියට පැමිණෙනවා. Jane හට Aether ශරීර ගතව ඇති නිසා මේ ගැන සොයා බැලීමට Thor, Jane සමග Asgard වලට පිටත් වෙනවා.එහිදී Jane ඇගෙන් Aether ඉවත් කිරීමට උත්සහ කලත් එය සාර්ථක වන්නේ නෑ . මේ අතර Malekith මේ Aether එක සොයාගෙන Asgard වලට පහර දෙන්න පැමිණෙනවා. එහිදී Jane ව Malekith ගෙන් ආරක්ෂා කිරීමට යාමේදී Thor ගේ මව Frigga මිය යනවා. කෝපයට පත් Thor පිටත් වෙනවා Malekith ගෙන පළිගෙන Aether එකත් විනාශ කිරීමට. Loki ගේ ද උදව් ගෙන Thor, Malekith හමුවීමට ගොස් Aether එක Jane ගෙන් Malekith ගේ අගට අතුවෙන අවස්ථාවේදී එය විනාශ කිරීමට උත්සහ කරනවා..නමුත් එහෙඉ ඇති බලය නිසාම එය අසාර්ථක වෙනවා. අවසානයේදී පෘතුවියේදී ඇතිවෙන Thor සමග සටනකදී Malekith මිය යනවා. ඉන් පසු Thor තීරණය කරනවා Asgard හි සිංහාසනය භාර නොගෙන පෘතුවියේ Jane සමග ජිවත් වීමට. Malekith ගෙන් මුදවාගත් Aether එක Asgardians විසින් Taneleer Tivan නොහොත් the Collector හට භාර දෙනවා ආරක්ෂා කිරීමට
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Captain America: The Winter Soldier (2014)


    12208794_536285699863541_1684284155066109544_n.jpg


    අධ්‍යක්ෂණය - Joe Russo
    නිෂ්පාදනය - Kevin Feige, Victoria Alonso, Mitchell Bell, Alan Fine, Louis D'Esposito
    තිර රචනය - Stephen McFeely, Christopher Markus
    තිරගත වූ දිනය - 2014 අප්‍රේල් 4
    Box Office අදායම : ඇමෙරිකානු ඩොලර් මිලියන 715
    සම්මාන - Best Action TV Spot (Golden Trailer Awards), Favorite Action Movie Actor (People's Choice Awards)


    Captain America: The First Avenger සහ The Avengers චිත්‍රපට වලට අනුගාමී යන මෙම චිත්‍රපටය Marvel Cinematic Universe වල නව වන නිර්මාණයයි. මෙය Phase Two වල තෙවන නිර්මාණයයි. ඒ වගේම මේ චිත්‍රපට මාලාවේ තුන් වන කොටස වන Captain America: Civil War 2016 මැයි 6 තිරගත වීමට නියමිත වේ.
    New York සටනින් වසර දෙකකට පසු Steve Rogers නියෝජිතයකු ලෙස S.H.I.E.L.D. හි කටයුතු කරමින් සිටිනවා. මේ කාලයේදී Steve හට මෙහෙයුමක් ලැබෙනවා මුහුදු කොල්ලාකරුවන විසින් රදවාගෙන ඉන්න ප්‍රාණ ඇපකරුවන පිරිසක් ඉන් මුදවා ගැනීමට. මේ මෙහෙයුමේදී ඔහුට සහය වන Natasha Romanoff මෙහෙයුම අතරතුරදී Nick Fury විසින් යොදවන ලද රහස් මෙහෙයුමක යෙදෙනවා.ඒ නැවේ තිබු යාම තොරතුරු වගයක් USB එකකට පිටපත් කරගැනීමට. මෙහෙයුම අවසන් කල පසු Fury USB අඩංගු විස්තර සොයාගැනීමට Alexander Pierce පවසනවා World Security Council සමග රැස්වීමක් සැලසුම් කිරමට. ඔහු පිටත් පසු Fury ගේ වාහනයට ප්‍රහාරයක් එල්ල කර ඔහුව ඝාතනය උත්සහ ගන්නවා.නමුත් Fury එතනින් පලා යනවා. පසුව Fury, Steve ගේ නිවසට රහසේම ගොස් USB එක Steve හට ලබා දී පවසනවා කිසි කෙනකු විස්වාස නොකරන ලෙස. පසුව Steve සොයාගන්නවා S.H.I.E.L.D තුල රහසිගත HYDRA නියෝජිතයින් සිටින බවට. ඒ වගේම ඔවුන් USB එක සොයා Steve පසු පස හබා යනවා. Steve, Natasha ගේද සහය ඇතිව USB හි ඇති විස්තර සොයා ගැනීමට උත්සහ කරනවා.නමුත් එය සාර්ථක වන්නේ නෑ. කෙසේ නමුත් ඔවුන් සොයා ගන්නවා එම USB එකට විස්තර ඇතුලත් කරපු ස්ථානයක් පිලිබදව. ඔවුන් ඒ ස්ථානය සොයා යන අතර Steve හට වැටහෙනවා ඒ ඔහු දෙවන ලෝක යුධ සමයේ පුහුණු වූ ස්ථානයක් ලෙස. එහි ඇති පරිගණකයකට USB එක ඇතුල් කිරීමෙන් 1970 ගණන් වල HYDRA නායක Arnim Zola ගේ හඩපටයක් නිකුත් විය.එහිදී Zola සදහන් කරනවා දෙවන ලෝක යුද්දෙන් පසුව තමා නැවත S.H.I.E.L.D. තුලින්ම HYDRA බිහි කර ගොඩ නැගුව බව. එසේම Howard Stark ගේ රිය අනතුරක් නොව HYDRA විසින් කල ඝාතනයක් බවත් පවසනවා. නමුත් තවත් තොරතුරු දන ගැනීමට පෙර S.H.I.E.L.D. විසින් එතනට එල්ල කරන මිසයිල ප්‍රහාරය නිසා විනාශ වී යනවා. පසුව ඔවුන් Falcon ගේද සහය ඇතුව HYDRA රහසිගත සාමාජික S.H.I.E.L.D හි Jasper Sitwell අල්ලාගෙන ප්‍රශ්න කරනවා.Sitwell පවසනවා අනාගතයේදී HYDRA හට තර්ජනයක් එල්ල වෙයි යයි සිතන සියලුම පුද්ගලයින් ඝාතනය කිරීමට සැලැස්මක් ඇති බව. පසුව Sitwell රැගෙන යාමේදී Winter Soldier එතනට පහර දෙනවා. එහිදී Steve දකිනවා Winter Soldier යනු 1940 සමයේ ඔහුගේ හොදම මිතුරෙකු වන Bucky Barnes බව. පසුව Bucky එතනින් පලා යනවා. අවසානයේදී HYDRA හි සැලසුම දැන ගත් Steve, Natasha සහ Falcon, S.H.I.E.L.D. මුලස්ථානයට කඩා පැන ඔවුන්ගේ සැලසුම අසාර්ථක කරනවා.
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Guardians of the Galaxy (2014)


    11084273_536306179861493_1835978432275690216_n.jpg


    අධ්‍යක්ෂණය - James Gunn
    නිෂ්පාදනය - David J. Grant, Jonathan Schwartz, Nik Korda, Victoria Alonso, Jeremy Latcham
    තිර රචනය - James Gunn, Chris McCoy, Nicole Perlman
    තිරගත වූ දිනය - 2014 අගෝස්තු 1
    Box Office අදායම : ඇමෙරිකානු ඩොලර් මිලියන 774
    සම්මාන - Breakthrough Performer of the Year (CinemaCon Awards), Hollywood Blockbuster Award (Hollywood Film Awards), Best Comic Book-to-Film Release/Best Actor in a Film/Best Film Director/Best Film Make-Up (Saturn Awards)


    Marvel Cinematic Universe හි හි දස වන චිත්‍රපටය වන මෙය Phase Two වලට අයත් හතර වන චිත්‍රපටයයි.
    1988 දී Missouri හිදී කුඩා Peter Quill අභ්‍යාවකාශ යානය මගින් අභ්‍යාවකාශයට රැගෙන යනවා. වසර 26කට පසු Peter, Ravagers කණ්ඩායමේ සාමාජිකයෙකි. Ravagers සොයා ගන්නවා ප්‍රබල stone එකක් වන Power Stone එක නොහොත් Orb එක සගවා තිබෙන ස්ථානය. මේ සදහා Peter හොර රහසේම ගොස් Orb එක ගෙන එය අලවි කිරීමට සුදානම් වනවා. නමුත් Ronan ගේ නියමයක් පරිදි එතනට එන Gamora එය පැහැර ගැනීමට උත්සහ කරනවා. එතැනදී ඇති වන ආරවුලට Rocket සහ Groot ද මැදිහත් වෙනවා. පසුව මොවුන් හතරදෙනාම Nova Corps හි හමුදාව විසින් අත්අඩංගුවට ගෙන අධිඅරක්ෂිත සිරගෙයක සිරගත කරනවා.මෙහිදී ඔවුන්ට Drax හමුවන අතර ඔවුන් සියලුදෙනාම මේ සිරගෙදරින් සැලසුම්සහගතව පැන යනවා.Orb එකේ ඇති භයානක කම නිසා Gamora ගේ අදහස වෙනස් වෙනවා. ඔවුන් සියලු දෙනාම තීරණය කරනවා මේ Orb එක The Collector හට භාර දීමට. මේ අතර Gamora ද්‍රෝහී කම ගැන Ronan, Thanos හට පවසනවා. Thanos එන කරනවා Orb එක රැගෙන මිසක් නැවත නොයෙන ලෙස. Peter ඇතුළු පිරිස Collector හමු වී එය භාරදෙන අවස්ථාවේදී Carina, Orb එක ස්පර්ශ කිරීම නිසා Collector Museum එක විනාශ වෙනවා. මේ අතර Orb එක සොයා Ronan එතනට පැමින පහර දී Orb එක රැගෙන යනවා. අවසානයේදී Ronan හා Peter ඇතුළු පිරිස වන Guardians of the Galaxy සමග නවත්තත් Xandar වලදී සටනක් ඇති වෙනවා. මේ සටනේදී Orb එකේ බලයෙන්ම Ronan විනාශ කොටPeter ඇතුළු පිරිස ජය ගන්නවා. පසුව Peter Orb එක භාරදෙනවා Nova Corps හට අධිඅරක්ෂිතව ආරක්ෂා කර තැබීමට.
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Avengers: Age of Ultron (2015)


    12196087_536318033193641_3367534638739353709_n.jpg


    අධ්‍යක්ෂණය - Joss Whedon
    නිෂ්පාදනය - Kevin Feige, Victoria Alonso, Louis D'Esposito, Jeremy Latcham, Alan Fine
    තිර රචනය - Joss Whedon
    තිරගත වූ දිනය - 2015 මැයි 1
    Box Office අදායම : ඇමෙරිකානු ඩොලර් මිලියන 1401


    Marvel Cinematic Universe හි එකොලොස් වන චිත්‍රපටය වන මෙය Phase Two වලට අයත් වේ. The Avengers චිත්‍රපටයට අනුගමිව සහ Iron Man 3, Thor: The Dark World සහ Captain America: The Winter Soldier චිත්‍රපට අතර crossover එකක් වේ.
    HYDRA සතුව පවතින Loki ගේ scepter එක සොයා Avengers,Sokovia හි පිහිටි HYDRA පරේෂණ මධ්‍යස්ථානයකට පහර දී scepter ඔවුන් සතු කර ගන්නවා. එහිදී scepter එක මාර්ගයෙන් super-human බලය ලබා ගත නිවුන්නු වන Pietro සහ Wanda Maximoff පලා යනවා. මේ අතර Avengers Tower හිදී Tony Stark සහ Bruce Banner පරීක්ෂණ සිදු කරනවා scepter එක මාර්ගයෙන් Ultron බිහිකිරීමට.නමුත් මෙහිදී Ultron විසින්ම සක්‍රියනය වී J.A.R.V.I.S. විනාශ කර එහි පාලනයද Iron Legion තුලට ගොස් ශරීර නිර්මාණය කොට scepter එකද රැගෙන Avengers හට පහර දී පලා යනවා. Stark Industries බෝම්බයකින් තමාගේ දෙමව්පියන් නැති වීම හේතුවෙන් උරණ වී සිටින Pietro සහ Wanda Maximoff ද Ultron සමග එකතු වෙනවා. පසුව ඔවුන් South Africa පැමිණෙනවා Ulysses Klaue මුණ ගැසී vibranium එක අත්පත් කරගැනීමට. එතනට පැමිණෙන Avengers ඔවුන් නතර කිරීමට උත්සහ ගන්න නමුත් එය සාර්ථක වන්නේ නෑ. South Korea හි Seoul වල ඇති Cho පර්යේෂණාගාරයට Ultron, Pietro සහ Wanda පැමිණෙ උත්සහ කරනවා Ultron ගේ ශරීරය තුලට scepter හෙවත් Mind Stone එක ඇතුලත් කිරීමට. නමුත් Ultron මනස තුලින් මිනිස් ජිවය විනාශ කිරීමක් Wanda දකිනවා. මේ හේතුව නිසා Pietro සහ Wanda, Ultron හට එරෙහි වෙනවා. ඒ සමගත් එතනට Captain America පැමිණීම නිසා Ultron එතනින් පලායනවා පරීක්ෂණ ශරීරයත් සමග.පසුව Avengers හා Ultron සටනින Ultron පරීක්ෂණ ශරීරය මුදවාගැනීමට සමත් වෙනවා. මුදවාගත් ගත් Ultron පරීක්ෂණ ශරීරය හට නැවත තම වැඩසටහන ක්‍රියාත්මක කල හැකි බව සිතන Tony හා Bruce ඔවුන්ගේ පරීක්ෂණ නැවත ආරම්භ කරනවා. පසුව Thor විසින් අකුණු බලය උපයෝගී කර‍ගෙන Ultron හට ජිවය ලබා දෙනවා.ඔහු නමින් Vision ලෙස හදුන්වයි. එසේම Thor පවසනවා බලගතු stone 6 න් එකක් Vision ට සම්බන්ද කර ඇති බැවින් එහි බලය මගින් Ultron එරෙහිව යොදා ගත හැකි බව. අවසානදී Avengers, Vision, Pietro සහ Wanda, Ultron රොබෝ හමුදාවට එරෙහිව Sokovia හිදී සටන් කරනවා. ඉන් Avengers ඇතුළු කණ්ඩායම Ultron විනාශ කර ජය ගන්න අතර අවසන් සටනේදී Pietro මිය යනවා. නිශ්චල තැනක් සොයා Hulk සම දෙනාගෙන් වෙන් වී යන අතර Tony නොහොත් Iron Man කණ්ඩායමෙන් ඉවත්ව යයි. Thor නවත්ත Asgard වලට යන අතර Captain America සහ Black Widow නව Avengers කණ්ඩායමක් ආරම්භ කරනවා Wanda, Falcon, War Machine සහ Vision සමග New York හි ඔවුන්ගේ අලුත් ස්ථානයක.
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Ant-Man (2015)


    12189622_536563383169106_5248186855940763023_n.png


    අධ්‍යක්ෂණය - Peyton Reed
    නිෂ්පාදනය - Kevin Feige, Victoria Alonso, Louis D'Esposito, Brad Winderbaum, Edgar WrightAlan Fine
    තිර රචනය - Edgar Wright, Joe Cornish, Adam McKay, Gabriel Ferrari, Andrew Barrer
    තිරගත වූ දිනය - 2015 ජූලි 17
    Box Office අදායම : ඇමෙරිකානු ඩොලර් මිලියන 517


    දොළොස්වන Marvel Cinematic Universe නිර්මාණය වන මෙය Phase Two හි අවසාන චිත්‍රපටය වේ.
    1989 දී Hank Pym, S.H.I.E.L.D. වලින් ඉල්ලා අස් වෙනවා S.H.I.E.L.D. ඔහුගේ Ant-Man තාක්ෂනය යොදා ගැනීමට උත්සහ කිම්රිමත් සමග. වර්තමානයේදී Pym දුව වන Hope van Dyne සහ Pym සමාගමේ වර්තමාන අධ්‍යක්ෂ Darren Cross උත්සහ කරනවා Pym ගේ Ant-Man තාක්ෂනය Yellowjacket නමින් නැවත නිර්මාණය කිරීමට. මේ අතරේදී Scott Lang, San Quentin State Prison එකෙන් නිදහස් කරනවා. Lang ඔහුගේ දුවගේ උපන්දින සාදයට සහභාගී වීමේදී තේරුම් ගන්නවා ඔහුගෙන් වෙන් වූ බිරිද පොලිස් නිලදාරියකු වන Jim Paxton සමග විවාහ ගිවිස ගෙන ඇති බව. ඔහුගේ පෙර ක්‍රියාවන් සහ අදායම් මාර්ගයක් නොමැති නිසා වෙන් වූ බිරිද දුවන්ගෙන් ඈත් ව තැබීමට උත්සහ කරනවා. මේ සිත්තවුලෙන් සිටින Lang හට ඔහුගේ යාලුවන් වන Luis, Kurt හා Dave ගෙන් එන යෝජනාවකට කැමති වෙනවා. ඒ ගෙයක සේප්පුවක් කැඩීමට. Lang එම නිවසට ඇතුල් වී සේප්පුව කැඩූ පසු එහි තිබෙන්නේ පරණ ඇදුමකි. එය Lang ගේ වචනයෙන් කිවහොත් old motorcycle suit එකකි. ඔහු එය ගෙන ඇවිත් පැලදගන්නවා. එම suit එකේ බොත්තමක් තිබී එය එබූ සැනින් ඔහු කුබියක් ප්‍රමාණයට පොඩි වෙනවා. මේ suit එක ඇති භයානක කම තේරුම් ගත ඔහු නැවැතත් එය තිබු තැනටම ගෙනවිත් දම යන විට පොලිසියට අහු වෙනවා. පසුව ඔහු සිර මැදුරේ සිටියේදී Ant suit එක මාර්ගයෙන් හිරෙන් පන යනවා. ඔහුව හොරකමට පෙලබවීම, Ant suit මාර්ගයෙන් ඔහුව හිරෙන් පැන එම මේ සියල්ල Pym ගේ සැලසුමක් බව ඔහු අනාවරණය කර ගන්නවා. Pym, Ant-Man තාක්ෂනය ඇති භයානක කම නිසා Yellowjacket ව්‍යාප්තියට අකැමති අයෙකි.මේ නිසා ඔහු එය නැවත්වීම සදහා Dyne ගේ ද උදව් ඇතිව Ant-Man නැවත බිහි කිරීමට උත්සහ කරන අතර ඔහුට අවශ්‍ය වන්නේ Lang ඒ සදහා යොදා ගනිමටයි. තම පත්ව සිටින තත්වයේ හමුවේ මෙය හොද අවස්ථාවක් බව සිතු Lang ඒ සදහා කැමති වෙනවා. Pym සහ Dyne එකතු වී Lang ව Ant-Man ලෙස පුහුණු කරනවා. අවසානයේදී Cross ඔහුගේ Yellowjacket නිර්මාණය එළිදැක්වීමේදී Ant-Man ඔහුගේ යාලුවන්ගේද උදව් සමග එතනට පහර දීමට පටන් ගන්නවා. පසුව Cross විසින් Yellowjacket suit එක පලද Ant-Man සමග සටනට එකතු වන අතර එහිදී Cross මිය යනවා. පසුව Lang ඔහුගේ යාළුවෙකු වන Luis පවසනවා Avengers කණ්ඩායමට Ant-Man බඳවා ගැනීමට කැමැත්තෙන් සිටින බව. Pym ඔහුගේ නවතම නිර්මාණයක් වන Wasp Suit එක ඔහුගේ දුව වන Dyne හට පිරිනමනවා.